ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 29, 2018

දෙමළා යනු දෙමළාමය ...!!! අපේ සිංහල දේශපාළුවන්ගේ ඇත්තේ ජාතිය පාවා දෙන නිවටකම පමණී...!!!

කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දා  නැවතී සිටියේ නාරාහේන්පිට සිය කාර්යාලයේය. විශාල ආරක්‍ෂක වළල්ලක්‌ ඔහු වටා විය. කොටි සංවිධානය ඌව ඝාතනය කිරීමට කිහිපවතාවක්‌ම උත්සාහ කළ නිසා ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කළ යුතුවිය. දේවානන්දාගේ කොටි විරෝධය නිසාම ඔහු සිංහල ජනතාව අතර ජනප්‍රිය දෙමළ දේශපාලකයෙක්‌ විය. මේ එල්.ටී.ටී.ඊ. විරෝධී ඊ. පී. ඩී. පී. නායකයා අද පවසන්නේ කුමක්‌ද? උතුරේ සිංහල ජනගහනය වැඩිවී දෙමළ ජනතාව මහා අනතුරකට පත්ව ඇති බවයි.
  උතුරේ සිංහල විරෝධය ඇවිලූ මහඇමැති විග්නේෂ්වරන් සමඟ දේවානන්දා  එක්‌වී ඇත්ද? නැත්නම් උතුරේ දෙමළ ජනතාවගේ ආකර්ෂණය ලබාගැනීමේ උපක්‍රමයක්‌ද? දෙමළ සන්ධානය ජාතිවාදය පතුරුවා ඡන්දය ලබාගැනීමට සෑමවිටම උත්සාහ කරන නමුත් ඊපීඩීපී සංවිධානය මෙවන් සිංහල විරෝධයකින් පෙලුනු බවක්‌ අප මීට පෙර දුටුවේ නැත. එසේනම් දේවානන්දා  සිංහලයන්ට එරෙහිව ප්‍රචාර ගෙනයන්නේ ඊ.පී.ඩී.පීයට ලැබෙන මන්ත්‍රී ආසන ප්‍රමාණය වැඩිකර ගැනීමටද? මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් අක්‌කර 2600 ක්‌ සිංහල ජනතාවට ලබාදීම ගැන දේවානන්දා හඬා වැටෙයි.

එදා කොටි තර්ජන නිසා දෙමළ වැසියන් කොළඹ පැමිණ නවාතැන් ගන්නා විට සිංහල ජනතාව හෝ සිංහල දේශපාලකයන් කලබලයට පත්වූවේද? ප්‍රභාකරන්ගේ නියෝගය නිසා උතුරෙන් පලවා හරින ලද මුස්‌ලිම් ජනතාව පැමිණ පදිංචිවූයේ දකුණේ ප්‍රදේශවලය. අද කොළඹ මුස්‌ලිම් බහුතරය වී ඇත්තේ මේ හේතුව නිසා නොවේද? කොටි සංවිධානයේ මරණ තර්ජන හමුවේ ඊ. පී. ඩී. පී. සංවිධානයේ සාමාජිකයන් සිය ගණනක්‌ තම ආරක්‍ෂාව වෙනුවෙන් සැඟව සිටියේ සිංහල ජනතාව සමඟය. පුරා වසර තිහක්‌ සිංහලයන්ගේ ආරක්‍ෂාව ලබමින් සිටි දේවානන්දා උග්‍ර සිංහල විරෝධියකු බවට පත්ව ඇත්තේ කෙසේද? මෙය පිළිගත නොහැකිය.

 මහවැලි ව්‍යාපාරය හරහා උතුරට පැමිණෙන සිංහල ජනගහනය නිසා දෙමළ ජනතාව විශාල අනතුරකට පත්වන බව ඊ.පී.ඩී.පී නායකයා ප්‍රකාශ කර ඇත්තේ යාපනයේ පැවැති රැස්‌වීමකදීය. හමුදාව තමන් සතු ඉඩම් අක්‌කර දහස්‌ ගණනින් නැවත දෙමළ වැසියන්ට ලබාදෙද්දී මුලතිව් වල අක්‌කර 2600 ක්‌ නැතිවන බවට මේ දේශපාලකයා මොරදෙයි.

 දේවානන්දා  ප්‍රකාශ කරන්නේ උතුරු පළාත සිංහලයන්ට තහනම් කළ යුතු බවද? ප්‍රභාකරන් මෙන් උතුර තනි ශුද්ධ දෙමළ භූමියක්‌ කළ යුතු යෑයි මොහු පවසන්නේද? දෙමළ ජනතාවගෙන් 50% ක්‌ වෙසෙන්නේ උතුරු නැගෙනහිරට පිටින් බව මොහු නොදන්නවා විය නොහැකිය. දේවානන්දාගේ ප්‍රකාශය නිසා සිංහල දෙමළ සංහිඳියාව බිඳ වැටෙනවා පමණක්‌ නොව උතුරේ වෙසෙන සිංහල ජනතාවද අනාරක්‍ෂිතවීම වැළැක්‌විය නොහැක. සෑම ජාතියකටම අයත් ඕනෑම කෙනෙකුට මේ රටේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමට ඇති අයිතිය තහවුරු විය යුතුය. සිංහල පවුල් කිහිපයක්‌ උතුරේ පදිංචි වූ පමණින් දෙමළ ජනතාව අනතුරට පත්වන්නේ නැත. එය හිතළුවකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.