ජනතාව රවටමින් සිදු කරන මහා අපරාධයක්...!!!
අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු
වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300 ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව
සිංගප්පූරු මුදල් ඇමැතිවරයා ඉකුත් දා නිවේදනය කළේය. පසුගිය වසරේ අයවැයෙන්
සිංගප්පූරු ඩොලර් බිලියන 10 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7000 ක්
පමණ ) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි
විය යුතු බවත් පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ මුදල්
ඇමැති හෙන්ග් ස්වී කීත් පවසා තිබිණි. ඒ අනුව ආදායම සිංගප්පූරු ඩොලර්
28,000 හෝ ඊට අඩු අගයක් හෝ ගන්නේ නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 300ක
බෝනස් මුදලක්ද, ආදායම සිංගප්පූරු ඩොලර් 28,000- 100,000ත් අතර නම් එම
පිරිසට සිංගප්පූරු ඩොලර් 200 ක බෝනස් මුදලක්ද , ආදායම සිංගප්පූරු ඩොලර්
100,000 ඉක්මවන පිරිසට සිංගප්පූරු ඩොලර් 100ක බෝනස් මුදලක්ද හිමි වේ.
බෝනස් මුදල ගෙවීමේදී සිංගප්පූරු රජයට සිංගප්පූරු ඩොලර් මිලියන 700ක
පිරිවැයක් දැරීමට සිදුවන අතර ජනතාවගේ ආදායම් තක්සේරු කිරීමෙන් අනතුරුව
මෙම බෝනස් මුදල ගෙවන බව වාර්තා වේ. මේ අනුව මේ වසර අවසන් වනවිට
සිංගප්පූරුවේ ලක්ෂ 27 ක පිරිසකට මෙම බෝනස් මුදල හිමිවනු ඇත.
'සිංගප්පූරු රජය තම වැසියන්ට මෙලෙස් 'බෝනස්' පිරිනමද්දී පසුගියදා ශ්‍රී
ලංකාව නමැති දූපත් වැසියකුගේ ණය බර රුපියල් ලක්ෂ 4 ඉක්මවා ගියේය.
විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව 2016
වසර අවසානය වන විට ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913
ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2015 වසරේ ඒක පුද්ගල ණය බර වූ රුපියල්
373,462 ක අගයට වඩා රුපියල් 44,451ක ඉහළ යැමක් වන අතර, එය ප්‍රතිශතයක්
ලෙස ගතහොත් 12% ක වැඩිවීමකි. 2005 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ ඒක
පුද්ගල ණය බර පැවැතියේ රුපියල් 108,908 ක මට්ටමේ වූ අතර, වර්තමානය හා
සැසඳීමේ දී එය ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව දත්ත පෙන්වා දෙයි.
විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ රටේ මුළු
ණය බරට එකතු කර තිබෙන විදෙස් ණය ප්‍රමාණය දිගින් දිගටම වර්ධනය වීමෙන්
ඉදිරියේදී ඒක පුද්ගල ණය බර තවදුරටත් ඉහළයැමට ද ඉඩ තිබේ.
නූතනයේ
ලෝකයේ සෑම රටකම ආර්ථික ක්‍රියාවලිය නඩත්තු වන්නේ විදෙස් ණය මතය. එයට සරලම
උදාහරණය ශ්‍රී ලංකාවේ ණය බර, දළ ජාතික නිෂ්පාදිතයෙන් 84% ක් වන විට ජපානයේ
එම ප්‍රතිශතය 234% කි. සිංගප්පූරුවේ 110%කි. එංගලන්තයේ 92% කි. නමුත්
අර්බුදය ඇරඹෙන්නේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 81ක්
වෙද්දී ජපානයේදී එය ඇමරිකන් ඩොලර් ටි්රලියන 5 ක් වීමෙනි. සිංගප්පූරුවේදී
එය ඇමරිකන් ඩොලර් බිලියන 297ක් වීමෙනි. කුරහන් පිටි ටිකත් පිටරටින් ගෙනෙන
තරමට ශ්‍රී ලංකාව දීන වීමේ ණය බර ද අවසානයේ පැටවී ඇත්තේ අසරණ පොදු ජනතාවගේ
හිස මතය. රාජ්‍ය කළමනාකරණයේ අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාව පණපිටින් ණය
කන්දකට යටවෙමින් තිබේ. අවාසනාව වන්නේ රටේ කිසිදු දේශපාලකයකු මේ ෙ€දවාචකය
පිළිබඳව අවංකව කතා නොකිරීමය.
කියුබාවේ විප්ලවීය නායක µsදෙල්
කැස්ත්‍රොa මිය ගිය මොහොතේ ඇමෙරිකානු සී.එන්.එන්. නාලිකාවේ මාධ්‍යවේදියකු
කියුබන් වැසියකුගෙන් ප්‍රශ්න විමසමින් 'කියුබාවේ ආර්ථිකය බිඳ වැටීමට
කැස්ත්‍රොa වගකිව යුතු බව' පවසයි. ඊට පිළිතුරු දෙමින් කියුබන් වැසියා
පවසන්නේ 'කස්ත්‍රොa, රට වෙනුවෙන් කරන දේ, ඔහුට කළ හැකි දේ ජනතාවට අවංකව
පැවසුවා. ඔහු සෑම විටම ඔහුගේ වචනවලට සාධාරණය ඉටු කළා' යනුවෙනි. කියුබන්
ආණ්ඩුවට ජනතා විරෝධයකින් තොරව තම සමාජවාදී ආර්ථික ක්‍රමය, වෙළෙඳපොළ
ආර්ථිකයක් වෙත මාරු වීමට බලපෑ ප්‍රධානම හේතුව වූයේ කැස්ත්‍රොa නමැති
දේශපාලකයාගේ අවංකභාවයයි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ද ජනතාවට අවංක වන තරමට
ජනතාව ඔවුන් විශ්වාස කරනු ඇත. එවිට ආණ්ඩුවට කිරීමට ඇත්තේ රට ඉදිරියට
ගෙනයැමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණි. ඉතිරි ක්‍රියාවලිය ජනතාව
විසින් සිදු කරනු ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, March 3, 2018
බලයේ සිටි සහ සිටින සිටි වළත්තු පාහරයන් කා දැමූ අප රටේ ආර්ථිකය...!!!
Posted by
lankanews
at
March 03, 2018
Labels: bondscam, lankanews, malik samarawickrama, ranil agreement, ranil con man, yahapalana deal, yahapalanaya
බලයේ සිටි සහ සිටින සිටි වළත්තු පාහරයන් කා දැමූ අප රටේ ආර්ථිකය...!!!
2018-03-03T17:07:00+01:00
lankanews
bondscam|lankanews|malik samarawickrama|ranil agreement|ranil con man|yahapalana deal|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...