අහෝ අප වැනි හිඟන ජාතියක්...!!!
මේ රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මත් විරෝධියෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කරන්නට යෙදුණ මතට තිත නමැති මත් විරෝධී ව්‍යාපාරය හරියට කරගන්නට බැරි වූ බැවින් ද, අන් කිසි කලෙකටත් වඩා බාර් ලයිසන් ප්‍රමාණයක් එකල මුදලාලිලාගේ සාක්කුවලට ගිය බැවින් ද ලංකාවට ප්‍රායෝගික මත් විරෝධී ව්‍යාපාරයක් අවශ්‍ය විය. මෛත්‍රිපාල සිරිසේන යනු සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ පටන්ම සිගරට්, දුම්කොළ, අරක්කු, මත්පෙති යනාදියට විරුද්ධව තනිව නඩු යමින්, තනිව උසාවිවල බංකු ගානේ හිඳ සිටි කෙනෙකි. ඔහු කොම්පැණිවලට විකිණුනේ ද නැත. ඒ අනුව ජනාධිපති වූ පසු ඔහු සිය මත් විරෝධී සටන වඩාත් පුළුල් කළේය. යූ.එන්.පිය ප්රමුඛ මංගල සමරවීර ඔහු සමඟ එක වේදිකාවකට එන්නේ ඒ සියල්ල දැනගෙන ය.
මංගල සමරවීර මුදල් ඇමැති ලෙස ජනාධිපති මෛත්රිගේ මත් විරෝධී ප්‍රතිපත්තියට පළමු පා පහර දෙන්නේ බීර මිල අඩු කිරීමෙනි. වතුර වෙනුවට බීර බොන රටවල් ලෝකයේ තිබුණ ද ලංකාව ඒ වර්ගයේ රටක් නොවේ. එතැනින් නොනැවතුන මංගල, මුදල් ඇමැති ලෙස මෛත්‍රීගේ ප්‍රතිපත්තිවලට තවත් පා පහරක් දෙයි. ඒ වූ කලී මහ රෑ වන තුරු බාර් විවෘත කර තැබීමටත්, මත්පැන් හල්වල වැඩ කිරීමට සහ මත්පැන් මිලට ගැනීමට කාන්තාවන්ට අවසර ලැබෙන ගැසට් පනත් සම්මත කිරීමෙනි. මෙවර ජනාධිපති මෛත්‍රී නොඉවසයි. ඔහු වහාම එම ගැසට් පත අවලංගු කිරීමෙන් මංගලගේ පස්ස පැත්තට පයින් ගසයි. ඇමැති කෙනෙකුගේ පා පහරට වඩා ජනාධිපති කෙනෙකුගේ පා පහර දරුණුය කිස් කන සුළු ය. ඒ මගින් එක්කෝ හොඳටම බඩ බුරුල් වෙයිá නැත්නම් මළ බද්ධය වැළඳෙයි.
මේ කතාව මෙතැනින් නොනවතී. එය අතීතයටම දිවෙයි. අග්නිදිග ආසියාවේ සිදු වූ වඩාත් ප්රගතිශීලී කැරලිගැසීම්වලින් එකක් වන 1817 - 1818 වැන්නේ වෙල්ලස්සේ කැරැල්ලට සම්බන්ධ වූවන් රාජද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරන විශේෂ ගැසට් නිවේදනයක් එවකට මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ රොබට් බ්රවුන්රිග් විසින් 1818 වැන්නේ ජනවාරි 1 වැනිදා නිකුත් කරන ලදී. කැප්පෙටිපොල දිසාව, ගොඩගෙදර රටේ අදිකාරම, කැටකෑල මොහොට්ටාල, කතරගම මහබෙත්මේ රටේ රාළ, කතරගම කුඩා බෙත්මෙ රටේ රාල, පැලෑන ගොල්ලේ මොහොට්ටාල, වත්තෙකැලේ කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල ඇතුළු 81 දෙනකුගේ නම් මේ ගැසට් පත්‍රයේ විය. මෙයින් 49 දෙනකු මරා දමන ලදී. සෙස්ස මුරිසි දිවයිනට පිටුවහල් කරන ලදී. ඒ සියලු දෙනාගේ සියලු දේපළ රාජසන්තක කරන ලදී. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති හැටියට පත් වූ පසු බ්රවුන්රිග්ගේ ගැසට් නිවේදනය අවලංගු කර පෙර කී සියලුදෙනාගේ ජාතිද්‍රෝහී ලේබලය ගලවා ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සිදුවිය. ජනාධිපතිතුමා කළ එම ක්‍රියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එල්ල කළ කම්මුල් පහරකි. මේ වෙලාවේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ලොම් හැලී නට් බුරුල්වී ඇත. එහෙත් පසුව හෝ එල්ල කෙරුණ පහර අගනේය.
කෙසේ වුවද මේ සියල්ල යළි ආපසු හැර වී තිබේ. ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබ ඇත්තේ එලිසබත් රැජනගේ බාල පුත්‍රයා වූ එඩ්වඩ් කුමාරයාය. නෑකම අතින් බලනවා නම් ඔහු 1818 කැරැල්ල සමයේදී බ්‍රිතාන්‍ය හා යටත් විජිත පාලනය කළ තුන්වැනි ජෝර්ඡ් රජුගේ මී මුණුබුරාය. ඔහු එන්නේ ඔහුගේ පරම්පරාව වෙතින් දූෂණය කෙරුන, විනාශ කෙරුන රටක මිනිසුන් ඉදිරිපිටට ය. මෙය ඉතා නීච ක්‍රියාවකි. එහෙත් අපට මෙන්ම එඩ්වඩ් කුමාරයාට ද ලැඡ්ජාවක් නැති නිසා මෙය එතරම් ප්‍රශ්නයක් නොවනවා ඇත. මෙය වහලාගේ මී මුණුබුරු බැලීමට වහල් හිමියාගේ මී මුණුබුරාට කළ ආරාධනයකි. අහෝ අප වැනි හිඟන ජාතියක්.