පසුගිය කාලය පුරාවටම බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු සිරි සමන්තභද්‍ර නම් වූ
මහා මුණිවරයන් නමින් හැඳින්වෙන සමන්තබද්‍ර සිය 43 වන ජන්ම දිනය
පසුගිය දා සමරා තිබුණා.
ඒ වෙනුවෙන් පසුගිය පෙබරවාරි මස 17 වන දින සිට 24 දින දක්වා විශේෂ පිංකම් රැසක්ද සංවිධානය කර තිබුණා.
ඒ සමන්තබද්‍ර වැඩ සිටින බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමහිදී.
සතියක
කාලයක් පුරාවට සංවිධානය කර තිබූ මෙම පිංකම් මාලාවේදී සැදැහැවතුන්ගේ
සෞභාග්‍ය උදෙසා ජය පිරිත් දේශනාවක්, මතු බුද්ධත්වයට පත්වන මෛත්‍රීය බෝධි
සත්වයන් වහන්සේගේ ආශීර්වාදය උදෙසා වූ මෛත්‍රී බෝසත් පූජාව, කිරි මව්වරුන්
200ක් සහ ළමුන් 50 දෙනෙකුන් සඳහා පුණ්‍යානුමෝදනා දේව දානය, සංසාර විමුක්තිය
සොයා ආ තරුණ තරුණියන් සසුන්ගත කිරීම ඇතුලු පිංකම් රැසක් සිදුකර තිබෙනවා.
ඉතා
උත්සවාකාරයෙන් සැමරූ සිරි සමන්තබද්‍ර ගේ ජන්ම දිනය වෙනුවෙන්
අාශ්‍රමය ඉතා උත්සවාකාරයෙන් සරසා ඇති ආකාරයද දැක ගන්නට පුළුවන්ත එසේම එහිදී
නිර්මාණය කල මොණරෙකුගේ ආකෘතිය සඳහා කප් කේක් දහසක් පමණ යොදා ගෙන ඇති අතර
පිංකම් මාලාව තුල අධ්‍යාත්මික ගී දැහැන නමින් සංගීතමය වැඩසටහනක්ද පවත්වා
තිබෙනවා. (Photos)
එසේම මෙම පිංකම සඳහා තිස්ස අත්තනායකද ඇතුළු ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම සහභාගී වී තිබීම විශේෂත්වයක්.
සිරි
සමන්තබද්‍ර හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නය නියෝජනය කරමින්
ශ්‍යාමෝපලික වංශික මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක තිබ්බටුවාවේ ශ්‍රී
සුමංගල හිමිගේ ආශීර්වාදයෙන්, මල්වතු මහා විහාරිය අතිගරු
දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිගේ මුලිකත්වයෙන්, මල්වතු
මහා විහාරිය කාරක සංඝ සභික ඓතිහාසික රිදී විහාර භාරකාර තැම්පත් තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමි, මල්වතු මහා විහාරිය
කාරක සංඝ සභික අනුරාධපුර බුද්ධශ්රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යය
දර්ශනපති ගෞරවාර්හ වැලිවිට සෝරත නායක හිමි, මල්වතු මහා
විහාර පාර්ශවයේ කර්ම වාගාචාර්ය රඹුක්වැල්ලේ නන්දාරාම නායක හිමි, ඇතුළු ත්‍රයි නිකායික ස්වාමීන් වහන්සේලා 120 නමක් උදෙසා මහා සංඝගත
දක්ෂිණාවක්ද පිළිගන්වා තිබෙනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, February 26, 2018
සිරි සමන්තබද්‍රයා 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි (Photos)
Posted by
lankanews
at
February 26, 2018
Labels: lankanews, maharagama siridamma, pitaduwe siridamma thero, samantha badra, samantha badra birthday, siri samantha, siridamma
සිරි සමන්තබද්‍රයා 43 වන ජන්ම දිනයත් උත්සවශ්‍රීයෙන් සමරයි (Photos)
2018-02-26T19:27:00+01:00
lankanews
lankanews|maharagama siridamma|pitaduwe siridamma thero|samantha badra|samantha badra birthday|siri samantha|siridamma|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...