මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් සිදු කල විමර්ශනය අවසානයේ ඉදිරිපත් කල වාර්තාවට ඊට සහභාගි වූ මන්ත්‍රීවරු 9 දෙනෙකු ෆුට් නෝට් දැමීය.
එසේ ක්‍රියා කලේ කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන් 9 දෙනෙකි.
ඒ අනුව ශ්‍රීලංකා මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධව විමර්ශනය වාර්තාව වංචනික ලෙස හෑල්ලුවට ලක් කරමිනි. එමෙන්ම මොහුන් විසින් ෆුට් නෝට් දැමීමේ යටි අරමුණ වූයේ මෙසා විශාල වංචාවක් යටපත් කොට ජනතාව නොමග යෑවීමකි.
එහෙත් මෙම ෆුට් නෝට් සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව විසින් සම්පූර්ණ පැහැදිලි කිරිමක් පාර්ලිමේන්තුව වෙත 2016 නොවැම්බර් 4 වෙනිදා යවා ඇත.
එම පැහැදිලි කිරීම සිදු කොට ඇත්තේ මහා බැංකුවේ අධිපතිවරයාගේ උපදෙස් මත බව එම ලිපියේ සඳහන් වන අතර එය මෙතෙක් රහසක් ලෙස පැවතිනි.
එම පැහැදිලි කිරිමේ සම්පූර්ණ ලිපිය සමාජ ජාලාවන්හි හුවමාරු වෙමින් ඇති අතර පහතින් දැක්වෙන ඒ අනුව ෆුට් නෝට් කල්ලිය විසින් කෝප් වාර්තාව සම්බන්ධව ඉදිරිපත් කල ෆුට් නෝට් සියල්ලම පදනම් විරහිත බවත්ල වංචනික ලෙස එම වාර්තාව හෑල්ලු කොට ජනතාව නොමග යෑවිමට ගත් උත්සහයක් බවත් එම පැහැදිලි කිරීම මගින් ජනතාවට අවබෝධ වනු ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆුට් නෝට් වංචනික කල්ලියට සම්බන්ධ නොවි බැදුම්කර වංචාවෙන් මන්දිර මුදල් සහ සන්තෝෂම් නොගත් එජාපයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වනුයේ රන්ජන් රාමනායක මහතායි. ෆුට් නෝට් කල්ලියට සම්බන්ධ වූයේ පහත සඳහන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ය.
- ආචාර්ය හර්ෂ ද සිල්වා, (එජාප-කොළඹ දිස්ත්‍රික්ය)
- සුජිව සේනසිංහ (එජාප-කොළඹ දිස්ත්‍රික්ය)
- අජිත් සි පෙරේරා (එජාප-කලුතර දිස්ත්‍රික්ය)
- හර්ෂන රාජකාරුණා (එජාප-ගම්පහ දිස්ත්‍රික්ය)
- හෙක්ටර් අප්පුහාමි (එජාප-පුත්තලම දිස්ත්‍රික්ය)
- අශෝක අබේසිංහ (එජාප-කුරුණෑගල දිස්ත්‍රික්ය)
- අබ්දුල් හලාල් මහරුෆ් (එජාප-ත්‍රිකුණාමල දිස්ත්‍රික්ය)
- වසන්ත අලුවිහාරේ (එජාප-මාතලේ දිස්ත්‍රික්ය)
- රවින්ද්‍ර සමරවීර (එජාප-බදුල්ල දිස්ත්‍රික්ය
පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව විසින් පසුගිය කාලයේදී ශ්‍රීලංකාවේ මෙතෙක් සිදු වු විශාලතම මූල්‍ය වංචාව වු මහා බැංකුවේ බැදුම්කරය සම්බන්ධව විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කල අතර මේ සඳහා රජයේ විගණකාධිපති මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ.