ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 28, 2018

රාජපක්ෂලාගේ කුප්‍රකට ජ්‍යොතිෂය කාරයෝ කුමන්ත්‍රණයක

සමාන්‍යයෙන් ඉරිදා දිනවලදි සඳ බැලීම සඳහා නැකැත් ලබා නොදීම සම්ප්‍රදාය වේ. මේ හේතුව නිසාම සතුරු කරදර, රජයට එරෙහිව ඇති වන කුමන්ත්‍රණ, පවුල් අතර ඇති වන කුමන්ත්‍රණ ආදි විශාල ප්‍රමාණයක් ඇති වෙනවා.
 2018 සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් අවුරුදු නැකැත් කමිටුව විසින් සකස් කර ඇති නැකැත් වල බරපතළ අවුලක් තිබේන බවත් අදාළ සියළුම නැකත් දෝෂ සහගත වන අතරම ඒවා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මුළු නැතැක් මණ්ඩලයේම සාමාජිකයින් මේවන විට මහින්ද රාජපක්ෂ සිය ග්‍රහණයට නතු කර ගෙන ඇති අතරම මෙම වැරදි නැකැත් හැදීම සඳහා එක් අයෙකුට ලක්ෂ 25 ක මුදල් ත්‍යාග ද ලබා දී ඇති බවයි අනාවරණය වි ඇති අතර ඊට හොදම උදාහරණය වන්නේ පසුගිය කාලසිමාව තුල බත්තරමුල්ලේ මහින්දගේ කාර්‍යාලයේ වෙනම කාමර දෙකක් කුප්‍රකට ජ්‍යොතිෂය කාරයන්ට ලබාදි තිබිමයි. ඔහුන් විසින් පසුගිය කාලසිමාව තුල බත්තරමුල්ලේ සිට ව්‍යාජ ජ්‍යොතිෂ පුවත් පත් රැසක්ද පවත්වාගෙන ගිය අතර ඒ හරහා ආණ්ඩුව සහ රට සම්බන්ධයෙන් වැරදි ජ්‍යොතිෂය මත පැතීර විමටද කටයුතු කර තිබේ.

ගිය වසරේදිත් මෙලෙසම අවුරුදු නැකැත් වල වැරදි හා අඩුපාඩු තිබූ බව රටට ආදරය කරන ජෝතිෂ්‍යවේදින් ප්‍රකාශ කළා. ඒ අනුව ගිය වසරේදිත් මේ කුමන්ත්‍රණය සිදු අතරම සැබැවින්ම එය එම කුමන්ත්‍රණයේ ආරම්භය විය. නමුත් මෙම වසර වන විට එම කුමන්ත්‍රණය විශාල වශයෙන් ඔඩු දුවා පැතිරී ගොස් ඇති බව පැහැදිලි ය. යම් හෙයකින් නැකැත් මණ්ඩල විසින් සකස් කළ මෙම දෝෂ සහගත නැකැත් ක්‍රියාත්මක වුවහොත් මුළු රටම අරාජික තත්ත්වයකට පත් වන බව වැළැක්විය නොහැකි බවයි රටට දැයට ආදරය කරන ජෝතීෂ්‍යවේදින් ප්‍රකාශ කරන්නේ. එසේම පවතින රජයට ඉතාම අසීරු තත්ත්වයක් ඇති කිරීමට මෙම නැකැත් සමත් වන නමුත් විපක්ෂයට හොඳ කලදසාවක් උදා කර දෙන බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.
ලිපගිණි මොලවන්නේ වැරදි නැකතක….
උදාහරණයක් ලෙසට මෙම අවුරුද්දේ අවුරුදු නැකැත් අරගෙන බැලුවහොත් පළවෙනි නැකත තියෙන්නේ උදෑසන 10 .40 ට ලිපගිනි මෙලවීමයි. එම වේලාව සිකුරු රවි යෝගයක් පවතින වේලාවක් වන අතරම සිකුරු රවි සමග යෝග වී ඇත්තේ පසුගියදා පැවති ග්‍රහ යුද්ධයෙන් යුරේනස් අතින් පරාජය වීමෙනි. එතකොට 10.40ට ලිපගිණි මෙලවීම සිද්ධ වෙනකොට ඊට විනාඩියකට පෙර එනම් 10.39 ට රාහු කාලය අවසන් වෙන්නේ. 10. 29 සිට 10.39 වෙනක්ම් විෂ පංචමය යෝගයක් පවතිනවා. ග්‍රාම නාමාවලිය අනුව 10 .39 ට රාහු කාලය අවස්න් වන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයටය. ත්‍රිකුණාමලය හා කොළඹ අතර විනාඩි දෙකාමාරක වෙනක් පවතිනවා. එවිට රටේ ප්‍රධාන ස්ථානයට රාහු කාලය අවසක් වන්නේ 10.41යි තත්පර 30 ටය. එලෙස ගත් කළ කොළඹ මිනිසුන් ලිප ගිනි මොලවන්නේ රවි සිකුරු යෝගය, විෂ පංචම යෝගය හා රාහු කාලය මේ තුනම පවතින අවස්ථාවකය. ඒ අර්ථයෙන් ගත් කළ මෙම නැකත අන්තිම සතුරු කාර්යයක් වේ.
ආහාර අනුබවය හා වැඩ ඇල්ලීමේ නැකත තියෙන්නේ 11.53 ට වන අතරම එම අවස්ථාවේ පවතින්නේ බුධ රවි යෝගයකි. මෙය බුද රවි පංචමය ලෙස හදුන්වන අතරම මෙම වේලාවට කිසිදු සුභ කටයුත්තක් යෝග්‍ය නොවන බව ඕනෑම ජෝතීර්වේදියෙක් දන්නා කරුණක් ය. ආහාර අනුභවය, ගනුදෙනු කිරීම ගා වැඩ ඇල්ලීම මෙම වේලාවට කළහොත් සතුරු කරදර, නීතිමය ප්‍රශ්න, දැඩි සිත් ඇතිවීම, යුධ ගිනි ඇවිලීම වැනි බලවත් කාරණා අනිවාර්යයෙන් ම සිද්ධ වනු ඇති.
පැහැදිළිවම පවතින රජයත්, රටත් විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ සිදු කරන බාල, කූට, සක්කිලි ක්‍රියාවලියක් ලෙස මෙය හදුන්වා දිය හැකිය. ඉහත නැකැත් වෙනුවට යෙදිය හැකි ඉතාම සුභ නැකැත් පවතින අතරම එය තව නොබෝ දිනකින් අපි එළි කිරීමට සුදානමින් සිටින්නෙමු. මෙම සියළුම නැකත්කරුවන්ට මුදල් ලබා දී සිදු කර ඇති බව අපි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු.
එසේම මෙම නැකැත් අතර ඇති අවුරුද්දේ චාරිත්‍ර වලට පෙර ඇති නව සඳ බැලීමේ චාරිත්‍රය ඇත්තේ ඉරිදා දිනයකය. සමාන්‍යයෙන් ඉරිදා දිනවලදි සඳ බැලීම සඳහා නැකැත් ලබා නොදීම සම්ප්‍රදාය වේ. මේ හේතුව නිසාම සතුරු කරදර, රජයට එරෙහිව ඇති වන කුමන්ත්‍රණ, පවුල් අතර ඇති වන කුමන්ත්‍රණ ආදි විශාල ප්‍රමාණයක් ඇති වෙනවා. මේ නැකැත්කරුවන් සියළු දෙනාම දන්නවා මෙම වසරේ අලුත් අවුරුද්ද ලබන විට ලංකා කේන්දරයේ හතර කේන්දරය පාලු බව. ලංකාවටම් බලපන ලෙස සෙනසුරු අෂ්ටම ඒරාශ්ටකයක් ගතවන අතරම සිකුරු ග්‍රහ යුද්ධ ගණනාවකින් පරාජයට පත් වී සිටින යුගයක කුමන්ත්‍රණකරුවන් විසින් මෙම වැරදි නැකත් සදා දීම තුළ මෙම රජයට බරපතල කාලයක් උදා වීමට නියමිත වේ.
මෙම හේතුව නිසා නැවත වරක් නැකැත් කමිටුව කැදවලා රටට දැයට හිතකාමි නැකත් කරුවන් රැස් කොට නැවත මෙම නැකත් ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. රජය එසේ නොකරන්නේ නම් අපි ඉදිරියේදි පවසන සුභ නැකතට මේ සියලු කටයුතු සිද්ධ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.