ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 12, 2018

ගිලිහෙන දේශපාලනයට ජනතාවගේ තීන්දුව

රටක සාමාන්‍ය පොදු ජනතාව වූ කලී නිහඩ පිරිසකි. කිසිවිටෙක ඔවුන් කලබලයෙන් තීරණ නොගනී. ඡන්ද විමසීමක දී තීරණාත්මක සාධකය වන්නේ මෙකී නිහ`ඩ පොදු ජනතාවගේ විඥානය යි. මෙම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් මෙරට ග්‍රාමීය නිහඩ පොදු ජනතාවගේ විඥානය හෙළි වී ඇත. ජාතික තලයේ හෝ අන්තර්ජාතික තලයේ දේශපාලන ප්‍රවාද මත පිහිටා ඔවුන් තීරණ නොගනී. රට ජාතිය හමුවේ අභියෝගයක්‌ පවතින බව හැෙ`ගන හැම මොහොතක ම මෙකී නිහ`ඩ පොදු ජනතාව සිය ඡන්දය මව්බිමේ උත්තරීතර වූ පැවැත්ම උදෙසා භාවිත කර ඇති බව ඉතිහාසය මෙන් ම වර්තමානය ද සාක්‍ෂි සපයයි.

මෙම ලිපිය ලියන මොහොත වන විට පළාත් පාලන ඡන්දය 2018 ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙයි. නමුත් ඔබ මේ ලිපිය කියවන මොහොත වන විට සියලු පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල නිකුත් වී තිබෙනු ඇත. දැනට පවතින තත්ත්වය අනුව නෙළුම් පොහොට්‌ටුව ලකුණින් පළාත් ඡන්දයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතනයන්හි බහුතර බලයක්‌ ලබා ගනිමින් සිටින බව පෙනේ.

මෙම පළාත් පාලන ඡන්දය අංශ ගණනාවකින් වැදගත් වේ. 1. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය හවුල්කාර ආණ්‌ඩුවේ පළමු ඡන්දය වීම.

2. හවුල්කාර ආණ්‌ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක වෙන වෙන ම ඡන්දය ස`දහා තරග කිරීම.

3. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් වෙන් වුණ ඒකාබද්ධ විපක්‍ෂය යෑයි හඳුන්වනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ මූලිකත්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් වෙනස්‌ දේශපාලන පක්‍ෂයක්‌ නිර්මාණය කර ඒ ඔස්‌සේ ඔවුන් පළාත් පාලන ඡන්දයට තර`ග කිරීම.

4. මනාප ඡන්ද ක්‍රමයෙන් තොර කොට්‌ඨාස ක්‍රමය හා සමානුපාතික ක්‍රමය එකට මිශ්‍ර කර නියෝජිතයින් තෝරා ගත හැකි පරිදි මැතිවරණ පැවැත්වීම

5. මැතිවරණ නීතිය බලාත්මක වීම හා ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් බැහැරව සාමකාමීව පැවැත්වීමට හැකිවීම

නමුත් ඊට ප්‍රථම 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂය එකතු වී දින සියයේ වැඩපිළිවෙලක්‌ දියත් කරමින් මාස හයකට ආසන්න කාලයක්‌ ආණ්‌ඩු කළේය. පසුව පැවැත්වූ මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජාතික පක්‍ෂයේ මැදිහත්වීමෙන් ගොඩනැ`ගු සම්මුතිවාදී යහපාලන ආණ්‌ඩුව බලයට පත් වී වසර දෙකහමාරකි.

සම්මුතිවාදී ආණ්‌ඩුව බලයට පත් වන අතර වාරයේ මෙරට පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙමින් පැවතුණි. නමුත් සම්මුතිවාදී ආණ්‌ඩුව විවිධ හේතු දක්‌වමින් පළාත්පාලන ආයතනවල ඡන්දය නියමිත කාලයේ නොපවත්වා ඒවා ලේකම්වරුන් හා කොමසාරිස්‌වරුන් යටතට පත් කළේය.

නියමිත කාලයේ ඡන්දය නොපැවැත්වීමට එක්‌ හේතුවක්‌ වශයෙන් ඔවුන් දැක්‌වූයේ නව මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමටත්, එහි සීමා නිර්ණයටත් සැලකිය යුතු කාලයක්‌ ගත වන බවකි. නමුත් පොදු විපක්‍ෂයේ මතය වූයේ ආණ්‌ඩුව හිතාමතාම ඡන්දය කල්දනම බවයි. නියමිත පරිදි සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමෙන් මහින්ද රාජපක්‍ෂ  යළි බලයට පත්වේය යන භීතිය නිසා ඡන්දය කල් දමන බව ඇතැම් විවේචනවල ස`දහන් වුණි.

එසේම ආණ්‌ඩුවට අවශ්‍ය වූයේ ජනාධිපති බලතල හා ආණ්‌ඩු බලතල උපයෝගී කරගෙන තමන් ඉහත ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් ලබාදුන් පොරොන්දු ඉටුකර, තමන්ට ඡන්දය දුන් දූෂණ විරෝධි ජනතාව සතුටු කර හොරු අල්ලා, ඔවුනට ද`ඩුවම් දී රටේ ජනතාවට දැනෙන වෙනසක්‌ සිදුකර ඔවුන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් පළාත් පාලන ආයතනවල බලය සියතට ගැනීමටය. නමුත් කිසිවෙකු අපේක්‍ෂා නොකළ පරිදි සම්මුතිවාදී ආණ්‌ඩුවට වසර දෙකක්‌ ගතවෙත්ම විවිධ ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් කරලියට පැමිණේ. එමගින් සම්මුතිවාදී ආණ්‌ඩුවේ ඇතැම් සැලසුම් වෙනස්‌ වූවා යෑයි සිතිය හැකි ය. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වූයේ පළාත් පාලන ඡන්දයේ වැඩි වාසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමති නව පක්‍ෂයට අයත් වීමයි.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය අනුව ජනාධිපතිවරයෙක්‌ හෝ ආණ්‌ඩුවක්‌ අවුලට පත්වන්නේ ද, පරිහානියට පත්වන්නේ ද ඉන් නොනැවතී කුජීත වන්නේ ද සිය දෙවන ධුර කාලයේ දී ය. එය සාමාන්‍ය තත්ත්වයකි. නමුත් බලයට පත් වී වසර දෙකහමාරක්‌, තුනක්‌ වැනි කෙටි කාලසීමාවක දී සාමාන්‍ය පොදු ජනතාව වෙතින් මෙතරම් ප්‍රතික්‍ෂේප වූ පාලන තන්ත්‍රයක්‌ මෙරට මෑත ඉතිහාසයෙන් දක්‌නට නොලැබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් ම සම්මුතිවාදී යහපාලන ආණ්‌ඩුව බලයට එන්නේ දූෂණය නැති කිරීමට ය. ජාතික සම්පත් හොරාකමින් අයථා ලෙස මුදල් ඉපැයූ හොරුන්ට ද`ඩුවම් දීමට ය. නමුත් රටේ සාමාන්‍ය පොදු ජනතාවගේ දෘෂ්ටිය වන්නේ වසර තුනක පාලන කාලය තුළ ආණ්‌ඩුව ඇල්ලූ හෝ ද`ඩුවම් දුන් හොරෙක්‌ නැති බවයි. එය හරියට ගහපු බෙරේකුත් නැත, බෙරේ පලුවකුත් නැත යන කියමනට සමාන ක්‍රියාකාරකමකි.

දූෂණය නැති කිරීමෙන් පමණක්‌ රටක්‌ සංවර්ධනය කළ නොහැකි ය. රටක්‌ දියුණු කිරීම ස`දහා සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වේ. එම වැඩපිළිවෙල ප්‍රායෝගික විය යුතු ය. එම ප්‍රායෝගික වැඩපිළිවෙල ප්‍රජාවගේ ආධ්‍යාත්මික හා භෞතික දියුණුව උදාකරලීම පිණිස ම විය යුතු ය. එකී සංවර්ධන ක්‍රියාදාමය ස`දහා ජනතාව සහභාගී කරවා ගත යුතු ය. සංවර්ධනය වනාහි ජනතාව ඉදිරියේ පසක්‌ වන ඔවුන් ඉදිරියේ දෘශ්‍යමනා වන්නක්‌ විනා මනෝරාජික වූවක්‌ නොවේ. එය හීනයක්‌ ද නොවේ. එබැවින් ජනතාවට දැනෙන්නට සංවර්ධනය සිදුවිය යුතු ය. දූෂණය නැති කිරීමේ විධික්‍රම හා දූෂණ නැති කිරීම ජනතාව දැනෙන අයුරින් සිදු කළ යුතු ය. සමාජ සාධාරණත්වය, නිදහස, සම්මුතිවාදය, යහපාලනය යන සංකල්ප ප්‍රායෝගික අයුරින් ජනතාවට දැනෙන අයුරින් පාලන තන්ත්‍රය සකස්‌ විය යුතු ය. නැති නම් ඒවා වචන පමණකි. මෙරට ජනතාව නිදහසින් පසු ගෙවුන වසර 70 ක කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, යහපාලනය, සම්මුතිවාදය, නිදහස, සාධාරණත්වය වැනි වචන හරඹවලට මැදි වී සිය ඡන්දය භාවිත කළේ ය.

නමුත් මෙරට පාලකයෝ ජනතාවට හෝ එකී වචනවල සාංකල්පික බවට කිසිදු සාධාරණත්වයක්‌ ඉටු නොකළේය. එහෙයින් ඒවා සියල්ල වචන පමණක්‌ ම විය. වචනය කුමක්‌ වුවත්, එහි අර්ථය කුමන ලෙස වරනැ`ගුවත් ඉන් ජනතාවට ඵලක්‌ නැත. ජනතාව සැමදා පාලකයන් වෙතින් බලාපොරොත්තු වන්නේ තුන් වේලට කුසට නිසි අහරක්‌ ගෙන නිරෝගීව සතුටින් නිදහසේ සිය ජීවිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරයක්‌ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළකි. එයට කියන නම කුමක්‌ වුවත් එය ජනතාවට ප්‍රශ්නයක්‌ නොවේ.

ලංකාව තවමත් කෘෂිකර්මාන්තය සිය මූලික ජීවනෝපාය කරගත් බහුතර ජනතාවක්‌ වෙසෙන රටකි. නූතනයේ කවුරු කෙසේ විග්‍රහ කිරීමට උත්සාහ ගත්ත ද ශ්‍රී ලංකාව වනාහි බෞද්ධාගමික දර්ශනයෙන් ද බෞද්ධ සංස්‌කෘතියෙන් ද පෝෂණය වූ රටකි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ට අනුව මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට ගෙන ආවේ හුදු ආගමක්‌ පමණක්‌ නොවේ. එය අංග සම්පූර්ණ ශිෂ්ටාචාරයකි. පසුකාලීනව ලක්‌දිව බෞද්ධයෝ බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් ස්‌වකීය ආධ්‍යාත්මික සහ භෞතික පැවැත්මේ කටයුතු පහසු කරගැනීම ස`දහා දායක කරගත් හ. එමෙන් ම මෙම ඉගැන්වීම්, සිරිත්විරිත්, සාරධර්ම වැනි සංස්‌කෘතිකාංග වශයෙන් ගෙන ස්‌වකීය මානව දයාව මෙන් ම මානව හිතවාදය පෝෂණය කරගත් හ. සිංහලයන්ගේ දේශාභිමානය, ජාති හිතෛෂීභාවය, සාර්වජනනී විචාර, ආත්මධෛර්යය, ක්‍රියාකෞශල්‍යය, ශාස්‌ත්‍රාභිලාෂය, කලා රුචිය, පරිත්‍යාග ශක්‌තිය, සහනශීලීත්වය වැනි ගුණාංග බුදු දහම සමග ලාංකිකයන්ට උරුම වුණි. මෙම සංස්‌කෘතිය අමතක කර යහපත් පාලන තන්ත්‍රයක්‌ ස්‌ථාපිත කළ නොහැකි ය.

සැබෑ ජනහිතකාමී නායකයෙකු වීමට ඥානය අවශ්‍ය වේ. රටක නායකයා එරට ජනතාවගේ ජන විඥානය හඳුනාගත යුතු ය. පාලකයාට ජනතාව පාලනය කිරීමට ඥානය අවශ්‍ය නැත. රටක ජනතාව පාලනය කිරීමට අවශ්‍ය වන්නේ බලය පමණකි. නමුත් ජනතාවගේ ගතසිත රංජනය කරමින් ඔවුන්ට නායකත්වය සැපයීමට ඥානය අවශ්‍ය වේ. බලය යනු, මානව ශිෂ්ටාචාරය සතු දූෂිතම මෙවලමකි. බලය උපතින්ම දූෂිත වූවකි. එම දූෂිත බලය එවැනි ම දූෂිත පුද්ගලයෙකු අතට පත්වීම මගින් දෙගුණකින් එම පුද්ගලයා දූෂිත වේ. නමුත්, එම දූෂිත බලය ඥානාන්විත පුද්ගලයා තුළ දී දූෂණය නොවේ. ඔහු ඉතා ක්‍රමානුකූල ලෙසත් සැලසුම් සහගතවත් අනෙකාට හානියක්‌ නොවන ලෙසත්, බලය හසුරුවයි. නමුත් බලය පමණක්‌ ඇති ඥානයෙන් තොර තැනැත්තා විනාශයට පත් වේ.

එබැවින් ජනප්‍රසාදය ලබාගැනීම සදහා බලය පමණක්‌ ප්‍රමාණවත් නොවන බව 2015 ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට ඉගැන්වීය. නමුත් ඉනික්‌බිතිව වසර තුනක ඇවෑමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම පාඩම ම වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද රනිල් වික්‍රමසිංහ මහතාට ද උගන්වා ඇති බවක්‌ දැනට ප්‍රකාශිත පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් පෙනෙයි.

රටක සාමාන්‍ය පොදු ජනතාව වූ කලී නිහ`ඩ පිරිසකි. කිසිවිටෙක ඔවුන් කලබලයෙන් තීරණ නොගනී. ඡන්ද විමසීමක දී තීරණාත්මක සාධකය වන්නේ මෙකී නිහ`ඩ පොදු ජනතාවගේ විඥානය යි. මෙම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් මෙරට ග්‍රාමීය නිහ`ඩ පොදු ජනතාවගේ විඥානය හෙළි වී ඇත. ජාතික තලයේ හෝ අන්තර්ජාතික තලයේ දේශපාලන ප්‍රවාද මත පිහිටා ඔවුන් තීරණ නොගනී. රට ජාතිය හමුවේ අභියෝගයක්‌ පවතින බව හැෙ`ගන හැම මොහොතක ම මෙකී නිහඩ පොදු ජනතාව සිය ඡන්දය මව්බිමේ උත්තරීතර වූ පැවැත්ම උදෙසා භාවිත කර ඇති බව ඉතිහාසය මෙන් ම වර්තමානය ද සාක්‍ෂි සපය යි.

නායකත්වය වනාහි තනි පුද්ගලයෙක්‌ හෝ ඔහු වටා සිටින කිහිපදෙනෙකු නොවේ. නායකයා යනු එක්‌ ක්‍රමානුකූල වැඩපිළිවෙළක නියෝජනයකි. නායකත්වය වනාහි එම වැඩපිළිවෙළ සැලසුම් සහගතව ස්‌වකීය ප්‍රජාවේ උන්නතිය පරම අභිලාෂය කරගනිමින් මෙහෙය වීමේ ක්‍රියා පිළිවෙතයි. මෙම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මෙරට දේශපාලන පක්‍ෂවල සාම්ප්‍රදායික නායකත්වය අභියෝගයට ලක්‌ කොට ඇත. වසර 60 කට අධික ඉතිහාසයක්‌ සහිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ද, එක්‌සත් ජාතික පක්‍ෂයේ ද නායකත්වය අභියෝගයට ලක්‌ කරමින් මෙරට ප්‍රගතිශීලී ප්‍රජාව අභිමත දේශපාලන දර්ශනයක්‌ මෙන් ම දේශපාලන ගමනක්‌ තෝරාගෙන ඇති බව මෙම ප්‍රතිඵල ඔස්‌සේ පිළිබිඹු කෙරේ.

එසේම දේශපාලන පක්‍ෂයක්‌ යනු එහි නම, ලාංඡනය, තේමා පාඨය හෝ එහි බලය හසුරුවන මධ්‍යම කාරක සභාව පමණක්‌ නොවන බව ජනතාව පෙන්වා දී තිබේ. පක්‍ෂයේ සිටි අතීත නායකයන්ගේ ගුණ ගැයීමෙන් පමණක්‌ එම පක්‍ෂයට අභිවෘද්ධියක්‌ නොසැලසේ. පක්‍ෂයක උත්තරීතර සංකල්පය වන්නේ එම පක්‍ෂයේ දැක්‌මයි. දේශපාලන පක්‍ෂයක්‌ යනු සාර්ථක ක්‍රමානුකූල ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක එකතුවකි.

එසේම පක්‍ෂයක්‌ යනු, එම පක්‍ෂයේ දැක්‌ම වටා එකතුවන දහස්‌ ගණනක ජනයාගේ විඥානය යි. පක්‍ෂයේ නායකයා මෙකී ජනවිඥානය වටහාගත යුතු ය. කාලාන්තරයක්‌ තිස්‌සේ ජනවිඥානය හඳුනා නොගැනීමේ ආනිශංසය වත්මන් එක්‌සත් ජාතික පක්‍ෂය මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ භුක්‌ති වි`දිමින් සිටියි. නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ද කලානුරූපව ජනවිඥානයෙන් ගිලිහෙමින් සිටින බව පෙන්වා දීමට මෙම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය උපයෝගී කරගැනීමට පිළිවන. මෙය තවදුරටත් තහවුරු වන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත්, බල ක`දවුරු වශයෙන් හඳුන්වන සමහර ප්‍රදේශවල බලය එම පක්‍ෂවලින් ගිලිහී යාමෙනි.

රැකියා ලබාදීමෙන්, බඩුමුට්‌ටු බෙදීමෙන් හා ඡන්ද දායකයාගේ උදර පෝෂණයෙන් පමණක්‌ ජනතාව ජයගත නොහැකි බව පසුගිය ජනාධිපතිවරණයෙන් සේම, මෙම පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් ද නැවත නැවත පසක්‌ වෙමින් තිබේ. රැකියා දහස්‌ ගණනක්‌ ලබාදුන් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැම් ඇමැතිවරුන්ගේ ඡන්ද බලය ගිලිහී ඇති බව මේ ස`දහා තවත් එක්‌ නිදසුනකි.

පළාත් පාලන ඡන්ද විමසීම සාමකාමීව හා සාධාරණව පැවැත්වීමට රජය මෙන් ම ඒ හා සම්බන්ධ පාර්ශවකරුවෝ හැකි සෑම උත්සාහයක්‌ම ගත් බව පෙනේ. මෙහිදී මැතිවරණ කොමිසම මෙන් ම පොලිසිය ප්‍රශංසනීය කාර්යයක්‌ ඉටු කළේ ය. මැතිවරණ නීතිය ශක්‌තිමත් කිරීමේ ගෞරවය රජයට හිමිවිය යුතුය. එමෙන් ම ජයග්‍රහණයෙන් උදම් නොවී සිය ජයග්‍රහණය අනෙකාට පීඩාවක්‌ නොවන පරිදි භුක්‌තිවි`දීම කෙරෙහි සියලු දෙනා අවධානය යොමු කළ යුතු ය.

සියලු දේශපාලනඥයන්ට මෙම පළාත් පාලන ඡන්දය බොහෝ පාඩම් කියාදෙයි. එපමණක්‌ නොව රටේ හෝ පක්‍ෂයක නායකයා වැරදි පාරේ ගමන් කරන්නේ නම් ඔහු නිවැරදි කිරීමේ කාර්යය සියලු අනුගාමිකයන්ට පැවරෙන්නෙකි. බලය ගිලිහී ගිය පසුව අවස්‌ථාවාදීව සිදු කරන විවේචනවලින් පලක්‌ නැත. වරප්‍රසාද ඇති තැන මෙන් ම නැති තැන ද නායකත්වයේ දැක්‌ම සුරැකීම ස`දහා කටයුතු කිරීම සියල්ලන්ගේ ම වගකීමකි. යුතුකමකි. එබැවින් මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන්නේ දේශපාලන බලය, එය භාවිතය මෙන් ම ජනතාව දිනාගැනීමේ වැඩපිළිවෙළ මෙන් ම මනුෂ්‍යත්වය පිළිබ`ද පාඩමයි.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
[email protected]


(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.