ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 29, 2018

පුරවැසි බලය හෙවත් කොමිටල් රිළා නඩය....!!!

‘පුරවැසි උගුල්’ අටවන එන්.ජී.ඕ ගේම්කාරයෝ ,රටේ බහුතර මිනිසුන්ට ප්‍රශ්නය බදුබර වැඩිවීමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම් වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. නහුතයට වැඩිවන එළවළු මිලය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති.
මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය. ‘යහපාලන’ බලයට පත්වී මාස 37ක් වූවද මිනිසුනට ප්‍රශ්න තිබුණාටත් වඩා උග්‍ර විය. ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලාට තියා ඇනස්ලි, සැමුවෙල් හෝ ෆ්‍රේඩී සිල්වා නැවත නැගිට පැමිණියද මේ දෙන විහිළු තහළු දිය නොහැක. නීතිය වල් වැදෙමින් ඇත. පාතාලය හිස ඔසවමින් පවතී. අනේ අනිච්චංය. මර්දනය සූදානමින් ඇත. මෙතෙක් කල බුක්ති විදි අවම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් පැහැර ගනිමින් පවතී.
මේ අල්ල පනල්ලේ කොරේ පිටට මරේය. එලොවටත් නැති මෙලොවටත් නැති නඩයක් ‘යහපාලන’ ආණ්ඩුවට ඔක්සිජන් ගහන්නට කිඹුල් කඳුළු හලනවාය. එකෙක් පුරවැසි බලයේය. තවකෙක් අලුත් පරපුරේය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කියාද පිරිසක් ඇත. විදියේ විරෝධය දවල්ටය. නිදහසේ වේදිකාව රෑටය. මොවුන් ඔක්කොම එක වල්ලේ පොල්ය. ජනතාවට දොං සිමංය. හරියට ‘යහපාලන’ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයින් වාගේය. දවල් මිගෙල්ය. රෑ ඩැනියෙල්ලාය. ජනවාරි 8 පැතූ ‘යහපාලනය’ මේකදැයි අසනුයේ වෙල්ල හැලියට නැග්ග බළලා වගේය. ‘යහපාලන’ ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් කියන පිරිසක් සිවිල් සමාජයේ නියෝජිතයින් ලෙස පිලිගත යුතු නැත. මෙම ‘සිවිල්’ සංවිධාන දොර කවුළු වසාගෙන ජනතා බලයක් ගොඩනගන්නේ නැතිව මේ කරන්නේ මවාපෑමකි. ජනතා මැදිහත්වීම නොඉවසන, ඒ වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සූදානම් නොමැති, ‘ගේම්කාරයින්’ බහුතරයකින් සමන්විත මෙම පුරවැසි උගුල්වලට තවදුරටත් කිසිවෙකු රැවටිය යුතු නැත.
මෙම පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය. ඔවුන්ට ජීවත්වීමට හෘද සාක්ෂියක් අනවශ්‍යය. බොරු මායාවක් ලොවට පෙන්නා සැප විදිමින් ජීවත්වන ඔවුහු මේ කරන්නේ රඟපෑමකි. වාද විවාද කර කාලය කා දැමිය යුතුද නැත. මේ එන්.ජී.ඕ පුරවැසි උගුල් සංවිධාන ගැන ‘යහපාලන’ ආණ්ඩුවට හොද අවබෝධයක් ඇත. එබැවින් ‘යහපාලන’ ආණ්ඩුව තමන්ගේ මාර්ගයේ බිය නොමැතිව පෙරටම ගමන් කරනු ලබයි.
Dharmen Wickramarathne

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.