ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, May 21, 2018

කළුතර මාර්ග රැසක්‌ වතුරෙන් යටවේ කුකුලේගඟ බලාගාරයේ සොරොව්වක්‌ අරී ..!!!

දැනට සක්‍රීයව ඇති නිරිතදිග මෝසම හේතුවෙන් අධික වැසි ඇතිවීමේ අවදානමක්‌ පවතින බැවින් කළුතර දිස්‌ත්‍රික්‌කයේ ගංගා සහ කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ  පවසයි.

 මේ වන විට දිවයින පුරා අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක්‌ ඇතිවී ඇති අතර එම තත්ත්වය කළුතර දිස්‌ත්‍රික්‌කයටද බලපෑ හැකිවේ. මේ වන විට දිස්‌ත්‍රික්‌කය පුරා මඳ අඳුරු ස්‌වභාවයක්‌ පවතී. දැනට පවතින වර්ෂාව ඉදිරියේදී වැඩිවුවහොත් ජල ගැලීම් සහ නාය යැමේ තත්ත්වයක්‌ ඇතිවිය හැකි නිසා මින් පෙර නාය යැමේ අවදානමට ලක්‌වූ සහ ජල ගැලීම්වලට ලක්‌වූ ප්‍රදේශවල ජනතාව විශේෂයෙන් අවධානයෙන් සිටින ලෙසත් දැනුම් දී තිබේ.

මහා ගං වතුරක්.. රට පුරා ගංගා පිටාර ගලයි.. දහස් ගණන් ජනයා පීඩාවේ…

ඇද හැලෙමින් ඇති අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක්ම පිටාර ගලමින් තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගිං ගග තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගලා මහා ගං වතුර තත්වයක්ද, කැලනි ගග නෝවුඞ් හිදී පිටාර ගලා මහා ගංවතුර තත්වයක්ද, නිල්වලා ගග පානදුගම ප‍්‍රදෙශයෙන් පිටාර ගලා මහා ගංවතුර තත්වයක්ද ඇතිව තිබේ.

Friday, May 11, 2018

රණවිරුවන් නිග්‍රහයට ලක්‌ කිරීම ...!!!

විජයග්‍රහණයේ සැමරුම නොඑසේනම් කොටි ත්‍රස්‌තවාදය පරාජය කර ආරක්‍ෂක හමුදා ලැබූ ජය සමරමින් පවත්වන රණවිරු පෙළපාලිය දැන් පැවැත්වෙන්නේ නැත. රණවිරු සැමරුම් පැවැත්වීමෙන් ජීනීවා මානව හිමිකම් කමිටුව කලබලයට පත්වන්නේ යෑයි ආණ්‌ඩුව තුළ බියක්‌ පවතී. එහෙත් ත්‍රස්‌තවාදය පරාජය කර අපේ රණවිරුවන් ලැබූ ජය සැමරීම නතර කිරීම බලවත් අපරාධයකි. එය සැබවින්ම දිවි පිදූ රණවිරුවන්ට සිදුකරන ලද නිග්‍රහයක්‌ ලෙස සැලකිය යුතුය. රජය විජයග්‍රහණයේ පෙළපාලි නතර කළද උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ප්‍රභාකරන් සැමරීම සඳහා සූදානම් වන බව පෙරේදා "දිවයින" පුවත්පතේ වාර්තා කර තිබිණි. ලංකාවම භීතියට පත් කළ ත්‍රස්‌තයා සැමරීමට විග්නේෂ්වරන්ට ලැබුණු අමුතු බලය කුමක්‌ද? අවසන් සටන පැවැති මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී මෙම සමරුව පැවැත්වෙන්නේ මැයි 18 වැනිදාය. දහස්‌ ගණනකට මරු කැඳවූ මේ ත්‍රස්‌ත නායකයා සැමරීම සමස්‌ත ලංකා ජාතියටම සිදුකරන බලවත් නිග්‍රහයක්‌ නොවන්නේද? එහෙත් යහපාලන ආණ්‌ඩුව බලයට පත්වූදා පටන් විග්නේෂ්වරන්ගේ කොටි සැමරුම් වඩා උත්කර්ෂයෙන් සිදුවිය. හිට්‌ලර් සියදිවි නසාගෙන දැන් දශක ගණනාවක්‌ ඉක්‌මවී ඇතත් කිසිවකුට ඒ නාසි නායකයා සැමරීමට ඉඩක්‌ ලැබෙන්නේ නැත. එසේම ඔසාමා බින්ලාඩන් සමරුවක්‌ ලොව කොතනක හෝ පැවැත්වෙන්නේද?

රටම ඉවරයි දුප්පතුන් හාන්සියි...!!! සබීතල ගංජා දුමින්දලා ගොඩේ ගොඩ ......!!!

වර්තමාන ආණ්‌ඩුව ජනතාවට ලබාදී තිබූ අවසාන සහනය ද කපා දමමන් ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 137 දක්‌වා ද ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 148 දක්‌වා ද ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 109 දක්‌වා ද සුපර් ඩීසල් ලීටරය රුපියල් 119 දක්‌වා ද භූමිතෙල් ලීටරය රුපියල් 101 දක්‌වා ද වැඩිකර තිබේ. එනම් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20 ක්‌, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 14 ක්‌, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 09 ක්‌, භූමිතෙල් ලීටරයකින් රුපියල් 57 ක්‌ මෙසේ ඉහළ දමා තිබේ. මේ හේතුවෙන් ආණ්‌ඩුව ඉන්ධන වෙළෙ¹මෙන් අති විශාල ලාභයක්‌ ලබා ගනිමින් සිටී.
  මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගම ද සිය බෙදුම්හල්වල පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා තිබේ.

  ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව විසින් ඉහළ දමන ලද මිල ගණන් හා සමාන්තර වන ලෙස මෙම මිල ඉහළ දැමීම කර ඇත.
  තෙල් සංස්‌ථා මිල වැඩි කිරීමට පෙර ද ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල තෙල් මිල වැඩි කරනු ලැබීය.

Thursday, May 10, 2018

 විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ගහන ඩබල් ගේම් මෙන්න… කප්පම් ගන්න නාලිකා වසා දමමින් අධිකරණ තින්දු වලට පයින් ගැසු හැටි
2013 වසරේදි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා TRCSL නිලධාරින් එම නාලිකාවේ විකාශන කටයුතු අත් හිටුවීමට තීරණය කරනු ලැබුවේ TRN සමාගම TRCSL හි අවසරයකින් තොරව සැටසයිට් චන්ද්‍රිකා මගින් විකාශන කටයුතු කරන බවට චෝදනා කරමිනි.
Television and Radio Network ( TRN ) සමාගම විසින් ඩිජිටල් රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමට විරෝධය දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමය හේතුවෙන් ලංකාව පුරා ඩිජිටල් රූපවාහිනි සේවය ව්‍යාප්ත කරමින් මිලියන 06 කට වඩා අධික නිවෙස් ප්‍රමාණයක් වෙත එම සේවය ලබා දීමේ හැකියාව සහ 200 අධික අධ්‍යාපනික වැඩසටහන් රූපවාහිනි නාලිකා 75 ඔස්සේ බෙදා හරිමින් ගම් මට්ටමේ අධ්‍යාපන හැකියාව දියුණු කිරීමට හැකියාව තිබුණු අවස්ථාවද මගහැරි ගිය ගොස් ඇති බව මේ වනවිට අනාවරනය වි තිබේ.

Wednesday, May 9, 2018

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට.!!!

ඔප්පු තිරප්පු පිටින් බඩු මාට්ටු..! ගාමිණී සෙනරත් එක්කත් “Deal” කරලා..?


 මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට අදාළව දේශීය අදායම් දෙපාර්තමේන්තුවට තමාට ගෙවීමට සිදු වූ රුපියල් ලක්ෂ ගණනක දඩ මුදලට ද වංචා සිදු කර ඇති බවට තොරතුරු හෙළිවෙමින් පවතියි.
සිය අදායම් වෙනුවෙන් ගෙවීමට නියමිත තිබූ රුපියල් කෝටි 35 ක බදු මුදල ගෙවීම පැහැර හැරීමට අදාළව දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව පැනවූ දඩ මුදල පිය වෙන ආකාරයට අවස්ථා ගණනාවකදී එම දෙපාර්තමේන්තුවට චෙක් පත් විස්සකට අධික ප්‍රමාණයක් මලික් සමරවික්‍රම විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ග්ලයිෆොසෙට්‌ නාඩගම ....!!!

 galiposar135රබර් හා තේ වගාවට වල් නාශකයක්‌ ලෙස ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදුන් බවක්‌ ප්‍රකාශවෙත්ම මෙම රසායනිකයේ ආදීනව ගෙනහැර පාමින් එය තහනම් කරවීමට ක්‍රියාත්මකවූ සමාජ තලයන් නැවතත් නොසන්සුන් වී තිබේ. තහනම පැනවීමට රජය ක්‍රියාත්මක වෙත්දීත් ග්ලයිෆොසෙට්‌ ඕනෑයයි කියූ පිරිසක්‌ද රටේ විය. ඔවුනට එදා ලැබුණේ පරාජයේ සතුටයි. ග්ලයිෆොසෙට්‌ රට පුරාම තහනම් වුණි. තහනමට හේතුව හෝ තහනම ලිහිල් කිරීමට හේතුවක්‌ හෝ මෙතෙක්‌ විද්‍යාත්මකව ඉදිරිපත්වී නැත. අලියාගේ ඇඟපත අතගාන අන්ධයා මෙන් රජය විටින් විට ග්ලයිෆොසෙට්‌හි හැඩරුව මෙසේයයි පවසයි. යන්තම් හෝ අවදානමක්‌ ඇත්නම්, නැතහොත් අවදානමක්‌ නැතැයි විද්‍යාත්මකව ස්‌ථිරව සනාථ කර නැත්නම් එය භාවිතයට ඉඩදිය නොහැකි යෑයි විටෙක පැවසූ බලවතුන්, ඊට ටික කලකට පසු පවසන්නේ අවදානමක්‌ ඇතැයි ස්‌ථිරව සනාථ කර නැති නිසා ග්ලයිෆොසෙට්‌ භාවිතයට ඉඩදෙන බවකි. මෙවැනි හතරබීරි කතාවලින් හෙම්බත්වෙන ජනතාවට මතක්‌ වෙන්නේ "කලකට වහලු කලකට රහලූ" වැනි ප්‍රස්‌තා පිරුළුය.

නකල්ස් ලෝක උරුමයෙන් අක්කර 21,000ක් විකුණයි..!!! අක්කර 900ක සත්ව ගොවිපලක්..!!!

නක්ල්ස් ලෝක උරුම වනාන්තරයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කටයුතු සදහා විකුණා දමමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරති.
දැනටමත් අක්කර 900ක ප‍්‍රමාණයක් සත්ව ගොවිපලක් ඉදිකිරීම සදහා පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු කියා සිටියහ.
නක්ල්ස් කදු පන්තියට අයත් අක්කර 21,000ක ප‍්‍රමාණයක විවිධ වතු ඉඩම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිම සදහා ලබා දී ඇතැයිද ඔවුහු කියති.

බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඉදිරිපිට රාත්‍රි සමාජ ශාලා දෙකක්‌ අරඹයි ...!!!

සියලු නෛතික තත්ත්වයන් නොසලකා හරිමින් බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාව හා සුසමයවර්ධන විදුහල ඉදිරිපිට මෙන්ම කොටා පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක්‌ ආසන්නයේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකක්‌ ආරම්භ කර තිබේ.
ඓතිහාසික වටිනාකමක්‌ ඇති බොරැල්ල ශාන්ත අන්තෝනි දේවස්‌ථානයද මේ ආසන්නයේම පිහිටා ඇත.
මේ අනවසර රාත්‍රි සමාජ ශාලා දෙකම පිහිටා තිබෙන්නේ බොරැල්ල පොලිසියට අතේ දුරින් වුවද මේ දක්‌වා බොරැල්ල පොලිසිය හෝ සුරාබදු අංශ ඒවාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බව ඒ අවට පිරිස්‌ සඳහන් කරති.

මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද මෙසේය....!!!

වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
කොළඹින් බැහැර අයට නිල නිවාසයක්
රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.

එජාපයේ තවත් 06කට රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකම්.. යෝජිත නම් මෙන්න..

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.
මේ සදහා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ.
මෙම හය දෙනා පත් කරනු ලබන්නේ දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කර නැති අමාත්‍යාංශ සඳහායි.

දකුණු පළාතේ පළාත් ආයතන සභික ධුර දෙගුණයක්‌ වීමෙන් කෝටි දෙකක අමතර වියදමක්‌!

දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 584 සිට 1046 දක්‌වා වැඩිවීම හේතුවෙන් මසකට රු. ලක්‍ෂ 200 කට අධික අමතර වියදමක්‌ දැරීමට සිදුව ඇත.
  දකුණු පළාත් පාලන ආරංචි මාර්ග පවසන අන්දමට දකුණු පළාතේ පළාත් පාලන ආයතන 48 ක සභික දීමනා ඉන්ධන හා දුරකථන දීමනා ගෙවීම සඳහා පමණක්‌ මසකට රු. ලක්‍ෂ 200 කට අධික අමතර වියදමක්‌ දැරීමට සිදුව ඇත.
  මාසික දීමනා පහත සඳහන් පරිදි වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Monday, May 7, 2018

අලූත් සභාපති ඊටත් වඩා ලෝක හොරෙක්..!!!

අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක වෙනුවට පත් කර ඇත්තේ ඔහුටත් ඵහා පට්ට  හොරෙක් යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.
දැව සංස්ථාවට දැන් පත් කර ඇති සභාපති වන අනුරුද්ද පොල්ගම්පොල  අවස්ථා කිහිපයකදීම අල්ලස් ගැනීමේ චෝදනාවන්ට බන්ධනාගාර ගතව සිටි අයෙක් යයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.
මෙම පත් කිරීම අල්ලස හා දූෂණයට එරෙහි රජය විසින් ගත් නව ක්‍රියාමාර්ගය දැයි මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවකදී විමසීය.

Sunday, May 6, 2018

උතුර-නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට මින්මතු ඉඩ දෙන්නේ නෑ..- TNA

උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට මුළුමනින්ම විරෝධය දක්‌වන බව ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දී ඇත.
2011 සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.
ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දක්‌වන්නේ මින්මතු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර සහ ස්‌ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බවයි.

ඒ ඵදා ඵක් දවසක...!!!

සුවදට සුවදේ බෙදා තිබුනු මුං කිරිබත් එක්ක කිතුල් හකුරු උදෙන්ම කෑවා බඩ කට පුරාම. අම්මා කියනවා "අද නම් පොඩි එකා හකුරු බෑවක් කෑවා, ඕං ඔයාට සීනි කාලා තමයි තේ බොන්න වෙන්නේ" කියා. "ඉස්කෝලේ දවසට කන්නෙම කඩචෝරුනෙ.. ඔක්කොම කෑවත් මොකෝ. පත්තරේ ගන්න කඩේ ගියාම හකුරු බෑයක් ගේන්නම්කෝ" ඉගුරු කහට කෝප්පයේ අන්තිම උගුරත් සුරුස් ගා ඇද තාත්තා කඩේ පැත්තට ගියේය.
අද සෙනසුරාදා නිසා ඔක්කොම ගෙදරය. අවුරුදු උත්සවේ පින්තූර බලන අක්කාගේ ඇස්, කට, දිව පමනක් නොව බෙල්ලද වැනෙන හැටියෙන්ම, බලන පිංතූර කොයිතරම් රසද කියා මට හිතා ගතහැක. "මේ අම්මේ අවුරුදු කුමාරි. ආකර්ශා අක්කි. ලස්සන කොන්ඩේ හරි හැඩයි." අම්මා සමග මාත් කිට්ටුවුනා කියමුකෝ.. තව පිංතූර ගොඩක් තිබුනා. ඒවා අල්ලලවත් නෑ. "මෙන්න අක්කේ මේ ඉන්නේ ගම හරහා දින්න අපේ ඉස්කෝලේ සුගත් අයියා. මම මෙයාට කතා කරලත් තියෙනවා. මේ අක්කෙ" මං කිව්වට කෝ මෙයාට කිසි ගානක් නෑ.

Thursday, May 3, 2018

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනී ෆැක්ටරි ගණුදෙනුවේ සුල මුල මෙන්න..!!!

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54 ක් පාඩු කල අයි.කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කලේ මන්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.
එසේ ප‍්‍රශ්න කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යකඩ ටෙන්ඩර් කර විකිණීම නවත්වා රටට කෝටි 54 ක් පාඩු කල අයි. කේ. මහානාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කළේ ඇයි? ‘
ජනාධිපති කාර්යය මංණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ලබා දීම සදහා කෝටි 56 අල්ලස් ලෙස ඉල්ලා ඉන් කෝටි 2 ක් ලබා ගන්ද්දීය.

පඹයාගේ වරුණ රෙද්ද පල්ලෙන් බේරේ ...!!!

කෝටි ගණනක අල්ලස් ගණිද්දී පාදඩ පිම්පි මහානාම හා පියසේන දිසානායක කොටුවේ....!!!
 ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා දෙකෝටියක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට.. සීනි කතාවක් ගෑවේ.. චන්ද‍්‍රිකාගේ ලේකම්ද අත්අඩංගුවේ..!!!
 ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි. කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ ගලධාරී හෝටලයේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝටි 10ක අල්ලස් මුදලකින් කොටි 02ක් අත්තිකාරම් ලෙස ලබා ගනිද්දීය.

Tuesday, May 1, 2018

වත්මන් කැණහිලන්ගේ ආණ්ඩුව ජාතියම විනාශ කරන අයුරු....!!!

ජාතියේ විජයග්‍රහණය උඩින් ඩෝසර් යයි…විජිතපුරයත් විනාශයි..!!!

සිංහල ජාතියේ හදවත පණ ගැසුණේ මෙතැනදීය. ජාතියේ වීර කාව්‍ය සඳහා උච්ඡ ස්‌ථානය වන්නේ මෙයය. ආක්‍රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය. තෙමේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. ‘සම්බුද්ධ ශාසනයේ චිරස්‌චිතිය සඳහාම වන්නේය’ යනුවෙන් ජාතියේ වීරයා, ද්වන්ද සටනක යෙදුණු ස්‌ථානය, ඩෝසර් දමා සුණු විසුණු කර දැමීමේ ශෝකජනක කතාව, වෙසක්‌ පුන් පොහෝ දිනකම ලිවීමට සිදුවීම ජාතියේ අවසනාවකට වඩා, මේ රට කරවන අයගේ ජාතිය කුමක්‌ද යන්න පහදා දෙනු ඇතිය.
 පසුගිය දිනක ඩෝසර් යොදමින් විනාශ කර දමන්නේ ජාතියේ මහා වංශ කතාවේ සඳහන් එම ජයග්‍රාහී භූමියය.
දුටුගැමුණු රජතුමන් එළාර බළකොටුව සුනු විසුණු කිරීමට පෙර එහි වටා තිබුණ ගල්වැටියේ ඔත්තු බැලූ ස්‌ථාන අද ද දක්‌නට ලැබේ. එම ස්‌ථාන උස්‌ගල සහ බැලුම්ගල නමින් හැඳින්වේ. විජිතපුර බළකොටුව වටා තිබෙන පාහිවල දිගන්වල දඹුලු ඔය, නබඩවල දිය අගල් ලෙස යොදාගෙන ඇත. ධාතුසේන රජතුමා විසින් කලාවැව පසුව ඉදිකිරීමේදී විජිතපුර බළකොටුවේ විශාල භූමි ප්‍රමාණයක්‌ කලාවැවේ දියට යටවී ඇත.
එළාර දුටුගැමුණු යුගයෙන් අනතුරුව මහනාම ධාතුසේන රජතුමන් මහසෙන් යටතේ විවිධ වකවානුවල විජිතපුර කඳු වැටියේ සිට මානෑව කන්ද දක්‌වා ඉදිකළ වෙහෙර විහාරවල නටබුන් අද ද අභිමානනීයව පවතී.
කලාවැව, විජිතපුර, උස්‌ගල, පූගොල්ලාගම, ගල්ළිඳයාය, නඛාවෙහෙර, සිට මානෑව කන්ද අසල ඇති අතිවිශාල පොකුණ දක්‌වා අනුරාධපුර යුගයට නෑකම් කියන මෙම ප්‍රදේශයේ තැනින් තැන මුරගල්, මල්ආසන, කොරවක්‌ගල්, ගල්දොරටු, ශ්‍රී පතුල් බහිරව රූප සඳකඩපහණ, විශාල ගල්කණු, කැසිකිළි ගල් ප්‍රදේශය පුරාවට පැතිර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.