හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමයේ දහම් පාසලේ සිසුවෙකු වූ ඔහු එහි
නිෂ්පාදනයක් වූ විනී රන්වලගේ සම්බුලා නාට්‍යයේ සෝත්තිසේන රජුගේ චරිතය
රඟපාමින් ඔහු වේදිකාවට අවතීර්ණ විය .පසුව රන්වල මහතාගේම සයිලාසනය සහ
විදුර නාට්‍යය වලද රඟපෑවේය . ජනක් ද සිල්වාගේ යුද්ධය හා සාමය , කාලිංග
ඔබෙවන්සගේ නරලොවට වැඩක් , නිලන්ත රණසිංහගේ දෙපැත්ත , සුමිත් ගල්හේනගේ
වේදිකා ,රන්ජිත් ද සිල්වාගේ ප්ලටූන් .සිසිල් ගුණසේකරගේ රැල්ල ඒ අතර වෙයි .
අතුල රන්සිරිලල්ගේ සිරි දළදා වත ,සිරි මැදුරක කතාවක් යන නාට්‍ය වලද ඔහු
ප්‍රධාන චරිත රඟපෑවේය . ටෙලි නාට්‍ය රැසකට ඔහු දායක විය ඒ අතර චීන කොරටුව
, යුග විලක්කුවද විය .කෝපි කඩේ කතාකාංග රැසක ඔහු රංග පා ඇත . පසුගිය
කාලයේ ඔහු වඩාත් කාර්ය බහුල වුයේ හඬ කැවීමේ ශිල්පියෙකු ලෙසයි .ඒ ශ්‍රී
ලංකා රුපවාහිනි සංස්ථාව විකාශය කල විදේශීය ටෙලි නාට්‍ය සහ කාටුන් සඳහායි.....
මම කොතනින් පටන් ගන්නද ? මිනිස් ජීවිතයක් හා සැසදීමේදී වසර 30 ක්
යනු දීර්ඝ කාලයකි .1987 ඔබ මා මුල් වරට හමු වන්නේ ලතා ලුම්බිණි නිෂ්පාදනය
කල තොප්පිය වේදිකා නාට්‍යයෙනි . ඒ මිතුදමට අදට වසර 30 යි . අපි කිසිවෙකු
අපේක්ෂා නොකළ මොහොතක ඒ 30 වසරක සුන්දර අතීතය පමණක් ඉතිරි කර ඔබ නික්ම
ගොස් ඇත .මේ ක්ෂේත්රයේ අපේ කාලයේ බොහෝ මිතුරන්ගේ රාත්‍රී නවාතැන්පොළ
වූයේ නාරාහේන්පිට ඔහුගේ නිවසයි . මමද කාලයක් එහි නේවාසිකයෙක් විය . ඔහු
වේදිකා නළුවෙකු වීමට ප්‍රථම ඉසිපතන විදුහලේ දක්ෂ රගර් ක්‍රීඩකයෙකු විය . ඒ
නිසාම ලංකාවේ නම ගිය බොහෝ රගර් ක්‍රීඩකයන් ඔහුගේ මිතුරන් විය .
හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමයේ දහම් පාසලේ සිසුවෙකු වූ ඔහු එහි
නිෂ්පාදනයක් වූ විනී රන්වලගේ සම්බුලා නාට්‍යයේ සෝත්තිසේන රජුගේ චරිතය
රඟපාමින් ඔහු වේදිකාවට අවතීර්ණ විය .පසුව රන්වල මහතාගේම සයිලාසනය සහ
විදුර නාට්‍යය වලද රඟපෑවේය . ජනක් ද සිල්වාගේ යුද්ධය හා සාමය , කාලිංග
ඔබෙවන්සගේ නරලොවට වැඩක් , නිලන්ත රණසිංහගේ දෙපැත්ත , සුමිත් ගල්හේනගේ
වේදිකා ,රන්ජිත් ද සිල්වාගේ ප්ලටූන් .සිසිල් ගුණසේකරගේ රැල්ල ඒ අතර වෙයි .
අතුල රන්සිරිලල්ගේ සිරි දළදා වත ,සිරි මැදුරක කතාවක් යන නාට්‍ය වලද ඔහු
ප්‍රධාන චරිත රඟපෑවේය . ටෙලි නාට්‍ය රැසකට ඔහු දායක විය ඒ අතර චීන කොරටුව
, යුග විලක්කුවද විය .කෝපි කඩේ කතාකාංග රැසක ඔහු රංග පා ඇත . පසුගිය
කාලයේ ඔහු වඩාත් කාර්ය බහුල වුයේ හඬ කැවීමේ ශිල්පියෙකු ලෙසයි .ඒ ශ්‍රී
ලංකා රුපවාහිනි සංස්ථාව විකාශය කල විදේශීය ටෙලි නාට්‍ය සහ කාටුන් සඳහායි .
මට ඔහු අවසන් වරට හමු වුයේ පසුගිය අගෝස්තු නිවාඩුවට නිවාඩුවේදියි . අපේ
අතීතය සිහිපත් කරමින් ඇතිවෙනතුරු සිනාසුනෙමු . ඒ අප එක්ව සිනාසෙන්නේ
අවසන් වරට බව මා මෙන්ම ඔහුද සිහිනෙකින්වත් නොසිතුවෙමු . නොසිතුදෙයම
සිදුවන ලෝකයකි මෙය . ඔහුත් මාත් අතර මිතුදමෙහි පැටලී ඇති බොහෝ දේ මතකයට
ගන්නට මට ශක්තියක් නැත . ඔහුගේ දේහයට කර තියන්නට නොහැකිවීමේ පසුතැවීම
මියෙනතුරා මා පෙලනු ඇත . මිතුර ඔබට නිවන් සුව .
අනුර පෙරණගමගේ ප්‍රංශය