ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 5, 2018

බැඳුම්කර මගඩිය යටගහන්න හදපු අය දැන් ඉන්නේ ඇඳුම් ඇඳගෙනද...? -

විජිත හේරත්...!!!

 බැඳුම්කර මගඩියේ හොරු ආරක්‌ෂා කිරීමට පාර්ලිමේන්තුවේ අදහස්‌ දැක්‌වූ ෆුට්‌ නෝට්‌ දැමූ පොත් ලියා පළ කළ, මාධ්‍ය හමු පැවැත්වූ උදවිය දැන් ඉන්නේ ඇඳුම් නොමැතිව දැයි ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  විමසා සිටියේය.
මෙම බැඳුම්කර වංචාවේ පළමු මගඩිය සිදු කර දෙසතියක්‌ ගතවීමටත් මත්තෙන් ජනතා විමුක්‌ති පෙරමුණ විසින් කළ හෙළිදරව් කිරීම් එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ වත්මන් රජය පිළිගත්තේ නම් මේ මහා මූල්‍ය වංචාවෙන් රටට ගැලවීමට තිබූ බවත්, එහෙත් රජය හොරු රැකගැනීම සඳහා කටයුතු කළා මිස රටට වන හානිය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකළ බවත් හෙතෙම කීවේය.
විජිත හේරත්  එම අදහස්‌ පළ කළේ ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ  (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විජිත හේරත්  මෙසේද පැවසීය.
ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය පසුගිය වසර 70 ක කාලය තුළ එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලනිප පක්‍ෂ දෙකේ වංචා, දූෂණ, අක්‍රමිකතා ක්‍රියාවලියේ කෙටි වාර්තාවක්‌. එක්‌සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් මෙතෙක්‌ කල් ගෙන ගිය පාලනයේ පැටිකිරියේ පාපෝච්චාරණයක්‌ තමයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළේ. වසර 70 ක ශේෂ පත්‍රයයි. මෙම පක්‍ෂ දෙක මාරුවෙන් මාරුවට ජනතාවගේ මුදල් වංචා කළ බව, නාස්‌ති කළ බව, කාබාසිනියා කළ බව එම ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.
හොරු එළවලා දූෂණය, වංචාව නතර කරනවා කියපු මේ ආණ්‌ඩුව මහා පරිමාණ බැංකු කොල්ලයක්‌ කළා. ආණ්‌ඩුව පත්වෙලා මාසයකට ආසන්න කාලයකදී තමයි මෙම මංකොල්ලය සිදු කළේ. මෙම ගනුදෙනුව සිදු වූයේ පෙබරවාරි 26 සහ 27 දින ආසන්නයේ. මෙම ගනුදෙනුවෙන් පසු එහි සම්පූර්ණ තොරතුරු අපේ පක්‍ෂයේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් 2015 මාර්තු 10 මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වමින් හෙළිදරව් කළා. ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම මූල්‍ය වංචාව එයයි. ඉන්පසුව 2015 මාර්තු 17 වැනිදා අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් මෙම අයථා ගනුදෙනුව පිළිබඳවත්, එයින් සිදු වූ පාඩුවත්, අර්ජුන මහේන්ද්‍රන්ගේ සම්බන්ධයත් පිළිබඳව අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. අගමැතිවරයා ඒ අවස්‌ථාවේදී අර්ජුන මහේන්ද්‍රන් ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුවේදී කතා කළා. අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා මෙම ගනුදෙනුවේ අසාමාන්‍ය ලෙස ලාභ ලැබීමට මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක්‌ තිබුණා. ඒ වෙලාවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමත් හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ කියලත් අපි කිව්වා. අගමැතිවරයා කිව්වේ මහ බැංකු අධිපතිවරයා මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට ප්‍රකාශ වන කරුණු සත්‍යයෙන් තොරයි කියලා. ඒ වගේම මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයට බලපෑම් කළ බව අසත්‍යයි කියලා අගමැතිවරයා කිව්වා. අපි එදා කළ චෝදනාව පිළිබඳව ආණ්‌ඩුව ක්‍රියාමාර්ග ගත්තා නම් මේ තරම් මූල්‍යමය අලාභයක්‌ සිදු නොවෙන්න ඉඩ තිබුණා. ආණ්‌ඩුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම නිසා විශාල මුදලක්‌ රටට අහිමි වුණා.
ජනතා විමුක්‌ති පෙරමුණ 2016 නොවැ. 09 වැනිදා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව ආණ්‌ඩුව ගත යුතු ක්‍රියාමාර්ග 06 කින් යුත් ලියවිල්ලක්‌ ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති මහ බැංකුව අගමැතිවරයා යටතට පවරා ගැනීමත්, ජනතා විරෝධය නොසලකා සිංගප්පූරු පුරවැසියෙක්‌ මහ බැංකු අධිපති තනතුරට පත් කිරීමත්, බැඳුම්කර වංචාව හෙළි වූ අවස්‌ථාව් සිට අධිපතිවරයා රැකීමට අගමැතිවරයා කටයුතු කිරීමත්, ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ කිරීමත්, ඔහු තනතුරෙන් ඉවත් නොකර ස්‌වභාවිකව කාලය අවසන් වන තෙක්‌ සිටීමත් යන කරුණු අපි එම ලියවිල්ලෙන් අවධානය යොමු කළා. ඊට අමතරව කෝප් කමිටුවේ සාමාජිකයෙකු ඉවත් කොට සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා කෝප් කමිටුවට ඇතුළත් කිරීමට අගමැතිවරයා කටයුතු කර තිබුණා. එය හිතාමතා මෙම ගනුදෙනුව ආරක්‍ෂා කිරීමට කළ කටයුත්තක්‌. පසුව සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ගනුදෙනුව ආරක්‍ෂා කරමින් පොතකුත් ලිව්වා. මේ පිළිබඳවත් අපි ආණ්‌ඩුවේ අවධානය යොමු කළා.
බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව පදනම් කර ගනිමින් වංචාවට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමත්, රජයට වංචා කළ මුදල් ආපසු අයකර ගැනීමටත්, අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරෙන් හා ඔහු දරන සියලු තනතුරුවලින් වහා ඉවත් කරන ලෙසත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ලැයිස්‌තුවෙන් ඉවත් කරන ලෙසත්, ඔවුන් අයථා ලෙස උපයා ගත් මුදල් රටින් බැහැර කිරීම වළක්‌වන ලෙසත් අපි එම ලිපියෙන් ආණ්‌ඩුවට අවධාරණය කර සිටියා. නමුත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැහැ. දැන් ප්‍රමාද වෙලා ජනාධිපති කොමිෂන් වාර්තාවක්‌ එළිදක්‌වලා තිබෙනවා.
කෝප් කමිටුවට ඇති බලතල යටතේ උපරිම පරීක්‍ෂණයක්‌ කරන්න පියවර ගත්තා. නමුත් ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට කෝප් කමිටුවට වඩා බලතල වැඩියි. ඕනෑම කෙනෙක්‌ කැඳවන්න පුළුවන්. ඒ නිසා මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ විශාල කරුණු ප්‍රමාණයක්‌ අන්තර්ගත වෙලා තිබෙනවා. රවි කරුණානායක පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් ගෙවල් කුලී ලබා ගැනීම, මුදල් ඇමති ධුරය අයථා ලෙස යොදා ගැනීම, වැනි කරුණු ගණනාවක්‌ එම පරීක්‍ෂණවලින් හෙළිදරව් වුණා. ඒ අනුව බොරු සාක්‍ෂි ලබාදීම සම්බන්ධයෙන් රවි කරුණානායකට එරෙහිව දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කිරීමටත්, අල්ලස්‌ ලබා ගැනීමට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමටත්, නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන් දැනුවත්ව මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු තමන්ගේ බෑනාගේ සමාගමට ලබාදී තිබෙන බවටත් ඔහු යටතේ සිටි නිලධාරීන් යටපත් කොට ගනුදෙනුව සිදුකර ඇති බවටත් වාර්තාවෙන් හෙළිවෙලා තිබෙනවා. එමෙන්ම එම වාර්තාව නිර්දේශ කර තිබෙනවා නව නීති සම්පාදනය කොට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. 2015 වසරේ පමණක්‌ නොව 2008 සිට අයථා ගනුදෙනුවක්‌ සිදු වී තිබෙන අතර ඒ පිළිබඳවත් පරීක්‍ෂණයක්‌ කිරීමට නිර්දේශ කර තිබෙනවා. අර්ථසාධක අරමුදලට 2008 වසරේ සිට විශාල හානියක්‌ සිදුවී ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අපේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදලට පාඩු කිරීම පිළිබඳව රාජපක්‍ෂ ආණ්‌ඩුවේ මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පරීක්‍ෂණයක්‌ කළ යුතුව තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලට පමණක්‌ මිලියන 8529 ක පාඩුවක්‌ සිදු වෙලා තිබෙනවා. එමෙන්ම මහපොළ ශිෂ්‍යත්වය අරමුදලට, එන්. එස්‌. බී. ආයතනයට, රක්‍ෂණ සංස්‌ථාවේ අරමුදලට විශාල පාඩුවක්‌ සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්‌ඩුවට කියනවා 2008 සිට සිදු වෙලා තිබෙන පාඩුව පිළිබඳවත් පරීක්‍ෂණක්‌ කරන්න කියලා.
පහුගිය රාජපක්‍ෂ පාලන කාලයේ සිදුවූ බරපතළ මූල්‍ය වංචා පිළිබඳව විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්‌ 2015 මාර්තු මාසයේ ස්‌ථාපිත කළා. එයින් විමර්ශනය කෙරුණු බරපතළ මූල්‍ය වංචා පිළිබඳ වාර්තා 17 ක්‌ මීට මාස ගණනාවකට ඉහතදී ජනාධිපතිවරයාට ලබා දුන්නා. පළමු වාර්තාව ලබා දුන්නේ පසුගිය 2016 මැයි මාසයේ. තවත් වාර්තා 17 ක්‌ මේ මස පළමු වැනිදා ජනාධිපතිවරයාට භාර දුන්නා. පළමු වාර්තාවෙන් හෙළිදරව් කර තිබුණේ මහින්ද රාජපක්‍ෂලා අයි.ටී.එන්. නාලිකාව අයථා ලෙස යොදාගෙන ලක්‍ෂ ගාණක පාඩුවක්‌ සිදු කිරීම පිළිබඳවයි. නමුත් දැන් මාස ගණනාවක්‌ වෙනවා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ අරගෙන නැහැ. ඒ නිසා අපි ආණ්‌ඩුවට බලකරනවා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ වගේම මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මෙම වංචා, දූෂණ පිළිබඳ සියලු තොරතුරු ජනතාවට ලබා ගැනීමට අයිතියක්‌ තිබෙනවා. මීට කලින් කොමිෂන් සභා වාර්තාවලට සිදුවූ ඉරණම මහ බැංකු බැඳුම්කර වාර්තාවටත් සිදු නොවිය යුතුයි.
නීතිඥ සුනිල් වටගල,
ජනාධිපති කොමිෂන් වාර්තාවට අනුව අපරාධ නීතිය යටතේ සහ අල්ලස්‌ දූෂණ කොමිසම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඇතැම් කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාට සෘජුවම අධි චෝදනා ගොනු කරන්න පුළුවන්. ඒ වගේම මෙම වාර්තාව අනුව අගමැතිවරයාට මේ චෝදනාවලින් සම්පූර්ණයෙන් නිදහස්‌ වෙන්න බැහැ. යම් කටයුත්තක්‌ පිළිබඳව අපරාධ නීතිය යටතේ පරීක්‍ෂණ පැවැත්වෙන කොට එයට සම්බන්ධ චූදිතයින්ගේ පෙර හැසිරීම් සහ පසු හැසිරීම් නිරීක්‍ෂණය කරනවා. මෙම ගනුදෙනුවෙන් පසු මහ බැංකු අධිපතිවරයා බේරා ගැනීමට අගමැතිවරයා පිටිපන කමිටුව පත් කළා.
සිරිමන්ත රත්නසේකර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.