සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් ගෙන් ඉගන නොගත් පාඩම වත්මන් අධිපතිගෙන්ද ඉගෙන නොගනී.. ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කැනේඩියානු පුරවැසියෙකි…!!!
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රීලංකාවේ නීතියේ ආදිපත්යට සියලු ශ්‍රි ලංකික පුරවැසියන් යටත් ය. එමෙන්ම වෙනත් රටක පුරවැසියෙකු ශ්‍රීලංකා ජනරජ භූමියේ රැදි සිටින තුරු ඔහු මෙරටේ නීතියට යටත් වුවද එරටෙන් නික්මව ගිය පසු ඔහුන් ගෙන්වා ගැනිම හෝ ප්‍රශ්න කිරිම ඔහු/ඇය ගේ පුරවැසිභාවය හිමි රටේ නීතියට හෝ ජාත්‍යන්තර ප්‍රඥප්තින්ට යටත්ව සිදු කල යුතුය.
එහෙත් පසුගිය දා මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාව සිදු කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිලධාරියෙකු ලෙස චෝදනා ලබා සිටින එකම පුද්ගලයා වන හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රීලංකාවේ පුරවැසියෙකු නොවූ බව මුලදීම හෙලි වු බැව් කෝප් කොමිටියේ හිටපු සභාපති ඩිව් ගුණසේකර කරුණු සහිතව සිකුරාදා 5 වෙනිදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කලේ ය. පුවත මෙතනින්
ඒ අනුව මේ මහා මූල්‍ය මංකොල්ලයට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රීලංකාවේ පුරවැසියෙකු නොවන බැවින් ඔහු මේ වනවිට ශ්‍රීලංකාවෙන් බැහැරව තම මව් රට වන සිංගප්පූරුව බලා වහාම පිටත්ව ගොස් ඇත.
ඒ අනුව ඉදිරියේ ශ්‍රීලංකාවේ පොලිසියට ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනිමට පවා සිංගප්පූරු රජයෙන් අවසර ගත යුතුය, එහෙයින් කිසි කලෙක ඔහුට බැදුම්කර කොමිසම මගින් තීරණය කොට ඇති නිර්දේශ අනුව අධිකරණ කටයුතු ශ්‍රීලංකාව තුල සිදු කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙනු ඇත.
මෙම තත්ත්වය තවත් දරුණු වනුයේ ඔහු මහා බැංකුවේ අධිපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම තනතුරට පත් කලේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මහතාය. අදට ඔහුගේ වයස අවුරුදු 68 කි. සමාන්‍යයෙන් ශ්‍රීලංකාවේ රාජ්‍ය සේවකයකු විශ්‍රාම ගනු ලබන උපරිම වයස අවුරුදු 60 කි. එමෙන්ම ඔහු ලෝකයේ අනික් කෙලවරේ තිබෙන රටක් වන කැනඩාවේ නිත්‍ය පුරවැසියෙකු වන අතර මෙම තත්ත්වය තවත් බරපතළ කරයි.
දැනට ලෝකයේ රටවල්වල සිටින වයෝවෘද්ධම මහා බැංකු අධිපතිවරයා ද වන අතර
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි ශ්‍රීලංකාවට ගෙන්වා ශ්‍රීලංකාවේ මහා
බැංකුවේ අධිපති ධූරයට පත්කලේ මේ ආණ්ඩුවයි. එහෙත් ඒ සම්බන්ධව ජනාධිපති හෝ
අගමැති වගකීම භාර ගන්නේ ද යන්න පැහැදිලි නැත, මෙය අනාගතයේදි තවත් ගැටලු
රාශියක් මතු කිරීමට හේතුවනු ඇත.
එමෙන්ම වර්තමාන මහා බැංකු අධිපතිවරයා ඇමරිකාවේ පිහිටි Galleon Group
hedge fund හී කලක් මූල්‍ය උපදේශකවරයෙකු ලෙස සේවය කොට ඇත. එම මූල්‍ය සමාගම
අයත් වනුයේ රාජ් රාජ්රත්නම්ටයි.එම සමාගම ඇමරිකා කොටස් වෙළෙඳපොළ තුල මූල්‍ය වංචාවක් සිදු කොට ඇත. ඒ අනුව එරටේ අධිකරණය මගින් එහි අයිතිකරු වන රාජ් රාජරත්නම් එරටෙහි අධිකරණය මගින් වැරැදි කරු කොට මේ වනවිට සිරගතව සිටින අයෙකි. රාජ් රාජ්රත්නම් යනු පසුගිය යුද සමයෙහි එල් ටී ටී කොටින්ගේ ආධාරකරුවෙකු මෙන්ම කොටින්ගේ ජාත්‍යන්තර මුදල් ජාලයට ඔහුගේ සම්බන්ධකම් තිබු බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ශ්‍රීලංකාවේ ආරක්ෂක අංශ වාර්තා කොට තිබුනි Link
මෙවැනි තත්ත්වයක් තුල මෙරටේ ආර්ථිකයේ වැදගත්ම මූල්‍ය ආයතනය වන ශ්‍රීලංකා මහා බැංකුවේ අධිපති ලෙස ප්රස්නගත බැදුම්කර වංචාවට සම්බන්ධ සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කිරිමෙන් පසු ද පත්කොට ඇත්තේ කැනේඩියානු පුරවැසියෙකු මෙන්ම වංචාවක් නිසා ඇමරිකානු කොටස් වෙළෙඳපොළහි අසාදු ලේඛන ගත කොට සමාගමක උපදේශකයකු වශයෙන් කලක් සේවය කල පුද්ගලයෙකි. ඒ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මහතාය.
ශ්‍රීලංකාවේ මහා බැංකුවේ කාර්යය වනුයේ
- විවට වෙළඳපොල කටයුතු
- බැංකු අනුපාතය
- විදේශ විනිමය මෙහෙයුම්
- උපරිම පොළී අනුපාතය
- ප්රතිමුල්ය පහසුකම් සැපයිම
- රාජ්‍ය ණය කළමනාරණය
- විදේශ විනිමය පාලනය
- කුඩා පරිමාණ මුල්‍යකරණ වැඩසටහන් සහ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම මුලික ආයතනය ලෙස කටයුතු කිරීම
- සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය සහ පරිපාලනය
එහෙත් මෙවැනි වැදගත් කාර්යය භාරයක් සිදු කිරිමට ශ්‍රීලංකාවේ පුරවැසියෙකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම තවත් කැපි පෙනෙන දුර්වලතාවයකි.