එක්දහස් නවසිය හැත්තෑ එකේ කරැල්ල අනාවරණය කරමින් පෙර භවයේ
හෙළිකළ දරුවන් රැසක් පුනර්භව පර් යේෂණ අතරට එක්වී සිටිති. පොලිස් සහ
හමුදාව සමඟ සටන් කළ බවත් වෙඩි පහරවලට ගොදුරු වී මිය ගිය බවත් එම දරුවෝ
අනාවරණය කළහ. ඔවුන්ගේ ප්‍රකාශ අනුව පෙර භවයේදී ජීවත්ව සිටි බැව් හෙළිවූයේ
ඇල්පිටිය, ගාල්ල, අනුරාධපුර, කළුතර සහ කෑගල්ල යන ප්රදේශවලය. වෙඩි
ප්‍රහාරවලින් මියගිය බැව් හෙළි කළ එම දරුවන් බොහෝ දෙනෙකුගේ සිරුරුවල දක්නට
තිබූ උපන් ලප ඇති ස්ථානවලට වෙඩි වැදුණු බැව්ද ඔවුහු පැවසූහ.
ශ්‍රී ලංකාවෙන් මේ වන විට අනාවරණය වී ඇති පුනර්භව සාධක තුන්සිය පනහක පමණ
දරුවන් පිරිසකගෙන් කැරලි සමය හෙළි කළ දරුවන් විසි දෙනෙක් පමණ සිටිති. වයස
අවුරුදු දෙකහමාරේ පමණ සිට එම දරුවෝ පෙර භව තොරතුරු අනාවරණය කළහ. බහ තෝරන
අවදියටත් ප්‍රථම මෙම දරුවන් තුළින් දක්නට ලැබුණු හැසිරීම් රටාවන්ද
දෙමාපියන්ගේ පුදුමයට හේතු වී තිබිණි.
ඇතැම් දරුවෝ පොලිස් සහ හමුදා නිල ඇඳුම් දකින විට බියට පත්වී නිවෙස් තුළ
සැඟවීමට උත්සාහ කළහ. තවත් දරුවෝ එවැනි හමුදා ඇඳුමින් සැරසී සිටින අය දුටු
විගස ඔවුන්ට පහර දිය යුතු යැයිද ප්‍රකාශ කළහ. 1971 කැරැල්ල අනාවරණය කළ
දරුවන් රැසක් හැත්තෑවෙ දශකයේදී පර්යේෂණවලට ලක්වූහ.
එවැනි පුනර්භව සාධක ගණනාවක් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පර් යේෂණ අංශයේද
වාර්තා ගතවී තිබේ. ඉන් වැඩි කොටසක් පර් යේෂණ සඳහා මහාචාර්ය ස්ටීවන්සන්
ඇතුළු විදේශීය පර් යේෂකයෝද ශ්‍රී ලංකාවට වරින් වර පැමිණියහ. අනතුරුව
ඔවුන්ගේ පර් යේෂණ වාර්තා සහ ග්රන්ථවලටද ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ
ත්‍රස්තවාදී ක්‍රියාවන් හෙළි කළ දරුවන් පිළිබඳව (INSURGENTS AS PREVIOUS
PERSONALITIES IN SRI LANKA) යනුවෙන් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පර් යේෂණ
පුස්තකාලයේද වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී කැරලි සමය හෙළි කළ දරුවන් කීප දෙනකුගේම ඔවුන්
අනාවරණය කළ පෙරභව පුද්ගල ජීවිත සනාථ වූ සිදුවීම් රැසක්ම ඇත. ඉන් අතිශය
පුදුම අයුරින් සනාථ වූ පුනර්භව සාධකය හෙළි කළ දරුවන් දෙදෙනෙක් ගාල්ල
ප්‍රදේශයේදී උපත ලැබූහ. නිවුන් දැරියන් දෙදෙනකු ලෙස ඔවුන් උපත ලැබුවේ 1978
වසරේදී වූ අතර ඔවුන් දෙදෙනාම හෙළි කළේ කැරලි සමයේදී මරණයට එක් වූ තරුණයන්
දෙදෙනකුගේ ජීවන තොරතුරුය.
එම දැරියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරේ දක්නට තිබූ පැහැදිලි උපන් ලපයක්
පෙන්වමින් එම ස්ථානයට වෙඩි වැදුණු බැව් හෙළි කළාය. අනෙක් දැරිය අනාවරණය කළේ
පිළිස්සීමට ලක් වී මරණය සිදුවූ බවය.
එම දැරියන් දෙදෙනා පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් දින ගණනාවක් තිස්සේ සියුම්
පර් යේෂණයක් සිදු කළේය. එහිදී ඔවුන්ගේ පෙරභව දෙමාපියන් සහ ඥතීන් කීප
දෙනෙක්වද නිවැරදිව හඳුනා ගැනීමට ඔවුන්ට හැකිවිය. එම දැරියන් අනාවරණය කළ
තරුණයන් දෙදෙනා මරුමුවට පත්ව තිබුණේ 1971 අප්‍රේල් 19 වැනිදාය මෙම පුනර්භව
සාධකයේ දක්නට තිබූ විශේෂත්වය වූයේ පෙරභවයේදී දැඩි මිතුරන් ලෙස සිටි
තරුණයන් දෙදෙනකු නිවුන් සොයුරියන් ලෙස උපත ලබා තිබීමය.
එම දැරියන්ට ඔවුන්ගේ පෙරභවයේ හැඳින් වූ නම් ඉතා පැහැදිලිව මතකයේ තිබීමද
විෙශ්ෂත්වයක් විය. පෙර භවයේදී වෙඩි පහර සහිත උපන් ලපය තිබූ දැරියට
ඉදිරිපත් කළ ප්‍රශ්නත් එම දැරිය දුන් පිළිතුරුත් පර් යේෂණ වාර්තාවලට ඇතුළත්
වී ඇත්තේ මෙසේය.
ප්රශ්නය - ඔයාට එහෙදී මොකද වුණේ?
පිළිතුර - වෙඩි වැදුණා
ප්රශ්නය - කොහොමද වෙඩි වැදුණේ?
පිළිතුර - පොලිසියෙන්
ප්රශ්නය - වෙඩි වැදුණේ කොහේදීද?
පිළිතුර - තුවක්කු පෙන්වන්න කන්දට ගියාම. වෙඩි තිබ්බා
ප්රශ්නය - වෙඩි වැදුණේ කොහේටද?
පිළිතුර - පපුවට
එසේ හෙළි කළ දැරිය ඇගේ පපුව ප්‍රදේශයේ දක්නට තිබූ උපන් ලපයට අත දිගු කර
පෙන්වනු ලැබුවාය. මේ අයුරින් සනාථ වූ එම දැරියන්ගේ පුනර්භව සාධකයේ පෙර භව
ජීවිත ලෙස ජොනී සහ රොබට් නම් තරුණයින් දෙදෙනකුගේ ජීවන තොරතුරු බැව්
පැහැදිලි විය. ඒ බැව් මහාචාර්ය ස්ටීවන්සන් විසින් මේ පිළිබඳව ඇතුළත්
ග්‍රන්ථයේ දැක්වෙන්නේ (THE FAMILIES OF ROBERT AND JOHNNY FULLY ACCEPTED
THE TWINS AS BEING THESE YOUNG MEN REBORN) යනුවෙනි.
පෙර භවයේදී කැරැල්ලට සම්බන්ධව සිටි බැව් හෙළි කළ තවත් දරුවකු උපත ලැබුවේ
අනුරාධපුර ප්‍රදේශයේදීය. ලාල් නම් වූ එම දරුවා පැවසුවේ පෙර භවයේදී ජීවත්ව
සිටියේ ඔත්තප්පුව නම් ප්‍රදේශයක බැව්ය.
මම එහෙදී කැලේ හැංගිල හිටියා. අම්මයි, නංගියි ගෙදර හිටියා. එහෙ කන්ද
පිටුපස්සේ තුවක්කු හංගල තිබුණා යැයිද ඉතා කුඩා අවදියේදී ඔහු ප්‍රකාශ කළේය.
මිතුරන් කීප දෙනෙකු සමඟ එකතු වී සිටි බවක්ද හෙළි කළ ඔහු පැවසුවේ රාජාංගණය
පොලිසිය සමඟ ගැටුමක් ඇති වූ බවත් එම ගැටුමේදී වෙඩි පහරකට ලක් වූ බවත්
අනතුරුව මරණ සිදු වූ බවත් එම දරුවාට මතක තිබිණි.
පොලිස් නිලධාරීන් දුටුවිට මහත් බියකින් නිවසේ සැඟවීමට උත්සාහ කිරීමද මෙම
දරුවා මගින් දක්නට ලැබුණු විශේෂත්වය විය. ඔහුගේ හෝ මිතුරන් කිසිවකුගේ
පුද්ගල නම් මෙම දරුවා වෙතින් අනාවරණය නොවිණි. එහෙත් පියා පිළිබඳව මතකය අවදි
කළේය.
එහෙදී අපේ තාත්තා ගොවිතැන් වැඩ කළා. අපිට හරක් ගාලක් තිබුණා. එදා පොලිසිය
ළඟදී කලබල වෙන කොට බස් දෙකකුත් ආවා. මට වෙඩි වැදුණේ පිට පැත්තට. වෙඩි උණ්ඩය
මගේ ඇඟට ඇතුළු වුණා. එතකොට මට වයස විස්සක් විතර ඇති. යනුවෙන් එම දරුවා
පවසන විට ඔහුගේ වයස අවුරුදු තුනකි.
පෙර භවයේදී කැලේට ගිහින් කණ්ඩායමක් සමඟ සිටි බැව් හෙළි කළ තවත් දරුවකු උපත
ලැබුවේ ගම්පහ ප්‍රදේශයේදීය. එම දරුවා පිළිබඳව පර් යේෂණයක් පැවැත්වීමට අප
හමුවන විට එම දරුවා පැවිදි ජීවිතයකට ඇතුළත්ව සිටියේය. ඒ වන විට පෙරභව
පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබූ පොඩි හාමුදුරුවෝ පැවසුවේ ඔහු තරුණ වයසේ
කල්ලියක් සමඟ එකට සිටි බැව් මතකයේ ඇති බවය.
මම එතකොට අපොස විභාගයට ඉගෙන ගත්තා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙන ගත්ත
බැව් මතකයි. ඉස්කෝලෙ ඇරිල ඇවිත් අපි කැලේට යනවා. එහෙදී අයියල අපි
හමුවෙනවා. තුවක්කු ගැනත් අපිට කියා දුන්නා. මගේ තාත්තා මැරිල. අම්මා
කන්තෝරුවක වැඩ කළා යැයිද පෙර භවය හෙළි කරමින් පොඩි හාමුදුරුවෝ අප සමඟ එදා
පැවසූහ.
මිය යෑමට සති ගණනකට උඩදී වරක් පොලිස් කූඩුවක සිටි බවක්ද මතකයේ තිබිණි. මරණය
සිදු වූ අයුරු අප විමසූ විට එයට පිළිතුරු දුන් පොඩි හාමුදුරුවෝ මෙසේ
පැවසූහ.
‘‘අම්මා එපා කියද්දී තමයි මම එදා කැලේට ගියේ. වෙඩි හඬක් ඇසුණා. ඒ සමඟම
බෝම්බ පුපුරනවා වගේ හඬ ඇසුණා. අපේ යාළුවෝ බිම වැටුණා. මම නැගිටින්න
හැදුවා, ඒත් නැගිටින්න බැරි වුණා’’
එදා පොඩි හාමුදුරුවන් අනාවරණය කළ පරිදි කණ්ඩායමක් ලෙස සිටියදී වෙඩි
ප්‍රහාරයකට හෝ බෝම්බ ප්‍රහාරයකට ලක්වී මරණ සිදුවී තිබිණි. වසර ගණනකට පෙර
සිදු කළ පර්යේෂණයේදී පොඩි හාමුදුරුවන් කුඩා කල ප්‍රකාශ කළ තොරතුරු
උන්වහන්සේගේ මව විසින් ලිඛිතව සටහන් කර තිබිණි.
පොලිසියට
බියෙන් කැලයේ සැඟවී සිටියදී කෑමට ආහාර නොමැතිවීම නිසා දිවුල් ගැට කෑ බව
හෙළි කළ දරුවෙක්ද කැරැල්ල අනාවරණය කළේය. එම දරුවා උපත ලැබුවේ ඇල්පිටියේදීය.
පෙර භවයේදී රිදීගම ප්‍රදේශයේ ජීවත්ව සිටි බැව් මෙම දරුවාට මතක තිබිණි.
අපි ඉස්සර හිටියේ රිදීගම. මුහුදු වෙරළක් අපේ ගේ ළඟ තිබුණා. අපේ අක්කට එහේ
කඩයක් තිබුණා යැයිද හෙළි කළ එම දරුවා ඔවුන්ට මෝටර් රථයක් තිබූ බවත්, එය
සුදු පැහැති වර්ණයෙන් යුක්ත බවත් කීය.
පුද්ගල නම් වශයෙන් එම දරුවාගේ මතකයේ තිබුණේ නිමල් යනුවෙන් හැඳින් වූ
සොහොයුරෙකුගේ නම පමණි. ඒ වන විට ඔහු තරුණ වියේ පසු වූ බැව් ඔහු පැවසුවේ අපි
කොල්ලො තුන් හතර දෙනෙක්ම එදා වෙඩි පහර වැදිල මැරුණා යනුවෙනි.
කුලියාපිටියේදී උපත ලද දරුවෙක්ද මීට වසර ගණනාවකට උඩදී පෙර භවය හෙළිකරමින්
කැරැල්ල සිහිපත් කළේය. ඔහුගේ පියාට ඇඳුම් මැසීමේ ස්ථානයක් තිබූ බැව් පැවසූ
එම දරුවාද ඔවුන් සැඟවී සිටියදී විශාල පිපිරීම් හඬක් ඇසුණ බැව් කීය.
දින ගණනක් ආහාර නොමැතිව සැඟවී සිටි බැව්ද ඔහුගේ මතකයේ තිබිණි. ඉස්සර ගෙදර
ඉන්න කොට මට වයස අවුරුදු දහයයි. තම මිතුරකුගේ පියා පොලිස් නිලධාරියකු බවත්,
පිපිරීම හඬත් සමඟ තම උදර ප්‍රදේශය තුවාල සිදුවනු දුටු බවත් කීය. අවසන් දින
කීපය කුසගින්නේ සිටි බැව් පැහැදිලි කළ එම දරුවා ඒ බැව් අනාවරණය කළේ
මෙසේය.
අපිට ඒ දවස්වල කන්න ලැබුණේ නෑ. මගේ බඩගින්න නිවුණේ මේ අම්මගෙන් කිරි බිව්වට
පස්සේ යැයිද ප්‍රකාශ කළේ දෙමාපියන් මවිතයට පත් කරවමිනි.
පොලිස් පහරදීමක් හෙළි කළ පිරිමි දරුවෙක් පෙර භවයේදී ජීවත්ව සිටි ගම්
ප්‍රදේශය ලෙස කුකුළාවල යන ගමක් හෙළි කළේය. කණ්ඩායමක් ලෙස සිටියදී ඔවුන් අතර
භික්ෂූන් වහන්සේ නමක්ද සිටි බැව් මෙම දරුවා හෙළි කළේය. එම දරුවා උපත
ලැබුවේ 1978 වසරේදීය. පෙර භවයේ සිටි ගම් ප්‍රදේශ ලෙස ඇල්පිටිය සහ බළපිටියද
ඔහු විටෙක පැවසීය.
වයස අවුරුදු තුනේදී පෙරභවය හෙළි කළ මෙම දරුවාගේ ප්‍රථම ප්‍රකාශ වූයේ
‘පොලිසියෙන් වෙඩි තිබ්බා’ යනුවෙනි. මේ පිළිබඳව සිදු කළ පර් යේෂණයේදී
මහාචාර්ය ස්ටීවන්සන්ගේ වාර්තාවකටද ඇතුළත් කර ඇත.
‘ONE DAY HE SAID APPARENTLY QUITE SPONTANEOUSLY THAT HE HAD BEEN SHOT BY
THE POLICE AT BALAPITIYA, HE HAD MENTIONED THAT HE WAS IN A GROUP AND
THERE WAS A MONK IN THEIR GROUP THE MONK HAD ALSO BEEN KILLED AS WELL AS
HIMSELF’ යනුවෙන් එම දරුවාගේ ප්‍රකාශයක් සඳහන් කර තිබේ.
මොරටුව ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් කැරැල්ල සඳහන් කරමින් පොලිස් වෙඩි පහරකට
ලක්ව මරණය සිදු වූ බැව් ප්‍රකාශ කළේය. එම දරුවා සිය පෙර භවය අනාවරණ කිරීමේ
සිදුවීම දෙමාපියන් පුදුමයට පත් කළේය.
ඒ වන විට එම දරුවාට වයස අවුරුදු දෙකක් පමණ විය. තැපැල්කරු නිවසට එන විට ඔහු
අධික බියක් දක්වන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. කුඩා දරුවන් ඇතැම් විට
නාඳුනන පුද්ගලයින්ට දක්වන බියක් ලෙස එම දරුවාගේ බියපත් වීම සිදුවන්නේ යැයි
දෙමාපියෝ සිතුහ. මාස කීපයක් ගතවිණි. ඉතා හොඳින් කතා කිරීමට හැකි වයසේ
එළැඹිණි. දිනක් තැපැල්කරු පැමිණි විටදී ඔහුට දරුවා ගලකින් පහර ගැසීය.
‘‘ඇයි පුතේ එහෙම කළේ?’’ යැයි මව පුංචි දරුවාගෙන් විමසුවාය. ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ,
‘‘එයා තමයි අපිට වෙඩි තිබ්බේ’’ යනුවෙනි. අපිට වෙඩි තියන කොට ඔය ඇඳුම තමයි ඇඳගෙන හිටියෙ යැයි ඔහු පැවසීය.
මේ පිළිබඳව සිදු කළ පර් යේෂණයේදී පොලිස් නිල ඇඳුමක් ලෙස තැපැල්කරුගේ කබාය
හඳුනාගෙන දරුවා එසේ ක්‍රියා කළ බැව් දෙමාපියෝ පැවසූහ. අනතුරුව පොලිස්
නිලධාරීන් දුටු විට නිවසේ සැඟවීමේ පුරුද්දක්ද ඔහු තුළින් දක්නට ලැබුණ බැව්ද
එදා දෙමාපියෝ අප සමඟ අනාවරණය කළහ.
ත්‍රස්තවාදී භීෂණ සමයේදී මේ අයුරින් මරණයට පත් වූ දරුවන් රැසකගෙන් ඔවුන්ගේ
මිතුරන්ගේ හෝ ඥාතීන්ගේ පුද්ගල නම් ප්‍රකාශ නොවීමද විශේෂත්වයක් විය. එහෙත්
ඔවුන් වැඩි දෙනකු හෙළි කළ පරිදි වෙඩි වැදීම් සහ බෝම්බ ප්‍රහාරවලින් සිදු
වූ අනතුරු ලෙස පෙන්වා දුන් උපන් ලප කැළැල් රැසක් සිරුරුවල පිහිටා තිබීමද
විශේෂත්වයක් විය.
තිස්ස ජයවර්ධන
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, March 4, 2018
අප්‍රේල් කැරැල්ල හෙළි කළ යළි උපන් දරුවෝ....!!!
Posted by
lankanews
at
March 04, 2018
Labels: lankanews, re birth, re carnation, recarnation, reincarnation, srilankan re birth
අප්‍රේල් කැරැල්ල හෙළි කළ යළි උපන් දරුවෝ....!!!
2018-03-04T14:27:00+01:00
lankanews
lankanews|re birth|re carnation|recarnation|reincarnation|srilankan re birth|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
