ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 3, 2018

රංගජීව සිටිය යුත්තේ හිරගෙදරද?

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ නියොමාල් රංගජීව දැන් ඉන්නේ බන්ධනාගාරගතවය. ඔහු සමඟ බන්ධනාගාර කොසාරිස්‌වරයකු වූ එමිල් රංජන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි.

මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ ඉකුත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවු කැරැල්ල යුදහමුදාව විසින් මැඬපැවත්වීමෙන් පසුව බන්ධනාගාරය තුළට ගොස්‌ රැඳවියන් 8 දෙනකු ඝාතනය කිරීම සහ එයට සහාය දැක්‌වූවේ යෑයි යන්න වේ.

සැබවින්ම මෙසේ අද වැලිකඩ කූඩුවක සිරගත කර සිටින නියොමාල් රංගජීව යනු කවරෙක්‌ද? වරක්‌ වික්‌ටර් පෙරේරා පොලිස්‌පති පුටුවේ සිටියදී එල්ටීටීඊයට සම්බන්ධ කුඩු කප්පිත්තකු කොළඹ ජින්තු පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට රංගජීව සමත් විය.



මේ කොටියා කුඩු ජාවාරමේ යෙදෙමින් කොළඹට රැගෙන ආවේ එල්ටීටීඊය ඒ දිනවල ඉන්දියාවේ සිට ගෙනෙන ලද කුඩු තොගය. එනිසාම රංගජීව සිදුකළ ඒ වැටලීම ඉතාම සුවිශේෂී එකක්‌ විය. එහෙත් රංගජීව මේ කොටියා අත්අඩංගුවට ගෙන දින කිහිපයක්‌ ගතවීමට පෙර අද්භූත ස්‌ථාන මාරුවක්‌ ඔහුට හිමිවිය.

මේ කාලය යනු රංග හා මාධ්‍යවේදියකු ලෙස මා අතර ඉතා සමිප මිත්‍රත්වයක්‌ ගොඩනැගුණු මුල් කාලය විය. එහෙත් මේසා අසාධාරණයක්‌ තමන්ට සිදුව තිබියදීත් රංග එදා ඒ කිසිවක්‌ මා සමඟ නොකීවේය.

ඒ දිනවල මාධ්‍යකරණයේදී දින දෙක තුනකට වරක්‌ මා රංග ඇමැතීමේදී ඔහුට සිදුවූ දේ පිළිබඳ කිසිත් නොකී රංග මට පැවසූ එකම වදන් පෙළ වූයේ "අයියේ හොඳ වැඩක්‌ කරන ගමන් ඉන්නේ දවස්‌ දෙකතුනකින් කතා කරන්නැ"යි යන්නය.

රංග එදා මේ අන්දමට තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳ ඔහු සමඟ බොහෝ හිතවත්ව සිටි මට නොපැවසීම අදටත් සිතාගත නොහැකි කරුණක්‌ බවට පත්ව ඇත. ඒ පිළිබඳ පසුගිය කාලයේ ඇතැම්විට රංගගෙන් විමසීමේදී පවා ඔහු කළේ නිහඬවීමය. ඇතැම්විට තමන් සේවය කළ පොලිස්‌ දෙපාර්තමේන්තුව කෙරෙහි ගරුත්වය සහ විනයගරුක බව නිසාම එසේ කරන්නට ඇතැයි යන්න මගේ විශ්වාසය ය.

මේ කියන කාලයේ රංගජීව අයි. පී. කෙනකු නොව එස්‌. අයි. ය. එහෙත් එදා තමන්ට සිදුවූ අසාධාරණය රංග එසේ මගෙන් සැඟවූවාට මේ සිද්ධියෙන් සතියකට පමණ පසු රංගජීවගේ රාජකාරී කැපවීමට ආදරය කළ මාවද හොඳින් දන්නා එක්‌තරා උසස්‌ පොලිස්‌ නිලධාරියකු දිනක්‌ මට ඇමතුමක්‌ ලබාදී සියල්ල පවසන්නට විය.

"ඔයා දන්නවද? රංගජීවව නාකොටික්‌ එකෙන් මෝදර පොලීසියට මාරු කරලා. උසස්‌ පොලිස්‌ නිලධාරියා කී ඒ කතාව ඇසූ මම එක්‌වරම වික්‌ෂිප්ත වුයෙමි. එයට හේතු බොහෝ විය.

මේ බව දැනගත් මා ඊළඟ මොහොතේම කළේ රංගජීවට ඇමතුමක්‌ ලබා ගැනීමය. "රංග ඔයා දැන් කොහෙද ඉන්නේ.." මගේ ප්‍රශ්නය එය විය. "වැඩට යන ගමන් අයියේ.. මෝදර කිඹුලා ඇළේ ගුණාගේ රාජධානිය මැද්දේ දැන් ඉන්නේ.." මගේ ප්‍රශ්නයට එදා රංගගෙන් පිළිතුරු ලැබුණේ එසේය.

"ඒ කියන්නේ වැඩකට බැහැලද ඉන්නේ.." මම නැවතත් ඔහුගෙන් විමසීමි. "නැහැ. මම ඔයාට කිව්වේ නැහැ.. මාව මෝදරට ට්‍රාන්සර් කළානේ.." එදා මට රංග සිය කතාව කීවේ මා යමක්‌ දැනගෙන ඔහු විමසන බව ඔහුට හැඟී ගිය බැවිනි. එහෙත් ඔහුගේ හෙŒ තිබුණේ සුපුරුදු හඹා යැමේ උච්ඡාරණයට වඩා පැහැදිලි බිඳුණු බවකි. එය සාධාරණ එකකි.

කිඹුලා ඇළේ ගුණා යනු ඒ දිනවල මේ රට මත්කුඩුවලින් වැනසූ මහා පරිමාණ ජාවාරම්කරුවකු විය. එසේම ගුණාට තිබූ දේශපාලන සබඳතාද ඉහළම මට්‌ටමේ ඒවා විය. එකල ගුණා මුදලාලි ඒ තරමටම කෙළිකාරයකු වී සිටියේය.

මේ නිසාම ඔහුට අත තබන්නට කිසිදු පොලිස්‌ නිලධාරියකු ඉදිරිපත් වූයේද නැත. එහෙත් රංගජීවට නම් මේ කියන ගුණා ලොකු මිනිහකු නොවිණි. ඒ රංගජීවගේ හැටිය. එහෙයින් ගුණාගේ කුඩු රාජධානිය සුණු විසුණු කරන්නට එදා රංගජීව මෙහෙයුමක්‌ ඇරඹීය.

රංගජීවගේ මේ මෙහෙයුම හමුවේ කිඹාලඇළේ ගුණා කොරතම් ඇද වැටුණේද කිවහොත් අවසානයේ හේ උන්හිටි තැන්ද හැරදමා ඉන්දියාවට පලා ගියේය. මොනතරම් කෙළිකාරයකු වුවත් රංගජීවගේ හැටි දැන සිටීම ගුණාගේ එකී පලායැමට එක්‌ හේතුවක්‌ විය.

එසේම එයට හේතුවූ තවත් කරුණක්‌ද තිබිණි. 1999 වසරේ කොළඹ පුරහලදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ කොටි කාන්තාවට කොළඹදී රැකවරණය දුන්නේ ගුණා බවට පොලිසියට තොරතුරු ලැබෙමින් තිබීම එය විය.

මෙසේ ගුණා රටින් පැන ගියද ඔහු කුඩු ජාවාරම නම් අත නොහැරියේය. එනිසා ගුණාගේ ජාවාරම සුණු විසුණු කරන්නට රංගජීව ඇරඹූ මෙහෙයුමද දිගින් දිගටම ක්‍රියාත්මක විය. මේ හේතුවෙන් එදා කිඹුලා ඇළේ ගුණාගේ කල්ලියෙන් රංගජිවගේ ජීවිතයට එල්ල වී තිබුණේ දැඩි තර්ජනයකි. එහෙත් රංග ඒවා තඹේකට මායිම් කළේ නැත.

එසේ රංගජීවගේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක වීම හමුවේ ඒ දිනවල ගුණාගේ ගෝලබාලයන්ද සිටියේ තැන් තැන්වලට විසිරී ගොසිනි. මේ හේතුවෙන් ප්‍රතිවිරුද්ධ කල්ලියකට හසුවූ කිඹුලාඇළේ ගුණාගේ හොඳම ගෝලයන් දෙදෙනකුට ජීවිතවලින්ද වන්දි ගෙවීමට සිදු විය. එය රංගජීවගේ ජීවිතයට ගුණාගේ කල්ලියෙන් එල්ලවී තිබූ තර්ජනය තවත් වැඩිකරන්නට හේතුවක්‌ද වී තිබිණි. වරක්‌ ගුණා රංගජීව මැරීම සඳහා එකල පාතාලයේ වැඩ දමමින් සිටි පොට්‌ට නවුµර්ට කොන්ත්‍රාත්තුවක්‌ දී තිබුණු බවද අනාවරණය වී තිබිණි.

ගුණාට එරෙහි මෙහෙයුමකදී කිඹුලාඇළේ ගුණාගේ සොහොයුරකු වූ සින්නයියා විඡේරාජන් මත්කුඩු තොගයක්‌ සමඟ අත්අඩංගුවට ගැනීම එසේ ගුණා රංගජීවට මරණ වරෙන්තු දීමට තවත් එක්‌ ප්‍රධාන හේතුවක්‌ විය.

කොටින්ට සම්බන්ධ කුඩු ජාවාරමකු ඇල්ලීම හමුවේ ලැබුණු අත්තනෝමතික පොලිස්‌ මාරුවකින් එදා මා ඇමතුමක්‌ ලබා දෙන විට කිඹුලාඇළේ ගුණාගේ රාජධානිය මැද හුදකලා වී සිටියේ ඒ රංගජීවය. එය හරියට මාරයාගේ මුව ළඟටම රංගජීව යෑව්වාක්‌ වැනි විය.

මේ සිද්ධිය හරිහැටි දැනගත් වහාම මම එය පසුදා පුවත්පතේ පළ කිරීමට කටයුතු කළෙමි. එය දුටු වත්මන් "ඉරිදා දිවයින" කර්තෘ අනුර සොලමන්ස්‌ මහතා රංගජීවට සිදුව ඇත් අසාධාරණය පිළිබඳ කතුවැකියක්‌ද එදා දිවයිනේ සටහන් කළේය. එහෙත් පොලිසියෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ නොවිණි. එය දැනගත් අනුර සොලමන්ස්‌ මහතා යළිත් "දිවයිනේ" කතුවැකියක්‌ රංගජීව වෙනුවෙන් වෙන් කළේය.

මෙසේ "දිවයිනේ" කතුවැකි දෙකක්‌ම පළවීමෙන් පසු වරක්‌ රංගජීව මා සොයා දිවයිනට ආවේය. මම ඔහුව අනුර  සොලමන්ස්‌ මහතා වෙත කැඳවාගෙන ගියෙමි. ඔහුව දුටු විගස හදවතේ ගැඹුරින්ම ඇතිවූ ඇතිවූ කෘතවේදීත්වය නිසාම රංගජිවගේ දෙනෙත් රතුවී පුංචි කඳුළක්‌ මතුවූවේය.

එදා එය මට අදහාගත නොහැකි විය. රංගජීව යනු රට වනසන කුඩු ජාවාරමුන් ඉදිරියේ මාරයෙකි. එහෙත් එසේ කුඩු ජාවාරමුන් ඉදිරියේ හැසිරෙන නියොමාල් රංගජීව යනු කොතරම් සංවේදී හදවතක්‌ ඇත්තෙකුදැයි මා වටහා ගත්තේ එදාය. පසුව තමන්ට කළ උපකාරය සිහිකර හදවතින්ම අපට කෘතවේදීත්වය පෑ ඔහු අපෙන් සමුගෙන පිටව ගියේය. ගතවූයේ හිරියට දින දෙකකි.

දිනක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයේ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා මා අමතන්නට විය. "ඔයා රංගජීවට කියනවද එයා ළඟ තියෙන සියලු ලිපි ලේඛන අරගෙන මාව හමුවෙන්න කියලා." තිරාණගම මහතා මට කීය. එසැණින් මම ඒ බව රංගජීවට කීවෙමි.

ඔහු තිරාණගම මහතා හමුවන්නට ගියේය. කිසිදු මුදලක්‌ අය නොකර රංගජීව වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක්‌ ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන්නට තිරාණගම මහතා කටයුතු කළේය. එය සලකා බැලූ ශේ්‍රෂ්ඨාධිකරණය රංගජීවගේ පෙත්සම විභාගයට ගත්තේය.

පොලිස්‌පතිවරයාගේ සිට චූදිතයන් ලෙස නම් කර සිටි සියල්ලෝ අධිකරණයට හමුවට කැඳවිනි. අවසානයේ රංගජීව යළි මත්ද්‍රව්‍ය කාර්යාංශයට හෙවත් නාකොටික්‌ එකට ගියේය. පොලිස්‌පතිවරයා ගෙදර ගියේය.

එතැන් පටන් රංගජීව යළි වැඩ ඇරඹීය. එහෙත් කෙදිනකවත් සිය පොලිස්‌ ජීවිතයේදී ඔහු කුඩු බී නන්නත්තාරව සිටි අහිංසකයන් කූඩුවේ දැමුවේ නැත. එවැන්නකු අසුවූ විට හොඳවායින් කනේ පාරක්‌ දුන් රංගජීව හැමදාමත් හඹා ගියේ හෙරෙයින් මතට ඇබ්බැහි වූ එවන් අහිංසකයන්ට කුඩු පොවන ජාවාරම්කරුවන් පසුපසය.

අසරණ කුඩු උරන්නන් තලා පෙළීමෙන් තොර වූ මෙන්න මේ තියරිය නිසාම රංගජීවගේ ඔත්තු ජාලයද බොහෝ ශක්‌තිමත් එකක්‌ විය. මේ රටට කන්ටේනර් පිටින් මත්කුඩු එන බවට මුලින්ම සොයා ගත්තේද එසේ යළි නාකොටික්‌ එකට ගිය රංගජීවය. එසේම වරක්‌ ධීවරයකු සේ වෙස්‌වලාගෙන දින හයක්‌ තිස්‌සේ ධීවර බෝට්‌ටුවක නැගී මහ සයුරේ රැඳී සිට මහුදු සැතපුම් දෙසීයක්‌ ඈත මුහුදේදී ලංකාවට කුඩු සපයන නැවක්‌ ඇල්ලුවේද මේ රංගජීවය.

එසේ ඔහු මහපරිමාණ කුඩු ජාවාරමුන්ට එරෙහිව සිදු කළ මෙහෙයුම් බොහෝ විය. එක්‌ අවස්‌ථාවක රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක්‌ද අත දරමින් මත් කුඩු තොගයක්‌ රැගෙන විදේශගත වීමට ගිය ලයිබීරියානු ජාතිකයකු අත්අඩංගුවට ගත් රංගජීව එකී ජාවාරමේ අවසන් කොන සොයා මාස තුනක පමණ කාලයක්‌ තිස්‌සේ දෙවුන්දර තුඩුව දක්‌වාම මෙහෙයුමක්‌ දියත් කළේය.

එහිදී දකුණ වැනසූ සමස්‌ත කුඩු ජාලයම වනසා දමා අදාළ මහමොලකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නට රංගජීව සමත් විය. මේ නිසාම රංගජීව සිය රාජකාරි ජීවිතයේදී මුහුණ දුන් අභියෝගද බොහෝය. ඇතැම් අවස්‌ථාවල කුඩු ජාවාරමුන්ට රංගජීව ව පාවා දුන්නෝ මත්ද්‍රව්‍ය කාර්යාංශයේම සිටි පොලිස්‌ පොඩ්ඩෝ වූහ.

එසේ වෙද්දී කුඩු මෙහෙයුම් අතරේ උන් අල්ලන්නටද රංගජීව සමත්විය. එසේම රංගජීවට අභියෝග කළ කුඩු ජාවාරම්කරුවන් ගෙවී ගිය කාලය පුරා පෙත්සම් යෑවීමේ උපක්‍රමයක්‌ද මෙහෙයවීය. එහෙත් රංගජීවව නතර කරන්නට මේ එකකටවත් නොහැකි විය. ඔහු ගැන කතා කරන්නේ නම් සටහන් කරන්නට තවත් විශ්මිත දේ බොහෝ ඇත.

මෙසේ සිදු කළ මෙහෙයුම් හමුවේ ඉකුත් මාසය වන විට 48 ක්‌ පමණ වන කුඩු ජාවාරම්කරුවන්ට නීතියෙන් මරණීය දණ්‌ඩනය හෝ ජීවිතාන්ත සිරඳඩුවම් උරුමකර දෙන්නට රංගජීව සමත් විය.

එසේම තවත් මහාපරිමාණ ජාවාරම්කරුවන් රැසක්‌ පසුගිය කාලයේ සුක්‍ෂම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගනු ලැබූ රංගජීව ඒ සම්බන්ධයෙන් මහාධිකරණ හමුවේ පවරා ඇති නඩු ප්‍රමාණය 200 ට ආසන්නය. ඉන් සුවිශේෂී නඩු 50 ක්‌ පමණ නුදුරේදීම විභාගයට ගැනීමටද නියමිතව ඇත.

මීට මාස හතරකට පමණ ඉහතදී පිළියන්දලදී කුඩු ජාවාරම්කරුවන්ගේ සැලසුමකට අනුව බිහිසුණු වෙඩි ප්‍රහාරයකටද ගොදුරු වී යාන්තම් ජීවිතය බේරා ගත්තේද එසේ රටට සේවය කළ රංගජීවය. ඔහුට එල්ල වූ ඒ වෙඩි ප්‍රහාරයෙන් පෙනහැල්ල පසා කරගෙන ගිය උණ්‌ඩ දෙකක්‌ අදටත් පිටතට ගත නොහැකිව එහිම තැන්පත්ව ඇත. එය මිනිසකුට මොනතරම් වේදනාකාරීද? එහෙත් රංගජීව එයින්ද සැලුනේ නැත.

මේ රටේ තුප්පහි භාවිතාවන් නිසා මුලින්ම රංගජීව මරණය අභිමුවට ගියේ කිඹුලාඇළේ ගුණාගේ රාජධානියේදීය. එහෙත් "දිවයින" නිසා එය වැලකී ගියේය. පසුව පාවා දෙන්නෝ රංගජීවව වනසන්නට වෙහෙසුනහ. එහෙත් ඒවාද බොඳවී ගියේය. පෙත්සම් ගැසීමෙන්ද ඔහුව නතර කරන්නට බැරිවූ තැන යළි ඝාතන උත්සාහයක්‌ දරමින් පිළියන්දලදී ඔහුට වෙඩි වරුෂාවක්‌ එල්ල කළේය. එයින්ද රංගජීව බේරුණේය.

මේ සියල්ල කෙරුවේ මේ රට වනසන කුඩු ජාවාරම් කාරයෝය. රංගජීව වැනසීමේ උන්ගේ උත්සාහය හැමදාමත් ව්‍යර්ථවී ගියේ එසේය. එහෙත් ඒ පරාජය එකී ජාවාරම්කාරයන්ට අදත් උරුම වී තිබේද? නැත.

දැන් ජාවාරම්කාරයෝ ජයගෙන සිටින්නාහ. ඉකුත් 2012 වසරේදී සිදුවූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල අවස්‌ථාවේ එහි පැමිණි රංගජීව තෝර තෝරා මිනී මැරුවේ යෑයි කියමින් කුඩුකාරයන් සිව් දෙනකු ඇතුළු පස්‌ දෙනකු පමණ ලබා දුන් සාක්‍ෂියකට අනුව ඔහු දැන් සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේම කුටියක්‌ තුළය.

ජනාධිපති, විශේෂ කාර්යසාධක බලකායකුත් නිර්මාණය කර ඔබ මේ රටෙන් මත්රකුසා පන්නා දමන්නට වෙහෙස ගනිමින් සිටියදී රංගජීව වැනි මතට එරෙහිව අවි අමෝරා රටට සේවය කළ නිලධාරියකු සිටිය යුත්තේ බන්ධනාගාරයේද?

කවුරුත් මේ යන්නේ ගෝඨාභය රාජපක්‍ෂ සොයා යන ගමන බව අද රටම දැන සිටින්නාහ. ඒ වුවමනාව වැඩිපුරම ඇත්තේ එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට කඩේ ගිය සිවිල් සංවිධාන තක්‌කඩින්ට සහ ඒන්ජීඕ කාක්‌කන්ටය. අද සම්මුතිවාදයේ සමහරු නැලවෙන්නේ උන්ගේ ඔඩොක්‌කු-වේ බවද පැහැදිලිවම පෙනෙන්නට ඇත.

එහෙත් එකී මජර දේශපාලන ඉලක්‌ක හමුවේ රංගජීවලා වැනි වීරයන්ට මෙවන් ඉරණමක්‌ අත්වේ නම් රටේ අනාගත පරපුරේ ඉරණම කුමක්‌ වනු ඇතිද? අද හිස ඔසවා ඇති කුඩු ජාවාරමත් පාතාලයත් දැන් එකී අනාගත වාක්‍ය රටට පැහැදිලි කර දෙමින් නොතිබෙන්නේද?


සමන් ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.