ජනවාරි 08 වෙනස කණපිට හැරවී ඇත. වෙනසක
අගය ගැන ජනතාවට එපා වී ඇත්ද? වෙනසෙන් කිසිදු සහනයක් අත් නොවූ නිසා ජනවාරි
වෙනස පෙබරවාරියේදී වෙනස් කිරීමට බහුතර ඡන්ද දායකයන් තීරණය කර ඇති බව
පැහැදිලිය. එසේ නම් ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප් වී ඇත.
වෙනදා
පළාත් පාලන මැතිවරණයක් සඳහා ඇති ජනතා උනන්දුව අඩුය. එහෙත් මෙවර වාර්තාගත
ඡන්ද දායකයන් ප්‍රමාණයක් ඡන්ද පොළ වෙත ඇදුනේ මන්ද? යහපාලන ආණ්ඩුවම යම්
වැදගත් පණිවුඩයක් ලබාදීම සඳහාය. ඒ පණිවුඩය ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවට
හිරිවට්ටන්නක් බව පෙනී යයි. මෙරට බහුතරයට යහපාලනය එපාවී ඇති සෙයක්ය. ඒ
ජනවාරි 08 පොරොන්දු ඉටු නොකිරීමද? ඇල්ලූ හොරෙකුද නැත. හොරු අල්ලන පාටක්ද
නොපෙනේ. හොරු ඇල්ලීම කෙසේ වෙතත් බැඳුම්කර මහා මගඩියෙන් ජනතාවට යහපාලනයේ
නිරුවත හෙළිවිය. බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ කවුරුන්දැයි ජනතාව ඉතා
හොඳින් අවබෝධ කරගෙන ඇත. ඒ වංචාකරුවන්ට එරෙහිව ජනතා විරෝධය මේ ඡන්ද
ප්‍රතිඵලයෙන් පැහැදිලිව ප්‍රකට නොවන්නේද? හොරු කවුද කම්බ හොරු කවුදැයි මෙරට
ඡන්ද දායකයන්ට අමුතුවෙන් කිවයුතු නැත. කොටි ත්රස්තවාදීන් මරාගෙන මැරෙන
ප්‍රහාර එල්ල කර මහ බැංකුව විනාශ කිරීමට කළ උත්සාහයට වඩා විනාශයක්
බැඳුම්කර මංකොල්ලයෙන් සිදුවී ඇත. එම බැඳුම්කර හොරුන්ට කම්මුල් පහරක් මේ
ඡන්ද ප්‍රතිඵලය හරහා එල්ල කර ඇත.
යහපාලනය යෑයි කීවද එයින් ජනතාවට
අත්වූ යහපතක් නැත. ගොවීන්ට පොහොර ලැබුණේ නැත. බඩු මිල අහස උසට ඉහළ ගියේය.
පහළ මධ්‍යම පාන්තිකයා දැඩි පීඩනයට පත්විය. ජීවන බර ඉහළ යැම නිසා ලාංකිකයා
සතුටින් නොසිටි බව පැහැදිලිය. ජීවන බර අඩු කිරීමට යහපාලනය ගත් පියවර
කුමක්ද? ඒවා වේදිකාවල ආඩපාලි පමණි. වේදිකාවල කතාකළ පැවැත්වූවාට ජනතාවගේ බඩ
පිරෙන්නේ නැත. ඒ විරෝධයද මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලි වේ. ජනවාරි වෙනස
පෙබරවාරියේදී ලොප්වීම නිසා ආණ්ඩුවේ බලධාරීන්ට මහජන දුක ගැන යළි සිතන්නට
අවස්ථාව උදා වී ඇත. මේ ඡන්ද ප්‍රතිඵලය නිසා ආණ්ඩුවද හෙළවෙන දතක් ගානට
පත්වෙයිද? මහජන වරමක් නැත්නම් ආණ්ඩුවේ ගමනද අන්තරාදායකය. ගමේ ආණ්ඩුවට
තමන් කැමැති පිරිස පත්කර ගැනීමට ඡන්ද දායකයා කටයුතු කර ඇත. පළාත් පාලන
මැතිවරණය පැවැත්වුණේද වසර දෙකක් ප්රමාදවීය. ඒ ප්‍රමාදය ගැන ජනතාව සිටියේ
සතුටින් නොවේ. ඉක්මනින් මැතිවරණ පැවැත්වීමට යහපාලනයේ කැමැත්තක් තිබුණේ
නැත. ඒ අකමැත්තටද ජනතාව පිළිතුරු ලබාදී ඇති බව පෙනේ.
අලුතෙන්
පත්වූ මන්ත්‍රීවරුන්ටද බරපතළ වගකීමක් පැවරී ඇත. ඒ ජනතා යහපත වෙනුවෙන්
කටයුතු කිරීමය. පළාත් පාලන ආයතනවලට පත්වන මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙගුණයක්
වී ඇත. මන්ත්‍රී සුඛවිහරණය සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇත. මේ
සියල්ලම සිදු කරනු ලබන්නේ මහජනයාගේ වරිපනම් මුදලින් බව සියලු පළාත් පාලන
මන්ත්‍රීවරුන් අවබෝධකර ගත යුතුය. ජයග්රහණයෙන් උදම් නොවී මහජන සේවය පිණිස
කැපවිය යුතුය. එමෙන්ම මේ ඡන්ද ප්‍රතිඵලයෙන් හෝ පාඩමක් ඉගෙන යහපාලනය හෙට
සිට හෝ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ නායකයන්ට ප්රඥව පහළ විය යුතුය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, February 12, 2018
ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප් වීම
Posted by
lankanews
at
February 12, 2018
Labels: election2018, rosie senanayake, yahapalanaya
ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප් වීම
2018-02-12T02:22:00+01:00
lankanews
election2018|rosie senanayake|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...