ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 28, 2018

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා (27 වැනිදා) අභාවප්‍රාප්ත විය.
  කලක්‌ රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 66 හැවිරිදි වියෙහි පසුවිය. කෘතහස්‌ත ලේඛකයකු හා කවියකු ලෙස පාඨක ආදරය දිනාගත් දොඩංගොඩ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහයේ'  විශේෂාංග කතුවරයකු ලෙස දිගු කලක්‌ සේවය කළේය.

  දශක තුනකට අධික සිය මාධ්‍ය දිවියේ ලේඛකයකු ලෙස විසල් මෙහෙවරක්‌ කළ චන්ද්‍රසිරි දොඩංගොඩයන් අතින් ලියෑවුණු මගේ සඳ ඔබයි, සඳ කළුවර, ආත්මා, ලෝචනා, කඳුළු දොරකඩ, විසිරුණු මල් පෙති, පිටුවහල් කළ මිනිසා, ඇත්කඳ ලිහිණි, දැල බිඳුම සහ භෂ්මාවශේෂ යන නවකතා පාඨකයන් අතර මහත් ප්‍රචලිත විය.

විශිෂ්ට කාව්‍ය රචකයකු ද වූ ඒ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට සංස්‌කරණය කරන ලද 'කව් මුතු' පිටුව පාඨක සමාජයේ ඉහළ ප්‍රතිචාර ලැබීය.

 ඔහුගේ නවකතා කිහිපයක්‌ පසු කලෙක ටෙලි නාට්‍ය ලෙසද නිර්මාණය වූ අතර ඒවා රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ගේ නොමඳ ප්‍රතිචාරයට ලක්‌ විය.

 චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා සුනිලා විඡේසිංහ මහත්මියගේ දයාබර ස්‌වාමිපුරුෂයා වූ අතර නිපුන දොඩංගොඩ ඔවුන්ගේ එකම පුත්‍රයාය.

 චන්ද්‍රසිරි දොඩංගොඩ මහතාගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්‌පතින්දා (29 වැනිදා) රාගමදී සිදු කිරීමට නියමිත අතර 48/5 කුරුකුලාව රාගම දරන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසෙහි දේහය තැන්පත් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.