ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 13, 2018

සිරාගේ රජකම දිගාසිරි කර ගැන්මේ Tryout ඵක ගැන....!!!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දුන් අවස්ථාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය...........?
(ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පමණක් 2015 ජනවාරි 09 දින වන විට පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අදාල වන්නේ නම් ජනතා පරමාධිපත්‍යය යටතේ කිව හැක්කේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනු ද ඒ අමාරු යන්නද?.)
1.)     ධුර කාලය 
·         මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ ිව්රුම් දෙන අවස්ථාවේ ධුර කාලයට අදාල 30.2 ව්‍යවස්ථාව මෙසේ ය.
ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුත්තේ ය. ජනාධිපතිවරයා සාවුරුදු කාලයක් ධුරය දරන්නේ ය. 
·         2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 3 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධව පෙර පැවති 30.2 ව්‍යවස්ථාව සංශෝධනය කර ඇත.
ඒ මෙසේ ය...
ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත්කර ගත යුතු අතර පස් අවුරුදු කාලයක් ධුරය දරන්නේ ය. 
පැහැදිලි කිරීම

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය වන්නේ සාවුරුද්දක කාලයකට ධුරය දරන බවට වන 2015 ජනවාරි 09 දින පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාවේ විධිවිධානය.
2.)     දෙවරකට වැඩි වාරයක් ජනතාව විසින් තෝරාපත් කර ගනු ලැබීමට සුදුස්සෙක් ද? යන්න 
·         මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ ිව්රුම් දෙන අවස්ථාවේ ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධුරයට ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේ ය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නො තිබුණි. 
·         2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 4 වැනි වගන්තිය මගින් දෙවරකට වැඩි වාරයක් ජනාධිපතිවරයාගේ ධුරයට ජනතාව විසින් තෝරාපත් කර ගනු නොලැබිය යුතු බවට විධිවිධානයක් ඇතුළත් කර ඇත.
ඒ මෙසේ ය...
ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සකු නොවන්නේ ය 
පැහැදිලි කිරීම
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නම් ඔහු ක්‍රියා කළ යුතු සහ යටත් විය යුතු සහ පිළිපැදිය යුතු නීතිය සහ තත්ත්වය වන්නේ ඒ අවස්ථාවේ නීතිමය සීමාවකින් තොරව ඕනෑම වාර ගණනක් ජනාධිපති ධූරයට පත් වීමට 2015 ජනවාරි 09 දින පැවති සීමාවකින් තොර නිදහස් තත්ත්වයයි...
3.)     ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය 
·         ෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ ිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ දක්වා ඇත.
ඒ මෙසේ ය.

·        2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 33වන ව්‍යවස්ථාව ඉවත් කරමින් පහත දැක්වෙන ව්‍යවස්ථාව ආදේශ කරන ලදී.
33. (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ :-

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,

(ආ) ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ  ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ

(ඈ) මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම  තහවුරු කිරීම, වන්නේ ය.

(2) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව, ජනාධිපතිවරයාට -

(අ) පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ, පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීමට බලය ඇත්තේ ය.

(ආ) පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත්තේ ය.

(ඇ) පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරස්මට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේ ය.

(ඈ) තානාපතිවරයන්, මහකොමසාරිස්වරයන්, පූර්ණාධිකාරී රාජ්‍ය දූතයන් හා වෙනත් තානාපති නියෝජිතයන් පත් කිරීමට හා ඔවුන්ට බලතල පැවරීමට ද, ඔවුන් පිළිගැනීමට ද බලය ඇත්තේ ය.

(ඉ) නීතීඥ වෘත්තියෙහි විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූ ද, පැවැත්මෙහි හා වෘත්තිය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්වයක් පවත්වාගෙන ඇත්තාවූ ද නීතිඥවරයන්, ජනාධිපති නීතීඥවරයන් වශයෙන් පත් කිරස්මට බලය ඇත්තේ ය. මේ ඡේදය යටතේ පත් කරනු ලබන සෑම ජනාධිපති නීතීඥවරයකුටම ඒ දක්වා රාජ නීතීඥවරයන් විසින් භුක්ති වි¢න ලද සියලු වරප්‍රසාදවලට හිමිකම ඇත්තේ ය.

(ඊ) ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරයන් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවර‍යා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරයන් ද පත් කිරීමේ අධිකාර පත්‍රවල සහ ජනරජයට අයත් වූ ද ප්‍රදානය කිරීමට හා පවරා දීමට ජනාධිපතිවරයාට නීතියෙන් නියමව ඇත්තා වූ නැතහොත් බලය පැවරී ඇත්තා වූ ද ඉඩකඩම් හා අනෙකුත් නිශ්චල දේපළ ප්‍රදානය කිරීමේ දී හෝ පවරා දීමේ දී, ඒ සම්බන්ධ ප්‍රදාන ප්‍රත්‍රවල හා පැවරුම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා, අත්සන් කිරීමට ද රාජ්‍ය මුද්‍රාව තැබිය යුතු වෙනත් සෑම ලේඛනයකම රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරීමට ද බලය ඇත්තේ ය.

(උ) යුද්ධය ප්‍රකාශ කිරීමට හා සාමය ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ යත සහ

(ඌ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූ ද ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට බලය ඇත්තේ ය.

පැහැදිලි කිරීම
·         ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය වන්නේ නම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති  ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම නීතියට පටහැනි වේ. 
එනම් 2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවට ආදේශකර ඇති  ජනාධිපතිවරයාගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය අනුව ක්‍රියා කිරීම 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වේ. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දෙන අවස්ථාවේ එකී විධිවිධාන සිය  බලතල, කාර්ය සහ කර්තව්‍ය යටතේ දක්වා නොතිබුණි. 
එකී නොහැකියාවන් පහත දැක්වේ... 
·         ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.
·         ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සහ VIIඅ  ව්‍යවස්ථාවේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම සහ
·         මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණ නිර්මාණය කිරීම  තහවුරු කිරීම.

4.)       ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු බව... 
·         ෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ ිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වන විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සළස්වා නොතිබුණි. 
·        2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 6 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර පැවති 33 ව්‍යවස්ථාවෙන් ඉක්බිතිව 33අ ලෙස ව්‍යවස්ථාවක් ඇතුළත් කර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු වන ව්‍යවස්ථාවක් ඇතුළත් කරන ලදී. 
එකී 33අ. ව්‍යවස්ථාව මෙසේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුඵ යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ  කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.

පැහැදිලි කිරීම
·         ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බලපාන්නේ 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයේ දිව්රුම් දුන් අවස්ථාවේ  පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වන්නේ නම්  2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 6 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33අ. ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති  ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු වන ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීම නීතියට පටහැනි වේ.

5.)       ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම.... 
·         ම‍ෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ ිව්රුම් දෙන අවස්ථාවේ ජනාධිපතිවරයට එරෙහිව නඩු පැවරීමට ජනතාවට අවස්ථාව සළසා දෙන විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සළස්වා නොතිබුණි. 
ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දින ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන අවස්ථාවේ ඔහු සම්බන්ධව නඩු පැවරීමට අදාලව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාව මෙසේ ය.

·        2015 මැයි 15 වැනි දින කථානායකවරයා විසින් සහතික කරන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ 7 වැනි  

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසීමිත වාර ගණනක්
ජනාධිපති වීමටත් අවස්ථාව ලැබෙයිද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.
19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී එනම් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයි එම යොමු කිරීම මගින් විසදා ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියාකර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මෙම සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට යවා ඇති ලිපිය සිංහල භාෂාවෙන් මෙසේ ය.

[ 2018 ජනවාරි 08
සභාපති/ ලේකම්
ශ්‍රී ලංකා නීතීඥ සංගමය,
කොළඹ 12.

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම 01/2018

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) ව්‍යවස්ථාව යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අධිකරණයට පහත ප්‍රශ්නය සළකාබලා මතය 2018 ජනවාරි 14 දිනට හෝ එදිනට පෙර වාර්තාකරන ලෙස යොමු කර ඇති බව ඔබ වෙත දැනුම් දෙන ලෙස ගරු අගවිනිසුරුතුමා විසින් මා වෙත නියෝග කර තිබේ.

ජනාධිපති ධූරයට තෝරාපත් කරගත් තැනැත්තා සහ අනුප්‍රාප්ත වූ තැනැත්තා වශයෙන් සහ 2015 ජනවාරි 09 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32.1 ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය භාරගැනීමේ දී 2015 ජනවාරි 09 දින සිට එනම් ඡන්දයෙන් ජනාධිපති ධූරයට ප්‍රතිඵල ප්‍රකාශකළ දිනයේ සිට ජනාධිපති ධූරයේ වසර 06ක දිගට ධූරකාලය දැරීමට යම් බාධාවක් තිබේද?

ඉහත දක්වන ලද යොමු කිරීම 2018.01.11 දින පෙ.ව. 11.00ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සළකාබැලීම සදහා ලැයිස්තු ගතකර ඇති බව ඔබගේ සාමාජිකයන් වෙත දැනුම් දෙන්නේ නම් කෘතඥ වෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් ]

ජනාධිපතිවරයා විසින් ඉහත යොමු කිරීම සමග වැදගත් නීතිමය කාරණා රාශියක් විසදා ගැනීමට අවස්ථාව ලැබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය යොමු කර ඇත්තේ 2015 ජනවාරි 09 දින ජනාධිපති ලෙස පත්වූ හෙයින් එවකට බලපාන ලද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථා සංශෝධනය ප්‍රකාරව තමන්ට වසර 06ක කාලයක් ජනාධිපති ධූරය දැරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමටය.

එනම් 2015 ජනවාරි 09 දින වන විට වලංගුව පැවති නීතිය වත්මන් ජනාධිපතිවරයාට වලංගු වන්නේ නම් ඔහුට වසර 06ක් ධූරය දැරීමට හැකියාව ඇති බව ඉතා මැනවින් පැහැදිලිය. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 ව්‍යවස්ථාව අනුව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා පස් වසරක් (05) ධූරය දරයි. ධූරයට පත් වූ අවස්ථාවේ නීතිය වලංගුවන්නේ නම් වසර 06ක් ජනාධිපති ධූරයේ දැරීමටත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ධූරද දරන කාලය වසර 05කටත් අඩු වනු ඇත.

එමෙන්ම 2015 ජනවාරි 09 දින ජනාධිපති ධූරයට පත්වන විට සීමා රහිත වාරගණනක් ජනාධිපති වීමටත්, ඒ සදහා අසීමිතව ජනාධිපතිවරණවලට තරග කිරීමටත් අවස්ථාව හිමි වන ලෙස නීතිය පැනවී තිබුණි.(18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්) එම නීතිය 2015 ජනවාරි මස 09 දින වන විටත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වලංගුව තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 09 දින ධූරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසීමිත වාරගණනක් ජනාධිපති ධූරයට පත් වීමට අවස්ථාව තිබූ පැරණි නීතිය වලංගුතාවයක්ද පැන නගින්නේද යන්නත් විසදාගත යුතු වැදගත් නීතිමය ප්‍රශ්නයකි.

එමෙන්ම 2015 ජනවාරි මස 09 දින වන විට පැවති නීතිය අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබුණේ නැත. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවේ 35.1 ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය ජනතාවට ලබා දෙනු ලැබීය. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය ලබා දුන්නද 2015 ජනවාරි 09 දින බලයට පත් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට අයිතිය පසුව පැනවූ නීතියකින් නො ලැබෙන්නේද යන්න මෙහිදී විසදාගත යුතුවේ.

කාර්ය පටිපාටිමය නීති ,හර්යාත්මක නීති අතීතයට බලපාන ආකාරයත් මෙහිදී නීති සාහිත්‍යයට මනා පැහැදිලි කිරීමක් කරනු ඇත.

2015 ජනවාරි 09 දින ධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අදාල වන්නේ පාර්ලිමේන්තුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ චේතනාව නොව ඔහු ධූරයට පත්වන විට පැවති පාර්ලිමේන්තු චේතනාවද? යන්නත් මේ මත විමසීම සමග නීතිය පැහැදිලි වනු ඇති අතර මෙවැනි සංකීරණ නීතිමය ගැටළු විසදා ගැනීමට ජනතාව සක්‍රීයව නීතිමය යාන්ත්‍රණය සමග බැදී සිටීමද වැදගත් වේ...

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
2018.01.09

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.