මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල
ජනාවාස ඉදිකිරීමට විරෝධය පළකරමින් උතුරේ ස්වෙච්ඡා සංවිධාන කීපයක් 30දා
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන
අමාත්‍යවරයාට ලිපියක්ද භාරදී තිබේ.
එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ
මුලතිව් දිස්ත්‍රික්කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි
කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල
වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.
මේ කිසිදු වැසියෙකු හෝ ඔවුන්ගේ මුල් ඥතීන් උතුරේ කිසිදු පළාතක පෙර පදිංචි
වී නොසිටි බව විරෝධතාකරුවෝ කියති. මෙය හුදෙක්ම උතුරේ සිංහල දේශපාලන බලය
වැඩි කරගැනීම පිණිස ගෙන යන දේශපාලනික වැඩපිළිවෙළක් බවද ලිපියේ සඳහන් කොට
තිබේ.
මේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කෙරෙන
යෝජනාවක් උතුරු පළාත් සභාවේද සම්මත වී ඇති බැවින් මුලතිව් දිස්ත්‍රික්කය
ඇතුළුව උතුරේ සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කරවීම වහාම නතර කරන ලෙස
ඉල්ලා තිබේ.
මීට අමතරව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්
සම්බන්ධයෙන් හා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කොට
රජයෙන් විසඳුමක් ලබාදෙන මෙන්ද විරෝධතාවට සහභාගි වූ පිරිස ප්‍රධාන
අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
දිනසේන රතුගමගේ
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Tuesday, April 3, 2018
මුලතිව් සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව විරෝධතා
2018-04-03T03:29:00+02:00
lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
