ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 28, 2018

මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් දරුවන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරලා


මෙහි අරමුණ අපගේ සංස්‌කෘතිය හා ජාතිකත්වය විනාශ කිරීමයි  - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි...!!!
  "සමසේ සිතීම" යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ. උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (27 දා) "මහජන රාජ්‍ය සභාව" නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

 මේ රට තුළ ක්‍රියාත්මක ළදරු පාසල් 19,000 ක්‌ සහ තවත් පූර්ව ළමා විය සංවර්ධනය කරන පාසල් 9000 ක්‌ පමණ පදනම් කරගෙන අඳුරු අදහසක්‌ ව්‍යාප්ත කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නියාමන ව්‍යාපෘතියක්‌ ලෙස කරනවා. මෙහි අරමුණ වයස අවුරුදු 3 ත් 7 ත් අතර වයසේ ළමුන් සඳහා සමලිංගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි.



 අපි සෑම පුද්ගලයකු ගැනම සමානව සිතන, සමානව සලකන ජාතියක්‌. අපි කාටවත් වෘත්තිය අනුව, විවිධත්වය අනුව, විෂම ලෙස සැලකුවේ නෑ. එම නිසා මෙම ව්‍යාපාරය නිසා සිද්ධවෙන්නේ නැති ප්‍රශ්නයක්‌ ඇතිවීම පමණයි.

 අපි දන්නවා යුද්ධය පැවැති සමයේදී යුද්ධයට උපකාරී වන ලෙස සාම වැඩසටහන් පැවැත්වූ ආකාරය. ඒ ආකාරයටම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අපගේ සංස්‌කෘතියට පහරදීම සඳහායි. එම නිසා දරු පවුල් ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වූ අය විනාශ වෙනවා.

 අද වන විට සමලිංගික අය පාර්ලිමේන්තුවේ සිටිනවා. මෙම වැඩපිළිවෙළ හරහා සමලිංගිකයන් රට පුරාම ප්‍රචාරය කරනවා. ඒ වගේම ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහාත් කටයුතු කරනවා. ඒ හරහා ජාතිකත්වය විනාශ කිරීමට කටයුතු කරනවා. මේ වගේ දේ කරන්නේ මේ රටේ වෙන ප්‍රශ්න නැතුවද? ඒ වගේම මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවෙන් අහලද?

 මේ ආකාරයට අසාමාන්‍ය ප්‍රජාවක්‌ ඇති කිරීම සඳහා තමන්ගේ ළමයින් දෙනවාද යන්න දෙමවුපියන් තීරණය කළ යුතුයි. මෙම කටයුතු ඉවසා වැදැරීම සඳහා තව කොපමණ කාලයක්‌ ගන්නවාද?

 මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා,

 ලාල් විඡේනායකගේ කමිටුව රට වටේ ගිහින් සොයාගත්ත එකක්‌ තමයි සමලිංගිකත්වය නීති ගත කරන්න ඕන කියන එක. එය ළදරු පාසල් වලින් පටන් ගත්තම ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න පහසු වේවි.

 අලුත් අධිකරණ පද්ධතියක්‌ පිහිටුවන්න යෝජනාවක්‌ ගෙනත් තිබෙනවා. ශේ්‍රෂ්ඨාධිකරණයේ අය ඊට විරුද්ධ වී තිබෙනවා. නමුත් මෙම අධිකරණ පිහිටුවීමට එන්.ජී.ඕ. කාරයෝ, පුරවැසි බලය, සාධාරණ සමාජය එකඟයි. ඔවුන් කියනවා වැරදි කරපු අයට දඬුවම් නොදුන් නිසා තමයි මෙම අධිකරණ පිහිටුවන්නේ කියලා.

 ඒකෙන් මෙම අධිකරණ හරහා විකෘතියක්‌ වනවා යන මතයේ සිට ප්‍රධාන නීතිඥයන් විරුද්ධ වී තිබෙනවා. එම නිසා ඒ පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි. හිටපු අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතාත් ප්‍රකාශ කර තිබෙනවා එබඳු අධිකරණ අවශ්‍ය නොවන බව. 71 සිදුවීම් සහ උඩතලවින්න සිදුවීම් පවතින අධිකරණ ක්‍රමය තුළම විභාග කළ නිසා විශේෂ අධිකරණ අවශ්‍ය නොවන බව තමයි විඡේදාස මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. නඩු ප්‍රමාද වන්නේ ඇටර්නි ජනරල් කාර්යාලයේ පිරිස නොමැති නිසා බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

 මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තීරාණගම මහතා-

 මෙම ආණ්‌ඩුව යායුතු කාලය ඇවිත් තිබෙනවා. එසේ නොවුණහොත් නිවැරදි කළ නොහැකි තත්ත්වයක්‌ ඇති වනවා. නමුත් එම තත්ත්වය තුළ උගතුන්, බුද්ධිමතුන් නිහඬව සිටිනවා. රටේ දහසක්‌ ප්‍රශ්න තිබියදී අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය ගැන කතා කරනවා. දරුවන්ට සමලිංගිකත්වය උගන්වන්න හදනවා. සමස්‌ත ආසියාවේම සමලිංගිකත්වය නීතිගත කර නෑ. එය සාමාන්‍ය තත්ත්වයට වෙනස්‌ව යැමක්‌, මත්කුඩු, මත් පැන් වැඩිවී තිබෙනවා. ටොµsවල පවා මත්ද්‍රව්‍ය එනවා. නමුත් මෙම තත්ත්වය වෙනස්‌ කිරීමේ කිසිම වැඩපිළිවෙළක්‌ නෑ. ජනාධිපතිටත් නෑ. කළ යුතුව තිබෙන්නේ මෙම මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය පනතට ඇතුළත් කිරීම. නමුත් ඒ ගැන කිව්වත්, ලිව්වත් එය ක්‍රියාත්මක කරන්නේ නෑ.

 ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා-

 යහපාලන ආණ්‌ඩුව 2015 ජනවාරි 8 බලයට ආවේ ආකර්ෂණීය පොරොන්දු ලබාදීල. එම ප්‍රතිපත්ති ප්‍රකාශන දැන් කියවන විට සුරංගනා කතා කියවනවා වගේ තමයි. මෙම ආණ්‌ඩුව එම ප්‍රතිපත්තිවලින් බැහැරවී තිබෙනවා. රට කාලකණ්‌ණි තත්ත්වයට පත්වී තිබෙනවා.

 එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් රටවල් 193 ක්‌ තිබෙනවා. රටවල් අතරින් 35 ක්‌ ඉහළ තැනක සිටිනවා. ඒ සඳහා ආධාර වූ සාධක රාශියක්‌ තිබෙනවා. ඒ සාධක අතර තිබෙන ප්‍රධාන සාධකයක්‌ තමයි හොඳ ආයතන පද්ධතියක්‌ තිබීම. නමුත් අපේ ආයතන විගඩමක්‌ බවට පත්වී තිබෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයා වෙලේ සුදාගේ ගාණට වැටිලා තිබෙනවා.

 ඇතිවී තිබෙන තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය යම් නායකත්වයක්‌ දුන්නත්, ඔවුන්ටත් නිසි දැක්‌මක්‌ නෑ. මේ රටේ ජනතාව ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව තමන්ගේ පිළිකුල පෙබරවාරි 10 ප්‍රකාශ කළා. එම ආරම්භය ඉදිරියට ගෙන යනවා වෙනුවට එය යටපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

 ජ.වි.පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා යෝජනාවක්‌ ගේන්න සූදානම් වනවා. විධායක ජනාධිපති ධුරය උපතින්ම යක්‍ෂයෙක්‌ නොවෙයි. ලෝකයේ බලවත්ම රටවල් 5 න් 4 කට ජනාධිපතිවරු සිටිනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් ජ.වි.පෙරමුණ ප්‍රකාශ කරන තත්ත්වයන් ඇතිවෙනවා නම් 1977 ට පෙර මේ රට සුරපුරක්‌ විය යුතුව තිබුණා.

 දේශහිතෂෛS ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා-

 ජ.වි.පෙරමුණ දැන් කුලියට වැඩ කරනවා. විධායකය අහෝසි කිරීම කියන සීනි කරවල ව්‍යවස්‌ථාවක්‌ ගෙන්න කටයුතු කරනවා. ආණ්‌ඩුව එකඟවූ 30.1 යෝජනාවේ 13 බලාත්මක කරන බව සඳහන් වනවා. ඒ හරහා වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශ කරන තුරු ඉදිරියට යන්න පුළුවන්. විධායකය, මනාප ක්‍රමය අහෝසි කිරීම ඉදිරියට දාල මේ කරන්න හදන්නේ ඒක තමයි. එය 19 වන සංශෝධනය ගෙනා ආකාරයට කූට ලෙස සම්මත කිරීමට සූදානම් වනවා. මේක තමයි රටේ ඉරණම තීරණය කරන සෙල්ලම. ඉන් අනතුරුව මේ රට තුළ සෑම දාම මරාගන්න තත්ත්වයක්‌ ඇති වනවා.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.