සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි...!!!
සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..
‘වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල’ යයි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සදහන් කරයි.
ඇය මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කලාය.
“මෙතනට ආපුවහම තමයි පේන්නේ අපිට කොයි තරම් හමුදාවක් ඉන්නවද කියල. CPC
එකේ 3000ක් ඉන්නවා. CPSTL එකේ 2700 ක් පමණ ඉන්නවා. තවත් මේකට එන්න දවසකට
කීදෙනෙක් අපිට කතා කරනවද ? ඇමතිටයි මටයි තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම
ඩිමාන්ට් එක තියෙන්නේ. එක්කෝ ෂෙඩ් එකක් ගන්න පස්සෙන් එනවා. නැත්නම්
රස්සාවට දාගන්න කවුරුහරි පස්සෙන් එනවා.
කෙසේ හෝ අපි ආපු ගමන ගැන මම සතුටු වෙනව වගේම තවත් අඩුපාඩු තියෙනවා.
අපිට මීට වඩා ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියල මම හිතනවා. ආයතනය රජයේ කියලා
කිවුවට අපි ඇත්තටම වැඩ කරන්න ඕන පෞද්ගලික ආයතනයක් වගේ.
මට වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල. මොකද
මමත් රජයේ ආයතනයක වගේම පෞද්ගලික ආයතනයකත් වැඩ කරල තියෙනවා. එතැනදි මම
දකිනවා කාර්යක්ෂමතාව කියන එක කොයිතරම් වටිනවද කියල.
මේ අවුරුද්දේ මමත් ඇමතිත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් එකතු වෙලා
බලාපොරොත්තු වෙනවා හොඳ කාර්යක්ෂමතා සේවයක් පවත්වාගෙන යනවා සේම නැවතත් තෙල්
අර්බුදයක් ඇති නොවෙන්න කටයුතු කරන්න. මොකද මෙතැනදී ඇතුලෙම වැඩ කරන අයගෙන්
තමයි SMS පණිවුඩ ගිහිල්ලා පසුගිය කාලේ තෙල් අර්බුදය පටන් ගත්තේ. ඒක නිසා
තමයි අපිට හිතට අමාරු. ඒ වගේම රජයේ සේවය කරන්න අපිට පිනක් අපිට
උත්පත්තියෙන්ම ලබා දීල තියෙනවා. රජයේ සේවකයෝ කී දෙනාද ඉන්නේ. ඒ නිසා තමන්ගේ
සේවය හරියට කරන්න…. ”
මෙම උත්සව අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික
රණතුංගද එක් විය. ඔහු අවධාරණය කළේ දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු
කිරීමට විෂය භාර අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුන් සහයෝගය මහත් සේ
අගය කරන බවයි. පසුගිය මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මහත්
ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවද සභාපති දම්මික රණතුංග පැවසීය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, January 7, 2018
පිනට පාර්ලිමේන්තු ගිය ඵළදෙනක් තප්පුුලයි......!!!
Posted by
lankanews
at
January 07, 2018
Labels: anoma gamage, daya gamage, fake politicians, yahapalanaya
පිනට පාර්ලිමේන්තු ගිය ඵළදෙනක් තප්පුුලයි......!!!
2018-01-07T03:10:00+01:00
lankanews
anoma gamage|daya gamage|fake politicians|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...