ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 4, 2018

“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි ?

(මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලියන ලද නීතීඥවරයකුගේ භූමිකාව ISBN 978-955-38965-0-6 කෘතියේ 15 පිටුවේ දැක්වෙන අතර එකී ලිපිය 2016.09.04 දින ලියා ඇත. එදා 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සම්මත කර ගන්නා අවදියේ සිටම මේ සම්බන්ධව සමාජයේ බොහෝ විද්වතුන් විවිධ පැහැදිලි කිරීම් සහ මෙම පනතේ නීතිවිරෝධි බව සම්බන්ධව අදහස් දක්වන ලැබුවද, අද ඒ සම්බන්ධව එළිපිට විරෝධය දක්වන මහාප්‍රාඥයින් එදා බීරි අලින්ව සිටියේ ය.තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමී සළුවෙන් වැසීගෙන අද දවසේත් ජනතාව නොමග යවන මෙවැනි පුද්ගලයන් සහ සමාජ විරෝධීන් අනාවරණය කිරීම සමාජ යුතුකමක් වන සහ වගකීමක් වන අතර මෙම ලිපිය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ බිහිසුණු බව සරළව කියා පායි. එය වෙනම රටක් දක්වා යන බෙදුම්වාදී ඉලක්කයේ/ ගමනේ එක් කඩඉමක් ජයගැනීමක් බවත් රාජ්‍ය නොවන සංවිධාන ගැත්තෝ සහ පෙරදිග චින්තන විරෝධීන් රෝත්තක් අතුරුදහන් වූවන් පිළිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  විසින් කොමසාරිස්වරුන් ලෙස පත්කිරීමෙන්ම එය මැනවින් පැහැදිලිවන බවත් පෙනේ. මෙම ලිපිය මගින් 2016.09.04 දින එළිදරව්කළ කාරණා අද වනවිට සත්‍ය වෙමින් තිබේ. එය අවසානයේ බලපාන්නේ හෙට දවසේ රටේ සහ ජනතාවගේ අනාගතය අදුරු කිරීමට බව කිව හැකිය. මේ ලිපිය එය මැනවින් සනාථ කරයි.)


2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මේ වන විට උප කමිටුවක් පත් කර ඇති බව දැන ගන්නට ඇත.

නීතීඥ සාලිය පීරිස්, චන්දන ජයසුන්දරගේ සභාපතීත්වයෙන් යුත් එම උප කමිටුව සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත වන බවත් එම පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කරන බවත් වාර්තා කරමින් ප්‍රවෘත්තියක් පළ වී තිබුණි.

ලංකාදීප එසැණ 2016 සැප්තැම්බර් මස 04 වැනි ඉරිදා කියවන්න අ.පි.කා. පනතට උප කමිටුවක්

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  කෘෂිකර්ම හා ගොවිජන සේවා ඇමතිව සිටියදී වේල්ලක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ඔස්ටේ‍්‍රලියානු සමාගමකට ලබා දීමට අල්ලස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය විසින් පරීක්‍ෂණ අරඹා ඇතැයි ඔස්ටේ‍්‍රලියානු රජයේ නිල පුවත් සේවාව(ABC) ඇතුළු එරට ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයක් විසින් ප්‍රවෘත්ති පල කර තිබුණි.

2016.08.25 දින ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රතික්ෂේප කළ බවද වාර්තා විය. ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය දිනෙන් දින උණුසුම් වන බව පෙනෙන්නේ මේ ආකාරයේ පුවත් නිර්මාණය වන විටය. නීතිය යනු ප්‍රජාව බැද තබන මූලික මෙවෙලම නිසා මේ සිදුවන නෛතික වෙනස්කම් ජනතාව සිහිබුද්ධියෙන් ගෝචර කළ යුතුය.

බලවන්ත කණ්ඩායම් විසින් ජනතාව ග්‍රහණයට ගෙන ජනතාවගේ නිදහස් චින්තනය පැහැර ගැනීම සිදුවිය හැකි හෙයින් අතුරුදහන් කාර්යාල පිළිබද පනත සහ එය සම්මත කරගත් ආකාරයත් එහි දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේප්‍රතිපාදන රාජ්‍ය භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් ලබා නොදී වෙනම රටක් ඇතිකර ගැනීමට අවශ්‍ය නෛතික බලපත්‍රයබෙදුම්වාදීන්ට ලබා දීම සිදු වූ ආකාරය මෙම ලිපියෙන් පෙන්වා දීමට අපේක්ෂා කරයි.

1948 ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලබා ගැනීම සම්බන්ධ ක්‍රියාවලියේදී 1815 උඩරට ගිවිසුම සමග ඇති කරගත් නෛතික බන්ධනයද යම් දුරකට මිදීම සිදුවිය. එහෙත් 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගැනීමත් සමගම එතෙක් එංගලන්තයේ රාජාධිකරණයේ නඩු විභාග කිරීමේ පටිපාටියද අවසන් වී ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත්විය.

ඉන් නොනැවතී තවදුරටත් ඉදිරියට යමින් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගනිමින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට නම වෙනස් කර ගන්නා ලදී. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වන අතර එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හඳුන්වනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි ව්‍යවස්ථාවේ මේ නාමකරණය දක්වා ඇත. 3වැනි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතු වන බව දක්වා ඇත. පරාමාධිපත්‍යයට විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් අන්තර්ගත වේ.

ඒ අනුව ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා මගින්ද, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින්ද, ජනතාවගේ අධිකරණ බලය අධිකරණ මගින් පාර්ලිමේන්තුව විසින්ද, ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට සියලු පාලන ආයතන ගරු කිරීමෙන්, ආරක්ෂා කිරීමෙන් සහ වර්ධනය කිරීමෙන් ද, ජනතාවගේ ඡන්ද බලය පුරවැසියන් විසින් පාර්ලිමේන්තු සහ ජනමතවිචාරණයක දී ද ක්‍රියාත්මක කරයි.

එමෙන්ම නීති පැනවීම සිංහල සහ දෙමළ භාෂාවෙන් වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන තිබිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 ව්‍යවස්ථාව නියම කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වන්නේ සිංහල සහ දෙමළ බව ආණ්ඩුක්‍රම ව්‍ය්‍යස්ථාවේ 18 වැනි ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇත. ඉංග්‍රීසි භාෂාව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති රාජ්‍ය භාෂාවක් නො වේ.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් නීතියක් පැනවීමේදී අනුගමනය කළ යුතු පටිපාටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් නියම කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශේධනය නොකරන පනතක් පැනවීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77, 78, 79 සහ 80 ව්‍යවස්ථා අනුව කටයුතු කිරීමට සිදුවන අතර එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.1 ව්‍යවස්ථාව නියමකර ඇති පරිදි සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති පැනවීම අනිවාර්‍යය වෙයි.





මේ මූලික නිර්ණායකයන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න විමසා බැලීම සෑම පුරවැසියකුගේ ම මූලික යුතුකම වන අතර නීතීඥවරුන් ඉන් ප්‍රධාන වෙයි. රජයක් හෝ ආණ්ඩුවක් පනතක් සම්මත කරගන්නා නිසි ක්‍රමවේදය අනුගමනය නො කර තමන් සතු අසීමිත බලය යොදවමින් ඒකාධිපති ආකාරයට කටයුතු කරන අවස්ථාවක නීතිමය පිළිසරණ පැතීමට ජනතාවට පුළුවන.

එවන් අවස්ථාවකදී පුරවැසියන් සහ නීතීඥවරු නිහඩ සහ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් නීතිපතිවරයාට, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කථානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ මූලික භාරය පැවරේ. එහිදී ද නීතිපතිවරයාට, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කථානායකවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීති පැනවීමේ වගකීම පැවරේ.

කරුණු එසේ වුවත්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මේ වන විට නීතියක් බවට පත් වී තිබුණද එය සම්මත වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 23.1, 77, 78, 79 සහ 80 ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් සිටින තත්ත්වයකදී ය. අධිකරණයට සම්බන්ධ විනිසුරුවරු හැර ලංකාවේ සෑම පුරවැසියකුම මේ තත්ත්වයට වගකිව යුතු වන අතර ඉන් බැහැර වීමට කිසිවෙකුට හැකියාවක් නැත.අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීභාවය සම්බන්ධව කිසිම පුරවැසියෙකු හෝ නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ සම්බන්ධව අභියෝග කරන ලද්දේ නැත.


මෙය ලියන ලියුම්කරුද ඇතුළු මේ සම්බන්ධව මැදිහත්වන සියලු දෙනා මේ කරන්නේ අශ්වයා ගිය පසු ස්තාලය වසා දැමීමේ සැළැස්මකි. කිසිත් නොකර සිටීමට වඩා යමක් කිරීම අගනා හෙයින් ඒ ගන්නා උත්සාහයද සුදුසුය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත අදාල වන කණ්ඩායම් 03ක් පිළිබදව එකී පනතේ 27වැනි වගන්තියේ දැක්වේ. එනම්;

27. (i) ක්‍රියාන්විතයේ දීඅතුරුදහන් වූ සන්නද්ධ හමුදාවල සාමාජිකයකු හ පොලීසියේ සාමාජිකයකු ඇතුළු උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර හෝ එහි ප්‍රතිඵලයක් ලෙස නැතහොත් එම සන්නද්ධ ගැටුම්වලට පසුවයුද්ධයේ දී අතුරුදහන් වූ තැනැත්තකුලෙස හඳුන්වනු ලබන තැනැත්තකු හෝ
ii)දේශපාලන නොසන්සුන්තාවයක් සම්බන්ධයෙන් හෝ සිවිල් කැරළි කෝලාහල සම්බන්ධයෙන් හෝ
iii) බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීමයනුවෙන් අර්ථනිරූපණය කර ඇත්තා වූ ද, ඇති තැනැත්තකු අදහස් වේ.

මේ අකාරයට අතුරුදහන් තැනැත්තා කවුද? යන්න පිළිබද කුළක 3ක් හඳුනාගත හැකි වුවත් මෙම කුළක 3ටම පොදු විය යුතු ලක්ෂණ 2ක්ද මෙම 27 වැනි වගන්තියේ හදුනාගත හැකිය. (අතුරුදහන් තැනැත්තා මෙම පොදු ලක්ෂණයන්ට අනිවාර්‍යයෙන් අතුළත් විය යුතු වෙයි.)

1.   ඉරණම හෝ සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කිරීම.
2.   ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විශ්වාස කිරීම.

ඉහත ලක්ෂණ දෙක ගත් විට 2වැනි ලක්ෂණයේ දැක්වෙන අංග දෙකම සපුරාලීම අවශ්‍ය හෙයින් අතුරුදහන් තැනැත්තාට අදාල පොදු ලක්ෂණ 3ක් පවතින බව සැළකුවද එය නිවැරදි ය.

ඒ අනුව ඉහත මූලික ලක්ෂණ 3 සපුරාලන 27.(i) හෝ 27 (ii) හෝ 27 (iii) කණ්ඩායම්වලට ගැණෙන තැනැත්තන් අතුරුදහන් වූ අය ලෙස සැළකේ.

වර්තමානයේ සමාජයේ සාකච්ඡාවට බදුන් වී ඇත්තේ ඉහත 27 (iii) යටතේ ගැණෙන කණ්ඩායමට ඇතුළත්වන තැනැත්තන් කවුද? යන්නයි. එනම් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහ සම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම යනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකු යන්නෙන් කවුරු අදහස් වේද? යන්නයි.

ජාත්‍යන්තර සම්මුතියරජ්‍ය භාෂාවෙන් දකුණට නොදීම

මේ සම්බන්ධව අර්ථනිරූපණයක් කිරීම සදහා එකී ජාත්‍යන්තර සම්මුතිය අධ්‍යයනය කළ යුතු වන බවට විවාදයක් තිබිය නොහැකිය. එමෙන්ම එකී සම්මුතිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ චේතනාව පිළිබිඹු කරන හැන්සාර්ඩ් වාර්තා කියවීමට අවශ්‍ය වෙයි. අවාසනාව වන්නේ පනතේ හෝ පාර්ලිමේන්තුවේ හැන්සාර්ඩ් වාර්තා වල මෙම ජාත්‍යන්තර සම්මුතිය පිළිබද තොරතුරු අනාවරණය නො වීමය.

මෙම සංකීර්ණ තත්ත්වයේදී මතුවන ගැටළුව වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පෙරකී ව්‍යවස්ථා සම්බන්ධව විධායකයට සහ පාර්ලිමේන්තුවට අවබෝධයක් නො තිබුණේ මන්ද යන්නයි. පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත කිරීමේ වගකීම නීතිපතිවරයා සතු වුවත් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත් කෙටුම්පත සම්බන්ධව නීතිපතිවරයා හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සිය වගකීම වෘත්තීය මට්ටමෙන් දක්වා නැති අතර එකී පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන කණ්ඩායම කුමක්ද යන්න පිළිබද ඔවුන් දැනුවත්ව නො සිට ඇති බවට පූර්ව නිගමනයක් කළ නො හැකිය. නීතිපතිවරයා හෝ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පෞද්ගලිකව දන්නා ජාත්‍යන්තර සම්මුතියක් පොදු ජනතාවගේ දැනගැනීම සදහා ගැසට් පත්‍රයේ පළ නොකර එක එල්ලේ නීතියට ඇතුළත් කිරීම කොතෙක් දුරට ශිෂ්ට ලෝකය අනුමත කරයිද යන්න කිව නො හැකිය.

පිළිගත් සම්මත ක්‍රමවේදය අනුගමනය නොකර එනම් ජාත්‍යන්තර සම්මුතියක ප්‍රතිපාදන අදාල පනතේ උපලේඛනයක හෝ නොදක්වා එනම් මූලික වශයෙන් ගැසට් පත්‍රයේ පළ කිරීමක් හෝ සිදු නොකර අන්තර්ජාලයේ ඇති නීතිමය වශයෙන් පිළිනොගන්නා වෙබ් අඩවියකින් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා ගැනීමට සිදුවන පරිදි නිති පැනවීම මූලික නිති මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙරට සිටින නීති විශාරදයින් ඉංග්‍රීසි බස මනා ලෙස ප්‍රගුණ කර ඇති බවට වන උපකල්පනයක නියැලී පනතක ඇතුළත්විය යුතු වගන්ති අන්තර්ජාලයේ විදේශීය වෙබ් අඩවියකින් කියවීම කෙසේවත් පොදු ජනතාවට සාධාරණ සහ සමාන නීති පැනවීමකට සුදුසු ක්‍රියාවන් නො වේ.

සේපාල ඒකනායක විසින් 1982 ජූනි 30 වැනි දින ටෝකියෝ සිට රෝමය දක්වා ගමන් කළ අලිතාලියා ගුවන් යානය පැහැරගත් අවස්ථාවේ ඔහු වරදකරු කිරීම සදහා 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත 1982 ජූලි මස 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් ආකාරය සහ 1982 ජූනි 30 දින සිදු කළ වරදකට 1982 ජූලි මස 26 දින දඩුවම් කිරීමට එනම් අතීතයට බලපාන පරිදි අපරාධ නීති පැනවීමේ නෛතික තත්ත්වය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි.

1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය 1970 දෙසැම්බර් මස 16 දින හේග් හි දී අත්සන් කරන ලද ගුවන් යානා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම මැඩ පැවැත්වීම සදහා වූ සම්මුතිය, 1971 සැප්තැම්බර් මස 23 වන දින මොන්ට්‍රියෙල් හී දී අත්සන් කරන ලද, සිවිල් ගුවන් ගමනාගමනයේ ආරක්ෂාවට එරෙහි වූ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සදහා වූ සම්මුතිය බලාත්මක කිරීමට අදාලව නීති අදාල කරමින් 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත හදුන්වාදුන් අවස්ථාවේ පවා අදාල ජාත්‍යන්තර සම්මුති කොටස් / ව්‍යවස්ථා එකී පනතේ උපලේඛනයේ අන්තර්ගත කරමින් ක්‍රියා කර ඇති බව සැළකිල්ලට ලක් කළ යුතුය.

1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනතේ දැක්වෙන ජාත්‍යන්තර සම්මුතිවල අදාල ව්‍යවස්ථා එම පනතේ උපලේඛනයේ දක්වා තිබුණද මෙම ලිපියට අදාල අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 (iii) අනු වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ අදාලවන කොටස එම පනතේ උපලේඛනයක නොදැක්වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පමණක් නොව පිළිගත් නීති මූලධර්ම සියල්ලම උල්ලංඝනය කරමින් මෙම පනත පනවා ඇති බව පෙනේ.

විධායකය සහ ව්‍යවස්ථාදායකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති පැනවීමට යන විට එය නිවැරදි කිරීමේ සදාචාරවත් යුතුකමක් නීතීඥවරුන් වෙතින් බැහැර නොවේ. එහිදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ඇති වගකීම සුළුපටු නො වේ.

ශිරාණි බණ්ඩාරනායක  අගවිනිසුරු ධූරයෙන් ඉවත් කර මොහාන් පීරිස්  අගවිනිසුරු ධූරයට පත් කිරීමේදී පාර්ලිමේන්තුව අනුගමනය කළ පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් බවට ප්‍රකාශ කරමින් එය නිවැරදි කිරීමට ප්‍රභල කාර්‍යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය 2016.08.11 දින පාර්ලිමේන්තුවේ දී සම්මත කළ අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ නීති විරෝධී භාවය සහ එය සම්මත කරගෙන ඇති බරපතල ව්‍යවස්ථා විරෝධී බව සම්බන්ධව නිසි ලෙස සොයා බලා කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය.

අන්තර්ජාල පහසුකම් ඇති අයට පමණක් හෝ ඉංග්‍රීසි භාෂා දැනුම ඇති අයට පමණක් කියවා තේරුම්ගත හැකි පරිදි නීති පැනවීම නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් ලෙස සැළකෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රියාකිරීම අනුමත කළ හැක්කේ නො වේ. එය අනුමත කළ හැක්කේ නැවත 1948ට පෙර පැවති නීති ක්‍රමයක් වෙනුවෙන් සිය චින්තනය මෙහෙයවන අයට පමණි. මේ අකාරයට නෛතික කටයුතු සිදු වුවහොත් වෙනත් රටවල සම්මත කරන නීති ලංකාවට හඳුන්වා දී එම නීති එම රටෙන් ලබා ගන්නා ලෙස වුවද පැවසිය හැකිය.

ජාත්‍යන්තර සම්මුතියමගින් 2009 මැයි මස යුධ ගැටුම් සෙවිය හැකිද?

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන සම්බන්ධව පනතේ දක්නට නොමැති වීම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2016.08.23 දිනැතිව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩබ්. ඒ. ජයවික්‍රම මහතා වෙත යොමු කළ ලිපිය අනුවද ගරු ජනාධිපතිතුමා වෙත ද එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් නොමැති බව තහවුරු වන හෙයින් සහ එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් මේ වන තෙක් ලැබී නැති හෙයින් එකී ජාත්‍යන්තර සම්මුතිය ඇති කරුණු සාක්ෂි කර නොගනිමින් වෙනත් නීති මූලාශ්‍ර යොදා ගනිමින් මේ බව තහවුරු කිරීමට අදහස් කරමි.

එකී ජාත්‍යන්තර සම්මුතිය පිළිබද අධ්‍යයනය කිරීමෙන් තොරව වුවද ජාත්‍යන්තර සම්මුතියමගින් 2009 මැයි මස සිදුවීම් සෙවිය හැකිද? යන පැනය සදහා විසදුම් සෙවිය හැකිය. එනම් මෙකී ජාත්‍යන්තර සම්මුතියසදහා ලංකාව අත්සන් තබා ඇත්තේ 2015.12.10 දිනය. මෙකී ජාත්‍යන්තර සම්මුතියසදහා අපරානුමැතිය / Ratification කර ඇත්තේ 2016.05.25 වැනි දින දී ය.

1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත විමසීමේදී එය අදාල කර ඇත්තේ, 1963 සැප්තැම්බර් මස 14 දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතියටය. ඒ අනුව එකී පනත් 1963 සැප්තැම්බර් මස 14 දක්වා පසුපසට ක්‍රියාත්මක කිරීමට තරම් බලයක් තිබුණද 1963 සැප්තැම්පර් 13 දින දක්වා තවත් දිනයක් පසුපසට යාමට තරම් බලයක් නැත.

එකී නීතිමය සිද්ධාන්තය අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන කෙසේ දක්වා තිබුණද එහි ව්‍යවස්ථා මගින් ජාත්‍යන්තර යුක්ති අධිකරණය පිළිගෙන තිබුණේ වුවද (සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් අධ්‍යයනය නොකර ජාත්‍යන්තර යුක්ති අධිකරණය එහි අන්තර්ගතද යන්න කිව නො හැකිය) 2015.12.10 දිනට පෙර සිදු වූ සිදුවීම් සම්බන්ධව විදේශීය අධිකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමය නෛතික අයිතියක් නැත.

එනම් කිසිම විදේශීය රටකට, සංවිධානයකට හෝ පුද්ගලයකුට මෙම ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන අනුව 2015.12.10 දිනට පෙර වූ සිදුවීමකට කිසිම ලාංකිකයකු ජාත්‍යන්තර යුධ අධිකරණයකට හෝ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාදාමකය ගෙන යා නො හැකිය. ඒ අනුව ජාත්‍යන්තර සම්මුතියමගින් 2009 මැයි මස සිදුවීම් සෙවිය නොහැකි බව පැහැදිලිය.

වෙනම රටක් සදහා අවශ්‍ය වනනෛතික බලපත්‍රයඋතුරට හිමී වීම

වෙනම රටක් සදහා අවශ්‍ය වනනෛතික බලපත්‍රයඋතුරට හිමී වීම සම්බන්ධව සාකච්ඡා කිරීමේදී 2015.12.10 ද දින අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන සවිස්තරව සකච්ඡා කිරීමට සිදු වෙයි. එහිදී නැවත මුහුණ දෙන අපහසුතාවය වන්නේ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන ලංකාවේ නීතියක් මගින් බලාත්මක කර තිබියදී වුවද එහි රාජ්‍ය භාෂාවෙන් වන පිටපතක් ජනාධිපතිවරයා වෙත පවා නොමැති තත්ත්වයක් යටතේ එකී සම්මුතියේ කරුණු මෙහිදී සාක්ෂි ලෙස ගැනීමේ බාධාවයි.

ජාත්‍යන්තර සම්මුතියේ පිටපතක් රාජ්‍ය භාෂාවෙන් ලබා ගන්නා තෙක් එහි ඇති කරුණු නොමැතිව වුවත් දැනට පවතින නීති මූලාශ්‍ර වන සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීමට අදාල 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත, 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27 (iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ විධානය, එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ඉදිරිපත් නො කිරීම යන පැහැදිලි නීතිමය සහ සිද්ධිමය කරුණු මත වෙනම රටක් සදහා අවශ්‍ය වන නෛතික බලපත්‍රයඋතුරට හිමී වී ඇත්තේ කෙසේද? යන්න සාකච්ඡා කළ හැකි ය.

සේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීමේ සිදුවීම අදාල සිදු වීමේදී රටක් ජාත්‍යන්තර සම්මුතියකට ඇතුළත් වූ දිනය දක්වා පසු පසට වන සිදුවීම් සම්බන්ධව පරීක්ෂා කිරීමට නෛතික අයිතිය හිමිවන බව පැහැදිලිය. ඒ අනුව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ 27 iii) වගන්තිය මගින් දැක්වෙන ජාත්‍යන්තර සම්මුතියේ බලපෑම 2015.12.10 දිනෙන පසු පසට වූ සිදවීමක් දක්වා ව්‍යාප්ත නො වේ. (එය මෙයට පෙර සාකච්ඡා කර ඇත.)

2015 ජනවාරි මස පැවති ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ මූලික ඉල්ලීමක් වූයේ එම පළාත්වල අතුරුදහන් වූ නැනැත්තන් සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවයයි. පසුගියදා එකසත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා යාපනයට පැමිණි අවස්ථාවේ දී පවා උද්ඝෝෂනවල යෙදී සිටි ජනතාවගේ සටන් පාඨයක් වූයේ අතුරුදහන් තැනැත්තන් පිළිබදව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ හෝ 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය මගින් උතුරේ ජනතාවගේ එකී ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලීම ඉටු වන්නේ නැත.

ඒ අනුව 2019.05.19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී අවසන් වූ ගැටුම සහ එයට පෙර පැවති සිදුවීම් වලින් අතුරුදහන් වූ හෝ මිය ගිය අය සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට හැකි ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව මේ දක්වා අත්සන් කර නැත. ඒ අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා පියවර ගන්නේ යැයි කියමින් මේ අකාරයට උතුරු නැගෙනහිර ජනතාව දිගින් දිගටම රැවටීමට පියවර ගන්නා හේතුව කුමක්ද? 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය ම මිස වෙන දෙයක් නොවේ.

2009 මැයි මාසයේ පැවති අවසන් සටන අවස්ථාවේදී විදේශීය රටවලින්, බලවත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් විවිධ ඇමතුම් ලංකාවේ රාජ්‍ය නායකත්වය වෙත පැමිණි බව වාර්ථා වී ඇත. ඒ බව එවකට පැවති රජයේ ප්‍රධානීන්ද පවසා ඇත. ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් සහ විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණියා මිස යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර පැමිණියේ නැත.

සටන අවසන් වන සමයේ එසේ යුධ නැව් හෝ යුධ ගුවන් යානා හෝ යුධ ආධාර නොපැමිණීමට බලපෑ ප්‍රධාන කරුණ වූයේ ඒ අවස්ථාවේ ජාත්‍යන්තර මැදිහත්වීමකට අදාල කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව වෙනුවෙන් අත්සන් කර නො තිබීමය. 2009 මැයි මස සටන රජයේ ජයග්‍රහණයෙන් කෙළවර වූයේ එවකට වලංගුව පැවති යුද්ධමය මැදිහත් වීමකට අදාල ජාත්‍යන්තර සම්මුතියකින් ලංකාව බැදී නොතිබීමයි.

අද එසේ නො වේ. 2015.12.10 දින සිට අතුරුදහන් තැනැත්තන් කියමින් යුද්ධ කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව ඇතුළත් වී සිටී. මෙකී ජාත්‍යන්තර සම්මුතියට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එංගලන්තය ඇතුළත් වී නොසිටියදී ලංකාව ඇතුළත් වී ඇත. ඉන් පසුගිය යුධ ගැටුම් සහ සිදුවී ඇති සිදුවීම් සම්බන්ධව සෙවීමට නොහැකි බව දැන දැනත් එකී ජාත්‍යන්තර සම්මුතියට ලංකාව එක කරගෙන ඇත්තේ අනාගතයේ උතුරු නැගෙනහිර සිදුවන වෙනම රටක් සදහා වන අරගලයකදී ජාත්‍යන්තර මැදිහත් වීමකට අවශ්‍ය වන නීතිමය ආරක්ෂාව සහ වගවීම තහවුරු කර ගැනීමට ය. එනම් ඉදිරියේදී උතුරේ මතුවන වෙනම රටක් සදහා වන අරගලයක් 2009 දී පාලනය කළ අකාරයට පාලනය කිරීමට ආණ්ඩුවට/රජයට නො හැකි වන අතර විදේශීය හමුදා මැදිහත්වන සංකීර්ණ සමාජමය, ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් මතුවන දිගු කාලීන සිවිල් අරගලයක් දක්වා දිව යන තත්ත්වයක් කරා වර්ධනය වෙයි.වෙනම රටක් සහා අවශ්‍ය වන නෛතික බලපත්‍රයඋතුරට හිමී වීම 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය මගින් සිදු වී ඇත්තේ වෙනම රටක් වෙනුවෙන් වන අරගයක් නීත්‍යානුකූලකර ගත හැකි ආකාරයට ය.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27 (iii) වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර සම්මුතිය නීතිගත කර ගැනීමද එය රාජ්‍ය භාෂාවෙන් ලබා නොදීමද විශේෂයෙන් ජනාධිපතිවරයාට පවා එකී සම්මුතියේ රාජ්‍ය භාෂාවෙන් පිටපතක් නො තිබීමද ගැටළුවේ බැරෑරුම් බව ගැන කියා පායි.

ජනතාව පළමුව කළ යුත්තේ අශ්වයා ගිය පසු ස්තාලය වසා දැමීමට සූදානම් වන විවිධ සංවිධානවල ක්‍රියා කළාපයන් පසු පස යාම නොව මෙකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍ය භාෂාවෙන් ලබා ගෙන එය අධ්‍යයනය කිරීමයි. වෙනම රටක් සදහා අවශ්‍ය වන නෛතික බලපත්‍රයඋතුරට හිමී වීම 2015.12.10 දින අත්සන් කළ ජාත්‍යන්තර සම්මුතිය මගින් සිදුවී ඇති ආකාරය ඉන් අවබෝධ කළ හැකිය. ඒ සමගම 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත නීති විරෝධීව සම්මත කිරීම සම්බන්ධව ව්‍යවස්ථාදායකයට එරෙහිව ක්‍රියා කිරීමත් සිදු කර ඇති වැරදි නිවැරදි කිරීමට ජනතාව ඒකරාශීවීමත් කළ යුතුය.

විශාරදයින් යැයි කියන අය කියනා දෙය නොව තම තම නැණ පමණින් යමක් නැණසින් තේරුම් ගැනීම මේ සියල්ල වළක්වා ගැනීමේ මූලික පියවර බවද රටවැසියන් වටහා ගත යුතුය.

නියපොත්තෙන් කඩා ගත හැකි දෙයක් ඒ අවස්ථාවේ සිදු නො කිරීම සමාජයම අර්බුදයට ඇද දමයි. මේ සිදු වන්නේ එයයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.