නුගේගොඩ නාවල පන්සල පාරේ කෝටි හැත්තෑවකට අධික වටිනා වෙනත් පුද්ගලයකුට
අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා රුපියල් කෝටි හතළිහකට විකිණීමට උත්සාහ දැරූ
පුද්ගලයකු (28දා) මත්තේගොඩ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
විමර්ශන ඒකකය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබී කොළඹ ප්‍රදේශයේ පිහිටි
ඉඩම් හයකට ව්‍යාජ ලෙස සකසන ලද ඔප්පු හතක්, විවිධ නම්වලින් සාදන ලද ව්‍යාජ
ජාතික හැඳුනුම්පත් තුනක්, ජංගම දුරකතන පහක්, සිම්කාඩ් පත් ෙදාළහක් පොලිසිය
භාරයට ගෙන ඇත.
පර්චස් 140ක ප්‍රමාණයක් තිබෙන තම ඉඩමට කිසියම් හෝ පුද්ගලයකු ව්‍යාජ
ඔප්පුවක් සාදා රුපියල් කෝටි හතළිහකට විකිණීමට උත්සාහ දරන බව නුගේගොඩ නාවල
පාරේ පදිංචි එම ඉඩමේ නිත්‍ය හිමිකරු ඉකුත් දෙසැම්බර් මස පොලිස්පති පූජිත්
ජයසුන්දරට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ
අධ්යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා ගේ උපදෙස් මත සිදුකළ
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව උපක්රමශීලීව සැකකරු කොටු කර ගැනීමට එහි
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්.ඩී. ගුණතිලක ඇතුළු නිලධාරීන් සමත්
වී ඇත.
වරෙක වෛද්‍යවරයකු ලෙසත් තවත් වරෙක ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු
ලෙසත් පෙනී සිට ඇති මේ පුද්ගලයා මෙම වංචනික ජාවාරමේ මහ මොළකරු බව පොලිසිය
කියයි.
සැකකරු ඔහුගේ පියාගේ නමට මේ ඉඩමට ප්‍රකාශන ඔප්පුවක් සාදා එයින් දින
කිහිපයකට පසු ඔහුගේ නමට තෑගි ඔප්පුවක් සාදා අනතුරුව විකිණීම සඳහා අවශ්‍ය
සින්නක්කර ඔප්පු ව්‍යාජ ලෙස සාදා තිබූ බව පොලිසිය කියයි.
සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු අනුව සැකකරු හා ජංගම
දුරකතනය හරහා සම්බන්ධ වූ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියකු ඉඩම මිලදී
ගන්නා ව්‍යාපාරිකයකු ලෙස සැකකරුට හඟවා එය රුපියල් කෝටි හතළිහකට මිලදී
ගැනීමට කැමැත්ත පළ කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුගේ
දැනුම් දීම මත මත්තේගොඩ නිවෙසකදී එම ගනුදෙනුව සිදුකිරීමට සැකකාර පුද්ගලයා
කැමැත්ත පළ කිරීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක
කළ බව පොලිස් නිලධාරියා කීය.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු එම අවස්ථාවේ ඔහු සතුව
තිබූ නාවල පන්සල පාරේ ඉඩමට ව්‍යාජ ලෙස සකසන ලද ඔප්පුවක්ද සිය භාරයට ගැනීමට
කටයුතු කළහ.
ඒ අවස්ථාවේ සැකකරු වැටලීම කළ පොලිස් නිලධාරීන් අමතමින් මෙම ඉඩම කෝටි
විසිහයකට විකිණීමට හැකියාව ඇති බැවින් එම මුදලින් රුපියල් කෝටි හයක මුදලක්
පොලිස් නිලධාරීන්ට ලබාදීමට කැමැත්ත පළකර ඔහුව මුදාහරින ලෙස ආයාචනා කළ බව
වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුගෙන් සිදුකළ
ප්‍රශ්න කිරීමේදී ඔහු දැනට පදිංචිව සිටින බව කියන පාර්ලිමේන්තුව ඉදිරිපිට
නිවෙසක් පරීක්ෂා කිරීමේදී කොළඹ ප්‍රදේශයේ අන්සතු ඉඩම් හතකට ව්‍යාජව සාදන ලද
ඔප්පු හතක්, ඔහුගේ පියාගේ නමට හා ඔහුගේ නමට ව්‍යාජව සාදන ලද ජාතික
හැඳුනුම්පත් තුනක්, ජංගම දුරකතන පහක් හා විවිධ දුරකතන සමාගම්වලට අයත් සිම්
කාඩ්පත් ෙදාළහක් සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත්
පැවැසීය.
රුපියල් කෝටි 70ක් පමණ වටිනා නාවල පන්සල පාරේ ඉඩමට ව්‍යාජව ඔප්පු සකසා
ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු බවත් ඔහු විසින් මෙතෙක් ලියන ලද
ඔප්පුවලින් රුපියල් කෝටියකට අයත් මුද්දර ගාස්තු රජය වෙත ගෙවා නැති බවත්
පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණ බව පොලිසිය කියයි.
අන්සතු
ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සාදා සිදුකරන මෙම වංචාව සඳහා සැකකරු ඉදිරිපත්ව ඇත්තේ
අවසන් මොහොතේ ගනුදෙනුව සිදුකිරීමට පමණක් බවත් අන් සෑම අවස්ථාවකම ඔහු
තැරැව්කරුවන් ඉදිරිපත් කර ඇති බවත් පොලිසිය කියයි.
මෙම මහා පරිමාණ වංචාව සිදුකළ මහ මොළකරු වන සැකකරු නම් කිහිපයකින් මෙන්ම
ඔහුගේ පියාද නම් දෙකකින් පෙනී සිටි ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ
ජේයෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර
පොලිස් අධිකාරි ඩබ්ලිව්.ජී.ආර්. බණ්ඩාර, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (අංක
එක) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්.ඩී. ගුණතිලක, උප පොලිස් පරීක්ෂක
ප්‍රියංජිත්, සරත්චන්ද්‍ර සැරයන් තුසිත (33167) පරීක්ෂණ
පවත්වති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 7, 2018
බත්තරමුල්ලේ තාත්තෙකුයි පුතෙකුයි මහා ඉඩම් ජාවාරමක
2018-03-07T01:30:00+01:00
lankanews
battaramulla|dinesha jayathunga|dinesha srimali|dinesha srimali perera jayathunga|fake deads|pelawatta|prostitute dinesha|shamal gunarathna|shamal gunawardena|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
