Insider Trading යනුවෙන් යෙදුමක්
ඉංග්‍රීසි භාෂාවෙහි තිබේ. මෙහි තේරුම බැංකුවක, මූල්‍ය ආයතනයක හෝ වෙන්දේසියක
අභ්‍යන්තර මූල්‍ය තොරතුරු පිටතට විකිණීම යනුය. එම තොරතුරු මිලට ගන්නා
තැනැත්තාට එම තොරතුරු පාවිච්චි කර මූල්‍ය වෙළෙඳපළ තුළ වාසි ලබාගත හැකිය.
මෙය භයානක වරදකි. මෙවැනි තොරතුරුවලින් ප්‍රයෝජන ගෙන කෝටිපතියකු වූ ශ්‍රී
ලාංකික සම්භවයක් ඇති - රාජරත්නම් නමැති ඇමරිකානු ආයෝජකයා එම වරදට,
අවුරුදු බර ගණනක සිර දඬුවමක් ලැබ ඇමරිකාවේ හිර ගෙදරක කූරු ගණන් කරයි. 1995
දී නික්ලීසන් නමැති Insider Trader කෙනකු විසින් සිංගප්පූරුවේ කොටස්
වෙළෙඳ පොළේදී කළ මෙවැනි වංචාවක් නිසා එංගලන්තයේ සුප්‍රකට බාරිංග්ස්
බැංකුව නැට්ටටම බංකොලොත් වී වසා දමන ලදි. "බාරිංග්ස්" යනු සූවස් ඇළ
කැපීම සඳහා අතේ සතේ නැතිව එංගලන්තය ළතවෙද්දී ඒ සඳහා මුළු මුදලම ණයට දුන්
බැංකුවය. අන්තිමේදී නික් ලීසන් හිරේ ගියේය. පසුගිය වකවානුවේදී එළියට ආ
බැඳුම්කර වංචාව පිළිබඳ කියෑවුණ කරුණුවලට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු
අධිපතිව සිටි කාලයේදී සිදුවී තිබුණු Insider Trading වැඩකි. මෙහිදී බයර්
ලෙස කටයුතු කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමය. බැඳුම්කරය හරහා එම සමාගම
උපයාගත් මුදල්වලින් සෑහෙන කොටසක් මේ වන විට බැංකු කොටස් සහ වෙනත්
ව්‍යාපාරවලට ආයෝජනය කෙරී සමාජ ගතවී අවසන්ය. ඒ නිසා එම මුදල් කෙසේ ආපසු
ලබාගත හැකිද යන ප්රශ්නය මතුවෙයි. බැඳුම්කරය නිසා ලොකුම අවුල සිදුවී ඇත්තේ
සේවක අර්ථසාධක අරමුදලටය. එයට සිදුවූ පාඩුව නිසා එම අරමුදලේ සාමාජිකයන්ට
ගෙවන පොලී ප්‍රතිශතය පවා අඩුවී තිබේ. අර්ථසාධක අරමුදලෙන් කොල්ලකා ගත් මුදල
ආපසු එම අරමුදලටම ලබාදීමේ වගකීම ආණ්ඩුව සතුව ඇත.
එම මුදල් ලබාගැනීම සඳහා
විශේෂ පනතක් සම්මත කරගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙයට
දින කිහිපයකට පෙර බැඳුම්කරය සම්බන්ධයෙන් කරන ලද විශේෂ ප්‍රකාශයක සඳහන් විය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ගිණුම් දැනටමත් තහනම් කර තිබේ. එහෙත්
බැඳුම්කර කොල්ලයෙන් උපයාගත් මුදලින් සියයට දහයක්වත් එම ගිණුම්වල නැති බව
අපට විශ්වාසය. හේතුව බැඳුම්කර කොල්ලකෑම් සහ Insider Trading සිදුකරන
සමාගම්වල මෝඩයන් නොසිටීමය. ඔවුන් යමක් කරන්නේ එහි ඊළඟ ඵලයද සලකා බලාය. ඒ
අනුව ඉතිරි මුදල් සෙවීම සඳහා ඩුබායි බැංකුවලට යැමට ලක් රජයට සිදු වූවොත්
පුදුම විය යුතු නැත.
කවුරු කොහොම කිව්වත් බැඳුම්කර සිද්ධියේ
අභ්‍යන්තරය රටට හෙළි කිරීමේ ගෞරවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට
හිමිය. එම වංචාවට එරෙහිව ජනමතයක් ගොඩනැඟීමේ මූලාරම්භය ඇති කිරීම පිළිබඳ
ගෞරවය ජනතා විමුක්ති පෙරමුණට හිමිය. කොමිසමේ සාක්ෂි මෙහෙයවීමේදී දප්පුල ද
ලිවේරා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් කළ මෙහෙවර ඉතා අගනේය එහෙත්
අන්තරාදායකය. මෙවැනි දූෂකයන් ගැන සෙවීමට ගිය ලලිත් අඹන්වල නමැති රජයේ
නිලධාරියා වසර 2002 දී ඇසිඩ් පහරක් කෑවේය. ඔහුගේ ඇස් අන්ධ විය. තත්ත්වය
එය නම් දප්පුල ලිවේරා සහ යසන්ත කෝදාගොඩ මෙතැන් සිට ජීවත් විය යුත්තේ ඉතා
පරෙස්සමිනි. ජනාධිපති සිරිසේන ඊටත් වඩා පරෙස්සම් විය
යුතුය. රුපියල් 5000 ට මිනීමරන, බෝම්බ ගසන අපරාධකරුවන් ගෙන් අද සමාජය පිරී
ඉතිරී ගොස් ඇති බව අප අමතක කළ යුතු නොවේ. සෑම මරාගෙන මැරෙන්නෙක්ම
කොටියෙක් නොවේ. එහෙත් මරාගෙන මැරීම සිදුවූ පසු එය සිදු කළ එකා කොටියකු බව
කී විට ඔහුගේ මළකඳ එයට විරුද්ධ වන්නේ නැත. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය මතක ඇති
අය අප අතර බොහෝය. ඵයද ඔහුගේ ඵවකට පක්ෂයේ අරමුදල භාරව සිටි හොර තඩියා හෙවත්
කරුප්පයියාගේ ප්ලෑනක් බව තතු දන්නෝ පවසති.ඌ ගොඩ ආයේ ඵම මුදලිනී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 8, 2018
පාතාලයන් වටකර ගත් මිනීමරු කරුප්පයියාගෙන් සහ මිනීමරු බටලන්දයාගෙන් වටේටම තර්ජණ...!!!
Posted by
lankanews
at
January 08, 2018
Labels: bandumkara, batalanda, Bond Scam, bondscam, con ravi, corruptions ravi, Perpetual Treasuries, ranil con man, ravi karunanayke, unp politicians, yahapalanaya
පාතාලයන් වටකර ගත් මිනීමරු කරුප්පයියාගෙන් සහ මිනීමරු බටලන්දයාගෙන් වටේටම තර්ජණ...!!!
2018-01-08T00:24:00+01:00
lankanews
bandumkara|batalanda|Bond Scam|bondscam|con ravi|corruptions ravi|Perpetual Treasuries|ranil con man|ravi karunanayke|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
