ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, March 28, 2018

කුඩු දුමින්ද නැවත කරළියට....!!!

දුමින්දගේ මරණ දඬුවමට එරෙහි පෙත්සම - ගැටුම සිදුවූ මොහොතේ දුමින්ද අතේ ගිනි අවියක්‌ තිබී නැහැ.....
 බිම ඇදවැටීමට පෙර ඔහු කිසිවකුට වෙඩි තැබූ බවට සාක්‍ෂිත් නැහැ...


 දුමින්ද නඩුවට පැටලවීම රහස්‌ පොලිසියේ අරමුණ වී තිබුණා - ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

 දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ දුමින්ද සිල්වා අතේ ගිනි අවියක්‌ තිබිලා නැහැ. වෙඩි වැදී සිහිසුන්ව බිම ඇදවැටීමට පෙර ඔහු කිසිවකුට වෙඩි තැබූ බවට නඩු විභාගයේදී සාක්‍ෂියක්‌ ඉදිරිපත් වුණෙත් නැහැ. කෙසේ හෝ ඔහු මෙම නඩුවට පැටලවීම රහස්‌ පොලිසියේ අරමුණ වූ බව පරීක්‍ෂණ පැවැත්වූ ආකාරයෙන් ඉතා පැහැදිලිව පෙනී යනවා යයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්‌වමින් කියා සිටියේය.

මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් දරුවන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරලා


මෙහි අරමුණ අපගේ සංස්‌කෘතිය හා ජාතිකත්වය විනාශ කිරීමයි  - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි...!!!
  "සමසේ සිතීම" යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මුවාවෙන් වයස අවුරුදු 3 සිට 7 දක්‌වා වූ වයසේ ළමුන් සමලිංගික සේවනයට යොමු කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ. උන් වහන්සේ ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (27 දා) "මහජන රාජ්‍ය සභාව" නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

 මේ රට තුළ ක්‍රියාත්මක ළදරු පාසල් 19,000 ක්‌ සහ තවත් පූර්ව ළමා විය සංවර්ධනය කරන පාසල් 9000 ක්‌ පමණ පදනම් කරගෙන අඳුරු අදහසක්‌ ව්‍යාප්ත කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට නියාමන ව්‍යාපෘතියක්‌ ලෙස කරනවා. මෙහි අරමුණ වයස අවුරුදු 3 ත් 7 ත් අතර වයසේ ළමුන් සඳහා සමලිංගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තමයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා (27 වැනිදා) අභාවප්‍රාප්ත විය.
  කලක්‌ රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 66 හැවිරිදි වියෙහි පසුවිය. කෘතහස්‌ත ලේඛකයකු හා කවියකු ලෙස පාඨක ආදරය දිනාගත් දොඩංගොඩ මහතා 'දිවයින ඉරිදා සංග්‍රහයේ'  විශේෂාංග කතුවරයකු ලෙස දිගු කලක්‌ සේවය කළේය.

  දශක තුනකට අධික සිය මාධ්‍ය දිවියේ ලේඛකයකු ලෙස විසල් මෙහෙවරක්‌ කළ චන්ද්‍රසිරි දොඩංගොඩයන් අතින් ලියෑවුණු මගේ සඳ ඔබයි, සඳ කළුවර, ආත්මා, ලෝචනා, කඳුළු දොරකඩ, විසිරුණු මල් පෙති, පිටුවහල් කළ මිනිසා, ඇත්කඳ ලිහිණි, දැල බිඳුම සහ භෂ්මාවශේෂ යන නවකතා පාඨකයන් අතර මහත් ප්‍රචලිත විය.

රාජපක්ෂලාගේ කුප්‍රකට ජ්‍යොතිෂය කාරයෝ කුමන්ත්‍රණයක

සමාන්‍යයෙන් ඉරිදා දිනවලදි සඳ බැලීම සඳහා නැකැත් ලබා නොදීම සම්ප්‍රදාය වේ. මේ හේතුව නිසාම සතුරු කරදර, රජයට එරෙහිව ඇති වන කුමන්ත්‍රණ, පවුල් අතර ඇති වන කුමන්ත්‍රණ ආදි විශාල ප්‍රමාණයක් ඇති වෙනවා.
 2018 සිංහල හා හින්දු අවුරුද්ද වෙනුවෙන් අවුරුදු නැකැත් කමිටුව විසින් සකස් කර ඇති නැකැත් වල බරපතළ අවුලක් තිබේන බවත් අදාළ සියළුම නැකත් දෝෂ සහගත වන අතරම ඒවා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මුළු නැතැක් මණ්ඩලයේම සාමාජිකයින් මේවන විට මහින්ද රාජපක්ෂ සිය ග්‍රහණයට නතු කර ගෙන ඇති අතරම මෙම වැරදි නැකැත් හැදීම සඳහා එක් අයෙකුට ලක්ෂ 25 ක මුදල් ත්‍යාග ද ලබා දී ඇති බවයි අනාවරණය වි ඇති අතර ඊට හොදම උදාහරණය වන්නේ පසුගිය කාලසිමාව තුල බත්තරමුල්ලේ මහින්දගේ කාර්‍යාලයේ වෙනම කාමර දෙකක් කුප්‍රකට ජ්‍යොතිෂය කාරයන්ට ලබාදි තිබිමයි. ඔහුන් විසින් පසුගිය කාලසිමාව තුල බත්තරමුල්ලේ සිට ව්‍යාජ ජ්‍යොතිෂ පුවත් පත් රැසක්ද පවත්වාගෙන ගිය අතර ඒ හරහා ආණ්ඩුව සහ රට සම්බන්ධයෙන් වැරදි ජ්‍යොතිෂය මත පැතීර විමටද කටයුතු කර තිබේ.

සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම බාරගෙන ඉදිරි නඩු කටයුතු සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණයට නියෝග කරයි…!

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන නඩුවක් සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන යටතේ වෙනත් මහාධිකරණයකට නඩුව මාරුකර ගැනීම සදහා පෙත්සමක් 2018.03.05 දින අභියාචනාධිකරණයට ගොනුකර තිබුණි. එකී පෙත්සමේ කරුණු අභියාචනාධිකරණයේ දී 2018.03.08 දින කරුණු තහවුරු කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිංහල භාෂාවෙන් එකී පෙත්සම ඉදිරිපත් කර තිබූ හෙයින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවන ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න විනිසුරුවරු ඒ සදහා අවසර නොදී නඩුව 2018 ජූලි මාසයට කල් දමා ඇත.
සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ හෙයින් පෙත්සමේ කරුණු තහවුරු කිරීමට අවස්ථාව නොලැබීම සම්බන්ධව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන  මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් 2018.03.12 දින සළකා බැලූ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාර සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන එකී නඩුව 2018.03.26 දින දක්වා අත්හිටුවන ලදී.

Saturday, March 24, 2018

අපට අනවශ්‍ය ඔබේ සහාය බලෙන් දෙන්න එපා.. කොටි සංවිධානය ‘අ’යන්නේ සිට කල අපරාධ ජිනීවාහි රැවුදේ…

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සමුලුවේ, ” ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ බලපෑම්” යන මැයෙන් වූ සමාන්තර සැසිවාරයේදී කල දේශණයේ පරිවර්ථනය…
තිස් වසරක් පුරා ලෝකයේ දරුනුණුතම ත්‍රස්තවාදී කන්ඩායමක් වන එල් ටී ටී ඊ සංවිධානය විසින් භීෂණයට ලක් කොට තිබූ ලංකාව කොටි ත්‍රස්ථවාදයේ රුදුරු ග්‍රහණයෙන් මුදවාගෙන, අඳුරින් වැසී තිබුන දේශයට යලි සාමයේ ආලෝකය ගෙන එනු ලැබුවේ 2009 වසරේදීයි.
කොටි ත්‍රස්ථවාදීන්ට අවශ්‍යව තිබුනේ වෙනම රටක්. එය ඔවුන් හැදින්වූයේ ඊලාම් දේශය කියායි
එය දිනා ගැනීම සඳහා ඔවුන් උතුරු හා නගෙනහිර පලාත්වල සන්නද්ධ අරගලයක යෙදී සිටියා. ඊට සමාන්තරව ඔවුන් රට පුරා සෑම ප්‍රදේශයකම වාගේ ත්‍රස්ථ ක්‍රියා කරමින් භීෂණය පැතිරුවා
ලෝකයට මුලින්ම මරාගෙන මැරන ත්‍රස්ථවාදීන් යන සංකල්පය හඳුන්වා දුන්නේ කොටි සංවිධානයයි. ඔවුන් කාන්තාවන් හා කුඩා දරුවන්පවා මිනිස් බෝම්බ බවට පත්කලා. කෲර බව අතින් කොටීන්ටට සමකල හැකි ත්‍රස්ථවාදී කන්ඩායමක් එකල ලෝකයේ කිසි තැනක සිටියේ නැහැ. ලෝකය පුරාම ත්‍රස්ථ කන්ඩායම් කාලයත් සමග කොටි ත්‍රස්ථවාදීන් ආදර්ශයට ගන්නට පටන් ගත්තා.

Thursday, March 22, 2018

ලංකා ලංකා පෙම්බර ලංකා සුරකිමු ඔබ ලංකා....!!!

Tuesday, March 20, 2018

ජිනීවා කොටීන්ට සිංහයෝ උඩ පැන පැන තලති...[Video]

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් මාර්තු 19 දා ජිනීවාහීදි පැවැත්වූනි. ඒවා සංවිධානය කොට තිබුනේ පිලිවෙලින් ගෝලීය දෙමල සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසිනුයි.
මෙම සමාන්තර සැසිවාර වල මූලික අරමුණ වන්නේ සංහිදියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින වර්ථ්මාන තත්වය පිලිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කිරිමයි.
වසර ගනනාවක් පුරා ජිනීවා මානව හිමිකම් කවුන්සිය තුල තම ආධිපත්‍යය පතුරවාගෙන අන්තර්ජාතික ප්‍රජාව නොමග යවමින් සිටි කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාවට දැන් විශාල ගැටලුවක්ව තිබෙන්නේ ඔවුන්ගේ සම්මන්ත්‍රණවලට සහභාගීවන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමල ඩයපෝරාව විසින් ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමයි.
මෙවැනි සිද්ධියක් නිසා පැවති එක් සමාන්තර සැසියක් ඉතා උනුසුම් මුහුනුවරක් ගත්තේය.

Monday, March 19, 2018

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ජිනීවා මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතා…

ජගත් මානව හිමිකම් කවුන්සිලය විසින් දිගින් දිගටම ලංකාවට කරන කෙනෙහිලිකම් වලට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සංවිධානය කර තිබූ විරොදතාවක් මාර්තු මස 18දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
මේ සඳහා ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය, ජර්මනිය, ප්‍රංශය ,මොනොකෝ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය යන රටවලින් පැමිනි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයෝ සහභාගී වූහ.ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ආරාධනයෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් මහත්මිය ඇතුලු කන්ඩායමක්ද විරෝධතාවට සහභාගී වීමට ලංකාවේ සිට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය....!!!

රචනා /නිබන්ධන තරඟය 
ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය
(සිංහල මාධ්‍ය - විවෘත)
 මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ සඳහන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු, චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය.

 රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික, විද්‍යාත්මක, කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ.

Saturday, March 17, 2018

ශ්‍රී ලංකාවේ ඒකීය බව ආරක්ෂා කරන්නෝ සහ බෙදුම්වාදයට ශක්තිය දෙන්නෝ...!

වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හදුන්වන මේ දිවයින වර්ෂ 1815 දී ගිවිසුමක් මගින් එංගලන්ත කිරීයේ අණසකට යටත් කරගත් අතර පසුව 1818 කැරැල්ලත් සමග ස්වදේශිකයන්ගේ නිදහස තවත් අහිමි විය. එදා සිට ආරම්භ කළ නිදහස් අරගල ප්‍රතිඵලයක් ලෙස 1948 දී ඩොමීනියන් නිදහසත්, 1972 දී එංගලන්ත රාජාධිකරණයෙන් නිදහසත් ලබා ගත්තේ ය.
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි. එමෙන්ම 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. ඒකීය යන්න රටේ පැවැත්ම සදහා බොහෝ වැදගත් බව ශ්‍රී ලාංකිකයෝ බහුතරය සිතති. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඉහත ඒකීය යන්න ඉවත්කරගෙන සන්ධීය/ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උනන්දුවන සහ අරමුණ කරගත් බලවන්තයින් පිරිසක් ඉන්නා බවද රහසක් නොවේ. ඔවුන් සිය අරමුණු එනම් ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගැනීම සදහා දක්ෂ සහ සූක්ෂම උපක්‍රම භාවිතා කරති. මේ ලිපිය ලියවී ඇත්තේ එකී දක්ෂ සහ සූක්ෂම භාවිතයන් කිහිපයක් හදුනාගැනීමට උදව් කිරීමටත් එහිදී ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිමින් බෙදුම්වාදයට රැකුල් දෙන් අය කවුද? යන්නත් හදුනාගැනීමට හැකි වේ.

Friday, March 16, 2018

භාෂා අයිතිය අහිමි කිරීම සම්බන්ධව අභියාචනාධිකරණ සභාපති විනිසුරුට සහ තවත් විනිසුරුවරයකුට එරෙහිව නීතීඥවරයෙක් ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරයි.

අභියාචනාධිකරණයේ වර්තමාන සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න  විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  24.2 ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරමින් සිංහල භාෂවෙන් ඉදිරිපත් කළ පෙත්සම සදහා විවෘත අධිකරණයේදී කරුණු තහවුරු කිරීමට අවස්ථාව නොදීම සහ අභියාචනාධිකරණයේ කරුණු තහවුරු කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ යුතු බවට ප්‍රකාශ කිරීම ඇතුළුව සම්බන්ධව සුදුසු පියවර ගන්නා ලෙසත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස පත්කිරීමට හෝ නිර්දේශ කිරීම සිදුකිරීමේ එකී ක්‍රියාවන් සළකිල්ලට ගන්නා ලෙසත් ඉල්ලා සිටීමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ කථානායක කරු ජයසූරිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ‍වෙත ලියාපදිංචි තැපෑලෙන් දැන්වීම් යොමු කර ඇත.

එකී දැන්වීම යොමු කිරීමට අදාල සිදුවීම මෙසේ ය.

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක්...!!!

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය 

රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු. 

එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි  ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු. 

Monday, March 12, 2018

පිරිස් බලය නොමැතිව රජකකුල කර්මාන්තය පහත වැටී ඇතැයි පාරම්පරිකයින් මැසිවිලි නගති

පුත්තලම නගරය ආශ්‍රිත රෙදි සේදීමේ කර්මාන්තයේ යෙදෙන රජකකුල කරුවන් හෙවත් රෙදි අපුල්ලන්නන් මෑත ඉතිහසයේ සිය කර්මාන්තයේ නොයෙදීම නිසාවෙන්  පාරම්පරිකව පවත්වා ගෙන යනු ලැබූ මෙම කර්මාන්තය මේ වන සම්පූර්ණයෙන් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බව පාරම්පරික රජකකුල කරුවන් පවසති.

 රෙදි අපුල්ලවීම සිය වෘත්තිය කර ගත් මෙම පරෙම්පරික රජකකුල කරුවන්ගේ සේවය එකල රජ දවස සිට මේ දක්වා පවත්වාගෙන යනු ලබන කා අතරත් ප්‍රසිද්ධියක් දරන රැකියාවක් බව කිව යුතුව තිබේ.


නමුත් මෙම කර්මාන්තය මේ වන විට වැළලීයාමේ ප්‍රවණාවය ඉහළ මට්ටමක වතින බවයි පාරම්පරික රජකකුලකරුවන්  සදහන් කරන්නේ ඔවුන් ඒ බව සදහන් කරන්නේ ඔවුන්ට දාව උපන් සිය දරු දැරියන් මෙම කර්මාන්තය ආශ්‍රිතව යෙදීමට එතරම් මැලිකමක් නොදක්වන බවත්, මෙම කාර්මාන්තයේ දී ඔවුන් දැඩි අපහසුතාවට පත්වීම නිසාවෙන් සිය කර්මානතය මේ වන විට වැළලීයාමේ දැඩි අවධානම් තත්ත්වයක් උද්ගත වී ඇති බව කියයි.

Friday, March 9, 2018

මුස්ලිමුන් කොයිබටද ?

යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය  යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන්  දෙසටය.ලිපිය ලියයන විටත් පොලීසිය විසින් Face book , whatsapp, messenger, blogs   මොනිටර් කිරීම අරඹා ඇත . ඒනමුත් සත්‍ය කිමට කුමට බිය විය යුතුද ....!!!


රනිල් වික්‍රමසිංහ

2001-2004 කාලයේ පැවතියේ එ.ජා.ප ආන්ඩුවකි. රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වූ අතර රටේ ජනාධිපති ධූරය  චන්ද්‍රිකා බන්ඩාරනායක අත විය. 2002 වර්ශය ආරම්භය සනි‍ටුහන් වනවාත් සමගම එක් ඛේදජනක සිදුවීමකින් මුලු ගුවන් හමුදාවම සසල විය. පියාසර නිලධාරී ආක්ෂ් වන්නිආරච්චි , ඉන්ටේක් 36 ( රෙජිමේන්තු )පුත්තලම නගරයේ දෙනෝදාහක් ඉදිරිපිට ඝාතනය විය.ආකාෂ් සේවය කලේ පාලවි ගුවන් හමුදා කදවුරට අනුයුක්තවය. පුත්තලම නගරය අශ්‍රිතව ක්‍රියාත්මක සංවිධානාත්මක මුස්ලිම් අපරාධ කල්ලියක් අතින් ආකාෂ් ඝාතනය විය. ඔහු මියගියේ පපු ප්‍රදේශයට ලද පිහි ඇනුම් ප්‍රහාරයක් හේතුවෙනි. මෙම ඝාතනයේ කෙස් කෙලින් කර වන කොටස නම් ඝාතකයන් මුස්ලිමුන් වීම නොව මිනීමරුවා රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයෙකු වීමය.  මිනීමැරුමේ ඇසින් දු‍ටු සාක්ෂිකරුවා වූ වින්ග් කමාන්ඩර් නුගේගොඩ තවම ගුවන් හමුදා සේවයේ නියුතුය.  දේශපාලන වාසිතකා පුත්තලමේ  මිනීමරුවන් ආරක්ෂා කලේ රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ එදාවෙල දේශපාලනයට අත් උදව් දුන්නේ එවක පොලිස්පති ලක්දාස කොඩිතුවක්කු සහ ගුවන් හමුදාපති ජයලත්  වීරක්කොඩිය. එදා සක්‍රීය සේවයේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරියෙකුගේ ලේ පැල්ලම අතින් වසන්කල රනිල්ට මෙදා දිගන රියෙදුරෙකුගේ ලේ පැල්ලමකින් ජාත්‍යන්තර අපකීර්තියක් ලැබීම දෛවයේ සරදමකි. සරදම කොතෙක් කුරිරුදයත් නීතිය හා සාමය භාර ඇමතිවරයාද ඔහුය.

මුස්‌ලිම් සහෝදර ප්‍රජාව අම්පාරේ සිට බස්‌වල නැඟ නුවරට පහරදීම පිණිස එන්නේ ද නැත....!!!

ජාතිවාදය බෝ වෙයි. ජාතිකවාදය බෝ නොවෙයි. ජාතිවාදය යනු රෝගයකි. ජාතිකවාදය යනු නිදහසේ ජීවත්වනු පිණිස නිවහල් මනුෂ්‍යයන් විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය සම්පන්න න්‍යායකි. ජාතිවාදියා සෙසු ජාතීන්ගේ අයිතිවාසිකම් නොතකයි. ජාතිකවාදියා එයට හාත්පසින් ම වෙනස්‌ව තම ජාතියට ඇති අයිතිවාසිකම් සියල්ල සෙසු ජාතීන්ටත් ඇති බව කල්පනා කරයි' ඒ බව පිළිගනී.
  මෙයට දින කිහිපයකට පෙර කඳුකරයෙන් නැගුණ ජාතිවාදී ගිනිදැල් තව තවත් අවුලවනු පිණිස මිස නිවනු පිණිස ඉදිරිපත් වන කිසිවෙක්‌ නැත, ගින්න ඇවිලුනේ රටක්‌ ජාතියක්‌ හෝ ආගමක්‌ වෙනුවෙන් නොව ත්‍රිරෝද රියක සයිඩ් කන්නාඩියක්‌ වෙනුවෙනි. මුස්‌ලිම් තරුණ පිරිසක්‌ ගමන් කළ ත්‍රිරෝද රථයක සිංහල තරුණයකු පැදවූ ලොරියක්‌ ගැටිණ. ත්‍රිරෝද රියේ සයිඩ් කන්නාඩිය කැඩිණ. එයට දඬුවම් පිණිස සිංහල තරුණයාට ඉස්‌ලාමීය තරුණයන් වෙතින් මාරක ප්‍රහාරයක්‌ එල්ල විය. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද සිංහල තරුණයා ඒ තුවාලවලින් ම මළේය.

සැකය තහවුරු වීම ....!!!

ජිනීවා මානව හිමිකම් සැසිය නුදුරේදීම ආරම්භ වන නිසා රජය වහ වහා සංහිඳියා වැඩපිළිවෙල දියත් කරන බව පෙනී යයි. තුන් දෙනෙක්‌ චිත්‍රපටය පෙන්වූයේද එම නිසා විය හැකිය. තුන් දෙනා චිත්‍රපටයේ සාර්ථක අසාර්ථකභාවය ගැන අපට කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ එම චිත්‍රපටය දැක නැති නිසාය. ජාතියක්‌ උඩ දැමීමට හෝ ජාතියක්‌ යටකිරීමට කිසිවකුට අවශ්‍ය නැත. එහෙත් කිසිවකුට නිග්‍රහයට ලක්‌වීමට අවශ්‍ය නැත. බොහෝ සංහිsඳියා ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ බහුතරය අවමානයට ලක්‌වීමද....?
  ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය සතුටු කිරීම වෙනුවෙන් අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා කොමසාරිස්‌වරු පත්කර ඇත. මේ කාර්යාලය සඳහා අයවැයෙන් රුපියල් කෝටි 1200 ක්‌ වෙන්කර ඇති බව සඳහන්ය. ඒ අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමටද නැතිනම් වෙනත් ක්‍රියාමාර්ගයකටද යන්න විස්‌තර කර නැත. එහෙත් මේ සඳහා පත් කළ කොමසාරිස්‌වරු දෙදෙනෙක්‌ම ප්‍රකට රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන්ය.

ලංකාවේ අබ්රහස් ස්ථාන....!!!

අළුගල් ලෙන රාවණාගේ සේනාව පිළිස්සූ තැනද ? නිවී ගිය ගිනි කන්දක්ද ?

දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර මිටියාවත ලෙස නම් කළ හෙක්ටයාර 22,000 ක පමණ භූමි වපසරියකින් යුත් නකල්ස් වනපෙත ලංකාවේ අතිශය වැදගත් රක්ෂිත වන පියසකි. යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරන ලද ලෝක උරුමයක කඳු, හෙල්, උමං, ගුහා, දිය ඇලි, තැනිතලා වැනි ස්වභාවධර්මයේ නිර්මාණයන් සේම උරඟයින්, පක්ෂීන්, මාළුන් හා තවත් සතුන්ගේ උරුමකම් කියන මෙම වනපෙත මධ්‍යම පළාතේ උතුරු ප්‍රදේශයට ආසන්නව මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක වලට යටත්ව පැතිර ඇත.
  මීට පෙර අප නකල්ස් වනයේ අබිරහස් ස්ථාන වූ ලකේගල හා රෑහැස්සේ ගුහාද, රාවණා රජුගේ මෘත දේහය ඇතැයි පැවසෙන යහන්ගල පිළිබඳවද තතු හෙළිකළ අතර අළු ගල්ලෙන යනු හුදෙක් සංචාරක ඉසව්වක සීමාවෙන් ඔබ්බට ගිය යටගියාවක් සහිත ස්ථානයක් බවට විස්තර සොයා ගත්තෙමු.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අළුගල්ලෙන යනු විවෘත ලෙනක මෙය පිහිටා ඇත්තේ නකල්ස් වන පෙතේ ඝන වනාන්තරයක් මැදය. නේක වෘක්ෂලතාදියෙන් වැසුණු කාලෙකට ඉහතදී එනසාල් වගාවෙන් සුපෝෂිත වූ වන පියසකය. මහනුවර සිට මහියංගණය පාරෙ හුන්නස්ගිරියට පැමිණ එතැනින් ලුල්වත්ත හරහා මීමුරේ දක්වා යන මාර්ගයේ කරඹකැටිය නම් ග්‍රාමයට ළඟා වී එතැන් සිට ඇති සම්මත සංචරණ මාර්ගය ඔස්සේ කි.මී. 9 ක් පමණ ගිය පසු අළුගල්ලෙන හමුවේ.

කුමට මෙරට අධිකරණය-නීතිය සහ විනිසුරන් ...!!!

ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව සිටින්නේ බලවත් අසංතෘප්තියෙනි.
යම්කිසි ගැටලුවකට අදාළ නීතිය හෝ පනත කුමක්ද යන්න හුදී ජනයා විසින් නොදත හැකි අතර නීතියේ පූජ්‍ය පක්‍ෂය වූ නීතිඥයන් විසින් පමණක් දත හැකි ධර්මයකි. ඇතැම් පනත්වල පිටපතක් සොයා ගැනීම කළුනික සොයා ගැනීම මෙන් අමාරුය. බොහෝ ගැසට් නිවේදන නිකුත් කළ බව හෝ දන්නේ ටික දෙනෙකි. පූර්වගාමී නඩු තීන්දු බන්ධනීය බලයකින් යුක්ත බව කියැවෙන නමුත් කුමන නඩු තීන්දුව කුමන අවස්ථාවේදී අදාළ වන්නේ දැයි කීම කුමන අවතාරය කුමන මිනීවළ ගාව සිටීදැයි කීම වැනි දුෂ්කර කාරියකි. දිසා අධිකරණය මඟින් දෙන ලද තීන්දුව වැරැදි බව අභියාචනාධිකරණය මඟින් කියූ පසු එම තීන්දුව වැරැදි නැතැයි ශේ‍ර්ෂ්ඨාධිකරණය කියයි.
කොටින්ම කිසියම් නිශ්චිත ගැටලුවක් සම්බන්ධයෙන් වූ නීතිමය තත්ත්වය කුමක්දැයි නිශ්චිතව සොයා ගැනීම නිර්වාණ මාර්ගය සොයා ගැනීමටත් වඩා අමාරුය. මේවා පහසුවෙන් විසඳිය හැකි විසඳන්නට වුවමනාවක් නැති ප්‍රශ්න බව අපේ නොදත්කම නිසා අපට සිතේ. අප රටේ පොදු නීතිය යැයි කියනු ලබන රෝම ලන්දේසි නීතිය, රෝමයෙන්ද ලන්දේසි රටෙන්ද ඉවත දමන ලද ලංකාවටත් ම්ලේච්ඡයන් විසූ දකුණු අප්‍රිකාවටත් පමණක් සීමා වූ පූජනීය වහල් හංවඩුවක් ලෙස නීති දේහයේ තැන්පත්ව ඇත.

Thursday, March 8, 2018

මූං කවුද....?

බොරදියේ මාළු බාන මේ රටේ සිටින තුච්ඡ ඵන්.ජී.ඕ නඩයට මේ ගැටුම් මාර ඉල්ලුමක් වෙලා.ආයෙම වතාවක් උන්ට ඩොලර් ඉහගෙන කන්න කප්‍ රුකක් පහළ වගේ.මේ අස්සෙ උන් අපේ සමස්ත රට වෙනුවෙන් පොරටෝක් දෙන්න පටන් අරන්.මෙය වහාම නවත්වන්නට අවශ්‍යයි මෙය අපේ සමස්ත සිංහල බෞද්ධ ජාතියටම නිග්‍රහයක් ...

Wednesday, March 7, 2018

හරියට හදා ගත්තොත් වෙඩි පහරත් වළකන හෙණරාජ තෛලය..!!!

සිංහලයා සතු ජාතික විද්‍යාවන් අතර සිංහල වෙදකම ප්‍රමුඛ ස්ථානය ගනී. සිංහලයාගේ ජීවය හා නිරෝගීභාවය රැකුණේ එම වෙදකමෙනි. අප රටට යෝග්‍ය වූ අංගසම්පූර්ණ උසස් වෙදකමක් රාවණා යුගයේ සිට පැවැති බව ඉතිහාසයේ සඳහන් වෙයි.
සිංහල වෙදකමේ ඉතිහාසයද සිංහලයාගේ ඉතිහාසය මෙන් ඉපැරණිය. ලංකා සමාජය, උත්තර භාරතීය ජනතාවගෙන් හා මෙහි විසූ යක්ෂ, නාග, දේව යන ස්වදේශිකයන්ගෙන්ද සමන්විත සෑහෙන දියුණුවකින් හෙබි ශිෂ්ට මිනිස් සමූහයක් වූ නිසා ඔවුන්ගේ සෞඛ්‍යය හා ආරෝග්‍ය වර්ධනයට උපයෝගි වූයේ සිංහල වෙදකමයි.

මෙහි විසූ යක්ෂ ග්‍රෝතිකයෝ, පුලතිසි රාවණාදී පූර්ව පීතෘන් සතු වූ ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමයන්හි හිමිකාරයෝ වූහ. වෙදකම, ජ්‍යොතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවන්හි යක්ෂයන්​ෙග් විශ්මිත බුද්ධි ප්‍රභාව කෙතරම්දැයි සිතිය හැක්කේ අද එයින් නටබුන්ව පැරණි නගරයන්හි ගල්කණු සෙයින් තිබෙන මාහැඟි විද්‍යාවන් පිළිබඳව පර්යේෂණයක යෙදීමෙනි.

බත්තරමුල්ලේ තාත්තෙකුයි පුතෙකුයි මහා ඉඩම් ජාවාරමක

නුගේගොඩ නාවල පන්සල පාරේ කෝටි හැත්තෑවකට අධික වටිනා වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා රුපියල් කෝටි හතළිහකට විකිණීමට උත්සාහ දැරූ පුද්ගලයකු  (28දා) මත්තේගොඩ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබී කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉඩම් හයකට ව්‍යාජ ලෙස සකසන ලද ඔප්පු හතක්, විවිධ නම්වලින් සාදන ලද ව්‍යාජ ජාතික හැඳුනුම්පත් තුනක්, ජංගම දුරකතන පහක්, සිම්කාඩ් පත් ‍ෙදාළහක් පොලිසිය භාරයට ගෙන ඇත.

Tuesday, March 6, 2018

“සල්ලිවලට වඩා රටේ දරුවො මට වටිනවා” තවත් පෙති කතාවක් එලියට !

පසුගිය දින කිහිපයේම අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුනෙ අම්පාරේ සිදුවීම.
ඒ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් කලින් ලංකාවේ පාසල් වල ආපනශාලා ඉලක්ක කරගෙන සිදුකරගෙන යන බව කියන තවත් සිදුවීමක් ගැන සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඔහු පවසන අන්දමට ඉතා සූක්ෂම අයුරින් පාසල් දරුවන් විවිධාකාර මත්ද්‍රව්‍යවලට හුරුකරගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක්‌ රට පුරාම ක්‍රියාත්මක වනවා.
මේ පිළිබඳව සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කරන්නේ මෙවැනි කතාවක්.

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ ...!!!


 07/03/2018 දිනට යෙදී ඇති ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ අවමංගල්‍යය උත්සවය වෙනුවෙනි. 
තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබෙන විට. පොත් ප්‍රකාශකයෝ ඵම දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයාට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව ඵම තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි.
ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි.
මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි. මේ නුගත්කම කාලාන්තරයක් පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය.
 
කරුණාකර අවධානය යොමු කරන්න "උසස්‌ පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් " යන වැකිය වෙත. පාසල් සිසුවෙකුව සිටියදී පොත් ප්‍රකාශකයෙකු ලෙස දයාවංශ ජයකොඩිට වාහනයක් ගැනීමට හැකි විය. නමුත් මුළු ජිවිත කාලයම පොත් ලිවීමට කැප කල , සිංහල සාහිත්‍ය වර්ධනයට කැප කල ජී බී සේනානායක , ඇරැව්වල නන්දිමිත්‍ර , කුලසේන ෆොන්සේකා , කේ ජයතිලක , වැනි වියත් ලේඛකයන් පොත් ලිවීමෙන් උපයාගත් මුදලින් ලද මොරිස් මයිනර් රථයක්වත් ගත් බව අප අසා තිබේද ?

Monday, March 5, 2018

යහපාලන පරයන්ට දැනගැනීමටයි..!!!



මාතෘ භූමිය සහ 30/1 ජිනීවා යෝජනාවලිය
 2015 වසරේදී එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුළු විදේශ බලවේග වල සහ දෙමළ ඩයස්‌පෝරාවේ වුවමනාව මත සිදුවූ "රෙජිම් ෙච්න්ග්" හි ප්‍රතිඵලයක්‌ ලෙස බලයට පත් මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ සහවාස ආණ්‌ඩුව මෙම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව ඉතා දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මතයයි.

 2015 ජනවාරි සහ අගෝස්‌තු මැතිවරණයන්හිදී දේදුනු සන්ධානයේ ජයග්‍රහණය උදෙසා ක්‍රියාත්මක වූ ඉහත කී විදේශීය බලවේගයන් හා දෙමළ ඩයස්‌පෝරාවේ බළල් හස්‌තය තවදුරටත් රහසක්‌ නොවේ. සිරිසේන - වික්‍රමසිංහ රජය විසින් ඊනියා සංහිඳියාවේ මුවාවෙන් ගෙන ගිය රට කැබැලි කරවන ෆෙඩරල් ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියත්, රණවිරුවන් දේශීයව හා විදේශීයව යුධ අපරාධ ක්‍රියාවලියට බිලි දීමත් දේදුනු යහපාලන ආණ්‌ඩුව ඔවුන් බලයට පත් කළ බලවේගයන් වෙනුවෙන් ඉටු කළ යුතු පරම වගකීම කර ගත්හ. ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදය පරාජය කළ අභිමානවත් ජාතියක්‌ නිවට නියාලු තත්ත්වයකට ඇද දැමීමේ වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියාවලියට අද වන විට මෙරට ජනතාව අභියෝගයට ලක්‌ කර ඇත.

Sunday, March 4, 2018

ලංකාවේ දේශපාලු සුණඛයන්ගේ බලු පොරය....!!!

එජාප නියෝජ්‍ය නායකකමට චම්පික කුරුමානම් අල්ලයි...!!!
දේශපාලන පොර පිටියෙ පැවැති අකුණු ගැසීම්, හෙණ හඬ සහිත මහ වැසි තුරල්ව ගියේය. අඟහරුවාදා (27දා) සිරිත් පරිදි කැබිනට් රැස්වීම පැවැත්විණි. ජනපති ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට අගමැති රනිල්ද එක්ව සිටියේය. ජනපති _ අගමැති දෙදෙනාගේ නොහොඳ, නොක්කාඩු සමහන් වීදැයි දැනගත නොහැකි වූයේ නෝක්කාඩු බැලුම් හෙළන නොදුටු බැවිනි. අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇති ජාතික ආර්ථික කමිටුව සම්බන්ධයෙන් ජනපති දැඩි විවේචනයක් එල්ල කිරීමෙන් වාතාවරණය පෙනෙන තරම් සතුටුදායක නොවන බව පැහැදිලි විය.
අගමැති ආර්ථික කළමනාකරණ කමිටුව පුස්සක්
''මගේ අදහස ආර්ථික කමිටුව ඉදිරියට පවත්වා ගෙන යෑම අවශ්‍ය නොවන බවයි. මොකද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් වෙනම කතා නොකළාට කැබිනට් මණ්ඩලය තුළම සාකච්ඡා කර තීරණයකට එන්න පුළුවන්. වැඩිපුර විමර්ශනයක් අවශ්‍ය නම් කැබිනට් අනුකාරක සභාවක් මඟින් එය කරන්න පුළුවන්. ආර්ථික කමිටුව කතා කරන දේවල් ගැන කැබිනට් එක දැනුවත් නෑ.
දැනට කමිටුව හරහා ආරම්භ කළ ව්‍යාපෘති ගැන මගේ කිසි පැහැදීමක් නෑ. ඒවා සාර්ථක වුණෙත් නෑ. ආණ්ඩුව නිකන් නරක නාමයක් ගාගත්තා විතරයි. කුලියාපිටියේ වොක්ස් වැගන් කර්මාන්තශාලාවේ කතාව එකක්, අනෙක හොරණ ටයර් කම්හලට ඉඩම් ලබාදී තිබුණේ රජයේ තක්සේරුවටත් වඩා බොහෝ අඩුවෙන්. මට ෆයිල් ආවමයි මේක තේරුණේ. මම අස්සන් කළේ නැහැ. බොරුවට වැරැදි මතයක් රටට ගියා. ආර්ථික කමිටුවක් අවශ්‍ය නැහැ. තියෙන යෝජනා කෙළින්ම කැබිනට් මණ්ඩලයට ගේන්න. තීරණ ගන්න කැබිනට් මණ්ඩලයට පුළුවන්''
ජනපති මෛත්‍රි දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඊට වැඩි පිරිසකගේ එකඟතාවද ලැබිණි. ඇමැති දයාසිරිද ජනපති අදහස අනුමත කළේය.

ඇරැව්වල නන්දිමිත්‍ර සමුගනියි

රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද    අභාවප්‍රාප්ත විය.
1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය.
කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, මල්දෙණියේ සිමියොන්, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරු‍ණා‍වේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ.  මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් බවට ද පත් විය.

අප්‍රේල් කැරැල්ල හෙළි කළ යළි උපන් දරුවෝ....!!!

එක්දහස් නවසිය හැත්තෑ එකේ කරැල්ල අනාවරණය කරමින් පෙර භවයේ හෙළිකළ දරුවන් රැසක් පුනර්භව පර් යේෂණ අතරට එක්වී සිටිති. පොලිස් සහ හමුද‌ාව සමඟ සටන් කළ බවත් වෙඩි පහරවලට ගොදුරු වී මිය ගිය බවත් එම දරුවෝ අනාවරණය කළහ.  ඔවුන්ගේ ප‍්‍රකාශ අනුව පෙර භවයේදී ජීවත්ව සිටි බැව් හෙළිවූයේ ඇල්පිටිය, ගාල්ල, අනුරාධපුර, කළුතර සහ කෑගල්ල යන ප‍්‍රදේශවලය. වෙඩි ප‍්‍රහාරවලින් මියගිය බැව් හෙළි කළ එම දරුවන් බොහෝ දෙනෙකුගේ සිරුරුවල දක්නට තිබූ උපන් ලප ඇති ස්ථානවලට වෙඩි වැදුණු බැව්ද ඔවුහු පැවසූහ.  
 
ශ්‍රී ලංකාවෙන් මේ වන විට අනාවරණය වී ඇති පුනර්භව සාධක තුන්සිය පනහක පමණ දරුවන් පිරිසකගෙන් කැරලි සමය හෙළි කළ දරුවන් විසි දෙනෙක් පමණ සිටිති. වයස අවුරුදු දෙකහමාරේ පමණ සිට එම දරුවෝ පෙර භව තොරතුරු අනාවරණය කළහ. බහ තෝරන අවදියටත් ප‍්‍රථම මෙම දරුවන් තුළින් දක්නට ලැබුණු හැසිරීම් රටාවන්ද දෙමාපියන්ගේ පුදුමයට හේතු වී තිබිණි. 

ඇතැම් දරුවෝ පොලිස් සහ හමුද‌ා නිල ඇඳුම් දකින විට බියට පත්වී නිවෙස් තුළ සැඟවීමට උත්සාහ කළහ. තවත් දරුවෝ එවැනි හමුද‌ා ඇඳුමින් සැරසී සිටින අය දුටු විගස ඔවුන්ට පහර දිය යුතු යැයිද ප‍්‍රකාශ කළහ. 1971 කැරැල්ල අනාවරණය කළ දරුවන් රැසක් හැත්තෑවෙ දශකයේදී පර්යේෂණවලට ලක්වූහ. 

“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි ?

(මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ලියන ලද නීතීඥවරයකුගේ භූමිකාව ISBN 978-955-38965-0-6 කෘතියේ 15 පිටුවේ දැක්වෙන අතර එකී ලිපිය 2016.09.04 දින ලියා ඇත. එදා 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සම්මත කර ගන්නා අවදියේ සිටම මේ සම්බන්ධව සමාජයේ බොහෝ විද්වතුන් විවිධ පැහැදිලි කිරීම් සහ මෙම පනතේ නීතිවිරෝධි බව සම්බන්ධව අදහස් දක්වන ලැබුවද, අද ඒ සම්බන්ධව එළිපිට විරෝධය දක්වන මහාප්‍රාඥයින් එදා බීරි අලින්ව සිටියේ ය.තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශප්‍රේමී සළුවෙන් වැසීගෙන අද දවසේත් ජනතාව නොමග යවන මෙවැනි පුද්ගලයන් සහ සමාජ විරෝධීන් අනාවරණය කිරීම සමාජ යුතුකමක් වන සහ වගකීමක් වන අතර මෙම ලිපිය 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ බිහිසුණු බව සරළව කියා පායි. එය වෙනම රටක් දක්වා යන බෙදුම්වාදී ඉලක්කයේ/ ගමනේ එක් කඩඉමක් ජයගැනීමක් බවත් රාජ්‍ය නොවන සංවිධාන ගැත්තෝ සහ පෙරදිග චින්තන විරෝධීන් රෝත්තක් අතුරුදහන් වූවන් පිළිබද සෙවීමේ කාර්යාලයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  විසින් කොමසාරිස්වරුන් ලෙස පත්කිරීමෙන්ම එය මැනවින් පැහැදිලිවන බවත් පෙනේ. මෙම ලිපිය මගින් 2016.09.04 දින එළිදරව්කළ කාරණා අද වනවිට සත්‍ය වෙමින් තිබේ. එය අවසානයේ බලපාන්නේ හෙට දවසේ රටේ සහ ජනතාවගේ අනාගතය අදුරු කිරීමට බව කිව හැකිය. මේ ලිපිය එය මැනවින් සනාථ කරයි.)

Saturday, March 3, 2018

කාළකන්ණි පව්කාරයන් විසින් අපවත් කරවූ නාහිමි...!!!

සසුනඹර එකලු කල මිනි පහන නීවී යයි.. දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති…!!!
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබේ.
අද අලුයම 04.00ට පමණ උන් වහන්සේ අපවත් වී ඇත්තේ කොලඹ පුද්ගලික රෝහලකදීය.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයෙන් පසු වූ උන් වහන්සේ ඇමරිකාවේ රෝහලකද නේවාසික ප‍්‍රතිකාර ගනු ලැබීය.

බලයේ සිටි සහ සිටින සිටි වළත්තු පාහරයන් කා දැමූ අප රටේ ආර්ථිකය...!!!

ජනතාව රවටමින් සිදු කරන මහා අපරාධයක්...!!!
  අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300 ක පාරිතෝෂිකයක්‌ (බෝනස්‌ මුදලක්‌) ගෙවන බව සිංගප්පූරු මුදල් ඇමැතිවරයා ඉකුත් දා නිවේදනය කළේය. පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7000 ක්‌ පමණ ) අතිරික්‌තයක්‌ ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ මුදල් ඇමැති හෙන්ග් ස්‌වී කීත් පවසා තිබිණි. ඒ අනුව ආදායම සිංගප්පූරු ඩොලර් 28,000 හෝ ඊට අඩු අගයක්‌ හෝ ගන්නේ නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස්‌ මුදලක්‌ද, ආදායම සිංගප්පූරු ඩොලර් 28,000- 100,000ත් අතර නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 200 ක බෝනස්‌ මුදලක්‌ද , ආදායම සිංගප්පූරු ඩොලර් 100,000 ඉක්‌මවන පිරිසට සිංගප්පූරු ඩොලර් 100ක බෝනස්‌ මුදලක්‌ද හිමි වේ. බෝනස්‌ මුදල ගෙවීමේදී සිංගප්පූරු රජයට සිංගප්පූරු ඩොලර් මිලියන 700ක පිරිවැයක්‌ දැරීමට සිදුවන අතර ජනතාවගේ ආදායම් තක්‌සේරු කිරීමෙන් අනතුරුව මෙම බෝනස්‌ මුදල ගෙවන බව වාර්තා වේ. මේ අනුව මේ වසර අවසන් වනවිට සිංගප්පූරුවේ ලක්‌ෂ 27 ක පිරිසකට මෙම බෝනස්‌ මුදල හිමිවනු ඇත.

මේ වළත්තු පාහරයන්ගේ හොරකම් තාම ඉවර නැතිලු...!!!

රනිල්, මලික්‌, වික්‍රම, චන්දිමාල් ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..!!!
බැඳුම්කර වංචාවට සමාන මූල්‍ය වංචාවක්‌ මහපොළ භාරකාර අරමුදලේත් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ  පැවසීය.
ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස්‌ අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්‌ඩුව සෘජුව වගකිව යුතු බවත් පුබුදු ජයගොඩ  සඳහන් කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්‌ථානයේ 28 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී පුබුදු ජයගොඩ  වැඩිදුරටත් මෙසේද පැවසීය.
මහපොළ භාරකාර අරමුදල ආරම්භයේ සිට මේ දක්‌වාම මහපොළ භාරකාර අරමුදලේ පනතින්ම අයත්ව තිබුණේ වෙළෙඳ අමාත්‍යාංශයටයි. පසුකාලීනව නම් කළ විදිහට අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතේයි. 2015 සැප්තැම්බර් 21 නිකුත් කරපු ගැසට්‌ නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ තිබෙන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළා. මෙතරම් කාලයක්‌ පැවතුණු සම්ප්‍රදායක්‌ වෙනස්‌ කරන්න හේතුව ප්‍රශ්නයක්‌.

- ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු –

- ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු 
( රචනා /නිබන්ධන තරඟය )

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ
සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)


මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ සඳහන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු, චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය.

ඡන්දෙත් ඉවරයි පාරත් ඉවරයි....!!!

වනාතවිල්ලුව ප්‍රදේශයේ පුබුදුගම ධීවර ගම්මානයේ සිට රෙඩ්බානා ධීවර ගම්මානය දක්වා දිවෙන ඉපැරණි අම්බලම් ග්‍රාමිය මාර්ගය ගමනා ගමනයට අසීරූ ලෙසින් ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇතැයි ධීවරයින් ඇතුළු  ප්‍රදේශවාසීහු බලධාරින්ට චෝදනා එල්ල කරයි.
දැනට වසර 15ට පමණ කාලයකට පෙරාතුව බොරළු යොදා පිළිසකර කර තිබූ මෙම ග්‍රාමිය පටු මාර්ගය. පසුගිය වර්ෂයන් වල හා මේ වසරේ කඩින් කඩ ඇදහැලුන ධාරාණිපාත අධික වර්ෂාව හේතුවෙන්  ඇති වූ ජල පීඩනයට මාර්ගයේ අතුරා තිබූ බොරළු සේදී යාමෙන්, විශාල ප්‍රමාණයේ වලවල් සෑදීමෙන් මාර්ගයට යොදා ඇති බොක්කු කැඩී බිදී විනාශ වී අබලන් තත්ත්වයට පත්ව ඇති මෙම මාර්ගයේ  ගමනා ගමනයට අවහිරතා මතුව ඇති බව මනාව හෙළිදරව් වේ.

නාදුනන වැල් වර්ගයක් කල්පිටිය වනසති..!!!

නාදුනන වැල් වර්ගයක් හේතුවෙන්  තම වගා බිම් වලට තර්ජනයක් සිදුවෙමින් තිබෙන බව  කල්පිටිය   දළුව ප්‍රදේශයේ  වගාකරුවන් පවසති.
වසර දෙකකට ආසන්න කාලයක සිට දළුව ප්‍රදේශයේ පැතිරී යමින් තිබේන මෙම වැල්  කුඩා වර්ගයේ ගස් වලට සහ මල් වගා බිම් තුල  ශක්තිමත් කද සහිත වගාවන් තුලටද, ඉතා ඉක්මනින් ඇදි යන බවත්, පොලවට කිසිම ආකාරයෙන්  සම්බන්ධතාවයක් නොමැති මෙම වැල් වර්ගයේ අගක් මුලක් සොයා ගැනිමට නොහැකි නිසා අග මුල නැති වැල් නමින් හැදින්වීමට ජනතාව හුරුව තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.