ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 3, 2018

බෞද්ධයනට නිග්‍රහ කිරීම

වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බවට බුද්ධ ශාසන ඇමැතිවරයා කළ ප්‍රකාශය සමාජයේ මහත් ආන්දොaලනයට තුඩු දුන් කරුණක්‌ විය. ඇමැතිවරයා පසුව ප්‍රකාශ කළේ තමන් එවැන්නක්‌ සඳහා කිසිම තීරණයක්‌ ගෙන නැති බවකි.

මේ සම්බන්ධයෙන් පසුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක්‌ද නිකුත් කර තිබිණි.

එහි මෙසේ සඳහන් වේ.



තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්‌ඩායමකට බාධාවක්‌ නැත.
වෙසක්‌ සහ පොසොන් පුර පසළොස්‌වක පොහෝ දිනයන්හි දී ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන්හි දී පමණක්‌ තොරණ සහ දන්සල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම් මැනැවැයි යනුවෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කර ඇති අතර එම ඉල්ලීම කර ඇත්තේ බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාව මතයි.
එයින් කිසිසේත්ම තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමක්‌ අදහස්‌ නොවෙයි.

වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය දවසකට හෝ වැළැක්‌වීමට ආණ්‌ඩුවට හැකියාවක්‌ නොමැත.එසේ කෙළ හොත් බෞද්ධයනට අටපට්‌ටම් කූඩු තැනීම ගැනත් ආණඩුවට ටියුෂන් දීමට සිදුවනු ඇත. වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය කිරීම මෙරට බෞද්ධ සංස්‌කෘතියේ එක්‌ අංගයකි. එය ප්‍රතිපත්ති පූජාවට සම්බන්ධ නැත. නමුත් මේවා දවසක්‌ හෝ නැවැත්වීමට ආණ්‌ඩුවේ බුද්ධ ශාසන ඇමැතිවරයාට සිතක්‌ පහළ වීම කනගාටුවට කරුණකි. එවැනි ප්‍රකාශ නිකුත් කිරීමටද බෞද්ධයනට නිග්‍රහ කිරීමකි. එය සැබවින්ම හෙළා දැකිය යුතුව ඇත. වෙසක්‌ සැමරීමට ආණ්‌ඩුවෙන් උපදෙස්‌ අවශ්‍ය නැත. බෞද්ධයෝ වෙසක්‌ සැමරිය යුතු ආකාරය හොඳින් දනිති. යහපාලනයට අවශ්‍ය වෙසක්‌ සැමරීමට ද? බාල්දි පෙරළීමටදැයි අපි නොදනිමු. තොරණ ප්‍රදර්ශනය කිරීම හෝ දන්සල් පැවැත්වීම මෙරට සංස්‌කෘතියේම එක්‌ සුවිශේෂි අංගයක්‌ බවට පත්ව තිබේ. එය අනුලංගනීය අයිතියකි. වියට්‌නාමයේ හිටපු බෞද්ධ විරෝධී පාලකයකු වූ ඩින්සියම් අනුගමනය කළ ක්‍රියාමාර්ග සඳහා මෙරට බුද්ධ ශාසන ඇමැතිවරයා සූදානම් වන්නේද? තොරණ නවත්වන්නේ ආගමික සංහිඳියාව වෙනුවෙන් දැයි සැකයක්‌ අපට මතුවේ. එහෙත් වෙසක්‌ සැමරීමේ අයිතියට කිසිවකු විසින් බාධා කරන්නේනම් මෙරට බෞද්ධයන්ටත් වීදි බසින්නට සිදුවනු ඇත. එය රටේ ආගමික සංහිඳියාවටද බරපතළ ප්‍රශ්නයක්‌ වන බව පැහැදිලිව සටහන් කළ යුතුය.

සිල් ගැනීමට යොමුවන පිරිස්‌ අඩුවන නිසා වෙසක්‌ තොරණ සංවිධානය තහනම් කළ යුතු යෑයි ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි. කිසිවකු බලහත්කාරයෙන් සිල් ගැනීමට යොමු කළ නොහැකිය. එය තමන්ගේ සිත පහදවා එළඹිය යුතු කර්තව්‍යයකි. වෙසක්‌ තොරණින්ද සිදු කෙරෙන්නේ සිතේ පැහැදීමකි. කුඩා අටපට්‌ටම් කූඩුවෙන් ද යම් දැහැමි කාරණාවක්‌ ප්‍රචලිත කරනු ලබයි. එය මේ ඇමැතිට වටහා ගත නොහැකිය. සිල් ගැනීමට යොමුවන පිරිස්‌ වැඩි කිරීම සඳහා පොලිස්‌ බලතල යෙදවිය නොහැකිය. එසේම දන්සල් තහනම් කිරීමට ද රජයට නොහැකිය. මෙහිදී අපට කිව හැක්‌කේ කුමක්‌ද? වෙසඟ සැමරීමට බෞද්ධයාට ඉඩදී ආණ්‌ඩුව පැත්තකට වීම ඉතා වැදගත් බවයි. ඇත්තෙන්ම බෞද්ධයන්ට එරෙහිව විවිධ කුමන්ත්‍රණ නිරන්තරව සිදුවේ. වෙසක්‌ තොරණ දවසකට හෝ තහනම් කිරීමට සාකච්ඡා වීමද එවැනි ශාසන විරෝධී කටයුත්තකි. මෙරට බුදු දහම වසර දෙදහසකට අධික කාලයක්‌ ආරක්‌ෂා වූයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය නිසා නොවේ. එය රැකුනේ මහා සංඝරත්නය හා බෞද්ධයන් නිසාය. රට පුරා ආගමික කල්ලි බෞද්ධයන් මුලා කිරීමට පටන්ගෙන තිබේ. අන්‍යාගම් කරණය ද යළිත් වටයකින් ක්‍රියාත්මක වේ. එහෙත් ඒවා ගැන නොසයා බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙසක්‌ තොරණ ගැන උනන්දුවීම විහිළුවකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.