කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන නඩුවක්
සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන
පනතේ විධිවිධාන යටතේ වෙනත් මහාධිකරණයකට නඩුව මාරුකර ගැනීම සදහා පෙත්සමක්
2018.03.05 දින අභියාචනාධිකරණයට ගොනුකර තිබුණි. එකී පෙත්සමේ කරුණු
අභියාචනාධිකරණයේ දී 2018.03.08 දින කරුණු තහවුරු කිරීමට සූදානම් වූ
අවස්ථාවේ සිංහල භාෂාවෙන් එකී පෙත්සම ඉදිරිපත් කර තිබූ හෙයින්
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවන ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන්
ගුණරත්න විනිසුරුවරු ඒ සදහා අවසර නොදී නඩුව 2018 ජූලි මාසයට කල් දමා ඇත.
සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ හෙයින් පෙත්සමේ කරුණු තහවුරු කිරීමට
අවස්ථාව නොලැබීම සම්බන්ධව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මගින්
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් 2018.03.12 දින සළකා බැලූ
අගවිනිසුරු ප්රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාර සහ ප්‍රසන්න ජයවර්ධන යන
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග
විසින් විභාග කරනු ලබන එකී නඩුව 2018.03.26 දින දක්වා අත්හිටුවන ලදී.
නැවත එකී නඩුව 2018.03.26 දින ඊවා වනසුන්දර, එන්.ටී. බී. දෙහිදෙනිය සහ
මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැදවූ අවස්ථාවේ
සිංහල භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කිරීම හේතුවෙන් අභියාචනාධිකරණය විසින්
සිදුකර ඇති වෙනස්කම් සම්බන්ධව පෙත්සම්කරුගේ නීතීඥඅරුණ ලක්සිරි දීර්ඝ ලෙස
ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය අමතමින් සිංහල භාෂාවෙන්
පෙත්සම් සහ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ හෙයින් අභියාචනාධිකරණයේදී
2018.03.08 දින කරුණු තහවුරු කිරීම සදහා අවස්ථාව නොලැබුණ බවත් සිංහල
භාෂාවෙන් පෙත්සම ඉදිරිපත් කළ හැකිද යන්න සළකා බැලීමට මාස ගණනාවක් නඩුව කල්
දැමීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය
කිරීමක් බවත් Coomaraswamy V. Shanmugaratna Iyar And Another නඩුවේ තීරණය නොසළකා සිටීමක් බවත්උපරිමාධිකරණවල අධිකරණ භාවිතය නොසළකා සිටීමක් බවත් පෙන්වා දෙන ලදී.
සිය සේවාදායකයා අභියාචනාධිකරණයේ සහන පතා පැමිණි කාරණය පසෙක තබා
සහ ඒ සම්බන්ධව කරණු තහවුරු කිරීමට අවස්ථාව නොදීඅභියාචනාධිකරණයට සිංහල
භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? යන්න සම්බන්ධව කරුණු විමසා අදාල
නියෝගය එනම් සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කළ හැකිද? යන්න සම්බන්ධ තීරණය
කිරීමට මාස ගණනාවක් පසුව එන ඉදිරි දිනයක් ලබා දෙන බව කියා නඩුව කල්
දැමීමෙන් බලවත් අයුක්තියක් අභියාචනාධිකරණය විසින් සිය සේවාදායකයාට සිදු කර
ඇති බවත් පෙන්වා දෙනු ලැබීය. තවද සිංහල භාෂාවෙන් අභියාචනාධිකරණයේ නඩු
පැවරීමට පුරවැසියන්ට ඇති අයිතිය වැළක්වීමක්/ අහිමිකිරිමක් මෙමගින් සිදු කර
ඇති බවත් සිංහල භාෂාවෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමට බාධා කර ඇති බවත් එය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර ඇති භාෂා අයිතිවාසිකම් සීමා කිරීමක්
සහ අහිමි කිරීමක් බවත් වැඩිදුරටත් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙන
ලදී.
එකී කරුණුවලට සවන් දීමෙන් පසු මහාධිකරණ නඩුවේ සියලු නඩු කටයුතු
ශේෂ්ඨාධිකරණ නඩුව අවසන් වන තෙක් අත්හිටවීමට සහ සිංහල භාෂාවෙන්
අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අදාල නඩුකටයුතු ඉදිරියට පවත්වාගෙන යන
ලෙස නියෝග කරමින් එකී නියෝග කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට සහ
අභියාචනාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය
විසින් නියෝග කර ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 28, 2018
සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම බාරගෙන ඉදිරි නඩු කටයුතු සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට නියෝග කරයි…!
සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම බාරගෙන ඉදිරි නඩු කටයුතු සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට නියෝග කරයි…!
2018-03-28T03:36:00+02:00
lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
