ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 22, 2018

අහෝ ධම්මික නොදුටු මිනිස්කම...!!!

ධම්මික පෙරේරා මහත්තයා ලංකාවේ මිළ වැඩිම වාහනේ ගෙනල්ලලු. මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කතාවකුයි. මේ කතාව ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් ආයතනයේ මාතලේ ඕවල කයිකාවල ෆෙල්ස්පා පතලේ සේවකයෝ ගැන. මේ පෝස්ට් එක දැකල ලයික් වත් කොමෙන්ටවත් දාන්න නෙමේ එතුමාට මේක පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න කියන ඉල්ලීමෙන් පටන් ගන්නේ. මොකද මේ දේවල් ධම්මික දන්නවා වෙන්න බැහැ. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්ට සේරම ව්‍යාපාර සහ ඒවගේ සේවකයන් ගැන සොයන්න බැරි නිසා.
2017 අගෝස්තු 1 වෙනිදා ඉදන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉදන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කරලා.

මාතලේ ෆෙල්ස්පා පතල කියන්නේ පෝසිලෙන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජයක් සපයන ලංකාවේ ලොකුම පතලක්, අවුරුදු 40කට වඩා පරණයි.ඔය පතලේ වැඩ කරනව සේවකයෝ 27-30 ත් අතර ප්‍රමාණයක්. ඒ මිනිස්සු උදේ 6 ඉදන් හවස 5-5.30 වෙනකම් ගිනිගහන අව්වේ බෝර විදිනවා, වෙඩි දානවා, කුළුගෙඩි වලින් ගල් කඩනවා.










අවුරුදු 30+ සේවක කාලයක් තියෙන සේවකයෝ 20කට වඩා ඉන්නවා.දවසට තුන් වතාවක් බෝර විදිනවා. ලේන්සු වලින් මුණු වහගෙන. හරි හමන් ආරක්‍ෂිත උපාංග නැති නිසා. මේ මිනිස්සුන්ගේ මුලික වැටුප රු.13500/=. ඕටී, අනම් මනම් සේරම එක්ක පඩිය 17000ක් 18000ක් වගේ වෙන්නේ. ඒ මිනිස්සුන්ටත් ඉන්නේ ඔය කම්හල් කළමනාකරුවන්ට, විධායක නිලධාරීන්ට වගේම අහිංසක ළමයි තමා. ඒ ළමයි බඩ පිරෙන්න බත්කටක් කනවට හොඳ ඇදුමක් ඇඳගෙන පාසල් යනවා දකින්න ඒ අහිංසක මිනිස්සුත් ආසයි. ඒ පතලේ වැඩ කරන අසරණ අහිංසක මිනිස්සු බහුතරයකට ගල් කුඩු නිසා පෙනහැලි රෝග. අවුරුදු 55න් විශ්‍රාම යන සේවකයන් අවුරුදු 2ක් 3ක් ජීවත් වෙලා ලෙඩ වෙනවා හෝ මිය යනවා. මේ මිනිස්සුන්ට සේෆ්ටි කියල කිසිම දෙයක් නැහැ. සාමාන්‍යධිකාරී, වගේම කලමනාකරවරුන්ට මේකේ කිසිම ගානක් නැහැ.මිනිස්සු මැරිලා හරි නිෂ්පාදනය එනවනම් එච්චරයි. හරි හමන් රක්ෂණ ආවරණයක්වත් මේ මිනිස්සුන්ට නැහැ. මම ගිහින් මේ ගැන කියල එවකට හිටි විධායක නිලධාරිවරයාට ලිපියක් මගින් දැනුම් දීල ආරක්ෂක උපකරණ ගැන විමසපුවම කිව්වේ අවුරුද්දට වෙන් කල සල්ලි ඉවරයි කියල. යන්ත්‍ර සුත්‍ර වලට තෙල ගහන්න වෙන්කළ සල්ලි ඉවරයි කියල නිෂ්පාදනය නොනවත්වන මේ වගේ ආයතනයක ඒ කතාව විහිළුවක්, එහෙම නැත්නම් ඒ ලොක්කන්ට යන්ත්‍ර සුත්‍ර තරමට මිනිස්සු වටින්නේ නැහැ. ඒ දෙකෙන් කොයික වෙතත් අන්තිමේ මම කෑගහපු නිසාම ඒ මිනිස්සුන්ට බූට් සහ ග්ලවුස් එව්වා. නමුත් මාස්ක් අනම් මනම් කිසි දෙයක් නැහැ. ඒ සේවකයන් ඉල්ලීම් වගයක් ඉල්ලලා දීපු ලියුමක පින්තුරත් මම දැන් දානවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ධම්මික පෙරේරා මහත්මය මේ අසරණ මිනිස්සු ගැන දැනගන්නකම් මේක ශෙයා කරන්න, ඒ මිනිස්සුන්ට ඉතුරු ජිවිත කාලේ හරි සතුටින් ඉන්න ලැබුනොත් ඒක අපිටත් ලොකු පිනක්.
 ඡායාරූප කවීශ නදුන් කෑගොඩආරච්චි.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.