ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන
කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ
විරොදතාවක් මාර්තු මස 18දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය
ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය
,මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික
සංසදයේ නියෝජිතයෝ සහභාගී වූහ.ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් රියර්
අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් මහත්මිය
ඇතුලු කන්ඩායමක්ද විරෝධතාවට සහභාගී වීමට ලංකාවේ සිට පැමිණ සිටීම
විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වැරදි වාර්ථා
පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015දී ඇමෙරිකාව
විසින් සකස්කොට ඉදිරිපත් කල යෝජනාවකට කිසිදු අධ්‍යයනයකින් තොරව සම
අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වත්මන් රජය විශාල වරදක් කොට ඇති බවයි.
මේ නිසා යම් දිනක ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දී ඇති යෝජනාව පාදක
කොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ ඉල්ලීමක්
ඉදිරිපත් වුවහොත් එහි නිශේධ බලය හිමි චීනය , රුසියාව වැනි රටවල්ද ලංකාවට
සහායදීමට පසුබට වනු ඇති බව පැවසූ ආචාර්ය ගොඩහේවා තව දුරටත් කියා සිටියේ
ශ්‍රී ලංකාවේ රජය අන්තර්ජාතික බලවේග හමුවේ දීන ලෙස දන නමා පිලිගත් මෙම
පදනම් විරහිත ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරණ බව
ලෝකයට වටහා දීමේ වගකීම ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය බාරගෙන ඇති බවය.
එහිදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර කියා සිටියේ ජිනීවා
යෝජනාවට ලංකා රජය සම අනුග්‍රාහකත්වය දුන් ආකාරයත්, එය විවාදයකින් තොරව
සම්මත කල ආකාරයත් පිලිගත් ක්‍රමවේදයට පටහැනි නිසා එක්සත් ජාතීන්ගේ මානව
හිමිකම් කවුන්සිලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීමට ශ්‍රී ලාංකීය
ගෝලීය සංසදය තීරණය කර ඇති බවය.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න පෙන්වා දුන්නේ වසර
තුනකට පෙර ඉතාලියේ මෝදනා නුවරදී ආරම්බ වූ ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය අද
රටවල් ගනනාවක පැතිර ඇති විශාල සංවිධානයක් බවට වර්ධනය වී අති බවය.
විදෙස් බලවේග හමුවේ ජාතියට ඇති අභියෝග ජයගැනීමට ගෝලීය සංසදය සමග එක්වන මෙන් ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔහු ආරාධනය කලේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, March 19, 2018
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා…
2018-03-19T07:33:00+01:00
lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
