වනාතවිල්ලුව
ප්රදේශයේ පුබුදුගම ධීවර ගම්මානයේ සිට රෙඩ්බානා ධීවර ගම්මානය දක්වා දිවෙන ඉපැරණි
අම්බලම් ග්රාමිය මාර්ගය ගමනා ගමනයට අසීරූ ලෙසින් ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇතැයි
ධීවරයින් ඇතුළු ප්රදේශවාසීහු බලධාරින්ට
චෝදනා එල්ල කරයි.
දැනට
වසර 15ට පමණ කාලයකට පෙරාතුව බොරළු යොදා පිළිසකර කර තිබූ මෙම ග්රාමිය පටු මාර්ගය. පසුගිය වර්ෂයන් වල හා මේ වසරේ කඩින් කඩ ඇදහැලුන ධාරාණිපාත අධික වර්ෂාව
හේතුවෙන් ඇති වූ ජල පීඩනයට මාර්ගයේ අතුරා
තිබූ බොරළු සේදී යාමෙන්, විශාල ප්රමාණයේ වලවල් සෑදීමෙන් මාර්ගයට
යොදා ඇති බොක්කු කැඩී බිදී විනාශ වී අබලන් තත්ත්වයට පත්ව ඇති මෙම මාර්ගයේ ගමනා ගමනයට අවහිරතා මතුව ඇති බව මනාව හෙළිදරව්
වේ.
ඉපැරණි
ජනාවාසවල මූලාරම්භයත් සමග ඉදිවූ මෙම අම්බලම් මාර්ගය ඔස්සේ දිනකට ධීවරයින් 70ට ආසන්න පිරිසක් ගමනා ගමනයේ යෙදුන ද, අනතුරට අතවනමින්
පිහිටා ඇති ගරා වැටුන බෝක්කුව සහ අවදානම් සහගත විශාල වලවල් මාර්ගයේ තැනින් තැන
දක්නට ලැබෙන අතර මාර්ගයේ වංගුවත් සමග පිහිටා තිබෙන විශාල කැලය හේතුවෙන් මගී ගමනා
ගමනයට අවහිරතා එල්ලවන අවස්ථා අනන්ත අප්රමාණය.
ප්රදේශවාසී
ධීවර ජනතාව විශාල පිරිසක් මෙම මාර්ගය
උපයෝගි කරගෙන තම ගමන් බිමන් කටයුතු වල යෙදන්නේ ගමනා ගමනයට කෙටි විකල්පයක් වන මේ මාර්ගය හැරෙන්නට වෙනයම් මාර්ගයක් උපයෝගි
නොකරන නිසාවෙනි.
සටහන සේයා රූ
පුත්තලම කේ.ප්රියංකර