ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, April 28, 2018

රටක්‌ වෙනස්‌ කළ සිංහලයෙක්‌ -...!!!

සිංගප්පූරුවේ 20%ක්‌ තිබූ බෞද්ධ ප්‍රතිශතය මම 42%කට වැඩි කළා...!!!

 
රටක්‌ වෙනස්‌ කළ විදේශිකයෙක්‌ වේ නම් ඒ ඔහු පමණි. හේ දේශමාන්‍ය අමරදිවාකර සෑම් සමරසිංහය. අගමැති ලී ක්‌වාන් යූ සිංගප්පූරුව නමැති මුඩු බිමෙහි මහා සංවර්ධන සංග්‍රාමයක්‌ අරඹන විට සෑම් සමරසිංහයන් එම යුද්ධයේ ප්‍රධාන අණදෙන නිලධාරියෙක්‌ විය. එමෙන්ම දියුණු වෙමින් පැවතුණු සිංගප්පූරුව වේගයෙන් ක්‍රිස්‌තියානිකරණයකට නතුව තිබියදී ශ්‍රී ලාංකීය බෞද්ධයකු ලෙස තරුණ සෑම් ජීවිතය පරදුවට තබා එරට තුළ බෞද්ධ පුනරුදයක්‌ ඇති කිරීමට කැප විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සිංගප්පූරුව බෞද්ධ රටක්‌ විය. මැලේසියාව, ඉරානය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රධාන පෙළේ ඉංජිනේරුවයකු ලෙස සේවය කරමින් ජාත්‍යන්තර ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළ මහා පෙරළියක්‌ ඇති කළ සෑම් සමරසිංහයන් දැන් මෙරටට පැමිණ සිටී. කඹුරුපිටිය අතුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයෙන් අධ්‍යාපනයට පිළිපන් ඔහු මාතර රාහුල, කොළඹ නාලන්දාවේ ඉංජිනේරු අංශයෙන් පේරාදේණිය විශ්වවිද්‍යාලයට සමත් වී ඉංජිනේරුවරයකු ලෙස ලෝකය ජයගත්තේය. එහෙත් දැන් ඔහු වයසය. අවුරුදු හැත්තෑ හතරකි. ජීවිතයේ සැඳෑ සමය සමාජ සේවයට කැප කර සිටින මේ අසිරිමත් විද්වතා සමඟ පිළිසඳරක නිරතවීමට පසුගිය දිනක අපට අවස්‌ථාවක්‌ ලැබිණි. පියකරු පෙනුමක්‌ සහිත කතාවෙන්, සිනාවෙන් සිත් සතන් වසඟයට පත් කරගැනීමට සමත් සෑම් සමරසිංහයන් ඔහුගේ ජීවිත කතාවෙන් ස්‌වල්පයක්‌ අප හමුවේ තැබීය. මේ පෙළගැසෙන්නේ ඒ කතාවේ තෙවැනි කොටසය.


රටේ ජාතියේ නම කෙළෙසන බේබදු පාදඩ හැත්ත...!!!

                                                  ඵදා ඒ පාදඩ අපතයන් තිදෙනෙකි මේ....
එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය යනු මුළු ලෝකයේම ජීවත් වැනි විවිධ ජාතීන් 200කට වඩා ප්‍රමාණයක්‌ තම නිවහන කරගත් ඉස්‌ලාම් ආගමික සංස්‌කෘතියක්‌ පවතින රාජ්‍යයකි. ස්‌වදේශිකයන් හඳුවැනිනේ "එමිරාත්" නැතිනම් "එමිරාතීන්" ලෙසය. ඔවුනගේ ජනගහනය මුළු ජනගහනයෙන් 20%ක්‌ තරම් ඉතාමත් කුඩා ප්‍රතිශතයකි. අනිකුත් 80% අයත් වැනිනේ ලෝකයේ විවිධ රටවලින් පැමින රැකී රක්‌ෂා, ව්‍යාපාර කරමින් එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය නිවහන කරගත් විවිධ ජාතීන්ටය. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන් ලක්‌ෂ දෙකහමාරක්‌ පමණ එක්‌සත් එමීරය තම දෙවැනි නිවහන කරගෙන මෙහි ජීවත් වෙයි.

 ඉස්‌ලාම් දහම සහ ඉස්‌ලාම් සංස්‌කෘතික අගයන් පදනම් කරගෙන පවත්වැනිනාවූ රාජ්‍යතන්ත්‍රයක්‌ ඇති යූ.ඒ.ඊ රාජ්‍යය ලෝකයේ පවතින ඉතාමත් ආරක්‌ෂාකාරි රටක්‌ වැනි අතර එහි ජීවත් වැනි සියලුම ජාතීන්ගේ ආගමික, සංස්‌කෘතික නිදහස උපරිම වශයෙන් ලබාදී ඇති රටකි. කිසියම් අයකුට ජාතීන් අතර සහජීවැනිය පවත්වාගන්නේ කෙසේද යන්න උදාහරණයන් අවශ්‍යය නම් ඒ සඳහා ඇති හොඳම ස්‌ථානය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයයි.

Sunday, April 22, 2018

(තීරණය හදවතෙන් නොව බුද්ධියෙන් ගන්න.)

මූලික අයිතිවසිකම් සහ චන්ද බලය යන අහිංසක කඩතුරාවට මුවා වී ජනතාවගේ පරමාධිපත්‍යය සහ ඒකීය බව අහිමිකිරීමට ඉඩදිය හැකි ද?
(තීරණය හදවතෙන් නොව බුද්ධියෙන් ගන්න.)
දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම මත උතුරු නැගෙනහිරට පළාත් සභා ජනමතවිචාරණයක් පැවැත්විය හැකිද?
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් ඉල්ලමින් ජනමතවිචාරණයක් පවත්වන්නට සූදානම්ක ඇතිබව lankacnews වෙබ් අඩ්විය මගින් "එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…" මැයෙන් 2018.04.16 දින පුවතක් පළකර තිබුණි.
එකී පුවතට අනුව උතුරු නැගෙනහිර පළාත්වල පවත්වන ජනමතවිචාරණයක නීතිමය වලංගුතාවය සහ එකී ජනමතවිචාරණයකට හිමිවන පරමාධිපත්‍යය බලය සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් අදහස් කරයි.
පළාත් සභා මැතිවරණ 4(ඉ) ව්‍යවස්ථාවට ඇතුලත් කර ගැනීමට ඇතැම් නීති විශාරදයින් නීති තර්ක ඉදිරිපත් කරන අවස්ථාවල එහි බරෑරුම් බව ඒ අවස්ථවේ වැටහී ගියේ නැත. ඒ නීති තර්ක ගෙන එන ලද්දේ දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑමටද? යන්න විමසීමට මෙය අවස්ථාව නොවුණද, ඒ සම්බන්ධව මතුවන සාධාරණ සැකය ඉදිරියේ දී බුද්ධියෙන් විසදා ගත යුතුය.

ලොකයේ දියුණු හැම රටකම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු...!!!

ලංකාව දියුණු රටක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ බහුතර ජනතාවට කියවිය හැකි භාෂාවෙන් නඩු තීන්දු ලබා දෙන විටය.....! එතෙක් අපි දියුණු වෙන්න උත්සාහ කරන රටක් ලෙස පවතීවි.....!
ලොකයේ දියුණු හැම රටකම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දෙන්නෙ ඒ රටේ බහුතර ජනතාවට තේරෙන භාෂාවෙන් වන අතර එම රටවල පාලකයන්ට රටේ ජනතාවගෙන් සැගවී වැඩ කිරීමට ඒ අනුව අවස්ථාවක් නොලැබේ. නමුත් ලංකාව වැනි යටත් විජිත රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දෙන්නෙ ඉතා සුලුතර ජනතාවකට පමණක් කියවීමට හැකිවන අයුරිනි. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන කටයුතු රටේ බහුතර ජනතාවට ආගන්තුක වෙයි. දියුණු රටවල එසේ නොවේ.

ඒ මහා ජාතික අපරාධය සාක්‍ෂි සහිතව ....!!!


පසුගිය ලිපියකින් ස්වාධීන රූපවාහිනියේ පැරණි ශ්‍රව්‍ය දෘෂ්‍ය පටි ගබඩාවේ විනාශය ගැන හෙළිදරව්වක් කළා ඔබට මතක ඇති ඒ ගැන වගකිවයුතු කිසිදු කිසිම ඵකෙක් ක්‍රියාත්මකව ඇති බවක් පෙනෙන්නට නැහැ ...!!! ඵක අතකට රටේ සමස්ත පරිපාලන දේහයම අකර්මන්‍යයවී ඇති කාලයක අයි.ටී.ඵන් ලබු ඇටේ ගැන මොනාට සිතා හිත ගෙවාගන්නවාදැයි ඔබ ඔබෙන්ම අසා ගන්නට ඇති.
නමුත් මේ විනාශවී සහ විනාශ කරන්නේ මුළු මහත් ජාතික වස්තුවක්.ඒ මහා රූප ගබඩාව තුළ තිබූයේ පසුගිය දශකයේ අප රට බිහිවූ ප්‍රාඥයන් ,මහා නූර්ති ශිල්පීන්,කලාකරුවන්,සංගීත ශිල්පීන්ගේ ජීව දත්තයන්.1979 වසරේ සිට 1999 දක්වා ස්වාධීන රූපවාහිනියේ ඵවකට සේවය කළ ශිල්පීන් ( මාද ඉන් ඵකෙකී ...!!! ) ගස් ගල් වල නගිමින් කිලෝ 10 ක් 15 බරැති කැමරා ආම්පන්න ඔසවා යමින් නොකා නොබී දැඩි හිරු රැසින් පීඩා විඳිමින් සහ ආයතනයේ චිත්‍රාගාරයේ නිදි වරමින් මහන්සිවි උපයාගත් නිර්මාණ රුධිරය සටහන්ව තිබූ ඒ මහා ඵකතුවෙන් අද ඉතිරිව ඇත්තේ මොනවාද ? ඵකල පී.ඵල්.ඒ .සෝමපාලයන් ( මධු රසාංග ) ,පී.රණතුංගයන් ( චිත්‍ර ගීත ) ඵමෙන්ම මෑතකදී සමුගත් ෆ්‍රැන්සිස් වන්නිආරච්චී ශූරීන් ( කලා රසාංග )දිවයිනේ නන් දෙසින් ගෙන්වා ගත් කලා ශිල්පීන්ගේ සාකච්ඡා සහ නිර්මාණ ද ඒ තුළ තිබුණී.
විශාරද අමරදේවයන්ගේ සිට මහාචාර්‍යය සරත්චන්ඳ්‍රයන් ,ජෝතිපාල ,ඩී.ආර්,මිල්ටන් පෙරේරා ,මහාචාර්‍යය නන්දදාස කෝදාගොඩ ,ආචාර්‍යය රවිලාල් විමලධර්ම ,අරිසෙන් අහුබුදු ශූරීන් ,බුද්ධදාස බෝධිනායක ශූරීන්,අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්නයන් ,ඇතුළුව ඵකී නොකී මේ වන විට දැයෙන් සමුගෙන ඇති සියදහස් ගණනකගේ රූපකායන් නැවත මතු ඵකදු පරපුරකට දැක බලාගත නොහැකිය.ඒ නැසීගිය මිනිසුන් යළි නූපදී. ඔවුන්ගේ දක්‍ෂතා අපේ රටේ මතු පරපුරකට ඉතිරිව නැත.

Saturday, April 14, 2018

සිංහල අලුත් අවුරුද්දේ “නිල පානය” අරක්කුද?

නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් සිංහල අලූත් අවුරුද්දේ ‘‘නිල ආහාරය’’ කිරිබත ය. එහෙත් නිල පානයක් පිළිබඳව කිසි තැනක සඳහන්ව නැත. නමුදු ඇත්ත ඇති සැටියෙන් කතා කළහොත් සිංහල අලූත් අවුරුද්දේ ජාතික මට්ටමේ ව්‍යවහාරික නිල පානය තේ, කෝපි, බෙලි මල්, ඉරමුසු හෝ රණවරා නොවේ. එය වූ කලී ඒකාන්ත වශයෙන් අරක්කුම ය.
මෙය සිංහල අලුත් අවුරුද්දේ “ගුණ රුව” අතිශයෝක්තියෙන් වර්ණනා කෙරෙන සමයකි. නමුදු එතුළ ගැබ්වී ඇති දුර්දාන්ත ලක්ෂණ පිළිබඳව නිසි සමාජ කතිකාවක් හට ගෙන නැත. එහෙත් ඒ පිළිබඳව විවෘත සමාජ කතිකාවක් අත්‍යවශ්‍ය වී තිබේ. ඒ සිංහල අලුත් අවුරුද්දේ පරමාදර්ශයක් වන සදාචාර වර්ධනය නූතනයේ නිසි පරිදි ස්ථාපිත වී නොමැති බැවිනි.
සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ මෙම සදාචාර පරිහානිය ක‍්‍රමයෙන් වර්ධනය වූවකි. නමුත් මගේ නිරීක්ෂණ අනුව එය වේගවත් අයුරින් වර්ධනය වීමට පටන් ගන්නට ඇත්තේ අප රටේ පාලනය ඉංග‍්‍රීසීන් හට අයත් වූ දහ නව වන සියවසේ සිට ය. ප‍්‍රසිද්ධියේ නොකළ යුතු බවට යම් සමාජ සම්මතයක්ව පැවැති සුරාපානයට සහ ගව මාංශ අනුභවයට ඉංග‍්‍රීසි යුගයේ යම් සමාජමය වටිනාකමක් ලැබුණු අතර අන්ධානුකරණයෙන් ඔවුන්ගේ එම සංස්කෘතියට නතු වූ සිංහල බෞද්ධයෝ ද ගව මස් කෑම සහ සුරාව නවපන්නයක් සහ විලාසිතාවක් වශයෙන් සලකන්නට පටන් ගත්හ.

මොන්ටිසෝරි දරුවන්ට සමලිංගිකත්වය උගන්වයි..

මීට වසර 2 කට පමණ පෙර පිහිටවූ “සමාන බව සිතන්න” (Think Equal) නම් වූ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්‌ 2017 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ වැඩ පටන්ගනු ලැබීය. එම සංවිධානයට සමගාමීව සම බිම (Equal Ground) නමින් තවත් එවැනිම කණ්‌ඩායමක්‌ ලංකාවේ වැඩ ආරම්භ කොට ඇත. පළමු සංවිධානයේ පිටතින් පෙන්වන අරමුණ දරුවන් අතර මෛත්‍රිය කරුණාව සහ සමානාත්මතාවය ඉගැන්වීම මගින් අසමානකම් සහිත මිනිසුන්ට සමානව සැලකීමට දරුවන් පුහුණු කිරීම ය. අභ්‍යන්තරිකව ගැබ්වෙන අරමුණ ලිංගික හැසිරීම් මත පුද්ගලයන්ට වෙනස්‌ ආකාරයකට සැලකීම වැළැක්‌වීමය. කෙසේ වෙතත් ඔවුන් ඒ සියල්ල කරන්නේ එල්.ජී.බී.ටී (LGBT) නමින් හඳුන්වන වෙනස්‌ ලිංගික හැසිරීම් සහිත කණ්‌ඩායම් වෙනුවෙන් බව සඟවන්නේ නැත. දෙවැනි සංවිධානය සෘජුව එම සමාජ කණ්‌ඩායම් වල අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියි. ඔවුහු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා විසින් සමරිසියන් හෙවත් සමලිංගිකත්වය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට පිළිතුරු ලෙස තර්ජනාත්මක ස්‌වරයෙන් ලිපියක්‌ උන්වහන්සේ වෙත යෑවීමට පවා දිරිමත් වූහ. (2015.01.25 දිනැති එම ලිපියේ පිටපතක්‌ අප සතුව ඇත. )
එල්.ජී.බී.ටී යන කෙටි නාමයෙන් හැඳින්වෙන පුද්ගල සමූහයන්ට ස්‌ත්‍රී, පුරුෂ සමලිංගිකයන්, ද්විත්ව ලිංගික හැසිරීම් හෙවත් සම සහ අසමාන යන දෙයාකාරයටම හැසිරෙන පිරිස්‌ හා ලිංග බේදය වෙනස්‌ කළ පුද්ගලයන් යන ප්‍රභේද හතරම අයත් වේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා අතිශයෝක්‌තියෙන් හුවා දක්‌වන ආකාරයට යම් සමාජයක එම සමූහයට අයත් පුද්ගලයන් 10% පමණ ජීවත් වේ. නමුත් ඇමරිකාවේ කරන ලද සමීක්‌ෂණ අනුව එම ප්‍රතිශතය 3% වේ.

උතුරේ සිංහලයන්ට අවුරුදු කන්න දෙනු…

ඊයේ සහ පෙරේදා දින දෙකේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උතුරේ සිංහල ගම්මාන කිහිපයකට සහ බෞද්ධ වෙහෙර විහාර කිහිපයකට පැමිණියහ.
උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන්, ජී.ටී.ලිංගනාදන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ. ඔවුන් මෙසේ පැමිණියේ උතුරේ සිංහලයන්ට අවුරුදු සැමරීමට අග හිඟ කමක් තිබේදැයි සොයා බලා උදවු උපකාරයක් කිරීමට නොවේ; බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආවාස ගෙයි අඩුපාඩු සොයා බලා ඒවා සැපිරීමට ද නොවේ.
උතුරු පළාතේ සිංහලයන් පදිංචි වී සිටීම පිලිබඳ සති කිහිපයක සිට එක්වරම දෙමළ ජාතිවාදී උගතුන් කිහිප දෙනකු සහ රාජ්‍ය නොවන සංවිධාන කප්පිතන් කිහිප දෙනකු හඬ නැගී ය. දෙමළ ජාතිවාදී දේශපාලඥයන් (නො) නෑ ගම් පැමිණ ඇත්තේ ඊට පසුවයි. උතුරේ සිංහලයන් පදිංචි වූයේ අන්තිම සති කිහිපයේ නොවේ. සිංහල නමින් ජාතියක් බිහි වූ දා සිට ඔවුහු එහි පදිංචි ව සිටියහ (“දෙමළ ජනතාවගේ සංක්‍ෂිප්ත ඉතිහාසය” නමින් මා විසින් ලියන ලදුව විසිදුනු ප්‍රකාශකයන් අතින් 2009 මැයි මාසයේ පළවූ කෘතියේ ද තවත් පොත් පත්, ලිපි ලේඛන ගණනාවක ද මේ ගැන විස්තර සදහන්ය). එසේනම් මේ හදිසියේ දෙමළ ජාතිවාදීන් කලබල වී ඇත්තේ ඇයි? මේ සදහා ආසන්නම හේතු කාරණාව උතුරු පළාතේ ප්‍රාදේශීය සභා සදහා පැවති ජන්දයේ ප්‍රතිඵල සහ එම සභා පිහිටුවීමේ දී උද්ගත වූ තත්වයයි. මුළු රටේම ජන්ද ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ කවුද යන්න කිසිවකුට අමුතුවෙන් කිව යුතු යුතු නොවේ.

Tuesday, April 10, 2018

දුම්බර අඩවියේ මහා ඉඩම් කොල්ලය

නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තරය මායිමේ පිහිටි අලකොළේ, කොටගල, ගල්පිහිල්ල, ගෝමරේ, හග්ගල්ල, හෙයාර් පාර්ක්‌, හුන්නස්‌ගිරිය, කැළෑබොක්‌ක, මැදවත්ත, නිකොලොය, රංගල හා ඕපල්ගල යන රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර 9675 ක්‌ වන වතු ඉඩම්වලින් හෙක්‌ටයාර 6192 ක්‌ සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් බණ්‌ඩරපොළ, ඇල්කඩුව, හුණුගල, පිටකන්ද, රත්වත්ත, සැලගම, හපුගස්‌පිටිය, මිල්ලවාන හා නාලන්දා වතු ඉඩම් වලට අයත් හෙක්‌ටයාර 3693 න් හෙක්‌ටයාර 2363 ක්‌ වශයෙන් විවිධ පුද්ගලයන් හා සමාගම්වලට හෙක්‌ටයාර 8555 ක්‌ නැතහොත් අක්‌කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත.
 

 දුම්බර අඩවිය හෙවත් නකල්ස්‌ ක`දුකරයේ පිහිටි අක්‌කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ස`දහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම්  විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයන්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්‌ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.

Monday, April 9, 2018

ද්‍රවිඩ සන්ධානයෙන් අය වැයට රතු එළියක්‌

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී එයට විරුද්ධව ඡන්දය ලබාදීම සඳහා අගමැති විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයට ලබාදුන් පොරොන්දු ලබන අයවැයට පෙර ඉටුනොකරන්නේ නම් අයවැයට එරෙහිව ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන බවට වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන්  පවසයි.
ද්‍රවිඩ සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් හෙතෙම එසේ පවසා ඇත. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මේ දක්‌වා නිසි ආකාරයෙන් ආණ්‌ඩුව ඉටුකර නැති බවයි.

උතුරේ සිංහල ඉඩම් යළිත් අනතුරේ....!!!

උතුරේ වෙසෙන සිංහල ජනතාව දෙස උතුරු පළාත් සභාව සැමවිටම බැලුවේ කෝපයෙන් හා වෛරයෙනි. උතුරේ පන්සලක කඨින පෙරහැරක්‌ පැවත්වුවද එය බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙස පෙන්වීමට කොටි හිතවාදී මාධ්‍යවේදීහූ අදත් කටයුතු කරති. මේ රටේ වෙසෙන පුරවැසියන්ට දිවයිනේ ඕනෑම ස්‌ථානයක ජීවත් වීමට ඇති අයිතිය තහවුරු නොවන්නේනම් එය බරපතළ ප්‍රශ්නයකි. උපන් බිමේ සිංහලයන් අනාථවීමේ තත්ත්වයක්‌ උදාවී ඇති බව පැහැදිලි වන්නේ උතුරින් ලැබෙන මෙවන් ප්‍රවෘත්තියක්‌ නිසාය.
  මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ නයාරු සිට කෝකිලායි දක්‌වාත් වව්නියාවේ බෝගස්‌වැවේ සිට වැලිඔය දක්‌වාත් මහවැලිය යටතේ සිංහල වැසියන්ට ලබාදී ඇති සියලු ඉඩම් අහිමි වී යන තත්ත්වයක්‌ උදා වී ඇති බව මේ භයානක ප්‍රවෘත්තිය විය. උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මුලතිව් දිසාපතිවරිය අමතා ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සන්ධානයේ සියලු දෙනා මේ ඉඩම් ලබාදීමට විරුද්ධ බවයි. දැන් උතුරේ සිංහලයන්ගේ අනාගතය තීරණය කරන්නේ දෙමළ සන්ධානයද? මුලතිව් හි වෙසෙන සිංහලයන්ට සිය පාරම්පරික භූමි අයිතිය අහිමි වන තෙක්‌ ජනපතිවරයා හා අගමැතිවරයා නිහඬව බලා සිටින්නේද? එදා ප්‍රභාකරන් යුද්ධ කරන සමයේදීත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් ගම්මානවල සිංහල වැසියෝ ජීවත්වූහ. එසේ නම් ප්‍රභාකරන්ටත් වඩා උග්‍ර සිංහල විරෝධයකින් උතුරු පළාත් සභාව කටයුතු කරන බව පෙනේ.

Saturday, April 7, 2018

අත් වර්ග දෙකක් ඇත....!!!

අත් වර්ග දෙකක් ඇත. සිය ආදරයට පාත්‍රවූ නායකයාට පක්ෂයට පාක්ෂිකයෝ අත් උස්සා, දෑත් එකතු කොට ආචාර සමාචාර කරති. එ් කැහැටු එහෙත් පිරිසිදු අත් වලින් බලය ඩැහැගන්නා ඇත්තන්ට බලය රැක ගැනීම පිණිස ඒ කැහැටු අත් වැඩක් නැත. උන්ට වැඩක් ඇත්තේ පාර්ලිමේන්තුව නම් ගර්හිත බිත්ති හතර තුළ වැදහොත් මස් පර්වත වල අත්ය. ඒ බොහොමයක් අත් දූෂිතය. ගඳය..බොහෝ විට ඒ අත් ඇත්තේ ඇත් ඇත්තන්ගේම දෙපරංශයේ (පශ්චාත්භාගයේ) කිසිදා සුව නොවන හොරි හා දද කුෂ්ට කසමිනි. ඒ අත් එස වෙන්නේ හදවත් වලින් නොවේ. වර දාන වලිනි. පිරිසිදු කැහැටු අත් වලින් බලයට එන්නා වරෙකදී...එක් තලයකදී ඒ පිරිසිදු අහිංසක දෑත් අමතක කොට අර පාහර අත් වල කරුණාව යදී...තමා බලයට ගෙනා අහිංසක දෑත් වෙනුවෙන් කිසිවක්ම නොකරන..කරතත් උන්ගේ කරගැට කැඩී ගලන ලෙයින් ගෙවන බද්දෙන් ගන්නා වැටුපට හා උන්මත වක්‍රව පැටවෙන අල්ලස් වලට ගිජුව යමක් කොට ඒ උපයා ගන්නා දෙයින් අර පාපතර අත්වලින් ‘බහුතරය‘ යදී.!
ගොන් තඩියනි....විශ්වාශභංග, දෝශාභියෝග ගෙන ආ යුත්තේ අපය! අප සදා රවටන උන් සනුහරයටම විරුද්ධවය!!

මේ විනාශ කරවන්නේ ඔබේ ජාතික වස්තුවක්.....!!!

මේ විනාශ කරවන්නේ ඔබේ ජාතික වස්තුවක්.....!!!
ඵදා මහා රූප ගබඩාවක් සහ ජාතික වස්තුවක්වූ ස්වාධීන රූපවාහිනියේ තිබූ සිනමා පට සහ රූප දත්ත ඇතුළත් මහා අමිලවූ දෑ ඵදා දේශපාලන බලයෙන් උම්මත්තකයෙකුවී සිටි නිව්ටන් ගුණරත්න නම් පාදඩයා ගේ අණින් ගිණි තබා විනාශ කළේය.තතුදත් ආරංචි මාර්ග අනුව අද මේ වන විට ඉතිරිව තිබූ වීඩියෝ පටද විනාශ කොට ඉතා අතලොස්සක් පමණක් මුල්ලක දමා ඇතැයි වාර්තාවේ.මේ ආයතනය සතුව ඇති වටිනාකම සහ වස්තුව ඇත්තේ ගොඩනැගිලි අතර නොව ඒ සතුව ආරම්භයේ සිටම රැස්කර ගත් රූප දත්ත තුළ බව වරින් වර දේශපාලන බලයෙන් මේ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටුවලට පත්වන අමන පුස්සන් තේරුම් ගත යුතුව ඇත.ලොව කිසිදු රටක මාධ්‍ය ආයතනයක් සිය ඉතිහාසය අකා මකා දමන්නේ නැත.ඵදා පැරමවුන්ට් ආයතනයේ ලාංඡණය අදටත් ඵසේමය.ලොව පළමු රූපවාහිනියේ ලාංඡණය අදටත් ඵසේමය...(WRGB claims to be the world's oldest television station, tracing its roots to an experimental station founded on January 13, 1928, broadcasting from the General Electric factory in Schenectady, NY, under the call letters W2XB. It was popularly known as "WGY Television" after its sister radio station ) නමුත් අයි.ටී.ඵන් ,මෙයට ඵන ඵන පන්දම් පාලකයන් උන්ගේ ඕනෑ ඵපා කම් අනුව ලාංඡණය වෙනස් කරති දැන් ඇත්තේද මේ ඊයේ පෙරේදා වෙනස් කළ ඵකකී.

Tuesday, April 3, 2018

දේශප්‍රේමීන්ගේ වටිනාකම .....!!!

බටහිර අහසේ වෙඩිල්ලක්‌ පත්තු වී තිබේ. ඒ වෙඩිල්ලෙන් බටහිර අහස රත්පැහැ ගෙන ඇත්තේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නඩයට තවත් පසුබෑමක්‌ එක්‌ කරමිනි. රුසියානු සමූහාණ්‌ඩුවේ නව ජනාධිපති ලෙස සිවුවැනි වරටත් තේරි පත්වන වැල්ඩිමියර් පූටින් ඒ අභිමානවත් රුසියානුවන් සමඟ ලෝක බෝලයේ ඉහළින්ම හිටගෙන සිටී. ලෝකයා ඒ හිටගැනීම දෙස ආදරයෙන් ගෞරවයෙන් බලා සිටින්නේ දේශප්‍රේමීන්ගේ සුවඳ වටිනාකම ලෝකයාට වඩ වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බැවිනි. පුටින් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 75% ඉක්‌මවා යන්නේ රුසියානු ජනතාවගේ අති බහුතරයකගේ කැමත්ත දිනාගනිමිනි. දේශදෝහියකු බවට එල්ල වූ චෝදනා වලට වදරකරුවකු වූ රුසියාවේ විපක්‌ෂ නායක ඇවෙස්‌කි නැවල්නිට එරට අධිකරණය විසින් මෙවර ජනාධීපති ධුරයට ඉදිරිපත් වීම තහනම් කර තිබේ. රුසියාව තුළ දේශෙද්‍රdaහියාට සහ දේශප්‍රේමියාට නියම තැන ලබාදී ඇත. අපේ රටේ දේශප්‍රෙමීන් සිර කූඩුවලට ගාල් කරන යුගයක රුසියානුවන් කොතරම් වාසනාවන්ත දැයි අපිම සිතා බැලිය යුතුය. ජනාධිපති ධුරය එක්‌ වතාවකට පමණක්‌ සීමා විය යුතු යෑයි කෑ ගසන අපේ රටේ සමහරුන්ට පූටින්ගේ රටේ ජනතාව ඇන ඇත්තේ ලොකු ටොක්‌කකි. අනික්‌ පසින් විධායක ජනාධිපති ක්‍රමයේ හා එහි බලතල ගැන එකඳු අකුරක්‌ හෝ නොකියවපු නොදැකපු මිනිස්‌සු එහෙත් බිල්ලෙක්‌ සේ මවා පෙන්වන මේ ජනාධිපති ධුර කතතන්දරය ගැන රුසියානුවෝ අපේ රටට පෙන්වා දෙන යමක්‌ තිබේ. ඒ ඒකාධිපති වියරුව, හිට්‌ලර් වැනි වචන කුමණ්‌ත්‍රණකාරීන්ගේ හුදු වචන පමණක්‌ බවයි. ජනාධිපති ධුරය එක්‌වරකට පමණක්‌ සීමා කළ යුතු යෑයි අපේ රටේ මතයක්‌ ගොඩනැඟෙද්දී චීනයේ ක්‌ෂී ජින් පින් ජනාධිපතිතුමා ද ජර්මානු චාන්සල්වරිය ද දෙවැනිවරටත් ජනාධිපති ධුරය දරමින් ඒ ඒ රටවල් දේශහිතයිෂී මාවතකට යොමු කරවමින් සිටී. වඩා අභිමානයකින් රට ඉහළට ඔසවා තබයි. පුටින් කෙරෙහි එරට ජනතාව කොතරම් විශ්වාසය තබා ඇත්දැයි මේ මැතිවරණයෙන් හොඳින්ම පැහැදිලි වන්නේ එය රුසියාවේ ජනාධිපතිවරයකු ලැබූ වැඩිම ඡන්ද ප්‍රමාණය වීමය. සැබැවින්ම පුටින් ජාතිකවාදියෙකි. මනා පෞර්ශයකින් හෙබි Rජු ප්‍රතිපත්තියක්‌ ඇති නායකයෙකි. බටහිරට ගැති නොවී තම ජනතාව කෙළින් හිටවූ ජනතා නායකයෙකි. ලෝකයාට ජාතිකවාදී නායකයන්ගේ වුවමනාව වඩා වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ තම උරුමයන් අහිමිව යන ස්‌වදේශිකයන් නිසාවෙනි.

සමු ගැනීම හෙවත් අන්තිම සටහන-චන්ද්‍රසිරි දොඩන්ගොඩ

සහෘද ලේඛක චන්ඳ්‍රසිරි දොඩන්ගොඩයන්  ඇසිදිසි මානය තීරු ලිපි පෙළින් සමුගෙන යාමේ අවසන් සටහන අප උපුටා දක්වනුයේ එහි ඇති අනගි සර්වකාලීන බව පසක් වන්නටය.සියුම් ලෙසින් සහ සංවේදී ලෙසින් ඒ ගෙතු වදන්පෙළ අප ජීවිත වල ඇති අවනිශ්චිත බව මෙන්ම

යථාවාදී බව ප්‍රතිබිඹු වන්නකී.
ලෝකයේ කවදත් හමුවීම්වලට වඩා සිදුවන්නේ වෙන්වීම්ය. ජීවිත කාලය තුළදී අප මොන තරමක්‌ වෙන්වීම්වලට මුහුණ දී ඇත්ද...? වෙන් වීමක්‌ යනු සැබවින්ම ශෝකජනක දෙයකි. මරණය යනු බරපතළම වෙන්වීමයි. එහෙත් මිය ගිය තැනැත්තා ගැන ශෝක වන්නෝ ශෝක වන්නේ ස්‌වල්ප කාලයක්‌ පමණි.
ඉදින් ජීවතුන් අතර සිටියදීම ඔබෙන් වෙන්වන මා ඔබට ඉතා සරල කාරණයක්‌ වනු ඇත.
මේ සටහන ලියන්නේ කම්පිත වූ සිතිනි. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඔබ සමඟ හෘද සංවාදයේ යෙදුණු ඇසිදිසි මානයෙන් වෙන්ව යන සූදානමිනි.
"අනත්වා හෝතෝ ඉතෝ ආග
අනනුඤ්ඤතෝ - ඉතෝ ගතා"
ආරාධනාවක්‌ නැතිව එන්නේය.
ඇනවීමක්‌ නැතිව යන්නේය.

මෙය බුදුන් වහන්සේ විසින් මිනිසාගේ උපත හා විපත ගැන දේශනා කරන ලද විශිෂ්ට ධර්ම කාරණාවකි. කිසිවෙකුත් මෙලොවට බිහිවන්නේ, කාගේ හෝ ඇරයුමකට නොවේ. එමෙන්ම ඔහු මෙලොවින් පිටව යන්නේද කිසිවෙකුත් යන්නැයි කී නිසා නොවේ.

මුලතිව් සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව විරෝධතා

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනාවාස ඉදිකිරීමට විරෝධය පළකරමින් උතුරේ ස්‌වෙච්ඡා සංවිධාන කීපයක්‌ 30දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක්‌ද භාරදී තිබේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්‌වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

දුම්බර අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. අක්කර විසිඑක්දාහක් කබීර් හෂීම්-කිරිඇල්ල නෑ හිතවතුන්ට දෙයි..

දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ. මෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ම`ගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය

රංගජීව සිටිය යුත්තේ හිරගෙදරද?

පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ නියොමාල් රංගජීව දැන් ඉන්නේ බන්ධනාගාරගතවය. ඔහු සමඟ බන්ධනාගාර කොසාරිස්‌වරයකු වූ එමිල් රංජන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි.

මොවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ ඉකුත් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවු කැරැල්ල යුදහමුදාව විසින් මැඬපැවත්වීමෙන් පසුව බන්ධනාගාරය තුළට ගොස්‌ රැඳවියන් 8 දෙනකු ඝාතනය කිරීම සහ එයට සහාය දැක්‌වූවේ යෑයි යන්න වේ.

සැබවින්ම මෙසේ අද වැලිකඩ කූඩුවක සිරගත කර සිටින නියොමාල් රංගජීව යනු කවරෙක්‌ද? වරක්‌ වික්‌ටර් පෙරේරා පොලිස්‌පති පුටුවේ සිටියදී එල්ටීටීඊයට සම්බන්ධ කුඩු කප්පිත්තකු කොළඹ ජින්තු පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට රංගජීව සමත් විය.

බෞද්ධයනට නිග්‍රහ කිරීම

වෙසක්‌ තොරණ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බවට බුද්ධ ශාසන ඇමැතිවරයා කළ ප්‍රකාශය සමාජයේ මහත් ආන්දොaලනයට තුඩු දුන් කරුණක්‌ විය. ඇමැතිවරයා පසුව ප්‍රකාශ කළේ තමන් එවැන්නක්‌ සඳහා කිසිම තීරණයක්‌ ගෙන නැති බවකි.

මේ සම්බන්ධයෙන් පසුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක්‌ද නිකුත් කර තිබිණි.

එහි මෙසේ සඳහන් වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.