“ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි ජනාධිපතිවරයා මාධ්‍ය ආයතනවල ප්‍රධානින් කොටුව ජනාධිපති මන්දිරයේ දි හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කල බැව් 26 ” ලංකාදීප” පුවත්පත වාර්තා කොට ඇත.
ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කීජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදි ද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේ ය.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ සමහරුන් ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැන ද නිතර පවසා ඇති බව සඳහන් කලේ යයි එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.
ඉහත ප්රවෘත්ති අනුව යහපාලන ආණ්ඩුවේ තේ අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායකයි.
කරුංකා අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපනයන සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එහි රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහය.
ගම්මිරිස් සහ අන්නාසි අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දයා ගමගේ සුලු අපනයනයන භෝග අපනයනයන අමාත්‍යවරයා ලෙසයි.