උතුරේ වෙසෙන සිංහල ජනතාව දෙස උතුරු පළාත්
සභාව සැමවිටම බැලුවේ කෝපයෙන් හා වෛරයෙනි. උතුරේ පන්සලක කඨින පෙරහැරක්
පැවත්වුවද එය බලවත් සංස්කෘතික ආක්‍රමණයක් ලෙස පෙන්වීමට කොටි හිතවාදී
මාධ්‍යවේදීහූ අදත් කටයුතු කරති. මේ රටේ වෙසෙන පුරවැසියන්ට දිවයිනේ ඕනෑම
ස්ථානයක ජීවත් වීමට ඇති අයිතිය තහවුරු නොවන්නේනම් එය බරපතළ ප්රශ්නයකි.
උපන් බිමේ සිංහලයන් අනාථවීමේ තත්ත්වයක් උදාවී ඇති බව පැහැදිලි වන්නේ
උතුරින් ලැබෙන මෙවන් ප්‍රවෘත්තියක් නිසාය.
මුලතිව්
දිස්ත්‍රික්කයේ නයාරු සිට කෝකිලායි දක්වාත් වව්නියාවේ බෝගස්වැවේ සිට
වැලිඔය දක්වාත් මහවැලිය යටතේ සිංහල වැසියන්ට ලබාදී ඇති සියලු ඉඩම් අහිමි
වී යන තත්ත්වයක් උදා වී ඇති බව මේ භයානක ප්‍රවෘත්තිය විය. උතුරු පළාත්
ප්‍රධාන ඇමැතිවරයා මුලතිව් දිසාපතිවරිය අමතා ප්‍රකාශ කර ඇත්තේ දෙමළ
සන්ධානයේ සියලු දෙනා මේ ඉඩම් ලබාදීමට විරුද්ධ බවයි. දැන් උතුරේ සිංහලයන්ගේ
අනාගතය තීරණය කරන්නේ දෙමළ සන්ධානයද? මුලතිව් හි වෙසෙන සිංහලයන්ට සිය
පාරම්පරික භූමි අයිතිය අහිමි වන තෙක් ජනපතිවරයා හා අගමැතිවරයා නිහඬව බලා
සිටින්නේද? එදා ප්රභාකරන් යුද්ධ කරන සමයේදීත් මුලතිව් දිස්ත්‍රික්කයට
අයත් ගම්මානවල සිංහල වැසියෝ ජීවත්වූහ. එසේ නම් ප්‍රභාකරන්ටත් වඩා උග්‍ර
සිංහල විරෝධයකින් උතුරු පළාත් සභාව කටයුතු කරන බව පෙනේ.
උතුරේ
සිංහල වැසියන්ට මහවැලිය යටතේ ඉඩම් ලබාදීම අනුමතව ඇත්තේ මීට වසර තිහකට පෙර
එනම් 1988 දීය. දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දුන්නේ උතුරින් මෙසේ
සිංහලයන් එළවා දැමීමේ කූට අරමුණු සපල කර ගැනීමටද?
වැලිඔය සිංහල
ජනතාවට තම ඉඩකඩම්වල අයිතිය අහිමි වුවහොත් ඔවුනට කාගේ පිහිටක්ද? මෙය රට යළි
අර්බුදයකට ඇද දැමීමකි. උතුරේ සිංහල ඉඩම් අයිතිය අහෝසි කිරීමට උතුරු පළාත්
සභාවට විශේෂ බලයක් පවරාදී නැත. හමුදාව උතුරේ ඉඩම් බලෙන් අල්ලාගෙන සිටිනවා
යෑයි කෑ ගසන දෙමළ සන්ධානය අනෙක් පැත්තෙන් උත්සාහ කරන්නේ සිංහල ඉඩම්
අයිතියද ශූන්‍ය කර දැමීමටය
උපන් බිමේ අනාථයන් වන්නට උතුරේ සිංහල
ජනතාවට ඉඩ ලබාදිය යුතු නැත. දෙමළ සන්ධානය හමුදා කඳවුරු ඉදිරිපිටම පැමිණ
උද්ඝෝෂණ කරන විට කොළඹ ආණ්ඩුව කලබලයට පත්වේ. එහෙත් උතුරේ සිංහලයන්ට ඉඩම්
අයිතිය අහෝසි වන විට ආණ්ඩුව ක්‍රියාකරන්නේ කෙසේද යන්න අපි බලා සිටිමු.
සිංහල ඉඩම් අයිතිය අහෝසි වුවහොත් එය රටම යළි අස්ථාවර කරන ජාතික
සංහිඳියාව දැඩි ලෙස බිඳහෙළන වාතාවරණයක් නිර්මාණය කරන බව නොකියාම බැරිය.
මහජාතිය නොසලකා හැර සුළු ජාතීන් සතුටු කර රටට ඉදිරි ගමනක් නැත. එම නිසා
අසාධාරණ ලෙස උතුරේ සිංහලයන්ගේ ඉඩම් අයිතිය නැති නොකළ යුතුය. එසේ වුවහොත් එය
ආණ්ඩුවට පාරාවළල්ලක් වනු ඇත
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 9, 2018
උතුරේ සිංහල ඉඩම් යළිත් අනතුරේ....!!!
Posted by
lankanews
at
April 09, 2018
Labels: jafna buddhist statues, jafna lands, jafna sinhala, jafna sinhala people, lankanews, TNA politicians, yahapalanaya
උතුරේ සිංහල ඉඩම් යළිත් අනතුරේ....!!!
2018-04-09T23:05:00+02:00
lankanews
jafna buddhist statues|jafna lands|jafna sinhala|jafna sinhala people|lankanews|TNA politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
