ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 11, 2018

රටම ඉවරයි දුප්පතුන් හාන්සියි...!!! සබීතල ගංජා දුමින්දලා ගොඩේ ගොඩ ......!!!

වර්තමාන ආණ්‌ඩුව ජනතාවට ලබාදී තිබූ අවසාන සහනය ද කපා දමමන් ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 137 දක්‌වා ද ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 148 දක්‌වා ද ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 109 දක්‌වා ද සුපර් ඩීසල් ලීටරය රුපියල් 119 දක්‌වා ද භූමිතෙල් ලීටරය රුපියල් 101 දක්‌වා ද වැඩිකර තිබේ. එනම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 ක්‌, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක්‌, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 09 ක්‌, භූමිතෙල් ලීටරයකින් රුපියල් 57 ක්‌ මෙසේ ඉහළ දමා තිබේ. මේ හේතුවෙන් ආණ්‌ඩුව ඉන්ධන වෙළෙ¹මෙන් අති විශාල ලාභයක්‌ ලබා ගනිමින් සිටී.
  මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගම ද සිය බෙදුම්හල්වල පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා තිබේ.

  ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව විසින් ඉහළ දමන ලද මිල ගණන් හා සමාන්තර වන ලෙස මෙම මිල ඉහළ දැමීම කර ඇත.
  තෙල් සංස්‌ථා මිල වැඩි කිරීමට පෙර ද ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල තෙල් මිල වැඩි කරනු ලැබීය.
  මේ අති විශාල මිල ඉහළ දැමීම් හමුවේ භාණ්‌ඩ හා සේවා මිල ගණන් විශාල වශයෙන් ඉහළ යන අතර මේ නිසා ඉතාම අසීරුවෙන් ජීවත් වූ සාමාන්‍ය ජනතාව තවදුරටත් දැඩි ලෙස අසරණව සිටිති.
  මීට සාපේක්‌ෂව බස්‌ ගාස්‌තු පාසල් වෑන් රථ ගාස්‌තු ප්‍රවාහන ගාස්‌තු ආදිය ඉහළ යැමෙන් මහජනතාවගේ ජීවන වියදම අතිවිශාල වශයෙන් වැඩි වී තිබේ.

 පසුගිය දිනවල ආණ්‌ඩුව නව ආදායම් බදු පනතක්‌ මඟින් අති විශාල ලෙස බදු බර ඉහළ දමා තිබියදී මේ මිල වැඩි කිරීම දැඩි අසාධාරණයකි.

 පසුගිය දිනවල ආණ්‌ඩුව කිරිපිටි මිල වැඩි කළේ ඒ සඳහා වන වැට්‌ බදු අඩු කිරීම මඟින් එය වළක්‌වා ගත හැකිව තිබියදී ජනතාව ගැන කිසිදු අනුකම්පාවකින් තොරවය.
  ආණ්‌ඩුව ගෑස්‌ මිල වැඩි කරන්නට සමාගම්වලට අවසර ලබා දුන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස්‌ මිල විශාල වශයෙන් අඩු වී තිබියදීය. මේ නිසා ආහාර මිල ගණන් ඉහළ ගොස්‌ තිබේ.

 මේ සියලු මිල වැඩි කිරීම් නිසා ජනතාව ඉන්නේ දැඩි අසීරුවෙනි. ආණ්‌ඩුව අසාධාරණ ලෙස ජනතාවට බදු පිට බදු ගසමින් ජනතාවගෙන් සූරා ගන්නා මුදලින් රටට කරන සංවර්ධනයක්‌ ද නොමැත. ඒ වෙනුවට මැති ඇමැතිවරුන් සඳහා සුඛෝපභෝගී නව රථ වාහන නව කාර්යාල ලබාගැනීම සිදුකරන්නේ කිසිදු ලැඡ්ජාවකින් තොරවය. රජයේ අනවශ්‍ය වියදම් අහස උසට නඟිද්දී ආණ්‌ඩුව ජනතාවට කියන්නේ පටි තද කරගන්නා ලෙසටය.

 අද වනවිට රටේ තත්ත්වය අතිශය ව්‍යාකූලය. රජයේ ඉහළම නිලධාරීන් මහ දවල් රුපියල් කෝටි ගණන් අල්ලස්‌ ගන්නා විට අසුවෙති. අද වනවිට අපේ රටේ ඉහළම නිලධාරීන් බොහොමයක්‌ අතිශය දූෂිත බවට තොරතුරු එමටය. විශේෂයෙන්ම පරිපාලන සේවය අද වැටී ඇති තත්ත්වය අතිශය ෙ€දජනකය. කොන්ද කෙළින් තබාගෙන වංචා දූෂණ සිදු නොකර රාජකාරිය හරි හැටි ඉටුකරන පරිපාලන සේවා නිලධාරීන් තවමත් සිටිති. එහෙත් ඒ ඉතාම අතලොස්‌සකි. බහුතරයක්‌ අතිශය දූෂිතය. ඇතැම් පරිපාලන සේවා නිලධාරීන් චරිතය අතින් ද අතිශය දූෂිතය. තමන් යටතේ සිටින සාමාන්‍ය රජයේ සේවිකාවන් පමණක්‌ නොව තම ශේ්‍රණියටම අයත් කනිෂ්ට පරිපාලන සේවා නිලධාරිනියන් පවා මේ ඇතැම් නිලධාරීන්ගේ ගොදුරු බවට පත්ව තිබේ. මේ නිසා මේ තත්ත්වය නැති කරන්නට පරිපාලන සේවයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්‌ කළ යුතුව තිබේ. මේ ක්‍රියාවන් නවතාලන්නට ජනතාව පෙළ ගැසිය යුතු තත්ත්වයක්‌ රටේ මතුවෙමින් තිබේ.


 ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පහළ ශේ්‍රණිවල කාන්තා සේවිකාවන්ට සිදුවන අතවර වැළැක්‌වීම සඳහා නිසි ක්‍රියාවලියක්‌ රටට අවශ්‍යව තිබේ. මේ වනවිට ලොව පුරා එවැනි රැල්ලක්‌ ආරම්භ වෙමින් ඇති අවස්‌ථාවක ශ්‍රී ලංකාවේ ද එවන් ක්‍රියාවලියක්‌ අවශ්‍ය වේ.

 ඇතැම් නිලධාරීන් තම තනතුර උපයෝගී කරගෙන සිදුකරන මෙවැනි නොමනා ක්‍රියාවන් වැළැක්‌වීමට රජය වහාම මැදිහත් විය යුතුව තිබේ. එවැනි දේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ පහසු ක්‍රමවේදයක්‌ අවශ්‍යවන අතරම එම පැමිණිලි සත්‍යය දැයි පරීක්‌ෂා කර බලන්නට නිසි ක්‍රමවේදයක්‌ ද තිබිය යුතුය.

 මේ අතර රජයේ ඉහළම නිලධාරීන් අල්ලස්‌ගෙන අසු වූ සිද්ධියේ කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැඟිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා අල්ලසක්‌ ඉල්ලන බවට අල්ලස්‌ කොමිසමට පැමිණිලි කළ එම්. ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක්‌ එල්ල වී ඇතැයි අල්ලස්‌ කොමිසම අධිකරණයට පැමිණිලි කර තිබේ.

 අල්ලස්‌ කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ එම්. ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතික කොටහාරාලපල්ලි කොඩිඩප්පයියා නඩරාජාගේ කොළඹ, රොස්‌මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයට පැමිණ ඇති කොටි බුද්ධි අංශ සාමාජිකයකු ලෙස හඳුන්වා ගත් ජෝෂප් නමැත්තකු නඩරාජා පිළිබඳව විමසා ඇති බවත් මෙය නඩරාජාගේ ජීවිතයට එල්ල වූ තර්ජනයක්‌ ලෙස සලකන බවත් අල්ලස්‌ කොමිසම පවසයි.

 මෙය බරපතළ තත්ත්වයක්‌ වන්නේ මේ ආකාරයෙන් කටයුතු සිදුවන්නේ නම් මින් ඉදිරියට අල්ලස්‌ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කරන්නට ජනතාව පැකිලෙනු ඇත.

 වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වනවිට එක්‌සත් ජාතික පක්‌ෂය මෙන්ම රට ද මේ තත්ත්වයට පත්ව ඇති බවට ඇමැති සරත් ෆොන්සේකා  විසින් එජාප මැයි දින සැමරුම අමතමින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආචාර කරමින් සමාව ගෙන තිබේ.


 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙවර කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් පසු ඇමැතිවරයා විසින් මෙසේ ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා තිබේ.

 නීතිය හා සාමය ඇමැති ධුරය තමනට ලබාදීමට විරුද්ධ වූයේ ද ජනාධිපතිවරයා යෑයි ඇමැති ෆොන්සේකා පසුගියදා කියා තිබිණි. මෙම කාරණා සම්බන්ධයෙන් ඇමැතිවරයා විසින් ජනාධිපතිගෙන් සමාව ගෙන ඇත.

 ඇමැති ෆොන්සේකාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මෙන්ම එක්‌සත් ජාතික පක්‌ෂය ද දැඩි අප්‍රසාදය පළ කර තිබිණ.ෆොන්සේකා  යුද වීරයකු ලෙස රටේ දිනාගත් කීර්ති නාමය දේශපාලනය නිසා අහිමි කරගන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ඔහු විසින්මය. ඔහුව කිසිවකු විසින් මෙහෙයවමින් ජනාධිපතිවරයාට එරෙහිව මඩ ගැසීමේ කටයුත්තක යොදවනු ලබන බව පෙනේ. ඒ තත්ත්වය ඔහු විසින් තේරුම්ගත යුතුය.

 මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂය තුළ වූ නායකත්ව බල අරගලය තවමත් අවසන් නොමැත. නායකත්ව අරගලයේ කොටසක්‌ ලෙස සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට විරුද්ධව මඩ ව්‍යාපාරයක්‌ ආරම්භ වී තිබේ.

 තම ජීවිත කාලය පුරා එන දිනක හෝ තමන් නිධාන කැඩුවේ නම් තමනට හෙන ගැසිය යුතු බවත් වාහනය අඩියක්‌ යන්නට පෙර තමන් මැරී වැටිය යුතු බවත් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු දෙමින් පවසා තිබේ.

 අනුරාධපුර විජිතපුරය පුරා විද්‍යා භූමියක්‌ ඩෝසර් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන මාධ්‍ය වෙත අදහස්‌ පළ කරමින් ඔහු මෙම අදහස්‌ පළ කළේය.

 මෙරට බුද්ධ ශාසන අමාත්‍යාංශයක්‌ ඇති කළේ තම පියා ජනාධිපති වූ යුගයේදී බවත් ඔහුගේ පුතා වන තමන් නිධන් කැඩීමේ අපරාධයනට සම්බන්ධ නොවන බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

 එක්‌සත් ජාතික පක්‌ෂයේ නව මහලේකම් ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්  පසුගියදා වැඩ භාරගත්තේය.

 මේ අතර සෑම ගමකටම පුංචි සිරිකොතක්‌ ඇති කිරීමේ වැඩසටහන එළැඹෙන සතියේ සිට ආරම්භ කරන බව එජාප මහ ලේකම් ඇමැති අකිල විරාඡ් කාරියවසම්  පවසයි.

 මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය දක්‌වා ගෙන යැමට බව ද එම පක්‌ෂය සඳහන් කරයි.

 පක්‌ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක්‌ මත මෙම වැඩපිළිවෙළ දියත් කෙරෙයි.

 පක්‌ෂය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 'පුනරුදයක ඇරඹුම' වැඩසටහන සමඟ 'සෑම ගමකටම පුංචි සිරිකොත' වැඩසටහන ද ක්‍රියාත්මක කර ඇත.

 මේ අතර රවී කරුණානායකට ඇමැති ධුරයක්‌ ලබා නොදීම සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් අතර නොසන්සුන්තාවක්‌ ඇති වී තිබේ. මෙසේ ඔහුට ඇමැති ධුරයක්‌ ලබා නොදීම පිටුපස තවත් ප්‍රබල ඇමැතිවරයකුගේ බලපෑමක්‌ ඇති බව පැවසේ. පසුගිය කාලය පුරා එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට බොහොමයක්‌ එජාප ඇමැතිවරුන්ට හමුවන්නට තබා දුරකථනයෙන් කතා කරන්නටවත් නොහැකිව තිබියදී පාක්‌ෂිකයන් වෙනුවෙන් යමක්‌ කර තිබුණේ රවී කරුණානායකය. ඔහුට එරෙහි චෝදනා ඔප්පු කර නැති තත්ත්වයක්‌ තුළ ඔහුට ඇමැති ධුරය ලබාදිය යුතු බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

 මේ අතර ඡන්දයෙන් එජාප සියලු තනතුරු පත් කළ යුතු බවට වන යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස එක්‌සත් ජාතික පක්‌ෂය තුළ දැඩි මතවාදයක්‌ ඇති වී තිබේ.

 මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණ ගෙන එන්නට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට දස දෙසින් විරෝධය එල්ල වී තිබේ. රටේ ජනතාවගේ ප්‍රශ්න ඔඩුදුවා තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අවසන් කර රට අරාජික කරන්නට කටයුතු කරනේ වෙනත් පාර්ශ්වවල වුවමනාව මත බවට ද මහා සංඝරත්නය පවා ඔවුන්ට පසුගියදා චෝදනා කළහ.

 රජය විසින් මේ ආකාරයට ජනතාව පෙළෙද්දී ඊට එරෙහිව සක්‍රීය මැදිහත්වීමක්‌ ජනතාව ජවිපෙන් බලපොරෝත්තු වන බව ඔවුන් සිහියේ තබාගත යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.