ජාතිය අමතා නිදහස් දිනය වැරැද්දූ රටේ නායක පඹයා ඇතුළු නපුංසක රැළ හෙළුවෙන්...!!!
‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි්රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]
පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක්රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බි්රගේබියර් පි‍්‍රයන්ත ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ.
නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල උත්සවයක් පැවතෙද්දී එහි ඉදිරිපිටට රැස්වූ මෙම කොටි හිතවාදීන් පිරිස ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්රභාකරන්’ ආදී සටන් පාඨ කියමින් විරෝධයේ යෙදුනහ.[Video]

එහිදී එම කාර්යාලයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉදිරිපිටට පැමිණ බෙල්ලට ඇගිල්ල තබා බෙල්ල කපන ආකාරයක් නිරූපනය කලේය.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.
මෙම බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියත් බලතලත් වහා ඉවත් කර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙසයි.
විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.