ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 12, 2018

පිරිස් බලය නොමැතිව රජකකුල කර්මාන්තය පහත වැටී ඇතැයි පාරම්පරිකයින් මැසිවිලි නගති

පුත්තලම නගරය ආශ්‍රිත රෙදි සේදීමේ කර්මාන්තයේ යෙදෙන රජකකුල කරුවන් හෙවත් රෙදි අපුල්ලන්නන් මෑත ඉතිහසයේ සිය කර්මාන්තයේ නොයෙදීම නිසාවෙන්  පාරම්පරිකව පවත්වා ගෙන යනු ලැබූ මෙම කර්මාන්තය මේ වන සම්පූර්ණයෙන් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පාරම්පරික රජකකුල කරුවන් පවසති.

 රෙදි අපුල්ලවීම සිය වෘත්තිය කර ගත් මෙම පරෙම්පරික රජකකුල කරුවන්ගේ සේවය එකල රජ දවස සිට මේ දක්වා පවත්වාගෙන යනු ලබන කා අතරත් ප්‍රසිද්ධියක් දරන රැකියාවක් බව කිව යුතුව තිබේ.


නමුත් මෙම කර්මාන්තය මේ වන විට වැළලීයාමේ ප්‍රවණාවය ඉහළ මට්ටමක වතින බවයි පාරම්පරික රජකකුලකරුවන්  සදහන් කරන්නේ ඔවුන් ඒ බව සදහන් කරන්නේ ඔවුන්ට දාව උපන් සිය දරු දැරියන් මෙම කර්මාන්තය ආශ්‍රිතව යෙදීමට එතරම් මැලිකමක් නොදක්වන බවත්, මෙම කාර්මාන්තයේ දී ඔවුන් දැඩි අපහසුතාවට පත්වීම නිසාවෙන් සිය කර්මානතය මේ වන විට වැළලීයාමේ දැඩි අවධානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව කියයි.




මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කේ.මූර්ති මහතා පවසා සිටියේ මෙවැන්නකි.



මම මේ රක්ෂාව කරන්නෙ මට අවුරුදු පහළොවෙ ඉදලා දැන් මට අවුරුදු 60ක් වෙනවා. ඉස්සර මේ රක්ෂාවට ලොකු ඉල්ලුමක් තිබුණා. මොකද අපෙන් තමයි කොයි කව්රුත් සේවය ලබා ගත්තෙ හැබැයි ඒකත් දැන් ටිකක් අඩු වෙලා මොකද? ගෙවල් වල දැන් රෙදි හෝදන යන්ත්‍ර තියෙනවා. තව සමහරු ගෙදරදීම සෝදා ගන්නවා. හැබැයි ඒත් අපේ ප්‍රමිතය ගන්න කොයි කාටත් අමාරුයි. අපි ඇදුමක් හෝදලා මැදලා දෙන්න රුපියල් සීයක් ගත්තට රුපියල් දාහක දුකක් විදිනවා. ඒ විතරක් නෙමෙයි දැන් අද කාලේ මේ රක්ෂාව කරන්න අපේ දරුවො ලැජ්ජයි. එයාලා අපිටත් දොස් කියනවා. ඒ නිසා අද පිරිස් නැති වෙලා තියෙන්නෙ අද මේකට කම්කරුවෙක් ගත්තොත් එයාට දවසට රුපියල් දාහක් දෙන්න ඕනෑ. උදේට දවල් කෑම දෙන්න ඕනෑ. එක පැත්තකින් බලද්දි අපිට ඇති ලාභයක් නෑ. මොකද? වැඩ අඩුයි එක පැත්තකින්



මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම්.මානික්කම් මහතා පවසා සිටියේ මේ ආකාරයෙනි.


දැන් අපි මේ රෙදි පොට්ටනිය හෝදන්න ගත්තේ උදේ පාන්දර ඉදලා තවම ඉවර නෑ. හැබැයි ලොකු රෙදි ගොඩකුත් නෑ. ඒත් මෙව්වගෙ තියෙන ජරාව ඉවත් කරන්න සෑහෙන වේලාවක් අපට ගත වෙනවා. ඉතිං ඒ නිසා තමයි අපි දවසට රුපියල් දාහක් ගන්නෙ මේක අපිට විතරක් නෙමෙයි කර්මාන්තයෙ අයිතිකරුටත් බරපතල ප්‍රශ්ණයක් මොකද?  තව දෙයක් අපේ දරු මුණුබුරෝ මේ රක්ෂාවට කොටින්ම කැමති නෑ. ඒ නිසා මම හිතන විදියට අපි නැති දවසක මේ කර්මාන්තය කොටින්ම නැතිවී යයි කියලයි මම හිතන්නෙ.
 සටහන සේයා රූ පුත්තලම කේ.ප්‍රියංකර



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.