හිටපු රුසියානු තානාපති උදයංගගේ දේපළ විකිණීම තහනම් - උසාවියෙන් නියෝගයක්....!!!
දොම්පේ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් රුපියල් මිලියන 70 ක් පමණ වටිනා අක්කර හතක් පමණ වූ ඉඩම් කොටස් දෙකක් විකිණීම හා අන්සතු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය ගම්පහ ඉඩම් කොමසාරිස්වරයා වෙත නියෝගයක් කළාය. එමෙන්ම බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 29 ක් පමණ වටිනා නිවාස සංකීර්ණය විකිණීම හෝ අන්සතු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය එහිදී කොළඹ ඉඩම් කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කළාය.
සැකකාර උදයංග වීරතුංග එකී දේපළ මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේදී අයථා ලෙස උපයාගත් මුදල්වලින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළාය. එම නඩුව ලබන මාර්තු 16 වැනිදා කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.