ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 31, 2018

ඌව පළාතට දැන් සිටින්නේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ පමණි....!!!

මහ ඇමැතිට දඬුවම ලැබෙමින් පවතී; වර්ගවාදී විදුහල්පතිනියත් නීතිය ඉදිරියේ දණ ගස්‌සවන්න ....!!!

සෙන්දිල් තොණ්‌ඩමන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට පටහැනි ක්‍රියාවක්‌ බවටද සමහරු චෝදනා නඟති. ඔවුහු වැඩිදුරටත් පවසන්නේ "අධ්‍යාපන" යටතේ ඇති 3 වැනි ඡේදයේ කොතැනකවත් දෙමළ අධ්‍යාපන ඇමැති කියලා පදවියක්‌ ගැන සඳහන් කර නොමැති බවයි. එය එලෙස තිබියදී ඔහුට මෙම දෙමළ අධ්‍යාපන ඇමැතිකම දුන්නේ මොන පදනමක්‌ යටතේද යන්න විශාල ගැටලුවකි. එලෙසම ඌව පළාතට දැන් සිටින්නේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ පමණි. එම නිසා එම ප්‍රදේශයේ ඇති සිංහල, මුස්‌ලිම් පාසල්වලට අත්වන ඉරණම කුමක්‌ද?
  මෙම සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනියටද බරපතළ චෝදනාවක්‌ එල්ල වී තිබේ. ඒ ඇය තම පාසල හරහා ජාතිවාදය ව්‍යාප්ත කිරීමට සූදානම් වන බවටයි. එයට හොඳම උදාහරණයක්‌ වන්නේ ඇය එම විදුහලට ඇතුළත් කර ගන්නේ දෙමළ ජාතිකයන් පමණක්‌ වීමෙනි. ඇය එසේ කරනවා නම් එය බරපතළ වරදකි. වහාම ඒ ගැනද පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය.

චාමර සම්පත් දිසානායක ඌව පළාත් මහ ඇමැතිවරයා ය. එලෙසම එම පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති ධුරයද හෙබවූයේ හෙතෙමය. එහෙත් පසුගිය සතියේ ඔහු අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය. එසේ ඉල්ලා අස්‌වීමට සිදු වූයේ බදුල්ල දෙමළ බාලිකා විදුහලේ ආර්. භවානි නමැති විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා බැණ වැදී දණ ගැස්‌වූවා යෑයි කියන චෝදනාව එල්ල වීමත් සමඟය.

 විදුහල්පතිනිය දණ ගැස්‌සුවා යෑයි කියන සිද්ධිය සිදුවූයේ දැනට සති දෙකකට පමණ ඉහතදීය. ඒ දවස්‌වල රට තුළ ආන්දෝලනාත්මක සිද්ධියක්‌ බවට පත්වූ මෙහි උණුසුම තවමත් නිවී නොමැත. අළුයට ඇති ගිනි පුපුරු මෙන් විටින් විට මෙම සිද්ධිය ඉස්‌මතු වේ. දැන් එහි අලුත්ම තත්ත්වය වන්නේ බඩගෝස්‌තරවාදී දේශපාලනඥයන් පිරිසක්‌ මෙම සිදුවීම දඩමීමා කරගෙන තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට සැරසීමයි.

 බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණගැස්‌වූවා යෑයි කියන සිද්ධිය සිදුවූ දිනට පසුදිනම ඒ පිළිබඳව බොහෝ මාධ්‍යවල විවිධ තොරතුරු පළවිය. ඒ අතර සමහරු පැවසුවේ මෙවැනි සිදුවීමක්‌ සිදු නොවූ බවයි. ඌවේ මහ ඇමැතිවරයාද විවිධ මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීමක්‌ සිදු නොවූ බවත්, විරුද්ධ දේශපාලන පක්‍ෂ විසින් තමාට මඩ ගැසීම සඳහා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්ය. ඉදිරියේදී ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම පැවසීය.

 විදුහල්පතිනිය වන ආර්. භවානි විවිධ මාධ්‍ය ඔස්‌සේ පවසා සිටියේ මහ ඇමැතිවරයා තමාට එවැනි බලපෑමක්‌ නොකළ බවත්, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රචාරයක්‌ බවත්ය. විදුහල්පතිනියගේ එම ප්‍රකාශයත් සමග පැය කිහිපයකට එම සිද්ධිය යට ගියේය. බොහෝ අය සිතුවේ එම සිද්ධිය එතැනින් අවසන් කියාය. නැත. එය එසේ සිදුවූයේ නැත. එම පළාත් සභාවේ දේශපාලනඥයන්ගෙන් කිහිප දෙනෙක්‌ සහ විවිධ සංගම් කිහිපයක්‌ මෙම සිදුවීම හරහා තම බඩ කට පුරවා ගැනීමට බලා සිටියහ. (මෙය ඌව මහ ඇමැතිවරයා නිවැරැදි යෑයි කීමට දරන උත්සාහයක්‌ නොවේ.)

 පැය කිහිපයක්‌ ඇතුළත සිදු වූයේ කවුරුත් නොසිතූ දෙයකි. ආර්. භවානි විදුහල්පතිනිය පාට මාරු කරන කටුස්‌සකු මෙන් වූවාය. කඳුළු සලමින් රටටම ඇසෙන ලෙස යළි ඇය මාධ්‍ය ඉදිරියේ පැවසුවේ ඌවේ මහ ඇමැතිවරයා තමාව නිල නිවසට බලහත්කාරයෙන් ගෙන්වාගෙන බැණ වැදී දණගස්‌වා සමාව ගන්නා බවට තර්ජනය කළ බවයි. එම අවස්‌ථාවේ වෙන කළ හැකි දෙයක්‌ නොතිබූ නිසා මහ ඇමැතිවරයා ඉදිරියේ දණගසා සමාව ගත් බවයි.

 තවදුරටත් විදුහල්පතිනිය පැවසුවේ තමා එලෙස මහ ඇමැතිවරයාගේ නිල නිවසට ගියේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ බලපෑම මත බවයි. එසේම තමාට වූ එම අසාධාරණය වෙනුවෙන් යුක්‌තිය ඉටුවන තුරු දිවි පරදුවට තබා හෝ තමා සටන් වදින බව ඇය පැවසුවාය.

 වරක්‌ ඌවේ මහ ඇමැතිවරයා තමාව දණ නොගැස්‌සවූ බව පැවසූ ඇය පැය කිහිපයක්‌ ගත වන්නට මත්තෙන් යළි මහ ඇමැතිවරයා බැණ වැදී තමාව දණගැස්‌සූ බව ප්‍රසිද්ධියේම පැවසුවාය. ඇයගේ එම ප්‍රකාශයත් සමඟ යළි මෙම සිදුවීම බොහෝ දෙනා අතර කතාබහට ලක්‌වූහ. ඒ ගැන විවිධ කටකතාද පැතිරුණි. සමහරු විදුහල්පතිනියට මානසික රෝගයක්‌ ඇති බවද පැවසූහ.

 සමහහරු විදුහල්පතිනියට චෝදනා එල්ල කළහ. ඒ අවස්‌ථා දෙකකදී පරස්‌පර විරෝධී මත ප්‍රකාශ කළ නිසාය. එම චෝදනාවලට පිළිතුරු දුන් ඇය ප්‍රකාශ කළේ ඉහළ අධ්‍යාපන බලධාරීන්ගේ බලපෑම් හමුවේ තමාට එසේ කිරීමට සිදුවූ බවයි. එහෙත් දැන් ඒ කිසිවකටත් බිය නොවී යුක්‌තිය ඉටුවන තුරු තමා සටන් කරන බවද ඇය පවසයි.

 විදුහල්පතිනියගේ කතාව සහතික ඇත්තය. ඇයට අසාධාරණයක්‌ සිදු වූවා නම් අනිවාර්යෙන්ම යුක්‌තිය ඉටුවිය යුතුය. එහෙත් ඇය යුක්‌තිය ඉටුකර ගැනීම සඳහා තෝරාගෙන ඇත්තේ නිවැරැදි මාර්ගයක්‌ද යන්න අපට ගැටලුවකි.

 තත්ත්වය එසේ තිබියදී විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටීමට සමහර දේශපාලනඥයන් ඇතුළු බොහෝ අය ඉදිරිපත් වූහ. ඒ බොහොමයක්‌ අය ඇයව හඳුනා ගත්තේද මෙම සිදුවීමෙන් පසුවය. ඔවුන්ගෙන් බහුතරයක්‌ විදුහල්පතිනිය වෙනුවෙන් පෙනී සිටිමට ඉදිරිපත් වූයේ තමාගේ බඩගෝස්‌තරය රැක ගැනීම සඳහා ය. ඒ අනුව ඌවේ මහ ඇමැතිවරයාගේ ක්‍රියාවට විරුද්ධව බොහෝ පිරිසක්‌ පෙළ ගැසුණහ. ඌවේ මහ ඇමැතිවරයාද එම විරෝධතා ශත පහකටවත් ගණන් නොගෙන තමා නිවැරැදිකරු බව රටටම ඇසෙන්න කීවේය.


තත්ත්වය එන්න එන්නම දරුණු විය. අවසානයේ ඌවේ මහ ඇමැතිවරයාට තම අධ්‍යාපන ඇමැතිකමද නැතිවිය. එලෙසම විදුහල්පතිනිය දමා තිබූ පැමිණිල්ල නිසා බදුල්ල පොලිසියට භාරවීමටද සිදුවිය. එම පොලිසියේ නිලධාරීහු තම නිල නිවසට විදුහල්පතිනිය ගෙන්වා බැණ වැදී තර්ජනය කර දණ ගැස්‌සවීමේ චෝදනාව යටතේ මහ ඇමැතිවරයාව බදුල්ල උසාවියට ඉදිරිපත් කළහ. එහිදී සාක්‍ෂි විමසා බැලූ මහෙස්‌ත්‍රාත් වරයා ලක්‌ෂ දෙකක ඇපයක්‌ මත මහ ඇමැතිවරයාට ඇප ලබාදුන් අතර වැඩිදුර පරීක්‍ෂණ ලබන මස 16 වැනිදා සිදු කරන බව දැන්වීය. විදුහල්පතිනිය දණ ගැස්‌සුවා යෑයි චෝදනා ලැබූ ඌවේ මහ ඇමැතිවරයාට දැනට නීතියෙන් ලැබුණු දඬුවම එපමණය.

 ඒ අතර ඌව පළාත් සභාවේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සෙන්දිල් තොණ්‌ඩමන් ඌව පළාත් ආණ්‌ඩුකාරවරයා ඉදිරියේ දිව්රුම් දුන්නේය. ඒ පසුගිය 24 වැනිදාය. ඒ පත්වීමටද සමහර මන්ත්‍රීවරු විරෝධතා පළ කළහ. ඒ වන විටත් සෙන්දිල් තොණ්‌ඩමන් වතු, යටිතල මාර්ග සහ සමුපකාර ඇමැති ධුර හෙබවීය.
 

 ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැතිකම භාරගත් පසු ඔහු පළමුව ගියේ බදුල්ල දෙමළ බාලිකා විදුහලටයි. එහි ගිය සෙන්දිල් තොණ්‌ඩමන් පැයක පමණ කාලයක්‌ විදුහල්පතිනිය සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

 සෙන්දිල් තොණ්‌ඩමන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට පටහැනි ක්‍රියාවක්‌ බවටද සමහරු චෝදනා නඟති. ඔවුහු වැඩිදුරටත් පවසන්නේ "අධ්‍යාපන" යටතේ ඇති 3 වැනි ඡේදයේ කොතැනකවත් දෙමළ අධ්‍යාපන ඇමැති කියලා පදවියක්‌ ගැන සඳහන් කර නොමැති බවයි. එය එලෙස තිබියදී ඔහුට මෙම දෙමළ අධ්‍යාපන ඇමැතිකම දුන්නේ මොන පදනමක්‌ යටතේද යන්න විශාල ගැටලුවකි. එලෙසම ඌව පළාතට දැන් සිටින්නේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ පමණි. එම නිසා එම ප්‍රදේශයේ ඇති සිංහල, මුස්‌ලිම් පාසල්වලට අත්වන ඉරණම කුමක්‌ද?

 මෙම සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනියටද බරපතළ චෝදනාවක්‌ එල්ල වී තිබේ. ඒ ඇය තම පාසල හරහා ජාතිවාදය ව්‍යාප්ත කිරීමට සූදානම් වන බවටයි. එයට හොඳම උදාහරණයක්‌ වන්නේ ඇය එම විදුහලට ඇතුළත් කර ගන්නේ දෙමළ ජාතිකයන් පමණක්‌ වීමෙනි. ඇය එසේ කරනවා නම් එය බරපතළ වරදකි. වහාම ඒ ගැනද පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය.

 විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිද්ධියත් සමඟ ඌව පළාත් සභාව තුළ නිර්මාණය වූ ගැටුම තවමත් අවසන් වී නොමැත. එයට හොඳම උදාහරණය වනුයේ පසුගිය 24 වැනිදා පළාත් සභා රැස්‌වීම අතරතුර මන්ත්‍රීවරුන්ගේ ගුටිබැට හුවමාරුවයි. එය කෙතරම් දරුණු වූවාද කිවහොත් සමහර මන්ත්‍රීවරු මෙම ලිපිය ලියන මොහොතේත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

 ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දිසානායක ආර්. භවානි විදුහල්පතිනිය දණ ගැස්‌සුවේ නම් අනිවාර්යෙන්ම ඔහුට දඬුවම් හිමි විය යුතුය. එය නීතියට ගරු කරන සැමගේ අපේක්‍ෂාව වනු ඇත. එහෙත් මෙම සිද්ධිය මුල් කරගෙන සමහරු වෙනත් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ දරති. වගකිවයුතු නිලධාරීහු ඒ පිළිබඳවද සොයා බලා පරීක්‍ෂණ සිදුකළ යුතුය. එසේ නොවුණහොත් ඉදිරියේ දී නිස්‌කාරණයේ වන්දි ගෙවීමට සිදු වනුයේ ඌව පළාතේ අහිංසක ජනතාවටයි.

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.