සුපේශල ශික්ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන
උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්රව වැඩ විසූහ.
කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත
ඒකාලෝක කරන මහා පහන් ටැඹකි.
මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම අර්ථයෙන්,
ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරනු ලැබූ ආදර්ශවත් අනුශාසකයන් වහන්සේ
වුයේදමෙරට වැඩ සිටින උගත්, ගුණවත්, සිල්වත්, ධර්ම, විනයධර සංඝපීතෘන් වහන්සේ
ය.
එබඳු මහා යතිවරයන් වහන්සේ රට දැය සමය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ ද
ආදර්ශවත් යුග මෙහෙවරකි.ස්වකීය ජාත ග්‍රාමය ලෝක පූජිත කරවීමට තරම් බුද්ධ
පුත්‍රයන් වහන්සේලා සිරිලක සසුනඹරෙහි පහළවීම රටට ම ආශීර්වාදයකි.
එකම පවුලක දෙසොහොයුරන් සසුන් කෙතට ඇතුළත්ව පැවිදි සහෝදර සබඳතාවයෙන් ද,
දේශීය හා විදේශීය වශයෙන් ද සම්බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ලැබීමද
සුවිශේෂී දුර්ලභ කරුණකි.
බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේද සිංගප්පුරුවේ වැඩවසමින් සිදු කරනුයේ උදාර ධර්ම ශාස්ත්‍රීය
මෙහෙවරකි.
උන්වහන්සේගේ ගිහි සහ පැවිදි සහෝදර බෙල්ලන්විල රාජ මහා විහාරාධිකාරී
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක ධුරන්දර ශ්‍රී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරනු ලබන ධර්ම ශාස්ත්‍රීය හා ආගමික සහ සාමාජික
මෙහෙවර රැසකි.
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරය නම කී පමණින් මෙරට බෞද්ධයන්ගේ සිහියට නැගෙනුයේ බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර ද මුල්කර ගෙනය
බෙල්ලන්විල පෙරහර පිළිබඳ සිහිපත් කරන විට නිරන්තරයෙන් සිහියට නැගෙන නාමය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
බෙල්ලන්විල රාජමහාවිහාරස්ථ පුදබිමෙහි වැඩ වසන ඓතිහාසික බෙල්ලන්විල
බෝධීන්වහන්සේ වෙත මෙරට බොහෝ බෞද්ධ ජනතාව අපමණ ශ්‍රද්ධා ගෞරවයෙන් වන්දනාමාන
කරමින් සෙත ශාන්තිය අපේක්ෂා කරනු ලැබේ.
1942 අප්‍රේල් 14 වන දා ඕමත්තගේ පෝල් දම්පතීන්ට ලැබුණු පින්වන්ත කුමරා
නිසි කල අධ්‍යාපනය ලද්දේ දෙහිවල නිකපේ විජයරාජ විද්‍යාලයෙනි. අනතුරුව
පිළියන්දල මැදි මහ විදුහලෙන් ද ඒ කුමරුවා අධ්‍යාපනය ලැබීය.
උන්වහන්සේගේ ගිහි කල පවුලේ සහෝදරයන් හය දෙනෙකි. එක ළග සහෝදරයන් දෙදෙනාම
පැවිදි බිමට පත්විය. ඒ බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ
බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
බෙල්ලන්විල රාජ මහා විහාරාධිපති බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක
ස්වාමීන්ද්‍රයන්වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1958 පෙබරවාරි 28 වන දා බෙල්ලන්විල
විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි බිමට පත්විය. මෙයට පනස් එක් වසරකට
පෙර උන්වහන්සේ අධිසිල් ලැබූහ.
1965 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්
උන්වහන්සේ 1972 දී පාලි භාෂාව පිළිබඳව ගෞරව උපාධිය එවකට විද්‍යෝදය
සරසවියෙන් ලබා ගත්හ.
එංගලන්තයේ ලැන්කෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති සහ ආචාර්ය උපාධිය ලබා
ගත්හ. රත්මලාන පරිවේනාචාර්ය භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු
ලෙසත් සේවය කළ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු
ලෙසද, 1997 – 98 වසරවලදී එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ
ප්‍රාචීන භාෂා හා අප්‍රිකානු අධ්‍යයනයට අදාළ පාසලේ බාහිර මහාචාර්යවරයකු
ලෙසද සේවය කර ඇත.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රීය
ග්රන්ථ රැසක් ලියා පළ කර ඇත. බුද්ධ සම්ප්රදාය සංස්කෘතිය 1984, බුදුදහම
සහ වෙනත් ආගම් 1989, බුදු පිළිමයේ මුද්‍රා සහ ආසන 1999, බුද්ධ ප්‍රාථමික
කලාව සහ බුදුපිළිම විකාශය, – 1995, ප්‍රජා පාරමිතා සාහිත්‍ය, 2001, විහාර
ලිපි සරණිය – 2006, බුදුදහම, සාහිත්‍ය හා කලාව 2006, බුදු පිළිමයට පෙර
බුදුහාමුදුරුවෝ 2010, බෞද්ධ පුද පූජා සංස්කෘතිය 2013 වේ. එම ධර්ම
ශාස්ත්‍රීය ග්රන්ථවලට අමතරව පරිවර්තන කෘති කීපයකට ද මහාචාර්ය බෙල්ලන්විල
විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය සපයා ඇත.
මෑත යුගයේ ධර්ම ශාස්ත්‍රීය ග්රන්ථ රැසක් මෙසේ පාඨක ජනතාව වෙත යොමු කර ඇති
බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෙල්ලන්විල රාජමහා
විහාරය කේන්ද්‍ර කර වැඩ වසමින් ඉතා නිහඬව උදාර සමාජ මෙහෙවරක නිරතව සිටිති.
බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම මඟින් තරුණ තරුණියන් සඳහා වෘත්තීය
පුහුණූ මධ්‍යස්ථානයක් පිහිටුවා ඉමහත් සේවාවක් සලසනු ලැබේ. ඊට අමතරව වසරකට
කීපවරක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සායන ද දහම් පාසල්
පවත්වාගෙන යාමද, ශල්‍ය කර්ම ආදිය ඇතුළු අසරණ රෝගීන්ට ද විශේෂ උපකාර කරමින්
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමියෝ උදාර සමාජ මෙහෙවර ද නිරත වේ.
ජාතික වශයෙන් ඇතිවන ගැටලුවලදී සිය මතය නිවැරැදිව නිභයව ඉදිරිපත් කරන
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කිවයුතු කරුණ
කිවයුතු තැනැත්තා අභිමුඛයේ ප්‍රකාශ කරමින් අවවාද අනුශාසනා කරමින් දූරදර්ශීව
ක්‍රියාකල මහතෙර නමකි.
සුපේශල ශික්ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන
උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්රව වැඩ විසූහ.
කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත
ඒකාලෝක කල මහා පහන් ටැඹකි…
ශාසනික සමාජීය යන දෙකොටසම ඉමහත් සේවයක් කල බෙල්ලන්විල විමලරතන අනුනාහිමියනට අප සැවොම එක්ව අමාමහා නිවන්සුවයම ප්‍රාර්ථනාකරමු…!
සීසර් සුදුසිංහ විසින් පුවත්පතකට ලියූ ලිපියක් ඇසුරෙනි..
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, February 4, 2018
ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන නොදත් කතාව....!!!
Posted by
lankanews
at
February 04, 2018
Labels: lankanews, rev bellanwila wimalarathna, yahapalanaya
ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන නොදත් කතාව....!!!
2018-02-04T22:09:00+01:00
lankanews
lankanews|rev bellanwila wimalarathna|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
