

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් මල්වාන, මාපිටිගම, ගඟබඩ පාරේ අධි සුඛෝපභෝගී නිවසක ඉදිකිරීම් ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා එය ඉදිකළ සියඹලාපේ ඕලූ ඇසෝසියේට් නම් සමාගම එහි ඉදිකිරීම් භාරව සිටි වරලත් ඉංජිනේරු සමාගමෙන් රුපියල් මිලියන 20 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
‘රිවර් සයිඞ් විලා‘ නම් භූගත මහලක් සහිත මෙම අති සුඛෝපභෝගී නිවස ඉදිකළ සියඹලාපේ ඕලූ ඇසෝසියේට් සමාගම එකී ඉදිකිරීම් වෙනුවෙන් තමන්ට ලැබිය යුතු මුදල වන රුපියල් කෝටි දහයයි ලක්ෂ තිස් හතරකට වැඩි මුදල (103,496,140.82* නිසි ලෙස නොගෙවා එම වටිනාකමට අඩු මුදලක් ගෙවා නියමිත මුදල ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ රෝහල මාවතේ පිහිටි මුදිත ඇසෝසියේට් නම් සමාගම වෙත සිය නීතිවේදිනිය මාර්ගයෙන් මෙසේ එන්තරවාසිය යවා ඇත.
ගම්පහ දිසා අධිකරණයේ නීතිඥ සුලානි ඉන්දිකා වන්නිආරච්චි මාර්ගයෙන් යවා ඇති මෙම එන්තරවාසිය මගින් සියඹලාපේ ඕලූ ඇසෝසියේටි සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රම සඳහන් කර ඇති පරිදි අදාළ ඉදිකිරීම භාරදෙන විටත් මුදිත ඇසෝසියේට් නම් එම වරලත් ඉදිකිරීම් ඉංජිනේරු සමාගමේ සභාපති මුදිත ජයකොඩි මෙම ඉඩම අයි.සී.සී. වත්ත ලෙසින් පමණක් හඳුන්වාදුන් බවත්, මෙම නිවසේ හිමිකරු බැසිල් රාජපක්ෂ බව නොපැවසූ බවත් සඳහන් කර ඇත.
තවදුරටත් එහි සඳහන් වන පරිදි නිවසේ මුල්ගල් තැබීමේ අවස්ථාවට එවකට අමාත්‍යවරයෙකුව සිටි බැසිල් රාජපක්ෂ , ඔහුගේ බිරිඳ සහ දියණිය පැමිණීමෙන් පසුව සැබෑ අයිතිකරු අමාත්‍යවරයා යැයි උපුල් කුමාර රාමවික්‍රම තේරුම් ගත් බව ද එන්තරවාසියේ සඳහන්ව තිබේ.
පසුව ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබියදී එහි පැමිණි බැසිල් රාජපක්ෂ , පුෂ්පා රාජපක්ෂ සහ එම දියණියගේ රුචිකත්වයට අනුව මෙහි ඉදිකිරීම්වල වෙනස්කම්ද සිදුකර ඇතැයිද එහි සඳහන් වේ.
එසේ නිම කළ මෙම නිවස සඳහා රුපියල් 103,496,140.82 ක මුදලක් වැය වුවද,එම මුදල අවසානයේ දී රුපියල් හත්කෝටි දහඅට ලක්ෂ තිස් එක්දහස් පන්සිය පනස් එකයි සත විසිපහක් (71,831,551.25* දක්වා අඩු කොට තර්ජනය කිරීමෙන් පසු ඒ සඳහා අත්සන ලබාගත් බවත් එම එන්තරවාසියේ දක්වා ඇත.
කරුණු එසේ හෙයින් සියඹලාපේ ඕලූ ඇසෝසියේට් සමාගමේ අධිපති උපුල් කුමාර රාමවික්‍රමට තවදුරටත් ලැබිය යුතු රුපියල් තුන්කෝටි දහසය ලක්ෂ හැටහතර දහස් පන්සිය අසූ නවයයි ශත 57 ක (31,664,589.57* මුදල සහ එකී බිල්පතේ දින සිට ඊට ලැබිය යුතු නෛතික පොළියද ලිපියේ දින සිට දින 21 ක් තුළ ගෙවා දමන ලෙස එන්තරවාසිය මගින් දන්වා තිබේ.
එසේම ඉහත සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිය සේවාදායකයාට සිදුව ඇති හානිය, පාඩුව හා අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 20 ක මුදලක්ද ගෙවීමට කටයුතු කරන ලෙස එම එන්තරවාසිය මගින් තවදුරටත් දන්වා තිබේ.
http://newsfirst.lk/sinhala/2017/10/104980/
අහිංසක දුප්පත් ජනතාවගේ කිරි එළදෙනගේ සිට සමෘද්ධි කාඩ් පත දක්වාත් රටට ප්රතිලාභ ගෙන එන මහා ආයෝජන ව්‍යාපෘතිවලිනුත් හිරිකිතයක් නැතිව කොමිස් ගැසූ ඔබ වැනි අය ජනතාව දැන් ප්‍රතික්ෂේප කර අවසන්.ජනතාව යළි ත් ඔබ එළවා දමන්නට පෙර රටට පව් නොදී ඔබේ රට වන ඇමෙරිකාවට ආපසු යන්න.