ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 5, 2018

උතුරේ අවතැන්වූවන් ඉඩම් ඉල්ලීමේ විරෝධතාවේ අරමුණු හෙළි වෙයි ...!!!

උතුරේ සියලු ඉඩම්වල හිමිකරුවන් හිටිහැටියේ මතු වූ ද්‍රවිඩයන්ද? කොටි වෙබ් අඩවි විසින් උතුරේ අවතැන් වූවන් ලෙස හඳුන්වමින් විකාශනය කරන ඡායාරූපවලින් හොඳට ඇඳ පැළඳ සිටින ද්‍රවිඩ කාන්තාවන් දැකිය හැකිය. මේ අවතැන් වූවන් සතු ඔප්පු තිරප්පු කොහේද? රජයේ කිසිදු බලධාරියෙක්‌ ඒ ගැන විමසා නැත. අවතැන් වූවන් වෙනුවෙන් මුලතිව්හි කෙප්පිලාවු හමුදා කඳවුර ඉවත් කෙරුණි. එම හමුදා කඳවුර ඉවත් කිරීමට රුපියල් මිලියන 148 ක මුදලක්‌ හමුදාවට ගෙවනු ලැබුවේ රජයයි. එහෙත් ඒ මෙරට ජනතාවගේ බදු මුදල්ය.
  ප්‍රභාකරන් උතුරේ හමුදා කඳවුරු කොටි ගුවන් කඳවුරු ස්‌ථාපිත කරද්දී රාජ්‍ය නොවන සංවිධාන සහ ද්‍රවිඩ සංධානය නිහඬව සිටියේය.

  එහෙත් හමුදාව සිටින ස්‌ථානවලට ගොස්‌ විරෝධතා පැවැත්වීමේ ක්‍රමවේදයක්‌ දැන් දියත් වේ.
  රජයේ බලධාරීන්ට මේ විරෝධතාවල පසුබිම අවබෝධ නොවූවත් එය උතුරේ බෙදුම්වාදින්ගේ මීළඟ ඉලක්‌කයයි.

ආර්. ප්‍රේමදාස ජනාධිපති යටතේ කොටි නායකයා හමුදා කඳවුරු 32 ක්‌ ඉවත් කරගත්තේය. A -9 මාර්ගයේ පිහිටි ප්‍රධානතම කඳවුරු ඉවත් කර ගැනීමටද ප්‍රභාකරන්ට හැකි විය. එහි ප්‍රතිඵල වූයේ මහත් විනාශකාරී තත්ත්වයකට හමුදාව මුහුණ පෑමයි.
  මේ අතර අම්පාර ප්‍රදේශයේ තිරුක්‌කෝවිල් වෙරළාසන්න කලාපය ඊළම් ද්‍රවිඩයන්ට අයත් බව පවසමින් තවත් විරෝධතාවයක්‌ දියත් වී තිබේ.
  මේ පසුබිම මැද උතුරේ හා නැගෙනහිර දියත් වන මේ විරෝධතාවල අරමුණ පැහැදිලිය.
  ඉරනතිව් දූපත ඉරනමඩු වැනි කොටි කේන්ද්‍රස්‌ථානවලින්ද නාවික හමුදාව ඉවත් කිරීමේ මෙහෙයුම් දියත් වී තිබේ. මේ තත්ත්වය මැද මෙ පමණ විශාල ජනසමූහයක්‌ අවතැන් වූයේ නම් කොටි සංවිධානය ඒ ගැන නිහඬව සිටියේ මන්ද?
  කොටි සංවිධානය වන්නියේ ක්‍රියාත්මක වෙද්දී අවතැන් නොවූවන් වන්නි මෙහෙයුමෙන් අවතැන් වූ බව පිළිගත හැකිද? පසුගිය සතියේදී හමුදාව කෙප්පිලාවුහි අක්‌කර 111 ක්‌ මුදාහරිනු ලැබීය. මේ අක්‌කර 111 ක භූමිය පවුල් 28 කට අයත් බව ප්‍රකාශ වුණි.

එහෙත් එම පවුල්වලට එම ඉඩම් හිමි බවට දැක්‌වෙන ඔප්පු පරීක්‍ෂාවට ලක්‌ වූයේද?

 ප්‍රභාකරන් ඔප්පු තිරප්පු විශාල සංඛ්‍යාවක්‌ ගිනි තබා විනාශ කර මහවිරු පවුල් යෑයි හඳුන්වන කොටින්ට ඉඩම් බෙදාදීමට ක්‍රියා කළේය.

 එහෙත් එදා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ගැන අසන්නටවත් නොලැබුණි.

 මේ තත්ත්වය මත අවතැන් වූවන්ගේ මේ විරෝධතා පසුබිමේ ඇත්තේ හමුදාව ඉවත් කරලීමේ උපාය මාර්ගයයි.

 අවි ආයුධ පුහුණුවලත් 12000 ක්‌ කොටි උතුරේ සිටින බව අප අමතක නොකළ යුතුයි.

 එම වාතාවරණය මැද උතුරෙන් හමුදාව ඉවත් කිරීමටද ද්‍රවිඩ දේශපාලකයන් දැඩි උත්සාහයක යෙදී සිටී.

 එසේම උතුරේ කටයුතුවලට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය තානාපතිවරු සෘජුව මැදිහත් වෙමින් සිටිති. මෑතකදී මැලේසියානු අගමැතිද ඊට මැදිහත් විය. තමා උතුරට විමර්ශන කණ්‌ඩායමක්‌ එවන බව මැලේසියානු අගමැතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබුණි.

 එම තත්ත්වය මැද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් නල්ලූර් නගරයේදී පැවසුවේ යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවෙන් පෙඩරල් පාලනයටත් එහා ගිය පාලනයක්‌ දක්‌වා ඇති බවයි.

 එහෙත් මෙරට දේශපාලනඥයෝ ජනතාව රවටමින් පෙඩරල් පාලනයක්‌ ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇත.

 මේ අතර කොටි පාලනය යටතේ පිහිටි ඉරනතිව් දූපත්වලින් නාවික හමුදාව ඉවත් කරන ලෙසද අවතැන් වූවන් යෑයි පවසන පිරිසක්‌ ඉල්ලා ඇත.

 මේ දූපත්වල පදිංචිව සිටියේ 45 ක පිරිසකි. දූපතක ඇති එක්‌ ළිඳක ජලය පවා පානය කළ නොහැකිය. එහෙත් 2500 ක පිරිසක්‌ අවතැන් වූ බව දක්‌වමින් ඉරනතිව් දූපත්වලින් ඉවත් වන ලෙස නාවික හමුදාවෙන් ඉල්ලා ඇත.

 ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාර එල්ල කර මගින් 55 ක්‌ මරුමුවට පත් කළ කොටි මිසයිල ඒකකය ස්‌ථාපිත කර තිබුණේ ඉරනතිව් දූපතකය. මේ ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයෙන් නාවික හමුදාව ඉවත් කිරීමට උත්සාහ කිරීම කොටි හිතවාදීන්ගේ රහසිගත වැඩ පිළිවෙලේ එක්‌ අංගයකි.

 එහෙත් මෙරට දේශපාලන යාන්ත්‍රණය අන්ධයන් ලෙස ක්‍රියා කරන බව තහවුරු වී ඇත.

 කීර්ති වර්ණකුලසූරිය

ප්‍රාදේශීය පුවත්

උතුරේ අවතැන්වූවන් ඉඩම් ඉල්ලීමේ විරෝධතාවේ අරමුණු හෙළි වෙයි
Jan 05 2018 00:00Hits 1836
උතුරේ අවතැන්වූවන් ඉඩම් ඉල්ලීමේ විරෝධතාවේ අරමුණු හෙළි වෙයි ඉරනතිව් දූපත්වල පදිංචිව සිටියේ 45 ක පිරිසකි. එහෙත් 2500 ක පිරිසක්‌ අවතැන් වූ බව දක්‌වමින් ඉරනතිව් දූපත්වලින් ඉවත් වන ලෙස නාවික හමුදාවෙන් ඉල්ලා ඇත. දූපතක ඇති එක්‌ ළිඳක ජලය පවා...
ණය ගෙවාගන්න බැරිව වයෝවෘද්ධ අඹු සැමි යුවළක්‌ ළිඳකට පැන දිවි නසාගනිති
Jan 05 2018 00:00Hits 1355
මේ දෙදෙනා ළිඳට පැන සියදිවි හානිකර ගන්නට ඇත්තේ ඔවුන් විසින් ලබාගත් ණය මුදල් ගෙවීමට නොහැකි වීම නිසා යෑයි පොලිසිය විශ්වාස කරන අතර ඒ පිළිබඳව කට උත්තර ද ලබාගෙන තිබේ.
සබරගමුවේ එස්‌.ඩී.අයි.ජී. දුන් නීති විරෝධී නියෝග ක්‍රියාත්මක නොකළේ නිල ඇඳුම් ගලවා ගෙදර යන්න බලාගෙනයි - ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලලිත් පුෂ්පකුමාර
Jan 05 2018 00:00Hits 1568
කහවත්ත ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමේදී සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා (එස්‌. ඩී.අයි. ජී.) මට දුන් නීති විරෝධී නියෝගය මා නොසලකා හැරියේ මගේ නිල ඇඳුම ගලවා තබා...
නාමයෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව; මහරගම - අගලවත්ත - මහියංගනය පොහොට්‌ටුව තෙවැනි වරටත් ශේ්‍රෂ්ඨාධිකරණයට
Jan 05 2018 00:00Hits 629
සරත් ධර්මසේන මහරගම නගර සභාව සහ මහියංගනය, අගලවත්ත යන ප්‍රාදේශීය සභා දෙකට පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීමට මැතිවරණ තේරීම් භාර නිලධාරීන්...
පන්නල පෙම්වතුන් "මරාගෙන මැරීම"; නිශාන්ත අයියා ඉනේ තිබුණ පිහිය අරන් අක්‌කාගේ බෙල්ල කැපුවා - මියගිය තරුණියගේ නැගණිය සාක්‌කි දෙයි
Jan 05 2018 00:00Hits 1781
"ස්‌කෝලෙ ගිහින් ඇවිත් මම බත්කමින් සිටියදී නිශාන්ත අයියා මල් පොකුරකුත් අරගෙන ගෙදරට ආවා. අක්‌කා ඒ වෙලාවේ එලියෙ හිටියා... නිශාන්ත අයියා අක්‌කගෙන් ඇහුවා ඇයි දැන් වෙනස්‌ වෙලා කියලා. දෙන්නම හයියෙන් කතා...
අනිකාට තර්ජනය කළ ශනිල්ට ඇප
Jan 05 2018 00:00Hits 802
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ පදිංචිය සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් කුලී පදනම මත ලබාගත් සුපිරි නිවසක්‌ ලබාදුන් බවට බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් අනාවරණය කළ අනිකා...
පොහොර නැව වරායේ; බෙදාහැරීම සඳුදා සිට
Jan 05 2018 00:00Hits 259
පොහොර නැව කොළඹ වරායට පැමිණ තිබුණත් බෙදාහැරීම් කටයුතු කළ හැක්‌කේ ලබන සඳුදා (08 වැනිදා) සිට යෑයි ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ රවි ක්‍රිෂාන්ත මහතා "දිවයින"ට පැවසීය.
කොට උඩ ඇති රජයේ වාහන 7723 ක්‌ ඉවතට
Jan 05 2018 00:00Hits 530
රජයට අයත් සමස්‌ත වාහන සංඛ්‍යාව 57,961 කි. ඉන් ධාවනය කළ හැකි තත්ත්වයේ පවතින වාහන ප්‍රමාණය 50,238 කි.මෙම ධාවනය කළ හැකි වාහනවලින් 26,732 ක්‌ මධ්‍යම රජයට අයත් වන අතර ඉතිරි 23,506...
ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් රජයේ තක්‌සේරුකරුවෝ අද සිට ඉවතට
Jan 05 2018 00:00Hits 203
තම සංගමයේ ඉල්ලීම් දෙකකට මෙතෙක්‌ විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම මත මෙම තීරණය ගත් බව රජයේ තක්‌සේරුකරුවන්ගේ සංගමයේ සභාපති නිලන්ත ඒකනායක මහතා ඊයේ (04 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්...
මඩකලපුව බොදු උරුමය රකින්නට ඇරඹුන මඩකලපුව ප්‍රථම පිරිවෙන - පෙරඹර අ`ඩහැරය
Jan 05 2018 00:00Hits 565
සුගියදා මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පළමු පිරිවෙන ආරම්භ වුණා. ඒ මඩකලපුව මංගලාරාම ශ්‍රී සුමනරතන මුලික පිරිවෙන නමින්. මේ ආකාරයෙන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පිරිවෙනක්‌ ආරම්භ කරන එක සැබවින්ම මඩකලපුවේ මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුqමනරතන හිමියන්ගේa...
තැපෑල සංවෘත නොකළොත් 10 දා රාත්‍රි සිට අඛණ්‌ඩ වර්ජන
Jan 05 2018 00:00Hits 201
තැපැල් දෙපාර්තමේන්තුවද සංවෘත දෙපාර්තමේන්තුවක්‌ ලෙස පිළිගෙන ක්‍රියා නොකරන්නේ නම් ලබන 10 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යොමු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නිවේදනයක්‌ නිකුත් කරමින්...
කිතුල්ගල තෙම්බුවත්ත රක්‍ෂිතයේ ගින්නෙන් අක්‌කර 50 ක්‌ වැනසෙයි
Jan 05 2018 00:00Hits 178
කිතුල්ගල තෙම්බුවත්ත රක්‍ෂිතයේ ගින්නෙන් අක්‌කර 50 ක්‌ වැනසෙයි මෙම ගින්නෙන් රක්‍ෂිතයේ වටිනා ශාක රැසකට හානිවී ඇති අතර මෙය කිසියම් පුද්ගලයකු හෝ කණ්‌ඩායමක්‌ විසින් ගිනි තබන්න ඇති බවට පොලිසිය සැක කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.