නුසුදුස්සන් සියයක් පළාත් පාලන තරග
බිමට පිවිස ඇත. අපරාධකරුවන් පළාත් පාලන තරග බිමට පිවිසෙන්නේ යහපත ඇති
කිරීමටද? මේ පුද්ගලයන්ට නාම යෝජනා ලබාදී ඇත්තේ කවුරුන් විසින්ද?
පාර්ලිමේන්තුවේද හොරු ගැන අසන්නට දකින්නට ලැබේ. හොරු පමණක් නොව ගුටි කෙළිද
එහි දකින්නට ඇත. මේ ගුටිකෙළිවලට අමතරව පුර සබයටත් මේ ගැටුම් ව්‍යාප්ත වන
බව පැහැදිලිව පැවැසිය හැක්කේ අපරාධකරුවන්ටද නාම යෝජනා ලබාදී ඇති නිසාය.
මැතිවරණ වේදිකාවල නම් අපරාධකරුවන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට එරෙහිව මහා හඬින්
කෑ ගසනා නමුත් පස්සා දොරින් ඒ වැරදිකරුවන්ටම නාම යෝජනා ලබාදීමෙන් පෙනී
යන්නේ කවරක්ද? දේශපාලනයේ නිරුවත්භාවය නොවේද?
නුසුදුස්සන්
මන්ත්‍රී ධුරවලට පත්වූවද ඒ පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර
ගන්නා බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. මෙය සැබවින්ම අගය
කළ යුත්තකි. එය අපරාධකරුවන් තම ලැයිස්තුවලට ඇතුළත් කළ පක්ෂ නායකයන්ටද
තරු පෙන්වීමකි.
කොළඹ නගර සභාවට තරග කරන සමහර අපේක්ෂකයන්ගේ පාතාල
සබඳතා ද හෙළිව තිබේ. පළාත් පාලන මැතිවරණය හරහා පාතාලය ශක්තිමත් කිරීමේ
වෑයමක් තිබේද? මේ අපරාධකරුවන්ට පුර සබයේ දොර හැර දීමෙන් යහපතක් සිදු
වන්නේද? කිසිසේත්ම නැත.
තමන්ගේ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන
අපේක්ෂකයා යහපත් පුද්ගලයෙක් නම් පමණක් ඔහු වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ
කිරීම ඡන්ද දායකයාගේ යුතුකම විය යුතුය. සමාජයට රටට දැයට සේවයක් නොකරන
නුසුදුස්සන් පුර සබයට නොයෑවීම ඡන්දදායකයාගේ වගකීමක් විය යුතුය.
දේශපාලන පක්ෂ සිය ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට
සූදානම්ය. ජයග්‍රහණය වෙනුවෙන් විවිධ බලවේගවල සහාය ලබාගනී. පාතාල නායකයන්
සමඟ ගනුදෙනු සිදුවන්නේද දේශපාලන ආධිපත්‍ය පැතිරීම සඳහාය. හොඳින් හෝ නරකින්
දේශපාලන ආධිපත්‍ය පැතිරවීමට උත්සාහ කරන විට නුසුදුස්සන්ටද දේශපාලන
වටිනාකමක් ලැබේ. යහපත් පුරවැසියන්ගේ යුතුකම විය යුත්තේ තක්කඩි
අපේක්ෂකයන් හෙළා දැකීමය. එවන් පුද්ගලයන්ගෙන් පුර සබය බබළන්නේ නැත. පළාත්
පාලන අපේක්ෂකයකු කසිප්පු ද සමඟ අත්අඩංගුවට පත්වූ බව මීට ටික දිනකට පෙර
දකුණු පළාතෙන් අසන්නට ලැබිණි. කසිප්පු පෙරන්නේ පුර සබය වර්ණවත් කිරීමටද?
මෙවැනි අපේක්ෂකයන් ගැන මැතිවරණ කොමිසම දෑස් දල්වාගෙන සිටීම ඉතා වැදගත්ය.
මන්ද යහපත් පුද්ගලයන්ට පමණක් විවෘත විය යුතු පුර සබය දූෂිතයන්ට විවෘත විය
යුතු නැත. දූෂිතයන් සිටිය යුතු තැන් වෙනම ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 16, 2018
නුසුදුස්සන් වාරණය කරමු
Posted by
lankanews
at
January 16, 2018
Labels: con politicians, fake politicians, yahapalanaya
නුසුදුස්සන් වාරණය කරමු
2018-01-16T00:22:00+01:00
lankanews
con politicians|fake politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
