කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54
ක් පාඩු කල අයි.කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කලේ
මන්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රශ්න කරයි.
එසේ ප්‍රශ්න කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට
කෝටි 54 ක් පාඩු කල අයි. කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කළේ
ඇයි? ‘
ජනාධිපති කාර්යය මංණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම අද දින අල්ලස් කොමිසම
විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ලබා දීම සදහා
කෝටි 56 අල්ලස් ලෙස ඉල්ලා ඉන් කෝටි 2 ක් ලබා ගන්ද්දීය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පිළිබද සත්‍ය අප හෙළි කලේ මීට වසරකට පෙරය.
ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම් වරයා වූ අයි.කේ.
මහානාම කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබලි ද්‍රව්‍ය විකිණීමට කැදවන ලද
ටෙන්ඩරයට අනුව වැඩිම ලන්සුව වූ කෝටි 54 ට එය ලබා දුන්නේ නැත.ඔහු එසේ කළේ
අල්ලස් ලබා ගැනීමට බව අප රටට හෙළි කළේය.
භාහිර පිරිසක් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වෙත යැවූ බවට අප පොලීසියට පැමිණිලි කළේය.
පරීක්ෂණයකින් පසු පොලීසිය අප වෙත දැන්වූයේ ඔවුන් කන්තලේ සීනි කර්මාන්ත
ශාලාව වෙත යැවූයේ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ එවකට ලේකම්
වරයා වූ අයි.කේ. මහානාම බවයි.
ජනතා විමුක්ති පෙරමුණද ඔහු ආරක්ෂා කළේය.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
පසු පුවත ඵදා වාර්තා වූයේ මෙසේය....!!!
කන්තලේ සීනි කම්හලේ යන්ත්‍ර සූත්‍ර මිලියන 540 කට විකුණයි....!!!
කන්තලේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර හා චංචල දේපල මිලියන 540 කට විකුණා ඇතැයි වාර්තාවේ.
1960 වසරේ දිවංගත අගමැතිනියගේ රජය විසින් ආරම්භ කර ඇති කන්තලේ සිනි
කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර හා චංචල දේපල ඊයේ දින ඉඩම් අමාත්‍යාංශයේ
දී පස්වරු 02.30 විවෘත කරන ලද ටෙන්ඩරයක් මගින් මිලියන 540 කට විකුණා ඇත.
එහි වැඩිම ලංසුව වන මිලියන 540 තබා ඇත්තේ මීරිගම ලංකා සමාගම විසින්ය.
මීට වසර 27 කට පමණ පෙර වසා දමන ලද උක්ත සමාගම 1980 – 1986 වසරේ ලබාගෙන ඇත ලාභය මිලියන 70 කි.
2015 දී රජය ප්‍රකාශ කරන ලද්දේ කන්තලේ සිනි සමාගමේ 49% කොටස් M.G
Sugars lanka සමාගමට අනුබද්ධ ඇමරිකානු සමාගමක් වන Mendel Gluck සමාගම සමග
ඇ.ඩො මිලියන 100 මුදලකට ලබා දීමට ගිවිසුම් අත්සන් කරන බවයි.
අදාල සමාගමේ විශාල සේවක සංඛ්‍යාවක් රැකියාවේ නියුතු අතර ඔවුනටද රැකියා අහිමිව ඇත.
දේශීය සීනි කර්මාන්තය නැංවීමේ අදහසින් සීනි ආනයනයට බදු පනවන රජය
මෙසේ දේශීය සීනි කර්මාන්තශාලා විකුණා දමන්නේ සීනි පරිභෝජනයෙන් ජනතාවට
දියවැඩියාව සෑදෙන නිසා ද යන්න අප ප්‍රශ්ණ කරමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, May 3, 2018
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..!!!
Posted by
lankanews
at
May 03, 2018
Labels: bribary, Maithripala Sirisena, yahapalanaya
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..!!!
2018-05-03T20:43:00+02:00
lankanews
bribary|Maithripala Sirisena|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
