එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි
දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ
පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි.
මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ
පවතින වර්ථ්මාන තත්වය පිලිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරිමයි.
වසර ගනනාවක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිය තුල තම ආධිපත්‍යය
පතුරවාගෙන අන්තර්ජාතික ප්‍රජාව නොමග යවමින් සිටි කොටි හිතවාදී දෙමල
ඩයස්පෝරාවට දැන් විශාල ගැටලුවක්ව තිබෙන්නේ ඔවුන්ගේ සම්මන්ත්‍රණවලට සහභාගීවන
ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමල ඩයපෝරාව විසින්
ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමයි.
මෙවැනි සිද්ධියක් නිසා පැවති එක් සමාන්තර සැසියක් ඉතා උනුසුම් මුහුනුවරක් ගත්තේය.
මෙහිදී දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් කරුණු දක්වමින් සිටි මහාචාර්ය ‘ඩි
සයාස්’ නැමති යුරෝපීය උපදෙශකයෙකු විසින් ලංකාවේ සිංහල ජනතාව විසින් දෙමල
කතාකරන මුස්ලිම් ජනතාව විශාල වශයයෙන් සමූලඝාතනය කරන බවට කල ප්‍රකාශයත්
මෙන්ම ‘පෝල් නිවුමන්’ නැමති දෙමල ඩයස්පෝරා නියෝජිතයා විසින් වසර 100 යක්
තුල ත්‍රීකුණාමලයේ සිංහල ජන ප්‍රතිශතය ඉහලයාම ගැන රජයට දොස් නගමින් කල
ප්‍රකාශයත් ආචාර්ය නාලක ගොඩහේවා විසින් අභියෝගයට ලක් කරන ලදී.
ආචාර්ය ගොඩහේවා අසා සිටියේ 1990 වසරේ යාපනය අර්ධදීවීපයේ වාසය කල
මුස්ලිම් ජනතාවට පැය 48 ක් තුල පිටව යන ලෙස එල් ටී ටී ය අණ කල හැටිත්,
මායිම් ගම්මාන වල ජීවත් වූ සිය ගනනක් මුස්ලිම් ජනතාව මරාදැමූ හැටිත් අමතකද
කියායි. එසේම 1990 දී කාත්තුකුන්ඩි ප්‍රදේශයේ පල්ලියක් තුල යාඥාකරමින් සිටි
මුස්ලිම් ජාතිකයින් 147ක් කොටි ත්‍රස්ථවාදීන් විසින් මරාදැමූ හැටිද ආචාර්ය
ගොඩහේවා සිහිපත් කලේය.
ලංකාව තුල ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන
ඕනෑම වර්ගයක ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ඇති බව පෙන්වාදුන් ආචාර්ය ගොඩහේවා
වසර 100ක් තුල වැල්ල්ලවත්තේ දෙමල ජන ප්‍රතිශතය ඉහල යාම ගැන සිංහලයන්
පැමිණිලි නොකරන්නේ ඔවුන් ජාතිවාදීන් නොවන නිසා බවද පෙන්වාදුන්නේය.
මෙහිදී බාදා කරන්නට උත්සාහ කල දෙමල ඩයස්පෝරා නියෝජිතයින්ට එහි සිටි
ශ්‍රී ලාංකිය ගෝලීය සංසධයේ අනෙකුත් නියෝජිතයින්ගේ දැඩි විරෝධයක් එල්ලවිය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝලීය සංසධයේ ඊශ්‍රාලයේ සම සභාපති ජනත්
විමල මහතා ද්‍රවිඩා ජාතික මරණ ගැන පමණක් කඳුලු හෙලන විදෙශිකයින් වසර 30
තිස්සේ කොටි ත්රස්ථ්වාදීන් විසින් මරා දමනු ලැබු සිංහල ජනතාව ගැන
වචනයක්වත් කතා කරන්නේ නැත්තේ මන්දැයි විමසීය.
අනතුරුව ඇතිවූ වාදයට ගෝලීය සංසදයේ වසන්ත කීර්තිරත්න, කුමාරි මුහන්දිරම්,
නිමලා ලියනපටබැඳි, ඉන්දික ගුනසේකර, උදය විජේසිංහ, සංජීව දොඩම්තැන්න, ජීවා
හෙට්ටිආරච්චි, ලක්ෂ්මන් බාන්ස් , සුනිල් ශාන්ත, නීතීඥ රිශාන්ත උඩවත්ත ඇතුලු
බොහෝ දෙනෙක් සහභාගී වූ අතර ගෝලීය සංසදයේ තර්කවලට පිලිතුරු දී ගත නොහැකිවූ
සංවිධායකයින් කලේ සැසිය අතරමැද විසුරවා හැරීමයි.
– චාමින්ද කරුණාරත්න
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, March 20, 2018
ජිනීවා කොටීන්ට සිංහයෝ උඩ පැන පැන තලති...[Video]
2018-03-20T07:08:00+01:00
lankanews
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...