ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 10, 2018

දුම්බර අඩවියේ මහා ඉඩම් කොල්ලය

නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්‌, හුන්නස්‌ගිරිය, කැළෑබොක්‌ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර 9675 ක්‌ වන වතු ඉඩම්වලින් හෙක්‌ටයාර 6192 ක්‌ සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්‌ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්‌පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්‌ටයාර 3693 න් හෙක්‌ටයාර 2363 ක්‌ වශයෙන් විවිධ පුද්ගලයන් හා සමාගම්වලට හෙක්‌ටයාර 8555 ක්‌ නැතහොත් අක්‌කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත.
 

 දුම්බර අඩවිය හෙවත් නකල්ස්‌ ක`දුකරයේ පිහිටි අක්‌කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ස`දහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම්  විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයන්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්‌ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.



 නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්‌, හුන්නස්‌ගිරිය, කැළෑබොක්‌ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර 9675 ක්‌ වන වතු ඉඩම්වලින් හෙක්‌ටයාර 6192 ක්‌ සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්‌ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්‌පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්‌ටයාර 3693 න් හෙක්‌ටයාර 2363 ක්‌ වශයෙන් විවිධ පුද්ගලයන් හා සමාගම්වලට හෙක්‌ටයාර 8555 ක්‌ නැතහොත් අක්‌කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්‌කරයකට වාර්ෂික ව රුපියල් 2857 ක මුදලකට තිස්‌පස්‌ අවුරුදු බදු පදනම යටතේ ය.

 නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක්‌ වත්තේ අක්‌කර 900 ක්‌ පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක්‌ ස`දහා ක්‍රිස්‌බ්‍රොa සමාගමට ලබා දී තිබේ. සංරක්‌ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම ස`දහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්‌කර 35 ක්‌ මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක්‌ ස`දහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

 ක්‍රිස්‌බ්‍රොa සමාගම 2007 වසරේ දී මහවැලි zzසීZZ කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඩේ අක්‌කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිඟු වගා කිරීම ඇරැඹිණ. මෙම ව්‍යාපෘතිය ස`දහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරිණි. මේ ආකාරයෙන් ම ක්‍රිස්‌බ්‍රොa සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහා පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.

 දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. දේශගුණික විවිධත්වය, මහවැලි ගෙ`ග් ප්‍රධාන ජල පෝෂකයක්‌ වීම නිසා මෙහි ඇති වටිනාකම ඉතා අධික මට්‌ටමක පවතී. මේ සියල්ල දුම්බර අඩවියේ ඉඩම් අවභාවිතාව හේතුවෙන් විනාශ වී යැමට ඉඩදිය යුතු නැත.

 සමස්‌ත දුම්බර කඳුකරයම ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප්‍රදේශ අතුරින් 30%ක්‌ පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්‌ටයාර 21,000 ක්‌ පමණ ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්තව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක්‌ පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්‌ත්‍රීක්‌කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතරේ සහ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස පහේ දුම්බර කඳුකරය ව්‍යාප්තව තිබේ. 2009 අංක 65 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්‌ෂණ ආඥා පනතේ 3අ(1) වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වැනි දින අංක 1130/22 දරන ගැසට්‌ නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්‌ටයාර 17825 ක්‌ පමණ වන භූමි ප්‍රමාණයක්‌ ලංකාවේ ප්‍රථම සංරක්‌ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සංරක්‌ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්‌ටයාර 2000 ක්‌ පමණ වේ. එවා මේ වන විට ක්‍රමාණුකූලව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්‌වරූපය හා වන්දි ගෙවීම්වල ප්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

 මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්‌ඩල තීරණයක්‌ 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක්‌ නිසි පරිදි ක්‍රියාත්මක නො වේ. අංක පීඑස්‌/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්‌ඩල සංදේශයට අනුව නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝ මීටර් භාගයක්‌ ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතියේ 22(1)ඊ සහ 44(එA) වගන්ති ප්‍රකාරව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.

 මේ ක්‍රියාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක්‌ පාසාම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු ස`දහා ක්‍රමක්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තර කුට්‌ටි කිහිපයක්‌ පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත්ව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමයි. ඊට අමතර ව මේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්‌ථාවට අයත් වනාන්තර බිම් නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසුව නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය වටා කිලෝ මීටරයක්‌ පමණ ප්‍රදේශයක්‌ ජාතික පාරිසරික පනත යටතේ නකල්ස්‌ හෝ දුම්බර පරිසර ආරක්‌ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර ඒ ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්‌ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම ස`දහා වන ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම ය.

 දුම්බර කඳුකරයේ වනාන්තරයන්ට පළමුව ආරක්‌ෂාව ලබා දෙන ලද්දේ ඉංගී්‍රසීන් විසිනි. එA 1873 දී දුම්බර කඳුකරයේ මීටර් 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ) වළාකුළු වනාන්තර ප්‍රදේශ දේශගුණික රක්‌ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ සංරක්‌ෂණ වනාන්තරයක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්‌ෂණ ප්‍රදේශයක්‌ ලෙසත් 2008 වසරේ දී පස සංරක්‌ෂණ පනත යටතේ පස සංරක්‌ෂණ ප්‍රදේශයක්‌ ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක්‌ දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය. ඒ හේතුවෙන්ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක්‌ ලෙස එක්‌සත් ජාතීන්ගේ යුනෙස්‌කෝ ආයතනය (UNESCO- United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

 මෙවන් වූ සුවිශේෂී නීතිමය ආවරණයක්‌ සහිත භූමි ප්‍රදේශයක පිහිටි ඉඩම් දේශපාලකයන්ට වුවමනා පරිදි විවිධ පුද්ගලයන්ට හෝ සමාගම් වලට පැවරිය නොහැකි ය. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්තිවලට අනුව 2007 ජූලි 23 වැනි දින අංක 1507/9 දරන ගැසට්‌ නිවේදනය යටතේ නකල්ස්‌ පාරිසරික ආරක්‌ෂක ප්‍රදේශයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමියක ඉඩම් සංවර්ධන කාර්යයන් ස`දහා නිදහස්‌ කළ නොහැකි ය. මෙම ගැසට්‌ නිවේදනයට අනුව නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරයට අයත් රජයේ ඉඩම් හැර ඉතිරි රජයේ ඉඩම් හා පෞද්ගලික ඉඩම් සියල්ල ආවරණය වන පරිදි මෙම පාරිසරික ආරක්‌ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප්‍රදේශය කළමනාකරණය ස`දහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් නකල්ස්‌ පාරිසරික ආරක්‌ෂක ප්‍රදේශ කළමනාකරණ කමිටුවක්‌ පිහිටුවා තිබේ. එම කමිටු නිර්දේශ වලින් පරිබාහිර ව කිසිදු සංවර්ධන කාර්යයක්‌ මෙම කලාපය තුළ සිදු කළ නොහැකි ය. නමුත් දැනට මෙම ඉඩම් විවිධ පුද්ගලයන්ට බදු පදනම මත ලබා දී ඇත්තේ එවන් කිසිදු අනුමැතියකින් තොරව ය.

 ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තිය අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට්‌ නිවේදනයට අනුව වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශිත සංරක්‌ෂිත වනාන්තරයක මායිමේ සිට මීටර සියයක්‌ ඇතුළත හෝ පස සංරක්‌ෂණ පනත යටතේ ප්‍රකාශිත ප්‍රදේශයක්‌ තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් ඒ ස`දහා පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරය මායිමේ හා පස සංරක්‌ෂණ ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන්ට හා සමාගම්වලට විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ස`දහා පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියෙන් තොරව පැවරීම නීති විරෝධී ක්‍රියාවකි. මෙම අණ පනත් පිළිබ`ද ව අවබෝධයක්‌ නොමැතිව මෙම අමාත්‍යවරයා මෙන්ම ඔවුන්ගේ කාර්යය මණ්‌ඩලය ද කටයුතු කර ඇති බව පෙනෙන්නට තිබේ.
http://www.lankanews.org/2018/04/blog-post_78.html
 නව ලිබරල් ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පූර්ණ විවෘත ආර්ථිකයක්‌ ගොඩනැඟීමට උත්සාහ දරන වත්මන් රජය අප රටේ සියලුම ස්‌වාභාවික සම්පත් ඇතුළු ව පොදු දේපොළ විකුණා දැමීමට ක්‍රියා කරමින් සිටී. මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු අතර රාජ්‍ය ඉඩම් බැංකු පනත සම්පූර්ණයෙන්ම පරාජය කළ යුතු ය. එපමණක්‌ නොව නකල්ස්‌ ක`දුකරයේ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති ස`දහා සමාගම් සතු කිරීම වහාම නතර කිරීමට අවශ්‍ය බලපෑම කළ යුතු ය. එපමණක්‌ නොව දැනට මෙරට සිදු වන ඉඩම් අව භාවිතාව හා ඉඩම් කොල්ලය නතර කිරීම ස`දහා ජනතාවාදී සැබෑ ඉඩම් ප්‍රතිසංස්‌කරණයක්‌ සිදු කළ යුතුය. ඒ ස`දහා ඉඩම් ප්‍රතිපත්තියක්‌ සකස්‌ කළ කිරීමට ජනතාව එක්‌ විය යුතුව ඇත.

 සජීව චාමිකර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.