නාදුනන වැල්
වර්ගයක් හේතුවෙන් තම වගා
බිම් වලට තර්ජනයක් සිදුවෙමින් තිබෙන බව කල්පිටිය දළුව ප්රදේශයේ වගාකරුවන් පවසති.
වසර දෙකකට
ආසන්න කාලයක සිට
දළුව ප්රදේශයේ පැතිරී යමින්
තිබේන මෙම වැල් කුඩා වර්ගයේ
ගස් වලට සහ මල්
වගා බිම් තුල ශක්තිමත් කද
සහිත වගාවන් තුලටද, ඉතා ඉක්මනින් ඇදි
යන බවත්, පොලවට
කිසිම ආකාරයෙන් සම්බන්ධතාවයක් නොමැති
මෙම වැල් වර්ගයේ අගක්
මුලක් සොයා ගැනිමට
නොහැකි නිසා අග
මුල නැති වැල්
නමින් හැදින්වීමට ජනතාව හුරුව
තිබේ.
කොල පැහැයෙන් දිස්වන මෙම
වැල් වර්ගය සෙන්ටි
මිටර් 10 වැඩි ඝණත්වයකින් යුක්ත
බව කියයි. මෙම
වැල් වර්ගය ඉතා
ඉක්මනින් පැතිරි යාම
නිසා එය වද කිරිමට
නොහැකි බවද, මේ අග
මුල නමින් හදුන්වන
වැල් වර්ගයෙන් බරපතල
පිඩාවට ලක්ව සිටින
මල් වගා ගොවිපලක් පවත්වාගෙන යන
ඒ.එම්.ඒ.කරුණාවති මහත්මිය දැක්වුයේ මෙවැනි දෙයකි.
මේ වැල්
වර්ගය දැනට
අවුරුද්දක් විතර
කාලයකදි මේ ඉඩමේ දැක්කා
මම එච්චර ගනන්
ගත්තේ නෑ. වතුර නැතිව
තියෙද්දි මැරිලා වගේ තියෙන්නේ අපි පොල් වලට
වතුර ගහන්න ගත්තාම
එකපාර වැල් බෝවෙන්න
ගත්තා. මේ වැලේ කිසිම
තැනක මුලක් නෑ. ඒක
අපිට පුදුමයක්. මගේ
මල් ගොවිපලේ ඉද්ද වගාවේ
මව් ඉද්ද ගස්වලට
මේ වැල් වර්ගය
බෝ වෙලා ගලවා
ගලවා අයින් කරලා
දැම්මාට ඉවරයක් නෑ. මේ
වැල් වල තියෙන භයානකකම
තමා ගහකට එතුනාම
ගහේ සාරය උරා
ගෙන බොන එක එයින්
පස්සේ ගහ මැරිලා යනවා. මේ
වැල් වර්ගය නිසා මගේ ඉද්ද
වගාවට හානි වෙලා
මැරිලා ගියා. අපි
දන්න කෘෂිරසායනික දේවල්
යෙදුවත් මේ වැල් මරන්න
බැරි වුණා. යැයි
ඇය පවසයි.
දඑව ප්රදේශයෙම පදිංචි එච්.කේ.ධනපාල මහතා පවසා සිටියේ
මේ වැල්
වර්ගය නිසා අපි මේ
වෙද්දි බරපතල අසරණ
විමකට ලක් වෙලා තියෙන්නේ. දැනගන්න නම් තවම
වැඩි ප්රදේශයක පැතිරිලා නෑ. බැරි වෙලාවත්
පැතිරි ගියොත් ලොකු
විනාශයක් වෙන්නේ අපි බලධාරින්ට කියන්නේ මේ
නාදුනන වැල් වර්ගය
මේ තියෙන තත්වය
අනුව ඉවත් කරන්න
කියලා.
සටහන සේයා රූ
පුත්තලම කේ.ප්රියංකර
පුත්තලම කේ.ප්රියංකර