ජිනීවා මානව හිමිකම් සැසිය නුදුරේදීම
ආරම්භ වන නිසා රජය වහ වහා සංහිඳියා වැඩපිළිවෙල දියත් කරන බව පෙනී යයි. තුන්
දෙනෙක් චිත්‍රපටය පෙන්වූයේද එම නිසා විය හැකිය. තුන් දෙනා චිත්‍රපටයේ
සාර්ථක අසාර්ථකභාවය ගැන අපට කිසිවක් ප්‍රකාශ කළ නොහැක්කේ එම චිත්‍රපටය
දැක නැති නිසාය. ජාතියක් උඩ දැමීමට හෝ ජාතියක් යටකිරීමට කිසිවකුට අවශ්‍ය
නැත. එහෙත් කිසිවකුට නිග්‍රහයට ලක්වීමට අවශ්‍ය නැත. බොහෝ සංහිsඳියා
ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ බහුතරය අවමානයට ලක්වීමද....?
ජිනීවා
මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සතුටු කිරීම වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ
කාර්යාලය සඳහා කොමසාරිස්වරු පත්කර ඇත. මේ කාර්යාලය සඳහා අයවැයෙන් රුපියල්
කෝටි 1200 ක් වෙන්කර ඇති බව සඳහන්ය. ඒ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමටද
නැතිනම් වෙනත් ක්රියාමාර්ගයකටද යන්න විස්තර කර නැත. එහෙත් මේ සඳහා පත් කළ
කොමසාරිස්වරු දෙදෙනෙක්ම ප්‍රකට රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන්ය.
2009 පසුව ලංකා හමුදාවට එරෙහිව ජිනීවා වෙත ගොස් යුද අපරාධ නැගූ රාජ්‍ය
නොවන සංවිධාන ප්‍රබල ක්රියාකාරිකයන් මේ කාර්යාලයට පත්කිරීම බොහෝ දෙනෙකුගේ
විමතියට හේතුවී ඇත. හමුදාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නවුන් මේ
කාර්යාලයට පත්කිරීමෙන් සිදුවන්නේ කවරක්ද? ශ්‍රී ලංකා රජයට එරෙහිවම මේ
අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ක්‍රියාත්මක වීම නොවේද?
රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ
කළත් මේ කොමසාරිස්වරුන්ගේ ක්‍රියාකලාපය ඊට හාත්පසින්ම වෙනස් වන බව
පැහැදිලිව සටහන් කළ හැකිය.
ඇත්තෙන්ම මේ රාජ්‍ය නොවන
ක්රියාකාරිකයන් මෙවන් ආයතනයකට පත්කිරීමට උපදෙස් ලබාදුන්නේ කවරකුද? මේ
පත්කිරීම් ගැන කොටි ඩයස්පෝරාවට නම් සතුටු විය හැකිය. මන්ද ඩයස්පෝරාව හා
එක්ව රාජ්‍ය නොවන සංවිධාන ක්රියාකාරිකයෝ හමුදාව දංගෙඩියට යෑවීමට උත්සාහ
කළහ.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත්තේ
ලංකා රජයේ වුවමනාවටද නැත්නම් ජිනීවා මානව හිමිකම් කමිටුවේ උපදෙස් පරිදි
දැයි පැහැදිලි නැත. එහෙත් මොවුන් අතුරුදන් වූ කවර පිරිස් ගැන පරීක්ෂණ
පවත්වයිද?
88-89 අතුරුදන් වූවන් ගැන සොයයිද? 2008-2009 කාලයේ
අතුරුදන්වීම් ගැන සොයයිද? ප්රභාකරන්ගේ සහචරයන් විසින් අතුරුදන් කළ
පුද්ගලයන් ගැන සොයයිද? දැන් උතුරේ පළාත් කිහිපයක මවුවරුන් උද්ඝෝෂණය කරන්නේද
ජිනීවා මානව හිමිකම් කොමිසමේ අවධානය ලබාගැනීමටය. මරාගෙන මැරෙන
ත්‍රස්තවාදීන්ද අතුරුදන්වූ ලැයිස්තුවට ඇතුළත් කර ඇත්ද?
ලංකා
ආණ්ඩුවට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ කොටි සාමාජිකයන්ටද මේ කාර්යාලය
හරහා වන්දි ලබා දෙයිද? එහිදී කොටි ප්‍රහාර නිසා දිවිදුන් අසරණ ලාංකිකයන්ට
ලැබෙන වන්දිය කුමක්ද? අතුරුදන් වූවන්ගේ කාර්යාලය මේ ගැන රටට පැහැදිළි කළ
යුතුය. මන්ද මේ සඳහා වෙන්කර ඇති රුපියල් කෝටි 1200 රටේ ජනතාවගේ බදු මුදල්
බව සියලු දෙනා අවබෝධ කරගත යුතුය.
මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලය
ගැන දේශප්‍රේමී බලවේග සෑමවිටම විරෝධය පළකළේ මේ හරහා රණවිරුවන් දංගෙඩියට
යෑවීම සඳහා කුමන්ත්‍රණ සිදුකෙරෙන නිසාය. එහි කොමසාරිස්වරුන් පත්කළ
ආකාරයෙන්ම ඒ සැකය තහවුරු වී ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, March 9, 2018
සැකය තහවුරු වීම ....!!!
Posted by
lankanews
at
March 09, 2018
Labels: lankanews, LTTE agenda, Tamil Diaspora, yahapalanaya
සැකය තහවුරු වීම ....!!!
2018-03-09T23:00:00+01:00
lankanews
lankanews|LTTE agenda|Tamil Diaspora|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
