ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 3, 2018

දේශප්‍රේමීන්ගේ වටිනාකම .....!!!

බටහිර අහසේ වෙඩිල්ලක්‌ පත්තු වී තිබේ. ඒ වෙඩිල්ලෙන් බටහිර අහස රත්පැහැ ගෙන ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නඩයට තවත් පසුබෑමක්‌ එක්‌ කරමිනි. රුසියානු සමූහාණ්‌ඩුවේ නව ජනාධිපති ලෙස සිවුවැනි වරටත් තේරි පත්වන වැල්ඩිමියර් පූටින් ඒ අභිමානවත් රුසියානුවන් සමඟ ලෝක බෝලයේ ඉහළින්ම හිටගෙන සිටී. ලෝකයා ඒ හිටගැනීම දෙස ආදරයෙන් ගෞරවයෙන් බලා සිටින්නේ දේශප්‍රේමීන්ගේ සුවඳ වටිනාකම ලෝකයාට වඩ වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බැවිනි. පුටින් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 75% ඉක්‌මවා යන්නේ රුසියානු ජනතාවගේ අති බහුතරයකගේ කැමත්ත දිනාගනිමිනි. දේශදෝහියකු බවට එල්ල වූ චෝදනා වලට වදරකරුවකු වූ රුසියාවේ විපක්‌ෂ නායක ඇවෙස්‌කි නැවල්නිට එරට අධිකරණය විසින් මෙවර ජනාධීපති ධුරයට ඉදිරිපත් වීම තහනම් කර තිබේ. රුසියාව තුළ දේශෙද්‍රdaහියාට සහ දේශප්‍රේමියාට නියම තැන ලබාදී ඇත. අපේ රටේ දේශප්‍රෙමීන් සිර කූඩුවලට ගාල් කරන යුගයක රුසියානුවන් කොතරම් වාසනාවන්ත දැයි අපිම සිතා බැලිය යුතුය. ජනාධිපති ධුරය එක්‌ වතාවකට පමණක්‌ සීමා විය යුතු යෑයි කෑ ගසන අපේ රටේ සමහරුන්ට පූටින්ගේ රටේ ජනතාව ඇන ඇත්තේ ලොකු ටොක්‌කකි. අනික්‌ පසින් විධායක ජනාධිපති ක්‍රමයේ හා එහි බලතල ගැන එකඳු අකුරක්‌ හෝ නොකියවපු නොදැකපු මිනිස්‌සු එහෙත් බිල්ලෙක්‌ සේ මවා පෙන්වන මේ ජනාධිපති ධුර කතතන්දරය ගැන රුසියානුවෝ අපේ රටට පෙන්වා දෙන යමක්‌ තිබේ. ඒ ඒකාධිපති වියරුව, හිට්‌ලර් වැනි වචන කුමණ්‌ත්‍රණකාරීන්ගේ හුදු වචන පමණක්‌ බවයි. ජනාධිපති ධුරය එක්‌වරකට පමණක්‌ සීමා කළ යුතු යෑයි අපේ රටේ මතයක්‌ ගොඩනැඟෙද්දී චීනයේ ක්‌ෂී ජින් පින් ජනාධිපතිතුමා ද ජර්මානු චාන්සල්වරිය ද දෙවැනිවරටත් ජනාධිපති ධුරය දරමින් ඒ ඒ රටවල් දේශහිතයිෂී මාවතකට යොමු කරවමින් සිටී. වඩා අභිමානයකින් රට ඉහළට ඔසවා තබයි. පුටින් කෙරෙහි එරට ජනතාව කොතරම් විශ්වාසය තබා ඇත්දැයි මේ මැතිවරණයෙන් හොඳින්ම පැහැදිලි වන්නේ එය රුසියාවේ ජනාධිපතිවරයකු ලැබූ වැඩිම ඡන්ද ප්‍රමාණය වීමය. සැබැවින්ම පුටින් ජාතිකවාදියෙකි. මනා පෞර්ශයකින් හෙබි Rජු ප්‍රතිපත්තියක්‌ ඇති නායකයෙකි. බටහිරට ගැති නොවී තම ජනතාව කෙළින් හිටවූ ජනතා නායකයෙකි. ලෝකයාට ජාතිකවාදී නායකයන්ගේ වුවමනාව වඩා වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ තම උරුමයන් අහිමිව යන ස්‌වදේශිකයන් නිසාවෙනි.
පුටීන්ගේ ජයග්‍රහනයට වඩා මේ ජයග්‍රහණය සමස්‌ත රුසියාවේ ජයග්‍රහණයක්‌ සේ අර්ථ දැක්‌වීම වඩා උචිතය. රුසියාව දෙස බලන විට ඇත්තටම අපිට මොකද වුණේ කියා ආපසු හැරී බැලිය යුතු යෑයි සිතේ. පුටින් හරහා අපි අපිව කියවා ගැනීමට රුසියාවේ විජයග්‍රහණය නිමිත්තක්‌ කරගැන්මම වටී. අතීත ශ්‍රී ලංකාව අපිට බොඳවී ගිය සිහිනයක්‌ පමණි. එහෙත් අපේ රටේ ස්‌වභාව ධර්මය අපිට දයාද කළ යමක්‌ වූහ. ඒ අපටම ආවේණික වූ දහම හා සංස්‌කෘතියයි. එහෙන් මෙහෙන් රට තුළට පැන රට කොල්ලකා ගිය උන්ද රට අල්ලාගෙන මෙහි පදිංචි වූවන්ට ද අපි අනුකම්පා කළෙමු. උන් අපේ සමාජය තුළට වැද්දාගෙන උන් හා පෑහෙන්නට ද වූහ. නිහඬව සියල්ල විඳදරා ගනිමින් කඩා බිඳ දමා ගිය දේශය ඒ හැමවිටම ගොඩනඟන්නට උත්සාහ දැරූහ. ස්‌වභාවයෙන්ම දයාද වූ බුදු දහම නොසැලි ඉන්නට ඒ ස්‌වදේශිකයාට මන්පෙත් පෑදුහ. අනිකාට ඇති දේ ගැන නොසිතා තමන්ට ඇති සැටියෙන් ජීවත් වන්න මේ අතීත මිනිසාට දහමෙන් ලැබුණු මහා පෞර්ශයක්‌ හිමිව තිබුණි. ඒ අතීත මිනිසා විශාල වැව් අමුණු මං මාවත් වෙහෙර විහාර ගොඩනැඟූහ. එසේ ගොඩනඟද්දී තමන්ට මන්දිර ඉල්ලා සිටියේ නැත. එසේ ගොඩනැඟූ දෙයෙහි තමන්ගේ කොටස නැතැයි කම්පා වූයේ නැත. තමන් සතුව තිබූ ගහකොළ දෙක තුන මේ මිනිසාගේ සන්තෘෂ්ටියේ පරම ධනය විය.

 මෙසේ වූ මේ මිනිසුන්ව තළා පෙළා දමමින් විටින් විට නැඟී ආ හතුරු ආක්‍රමණවලට මේ රටේ මුල්බැස තිබූ දහම විනාශ කරන්නට හැකි වුණේ නැත. සිය දහස්‌වර ඔවුහු එයට උත්සාහ දැරූහ. එහෙත් එක්‌ තැනකදී අපි පැරදුනෙමු. අතීතයේ සිටම ආක්‍රමණ අස්‌සෙන් පැමිණ රටේ බින්න බැසගත් රටේ උරුමයට වගනොකී එකෙක්‌ දෙන්නෙක්‌ ඒ උරුමය පාවා දෙන්නට පටන්ගත්හ. ඒ කිසිවක්‌ නොව රටේ සංස්‌කෘතියයි. සභ්‍යත්වයි. දහමයි. අපෙන් අරන් උන්ගේ කරගත් අපේ දේට උන්ම ගහන්නට පටන් ගත්හ. විශේෂයෙන් මේ රටේ රාජකීයත්වය වඩුගයින් ඩැහැගත්තායින් පසුව ටිකෙන් ටික අපිට අපේ දේ නැතිව ගොස්‌ අපේ ලෙස වෙන මොකක්‌දෝ දේවල් ටිකක්‌ ඉදිරියට ආහ. මේ අතරතුර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ලෙසින් මේ පොළොවට කඩා වැදී බටහිරයෝ අපේ දේ අපෙන් උදුරා දමා උන්ගේ ඇඳුම් අපිට අන්දාලුහ. උන්ට අපිව පාලනය කරන්නට තිබූ මහා බාධාව වුයේ අපේ කෙත්වතු ටිකය. අපේ හෙළ පත පොතය. අපේ දහමය. උන් අපේ කෙත්වතු ටික ගිනි ලෑහ. පොත පත රැගෙන ගියහ. දහම විකෘති කළහ. අවසාන අපි උන් වූයෙමු. අපිට උන්ගේ ලැබුණු බොහෝ දේ අතර එකිනෙකාට ඊර්ෂ්‍යා කරන්නට ගරහන්නට වෛර කරන්නට අපි පුරුදු වුණෙමු. උන් අපිට අපි කෙරෙහිම ඊර්ෂ්‍යාව ඇති කරලුහ. උන්ට දාව උපන් වුන් රටේ හැම දෙසින්ම මතුවන්නට වූයෙන් උන්ට එය පහසු විය. උන් මේ රටේ උපන්නද උන්ගේ ජානවල තැන්පත්ව නොතිබූ අපේ උරුමයට උන් වෛර කළහ. අපේ උරුමයට අපේ සංසකෘතියට නින්දා කළහ. උන්ටම හරියන්න රතුතොප්පි කාරයෝ ටිකක්‌ මේ දේශයට විත් පැළ පදියම් වූහ. අපි නැවත රුසියාව දෙසට හැරුණ හොත් රුසියාවේ රතු තොප්පිය දමාගෙන අපේ දේශයට පැමිණ තිබුණේ සුද්දාගේ අඩුවැඩිය සපුරාලන තවත් ආක්‍රමණියෝ පිරිසක්‌ම විය. රුසියානු විප්ලවයට ආදරය කළ අපි මේ රතු තොප්පි කාරයින්ට රැවටුනු බව මෙනෙහි කළ යුතුමය. උන් නිර්ධන පන්තිය ලෙස රට වැසියාගෙන් කොටසක්‌ වෙන්කර ගත්හ. අලුත් සමාජයක්‌ නිර්මාණය කළහ. මේ සමාජයේ කර්තව්‍ය අනිකාට ඊර්ෂ්‍යා කිරීම එකිනෙකා කෙරෙහි ද්වේශය පතුරාලීමය. මෙයින් පසු ජීවිතයේ සරල බව අත්හළ අපි එකිකො පරයමින් අපේ ඇඟේ බලෙන් ගැසූ අලුත් ජීවිතයකට පරිවර්තනය වෙමින් සිටියෙමු. මේ රටේ මේ මහපොළොවෙන් මේ ගහකොළෙන් බිහි වූ දහම ඉබේම ගසාගෙන ගියේය. මේ පරිවර්තනය තුළ උන්ගේ ලේ ධාතුවෙන් උපන් උන්ගේ මොලයෙන් උපන් එවුන් රටේ ඉදිරියෙන්ම සිටිමින් අපිට පාර පෙන්නන්ට පටන් ගත්තාහ. උන් හීන් සිරුවේ වෛරයේ ඊර්ෂ්‍යාවේ ගිනිපුළිගු අපේ විඤඥානයේ තැන්පත් කළේ අවශ්‍ය වූ විට දැල්වීමේ බලාපොරොත්තු ඇතිවය. මේ ගිනිපුළිගු අලුයට සඟවාගෙන ඉන්නා අපේ උන්ට පුංචි උත්තේජනයකින් මේ ඊර්ෂ්‍යාව මහා බෝම්මබයක්‌ සේ පුපුරවා හැරිය හැකි බව උන් දන්නේය. සැබැවින්ම රුසියාවට හෝ චීනයට මේ ආකාරයෙන් එහෙ මෙහෙ හලාගිය ධාතුවලින් උපන් වුන් සිටියේ නැත. අපට මෙසේ වන්නටත් උන්ට එසේ වන්නටත් හේතු වූ සැබෑ කාරණාවලින් එකක්‌ මෙයයි.

 අපේ රටේ ඊර්ෂ්‍යාව වෛරය ද්වේශය උච්චතම වූ නූතන යුගය පසුගිය යහපාලන පරිවර්තන සමයයි. කුමන්ත්‍රණකරුවෝ වෙලාසනින්ම පැමිණ පැල්බැඳ ගත්හ. හීන් සිරුවේ අලුයට තිබූ ගිනි පුළිගු එළියට ගත්හ. පුංචි උත්තේජනයක්‌ තුලින් ඒවා දල්වන්නට උන්ට හැකියාව ලැබුණි. ලැම්බෝගිනි දෙක තුනක්‌ එහෙ මෙහෙ කැරකෙන බවත් මේ දුප්පත් උඹලාගේ සල්ලිනේදැයි කියාත් ආදරයෙන් උන් අපෙන් අසා සිටියහ. හොටු පෙරාගෙන අඩමින් ලැම්බෝගිනි ඉල්ලා සිටින ළඳබොලඳ නලුවන්ගේ මාධ්‍ය සාකච්ජා අනේ අපොයි කියමින් ඉතිරි ගිනි දලුද දල්වාලූහ. එක්‌තරා නළඟනක්‌ අපූරු ලෙස රංගනයක යෙදෙමින් උපරිම ලෙස ඇගේ කර්තව්‍ය ඉෂ්ට කළාය. ඉන්පසුව උන්ම උන්ට ගහගෙන අනේ අපොයි මේ ඒකාධිපතියා අපිට ගහනවෝයි කියමින් හ`ඩා වැටෙන්නට වූහ. එහෙන් මෙහෙන් සත් ප්‍රාසාදද රත්රන් අශ්වයෝද අතිසුඛෝපභෝගි මෝටර් රථද මතුවෙන්නට පටන් ගත්හ. මිනිස්‌සු හතිවැටෙන තුරා රත්රන් අශ්වයෝ පසුපස ලුහු බඳින්නට වූ අතර ඔවුන් ස්‌වේඡාවෙන්ම ඊට ඉදිරිපත් විය. තවත් පිරිසක්‌ ගුවන්තොටුපලේ රැකවල්ලා ගත්තේ හොරෙන් රට පටවන ලැම්බෝගිනි අල්ලා ගැනීමටය. කුමන්ත්‍රණකරුවෝ රැගෙන ආ තව බොහෝ දේ ඉතිරිව තිබුණි. රටවල් විනාශ කරන කුමන්ත්‍රණ පැමිණෙන්නේ ප්‍රයෝජනයට ගත හැකි සෑම අනාචාරයක්‌ම ඇතුළත්වය. කිසිවිටෙක අචාරශීලීව නොවේ. ඔවුන්ට සියලු උපදෙස්‌ ලැබී තිබුණේ පල් වූ කුණුකානු වලිනි. ප්‍රතිවාදියාට පහර දෙන ආයුධ සියල්ල කුනු කානු වල පැසවා ලබාගත් අමුද්‍රව්‍ය වලින් තැනූ ඒවාය. නිර්ධන පන්තිය යෑයි කියාගත් රතුතොප්පි කාරයෝ හැම කුණු කානුවකම සේවයට යොදවා තිබුණි. චංචා දූෂණ පිරිලා රතු තොප්පි කාරයා කට උල් කර අපිට කිව්වේය. අපි කට ඇරගෙන අහගෙන සිටියෙමු. ඒකාධිපති පාලකයා පන්නා දමව්. උන් අපේ කණට කර අපිව උත්තේජනය කළහ. අපි අපිටම විරුද්ධ සටනට අවතීර්ත විය.
 

 තව පිරිසක්‌ දළදා සමිඳු සොයා ගියහ. ඒ ඒ අභියස නටන රුසියානු නළඟනන්ගේ ජායාරූප ගැනීමටය. බොදුනුවන්ගේ මුදුන්මල් කඩ වූ දළදාව හොඳ මිලකට අලෙවි කරන්නට හැකිය. කල්මරමින් රුසියානු නලඟනන් එනතෙක්‌ බලාසිටි ඔවුහු බැරිම තැන දළදා මැඳුර අභියසට රුසියාව රැගෙන ආහ. රුසියාවෙන් බැසගත් නලඟනන් දළදා මාලිගය ඉදිරිපිට රඟන්නට පටන්ගත්තේ ජායාරූප ශිල්පීන් වෙනුවෙනි. ඒ ජායාරූප පිළිගැනීමට සමාජජාලා සැදී පැහැදි සිටියහ.
 
 බිල් ක්‌ලින්ටන් පාපැදියෙන්ද ඔබාමා බසයෙන්ද යන ඡායාරූප සමාජජාලා වලට එක්‌විය. ලෝකයේ ධනවත් රටවල්වල ජනාධිපතිවරුන් මෙසේ වන විට උඹලාගේ ජනාධිපතිගේ පුතා රේස්‌ පදිනවා. පව් උඹලා දුප්පත් මිනිස්‌සු කුමන්ත්‍රණකරුවන්ගේ දෑස්‌ වලින් ගලා හැලුණු කඳුලු රට දිගේ ගලා යන්නට විය. අවසානයේදි බටහිර ඒජන්තයින් ඇතුලුව උන්ට දාව උපන් උන් ජයගත්හ. අපි පැරදුනෙමු.

 ඉන්පසුව පැමිණි උන්ගේ වාරයේදි උන් උන්ට ආවේණික වෛරයෙන් මුසපත්ව අපේ උරුමය අපි ලවාම විනාස කරවූහ. දළදා වහන්සේ ලොරියක වඩම්මවන්න උන් යොජනා කළහ. දාගැබ් චෛත්‍යය කඩා ඒ ගඩොලින් වැසිකිළි සාදන්න යොජනා කළහ. පන්සලේ පින් කැට වලට සීල් තිබ්බාහ. අපිට වැරදුන බව දැනෙන විට අපිට බොහෝ දේ අහිමි වී ඇත. සිංහලයාගෙන් පලිගැනීම ආරම්භ කෙරුණි. වෙන රටක ජනාධිපති මැඳුරක කුලුණු වල කැටයම් වල දර්ශන රූපවාහිනියෙන් දකිනා විට ඒ ලස්‌සන බලා පුදුම වෙන ඒවා දිව්‍ය ලෝකයෑයි සිතන ජාතියක්‌ තම රටේ ජනාධිපති නිල නිවසේ වායුසමීකරණ යන්ත්‍රය දැක අනේ අපොයි කියති. ජනාධිපති මැඳුරෙන් සොයාගත්යෑයි කියූ රත්රන් කඩුවක්‌ රූපවාහිනී නාලිකාවක මහ ඉහළින් පෙන්වා සිටියේ හිරිකිත ස්‌වරූපයකිනි. ඒසේම ජනාධිපති මැඳුරේ ආරක්‌ෂිත භුගත බංකර ලෝකයාට හෙළිදරව් කර අමුතුම වර්ගයේ වින්දනයක්‌ ලැබූ ජනතාවක්‌ ලෙසද මේ මහා වෙනසින් පසු අපි හංවඩු ගැසුනෙමු. අපිට අක්‌මුල් අහිමි වී ඇති බව අපි දැනගන්නා විට සියල්ල සිද්ධ වී හමාරය. මේ ඊර්ෂ්‍යාවේ නූතන ස්‌වරූපය මතුවූයේ තලවතුගොඩ ඇලේ ගිලීගිය සුඛෝපභෝගි මෝටර් රථයක්‌ නිසාවෙනි. යහපාලනය ගෙන ආ උන් ගැසූ උන්ගේම හොරණැවම මේ සිද්ධිය වෙනුවෙන්ද වාදනය වන්නට පටන් ගත්තේය. මෙවර හසුවූයේ දහම් සිරිසේනය. ජනාධිපති පුතාය. එහෙත් ඔවුන්ම නිපදවූ පෙර කී මඩ බලකාය දැන් අක්‍රිය තත්වයේ පවතින හෙයින් එය වැඩිදුරක්‌ ගමන් කළේ නැත. ඒ යහපාලනය ප්‍රතික්‌ෂේප කරන දේශහිතේෂි ජනතාව ටයිකෝට්‌ එහෙත් අලුයට තුබු ගිනි පුලිගු දැල්වෙන්නට බලා සිටින්නාහ.

 පසුගියදාක චීන සංචාරයක යෙදුනු මා ඇතුලු අපගේ කණ්‌ඩායමට චීනයේදි මුහුණ පෑමට සිදු වූ පුංචි සිදුවීමක්‌ මෙහිදි සටහන් කිරීමට කැමැත්තෙමි. චීනයේ කැන්ටන් ගුවන්තොටුපලේ අපගේ බෑගයන් පරික්‌ෂා කළ සේවකයාට මාගේ මිතුරකුගේ බෑගයේ තිබී චීන ජනාධිපතිවරයා වූ ජින් පින්ගේ ජායාරූපයක්‌ සහිත පොතක්‌ හමුවිය. ඒ ජායාරූපය දුටු පමණින් ඉවවහා ගිය ප්‍රීතියකින් උඩ පැන සතුටට පත්වූ එම සේවකයා මයි බොස්‌ යෑයි කියමින් ජනාධිපතිවරයාගේ ඡායාරූපය සිපගන්නට විය. ඔහුගේ මේ සතුට අපිට කියා දෙන්නේ කුමක්‌ද? රටකට විශ්වාසවන්ත දේශප්‍රේමී නායකයෙකු අවශ්‍ය බව නොවේද? රටේ ජනතාව ආදරය කරන නායකයෙකු රටකට සිටිය යුතු බව නොවේද? ජින් පින් දෙවනි වරටත් චීනයේ ජනාධිපතිවරයා විය. ඔහුට හෝ පුටීන්ට ඒකාධිපතිවාදියා යෑයි ඇඟිල්ල දික්‌කරන්නට රාජ්‍ය නොවන සංවිධාන ඒ රටවල් වල නැත.

 පුටින් මේ අභියෝග සියල්ල ජය ගෙන ඇත. ඔහු ඉදිරියේ ඇත්තේ සුලු පටු අභියෝගයක්‌ නොවේ. බටහිර තර්ජනයන්ට හොඳින් මුහුණ දීමට ඔහුට සිදුවනවා ඇත. දැනටමත් ඔබ ඡන්ද දූෂණ කළා යෑයි ඔවුන් කියන්නට පටන් ගෙන තිබීම එහි ආරම්භයයි. ඔහු වටා බැඳ ඇති මහා පවුර ඔබේ ජනතාවයි. තවදුරටත් සුලු ජන කොටස්‌ වල සහයෝගය නැතිව චන්දයක්‌ දිනා ගැනීමට සිංහල නායකයින්ට නොහැකියෑයි පුංචි පුංචි හීනමාන වල ජීවත් වන අපේ දේශපාලන විශ්ලේෂකයින්ට දැක බලා ගැනීමට ඔබේ ජනතාව දේශපාලනයේ හෝඩිපොත දිගඇර තබා ඇත.


 චම්පා වෛද්‍යතිලක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.