ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 9, 2018

මුස්‌ලිම් සහෝදර ප්‍රජාව අම්පාරේ සිට බස්‌වල නැඟ නුවරට පහරදීම පිණිස එන්නේ ද නැත....!!!

ජාතිවාදය බෝ වෙයි. ජාතිකවාදය බෝ නොවෙයි. ජාතිවාදය යනු රෝගයකි. ජාතිකවාදය යනු නිදහසේ ජීවත්වනු පිණිස නිවහල් මනුෂ්‍යයන් විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය සම්පන්න න්‍යායකි. ජාතිවාදියා සෙසු ජාතීන්ගේ අයිතිවාසිකම් නොතකයි. ජාතිකවාදියා එයට හාත්පසින් ම වෙනස්‌ව තම ජාතියට ඇති අයිතිවාසිකම් සියල්ල සෙසු ජාතීන්ටත් ඇති බව කල්පනා කරයි' ඒ බව පිළිගනී.
  මෙයට දින කිහිපයකට පෙර කඳුකරයෙන් නැගුණ ජාතිවාදී ගිනිදැල් තව තවත් අවුලවනු පිණිස මිස නිවනු පිණිස ඉදිරිපත් වන කිසිවෙක්‌ නැත, ගින්න ඇවිලුනේ රටක්‌ ජාතියක්‌ හෝ ආගමක්‌ වෙනුවෙන් නොව ත්‍රිරෝද රියක සයිඩ් කන්නාඩියක්‌ වෙනුවෙනි. මුස්‌ලිම් තරුණ පිරිසක්‌ ගමන් කළ ත්‍රිරෝද රථයක සිංහල තරුණයකු පැදවූ ලොරියක්‌ ගැටිණ. ත්‍රිරෝද රියේ සයිඩ් කන්නාඩිය කැඩිණ. එයට දඬුවම් පිණිස සිංහල තරුණයාට ඉස්‌ලාමීය තරුණයන් වෙතින් මාරක ප්‍රහාරයක්‌ එල්ල විය. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද සිංහල තරුණයා ඒ තුවාලවලින් ම මළේය.

ඉහත සඳහන් සිද්ධියේදී පොලිසිය 'සාමාන්‍ය පරිදි' ක්‍රියාත්මක වූ බව කියනු ලැබේ. සාමාන්‍ය පරිදි යෑයි කියන්නේ පොලිසිය ළඟකදී සිට හුරු පුරුදු වී තිබෙන නිවට නියාලු කම්මැලි ස්‌වරූපයෙන් ක්‍රියා කිරීමය. සිංහල තරුණයා මළ විට සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුස්‌ලිම් තරුණයන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ යුතු වූ නමුදු එබන්දක්‌ සිදු වූයේ නැත. සිංහල තරුණයාගේ අවමඟුල් දිනයේදී චිතක දෙකකට ගිනි තබන ලදි. පළමු වැනි චිතකය තරුණයාගේ සිරුර දවන චිතකය ය. දෙවැනි චිතකය වූ කලී ජාතිවාදී චිතකය ය. පළමු චිතකයේ ගිනි නිවී ගිය ද දෙවැනි චිතකයේ ගිනි තවමත් දැල්වෙයි. මහනුවර, දිගන, තෙල්දෙණිය යන පෙදෙස්‌ දවාගෙන පැමිණි එම ගින්න මේ වන විට කටුගස්‌තොට පාලම පසුකර තවත් දුර ගමන් කිරීමට සූදානම්ය. අම්පාරෙන් හා මඩකලපුවෙන් නුවර බලා පැමිණි අපගේ මුස්‌ලිම් සහෝදරවරුන් දහස්‌ ගණනක්‌ මෙය ලියන මොහොතෙත් මහනුවර මුස්‌ලිම් පල්ලි වටකරගෙන සිටියහ. ඒ අතර සිංහල තරුණ පිරිස්‌ තම මියගිය සිංහල සහෝදරයාගේ රුධිරය උදෙසා වැළපුනාහ. තැනෙක අත් බෝම්බ ගසන ලදි. තව තැනක ගිනි තබන ලදි. තව තැනෙක මිනී මරන ලදි. මේ සියල්ල සිදුවන්නේ නුවර හැම අඟලක්‌ පුරාම පොලිසිය බලා සිටින අතරය.

 පොලිසිය නිකරුණේ බලා සිටින්නේ යයි කියමින් කෙනෙකු මේ මොහොතේදී චෝදනා කරනු ඇති. පොලිසිය වෙන කුමක්‌ කරන්නද? ජාතිවාදීන්ට එරෙහිව අතක්‌ ඔසවන හැම පොලිස්‌ නිලධාරියකුම හෙට නවතිනු ඇත්තේ පොලිස්‌ කූඩුවෙහි ය. යුද ජයග්‍රහණයට දායක වූ රණවිරුවන් කූඩුවට දක්‌කන, එµa.සී.අයි.ඩී. ගෙන යන, උසාවියට ඇදගෙන යන රටක පොලිසිය සිටිය යුත්තේ ට්‍රැµsක්‌ රාළහාමිලා ලෙසින් පමණි. කැරලි මර්දනය හෝ ප්‍රචණ්‌ඩත්වය පිටු දැකීම පොලිසියට තව දුරටත් අදාළ නැත. කැරලි මර්දනය වැනි වැඩි වැඩ කරන්නට ගොස්‌ රතුපස්‌වල සිද්ධියේ දී වූවාක්‌ මෙන් හිරේ විලංගුවේ යන්නට කිසිදු පොලිස්‌ නිලධාරියකුට වුවමනා නැත.

 ලංකාවේ බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. යන්තමින් හෝ ඉතිරිව ඇත්තේ සී.අයි.ඩිය පමණි. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පමණක්‌ රටක ආරක්‍ෂාව නඩත්තු කළ නොහැක. හරියාකාර බුද්ධි අංශයක්‌ අපට ඉතිරිව තිබුණා නම් ජාතිවාදය මෙසේ බෝවන්නේ නැත. මහනුවර සිංහල, මුස්‌ලිම් කලබලය මෙතරම් දුරක්‌ යන්නේ නැත. සෑම සිකුරාදාවකම දවල් දොළහට මුළු මහත් මහ පාරම අවහිර වන සේ පාර හරස්‌ කර පල්ලි යන මුස්‌ලිම් සහෝදර ප්‍රජාව අම්පාරේ සිට බස්‌වල නැඟ නුවරට පහරදීම පිණිස එන්නේ ද නැත.

 මේ නීච තත්ත්වය මැඬ පැවැත්වීමට බැරි නම් ආණ්‌ඩුව ඉල්ලා අස්‌විය යුතුම ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.