ඌව පළාත් සභාවේ දමිළ පාසල් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් පසුගියදා දිවුරුම් දීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී ඇතැයි ද ඔවුහු පවසති.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා විෂයයන් ගැසට් කර ඇතත් එම ලැයිස්තුවට දමිළ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් විෂයයක් ඇතුළත් කර නැතැයි ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.
වර්තමාන ආණ්ඩුව බලයට ආ දා පටන් අවස්ථා ගණනාවකදී මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි කී හෙතෙම ඉදිරියේදී අනෙකුත් පළාත් සභාවන්හි ද දෙමළ පාසල් අධ්‍යාපන ඇමැති නමින් හා මුස්ලිම් පාසල් ඇමැති ලෙස ඇමැතිවරුන් දිවුරුම් දීමට ඉඩ ඇතැයි ද කීය.