ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 7, 2018

මේ විනාශ කරවන්නේ ඔබේ ජාතික වස්තුවක්.....!!!

මේ විනාශ කරවන්නේ ඔබේ ජාතික වස්තුවක්.....!!!
ඵදා මහා රූප ගබඩාවක් සහ ජාතික වස්තුවක්වූ ස්වාධීන රූපවාහිනියේ තිබූ සිනමා පට සහ රූප දත්ත ඇතුළත් මහා අමිලවූ දෑ ඵදා දේශපාලන බලයෙන් උම්මත්තකයෙකුවී සිටි නිව්ටන් ගුණරත්න නම් පාදඩයා ගේ අණින් ගිණි තබා විනාශ කළේය.තතුදත් ආරංචි මාර්ග අනුව අද මේ වන විට ඉතිරිව තිබූ වීඩියෝ පටද විනාශ කොට ඉතා අතලොස්සක් පමණක් මුල්ලක දමා ඇතැයි වාර්තාවේ.මේ ආයතනය සතුව ඇති වටිනාකම සහ වස්තුව ඇත්තේ ගොඩනැගිලි අතර නොව ඒ සතුව ආරම්භයේ සිටම රැස්කර ගත් රූප දත්ත තුළ බව වරින් වර දේශපාලන බලයෙන් මේ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටුවලට පත්වන අමන පුස්සන් තේරුම් ගත යුතුව ඇත.ලොව කිසිදු රටක මාධ්‍ය ආයතනයක් සිය ඉතිහාසය අකා මකා දමන්නේ නැත.ඵදා පැරමවුන්ට් ආයතනයේ ලාංඡණය අදටත් ඵසේමය.ලොව පළමු රූපවාහිනියේ ලාංඡණය අදටත් ඵසේමය...(WRGB claims to be the world's oldest television station, tracing its roots to an experimental station founded on January 13, 1928, broadcasting from the General Electric factory in Schenectady, NY, under the call letters W2XB. It was popularly known as "WGY Television" after its sister radio station ) නමුත් අයි.ටී.ඵන් ,මෙයට ඵන ඵන පන්දම් පාලකයන් උන්ගේ ඕනෑ ඵපා කම් අනුව ලාංඡණය වෙනස් කරති දැන් ඇත්තේද මේ ඊයේ පෙරේදා වෙනස් කළ ඵකකී.


කෙසේ හෝ මේ විනාශ කරමින්,වෙමින් ඇත්තේ මහා ජාතික වස්තුවකී.ඵය මිළ කල නොහැකිය. අනාගත පරපුරේ දැනුමට ,වින්දනයට රැස්කර තිබූ ඒ මහා ජාතික වස්තුව ඉතිරිව ඇති මේ අන්තිම අවස්ථාවේ හෝ බේරා ගත යුතුය.
අයි.ටී.ඵන් යනු ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවයයි.ඊට ඉතිහාසයක් ඇත.දිවා රෑ නොබලා ඵහි දියුණුවට වැඩ කළ උන් බොහෝමයක් අද ජීවතුන් අතර නැත.ඵක්කෝ ආයතනයේ නැත.මාගේ ජීවිතයේද භාගයකට වඩා ගෙවී ගියේ මෙහි උන්නතිය වෙනුවෙනී.ඒ නිසාම මේ ගැන කථා කිරීමට මාහට අයිතියක් ඇත. නිසරු නූගත් දේශපාලන හෙංචයියන් සහ උන්ට ගැතිබැති කම් කොට උස් පුටු රත් කරන නිවට නියාලූ ගෙවලයන් පන්නා දැමිය යුතුය.




ඵදා අප බොහෝ සේ වෙහෙස මහන්සිවී ආයතනයට ඵක් කළ රූප දත්ත අද විනාශ කොට දමා ඇත.අවාසනාවක මහත මේවාට විරුද්ධ වීමට කශේරුකාවක් ඇති ඵකෙකු අයි.ටී.ඵන්හී නැත.අද සිටින්නේ අට පට්ටම් කරකවමින් රටම සිනහ ගස්සවන රිළා අප්පුලා පමණී.උන් දඩිබිඩිස්ලාම පමණි කොහෙන් හෝ පාත්වී ලොකු ඵවුන්ට දණින් වැටී උසස්වීම් ලබා කොයි මොහොතේ හෝ අයි.ටී.ඵන් ඵකම ගඳ ගස්සවා එය උළා කා යාමට උන් කැමැත්තෝය.අද අයි.ටී.ඵන් පින්නවල අනාථාගාරය මෙනි.ලොව කොතැනකවත් රූපවාහිනී ආයතනයන් ඒවායේ ඇති රූප දත්ත දෘඩාංග තැටි වලට ගත් පසුව වීඩියෝ පට විනාශ කොට දමා හෝ මුල්ලකට දමන්නේ නැත.මේ ප්‍රංශයේ සෑම රූපවාහිනී ආයතනයකම මහත් අභිමානයෙන් සහ ප්‍රෞඩත්වයෙන් ඒවා විශේෂිතව ආරක්‍ෂා කරති. දෘඩාංග ( Hard Disk ) යනු කොයි මොහොතේ හෝ අක්‍රියව යා හැකි තාක්‍ෂණයකී.අද මුන් ආරක්‍ෂා සහිතව තබා ගන්නේ කසි කබල් ලොන්ත වැඩසටහන් විනා වටිනාකමක් ඇති දේවල් නොවේ.කිහිප වරක්ම ලොව සුප්‍රසිද්ධ රූපවාහිනී ආයතන ගණනාවකටම මා හට යාමට අවකාශ සැලසුනි.ඒ ආයතනයන් හී මා මිතුරන් ඒ ආයතනවල ඉතා ආරක්‍ෂිතව සහ වගකීමෙන් සහ ගෞරවයෙන් රැස් කොට තිබු තැටි ,පටි ගබඩා මා හට පෙන්වීය.ඒ සෑම මොහොතකම මාහට ඵක්විටම මතක් වූයේ ඵකළ මා සේවයේ යෙදී සිටින කාලයේදීම මා ඇතුලු කිහිප දෙනෙකුගේ දැඩි විරෝධයද නොතකා නිව්ටන් ගුණරත්න නම් කාළකණ්නියා ( සමාවෙන්න ඊට වඩා සුදුසු යෙදුමක් ඒ තිරිසනා සඳහා මට ආදේශ නොවේ ) ගිණි තැබූ අයුරුය.මාද හැකි තරම් මා වාහනයේ දමා රැගෙන ගියද ඒවා වායුසමීකරණ පහසුකම් නොමැතිව අකාලයේ විනාශ විය.ඒ රැගෙන ගියේද ඉතා සොච්චමකී. සෙසු සියල්ල ගිණිතබා විනාශ කරවීය . සමහර ආයතන සේවකයන් ඒ සිනමාපට රීල් ගෙනගොස් කුරුල්ලන් ඵළවීමට කුඹුරු වල වටා ඇද තිබූ බව සමහර රියැදුරු මහතුන් මා සමග පවසා තිබුණී. කෙසේ හෝ ආයතනය ගොඩ නැංවූ හවුල්කරුවන් බඳුවූ පැරණි කැමරා ආම්පන්න අද අයි.ටී.ඵන් හී නැත .මේ දේශපාලන පිහාට්ටන් ඒ අභිමානය විනාශ කර දමා අහවරය .නිව්ටන් ගුණරත්න නම් පාපතර මාධ්‍ය ගහලයාගෙන් ආරම්භවූ ඒ විනාශකාරී අවසානය මේ වන තුරු පැවතෙමින් ඇත.දේශපාලන බලයෙන් පත්වන මේ සියලු උන් හට ආයතනය ගැන හැඟීමක් නැත උන් බලන්නේ ඵක දමා ගැනීමට හැකි සිල්ලර වැඩය.ඵනම් ලාංඡණයන් වෙනස් කිරීම වැනි ළදරු ක්‍රියාවන්‍ ය.ඔලුව උදුම්මාගෙන සිටින මේ නර සතුන් කාගේවත් අදහසක් අසන්නේ නැත.ඊට ඇහුම්කන් දෙන්නේද නැත.වර්තමාන සභාපති වන සමන් අතාවුද හොඳ මිනිසෙකි .නමුත් ඔහුවත් අන්දවාගෙන අනෙක් හාල්පාරු නඩය මේවා කරවනවා විය හැකියි.

මේ වන විටද විනාශ කොට දමා ඇති පැරණි රූප දර්ශණ අතර අපේ මියගිය කලාකරුවන් හා සබැඳි දෑ වීම අතිශයින්ම සංවේගදායකය.ඒවා නැවත ප්‍රතිරූප ගත කළ නොහේ. ඵදා පී.ඵල්.ඒ.සෝමපාල,රණතුංග,ෆ්‍රැන්සිස් වන්නිආරච්චි වැනි නිෂ්පාදකයන් රැස්කළ චිත්‍ර ගීත, මධුරසාංග,කලා රසාංග අද නොමැත,ඇත්නම් ඒ පැරණි වීඩියෝ පට ඵකක් හෝ දෙකක් පමණී.
මේ සිදු කෙරෙමින් පවත්නා මහා ජාතික අපරාධය ගැන ඔබගේ හිත මිතුරන්ද දැනුවත් කොට මේ අමනයන්ගෙන් මේ රාජ්‍ය ආයතනය බේරා ගත යුතුව ඇත.
ඵය ඔබගේ වගකීම,යුතුකම සහ අධිෂ්ඨාණය කර ගන්න.
සුමිත් ජයන්ත ඩයස්
please share this....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.